පාකිස්තානයේ පවතින දැඩි දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් දැන පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා ඇති සහන පැකේජයේ සහන ලබා ගැනීම ප්‍රමාද වනු ඇති බවට අනාවරණය වේ.
ඒ අනුව ලොව ප්‍රම්‍රඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් 27 දෙනෙකුගෙන් සැදුම් ලත් බ්ලූම්බර්ග් සමීක්ෂණය මගින් පාකිස්ථානය ආර්ථික අවපාතයක් කරා යාමේ සම්භාවතාවය සියයට 70ක පවතින බවට පුරෝකථනය කර තිබේ.
මෙම තත්ත්වය හමුවේ පාකිස්ථානයට ණය ආපසු ගෙවීම් යම් ආකාරයකින් නවතා දැමීමට සිදුවන බවටද සැක පලකරන අතර නියමිත පරිදි ණය ආපසු ගෙවීම් කිරීමට පාකිස්ථානය අසමත් වී තිබීම මීට හේතුවී ඇත. අදාල තත්ත්වයත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජය ලබා ගැනීමට පකිස්ථාන බලධාරීන් හට බදු ඉහළ දැමීමටත් බලශක්ති සඳහා ලබාදී ඇති සහනාධාර කපා හැරීමටත් පොලී අනුපාත ඉහළ දැමීමටත් සිදුවන ඇති බවට අපෙක්ෂිතය.
වත්මන් පාකිස්ථාන රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇති කටයුතු නිසි ලෙස අනුගමනය නොකිරීමත් ඊට අනුගත නොවීමත් අදාල සහන පැකේජය ලැබීම ප්‍රමාද කිරීමට හේතු වී ඇති බවද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
මේ අතර බලයෙන් පහකළ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය උත්සහ කිරීමටත් සමඟම පාකිස්ථානයේ ඇතිව තිබෙන දැඩි දේශපාලන නොසන්සුන් තාවයද පාකිස්ථානය තවත් අර්බුදයකට ඇද දැමීමට බොහෝවිට ඉඩ පවතින බවටද සැකකරයි.
ඒ අනුව පාකිස්ථානය එරට ආර්ථික තත්ත්වය යලිත් පන ගැනීමට විශාල ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්කමක් කිරීමට සිදුවන ඇති බවත් එහිදී දැඩි තීන්දු ගැනීමට සිදුවනු ඇති බවටද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.