සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණය කල් දැමීමේ ගැටයක් ගැන විපක්ෂ චෝදනාවත් සමග පාර්ලිමේන්තුව උණුසුම්….

by editor
ජනවාරි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන ක්‍රියාවලිය තුළ තරුණ නියෝජනය වැඩි කිරීමට   262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥාපනත සංශෝධනය  සඳහා  ඉදිරිපත් කළ කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත විසින් ඉදිරිපත් කර ඇති  සාධනීය පුද්ගලික මන්ත්‍රී යෝජනාව අවභාවිතා කරමින්    නාම යෝජනාත් කැඳවා තිබෙන පලාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව අද (05) පාර්ලිමේන්තුව තුළ තියුණු සංවාදයක් ඇති විය.

නාමයෝජනා සඳහා දිනත් ප්‍රකාශයට පත් කර , නාමයෝජනා සංයුතිය පිළිබඳ ගැසට් පත්‍රයකින් දන්වා ඒ ක්‍රියාවලිය කරගෙන යන අතරතුර දොලවත්ත මන්ත්‍රීවරයාගේ යෝජනාව පාර්ලිමේන්තුව තුළ නීතියක් ලෙස සම්මත කරගැනීමට කරන මෙම උත්සාහය මේ මොහොතේ පැවැත්වීමට සූදානම්වන මැතිවරණය විෂයෙහි  බරපතල විකෘතියක් නිර්මාණය කරනු ඇතැයි විපක්ෂය කරුණු මතු කරමින් ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව කරුණු දැක්වූ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙසේ ඒ තත්ත්වය පැහැදිලි කළේය.

ඔහු කීවේ ඉතාම සාධනීය කරුණු සහිත දොලවත්ත මන්ත්‍රීවරයාගේ යෝජනාව පිළිගන්නා නමුත් එය වලංගු විය යුත්තේ මෙම මැතිවරණයට නොව ඊලඟ පලාත් පාලන මැතිවරණයකට බවය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම නව කෙටුම්පතෙහි ඇතුළත් .“

“එහෙත් මැතිවරණ කොමිසම නාම යෝජනා දින ප්‍රකාශයට පත් කර අවසන්. දේශපාලන ව්‍යාපාර තමන්ගේ නාම යෝජනා සකස් කරමින් ඉන්නවා. එවැනි නාම යෝජනා සකස් කරමින් ඉන්න ගමන් දැන් මේ පාර්ලිමේන්තුවට පනතක් එනවා එම නාමයෝජනාවල සංයුතිය වෙනස් කරන්න.“

“සති දෙකක් ප්‍රකාශයට පත් කරලා තියනවා නාමයෝජනා කැඳවන්න. නාමයෝජනාවල සංයුතිය, අඩංගු විය යුත්තේ කොහොම ද, නාම යෝජනා සකස් විය යුත්තේ කොහොම ද කියලා ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරලා තියනවා. දැන් පාර්ලිමේන්තුව උත්සාහ කරනවා ඊට පටහැනි නීතියක් සම්පාදනය කරන්න. එය යෝග්‍ය තත්ත්වයක් නොවෙයි. “

“දැනට තියෙන්නෙ කාන්තා නියෝජනය තරග වදින ප්‍රතිශතයෙන් සියයට දහයකුත්, මුලු නියෝජනය සියයට විසිපහක් වන අකාරයටත් නාම යෝජනා සංයුතිය සකස් කරන්න. ඒ අනුව තමයි මේ නාමයෝජනා සකස් කරන්නෙ. සති දෙකයි තිබෙන්නේ.“

“දැන් මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් එනවා ඒක ඇතුළට තරුණ නියෝනය ඇතුළත් කරන්න කියලා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායක තුමනි. මේ පාර්ලිමේන්තුවෙ නාම යෝජනා කැඳවීමට පෙර මෙම නීතිය සම්මත උනොත් පනත ඇතුළෙ ගටුමක් නිර්මාණය වෙනවා. එක වගන්තියකින් කියන දේ නෙමෙයි අනෙක් වගන්තියෙන් ඇතිවෙන්නෙ.“

“ඒ නිසා මැතිවරණ කොමිසමට නියමිත පරිදි මැතිවරණය පැවැත්වීම සඳහා දුෂ්කරතාවයක් ඇති වෙනවා. දොලවත්ත මන්ත්‍රීතුමාගෙ යෝජනාවට අපි කවුරුත් පක්ෂපාතීයි. තව දේවල් පළාත් පාළන මැතිවරණයට අවශ්‍යයයි කියලා අපි ඇතිවෙනකම් කාරක සභාවෙ කතා කරලා තියනවා.“

“ඒව වලංගුයි. හැබැයි ඒ සියල්ල වලංගු වෙන්නෙ මේ මැතිවරණයට නෙමෙයි. මේ මැතිවරණයට දැන් එය වලංගු කරගැනිම සඳහා අවස්ථාවක් නෑ. “

“නාම යෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කරලා තියනවා. නාමයෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කරලා තියෙද්දි ඒ නාමයෝජනාවල සංයුතිය එහි අඩංගුව වෙනස් කිරීම සඳහා මෙම පාර්ලිමේන්තුවේ දී නිති සම්පාදනය කරන්න උත්සාහ කරනවා නම් ඒක ඉතාම විහිලුකාරී තත්ත්වයක්.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගත්ණය ගෙවීම දවසක් පරක්කු වුණොත් ඉවරයි… බැංකුවලින් වැඩි පොලී අය කර ගන්න කෙළියක් !

Next Post

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.