ශ්‍රියානි විජේසිංහ –
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් වෙළඳපල අවශ්‍යතාවට ඖෂධ නිෂ්පාදනය නොකිරීම හේතුවෙන් පෞද්ගලික සමාගම් වැඩිමිලට ඖෂධ අලෙවි කිරීමට පටන් ගෙන ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අධිරුධිර පීඩන රෝගීන්ට ලබාදෙන ලොසාටන් මිලිග්‍රෑම් 50 පෙත්ත රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අලෙවි කරනුයේ රුපියල් 24ට වන අතර පෞද්ගලික සමාගම් මගින් නිෂ්පාදනය කර අලෙවි කරන පෙත්ත රුපියල් 230ක මුදලකට අලෙවි කිරීමට පටන් ගෙන ඇතැයි සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසුවේය.
මෙවැනි ඖෂධ සැලකිය යුතු ගණනක් මෙසේ නිෂ්පාදනය සීමාකරමින් පෞද්ගලික අංශයට වෙළඳපල නිර්මාණය කර දී ඇතැයි සංගමය පෙන්වාදේ.
වෙළඳපලේ ඉල්ලූමට සැපයීමේ හැකියාව තිබියදීත් එසේ නොකර කෘතීම හිඟයක් ඇතිකරමින් පෞද්ගලික සමාගම්වලට වාසි ලබා ගැනීමේ කූඨ උපක්‍රමයක සංස්ථාව නිරත වී ඇතැයි හෙතෙම පෙන්වාදේ.
මෙම කූඨ උපක්‍රමය හේතුවෙන් අසරණ රෝගී ජනතාව නිරන්තරයෙන්ම ඖෂධ සමාගම් විසින් සූරාකෑමට ලක්වෙන බවද වෛද්‍ය බණ්ඩාර සඳහන් කරයි.