අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රට බංකලොත් කළ චෞරයින් එළියේ තබා අගරලයේ තරුණයින් දඩයම මොනතරම් සදාචාරාත්මක ද?

by editor
ජූලි 27, 2022
in දේශපාලන
Champika-Ranawaka
Share on FacebookShare on Twitter

රට බංකොලොත් කළ පිරිසට දඬුවම් නොදී අරගල බිමේ තරුණ තරුණියන් හිරගෙට ‍යැවීමට ආණ්ඩුවට තිබෙන සදාචාරාත්මක අයිතිය කුමක්දැයි 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  ප්‍රශ්න  කළේය.

අද පාර්ලිමේන්තුවේ හදිසි නීති විවාදයට එක් වෙමින් ඔහු කීවේ  ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මරා පුලුස්සා දමා  දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රටෙන් පිටමන් කර, එක් තරුණ පරපුරක්ම විනාශ විනාශ කළ තමන්ද ජීවිතයෙන් ලබා ගත් ඒ අත්දැකීම නැවත ඇතිවන්නට නොදෙන ලෙසය.

“මොකද අපිත් වගකිවයුත්තෝ. මේ රට මේ බංකොලොත්භාවයට ගේන්න“

අද (27) පාර්ලිමේන්තුව අමතමින් පාඨලී චම්පික රණවක කී කතාව මෙසේය.

“අපිට ඇහෙනවා මේ හදිසි නීතිය මගින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පිටතින් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක්, විදේශ කුමන්ත්‍රණයක් තිබෙනවා. එය මර්දනය කිරීම සඳහා, ආරක්ෂක අංශවලට නව බලතල අවශ්‍යයි කියන ඒ අදහස. අනිත් පැත්තෙන් මේ රටේ 55 ලක්ෂයක් පවුල් පාරට ඇද වැටිලා තියෙනවා. ඒ 55 ලක්ෂයේ දුක් වේදනාව මත ඒ මිනිස්සු හිතන ආකාරයට අනුව ඒ අය අද අරගල බිමට බැහැලා තියෙනවා. අපිට අද තෝරා ගැනීම තියෙන්නේ මෙතන.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඇයි මේ රටේ 55 ලක්ෂයක් පිරිස විශේෂයෙන්ම අපේ තරුණ පරපුර පාරට බැහැලා ජනාධිපති මන්දිරයේ, අග්‍රාමාත්‍ය මන්දිරයේ, ජනාධිපති කාර්යාලය අල්ලගන්න මේ ආකාරයට දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ක්‍රියාත්මක වුණේ. දරුවන්ට කිරිපිටි නැති, වැඩිහිටියන්ට බේත් නැති, ඒ වගේම අම්මාවරුන්ට පොළට ගිහිල්ලා බඩු ටික ගන්න විදිහක් නැති, ඒ වගේම තෙල් නැති, ගෑස් නැති, විදුලි බලය නැති රටක්, බංකොලොත් රටක් ඇති වෙච්ච නිසයි. මේ අවුරුද්දේ අප්‍රේල් 12 වෙනිදා අපිට ඒ බංකොලොත් රට ඇති වුණා. 2020 මාර්තු 7 වෙනිදා මහ බැංකුවට, අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පණිවිඩයක් ලැබුණා ඔබේ ණය ප්‍රතිව්‍යුහගත කරගත්තේ නැත්නම් ඉතා ඉක්මනින් අමාරුවේ වැටිලා, බංකොලොත් භාවයට ලක් වෙන්න නියමිතයි කියලා. ඒක නොතකා හැරියා මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපති.

අපේ රටේ තියෙනවා මොනිටරි ලෝ ඇක්ට් එක 1950 ඉඳන්. මේ රට බංකොලොත් භාවයට පත් කිරීම සඳහා වගකිවයුතු ඒ මහ බැංකු අධිපතිලාට, මූල්‍ය මණ්ඩලයට කවුරුවත් නැහැ නඩු දාන්න. 2002 දි අපි සම්මත කර ගත්තා ෆිස්කල් රෙස්පොන්සිබිලිටි මැනේජ්මන්ට් ඇක්ට් කියලා එකක්. ඒ මගින් මේ රටේ ණය පාලනය කිරීමේ වගකීම භාණ්ඩාගාරයේ ලේකම්ට, මුදල් අමාත්‍යාංශයෙ ලේකම්ට ලැබුණා. ඒ දීලා තිබුණු ඉලක්ක අනුව 2013 දී අපේ රටේ ණය බර වෙන්න ඕනේ දළ ජාතික ආදායමෙන්, නිෂ්පාදනයට සාපේක්ෂව 60% යි. අද කීයද? 120 යි. එතකොට ඒ වගකීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ලා, මුදල් ඇමතිලා, භාණ්ඩාගාර ලේකම්ලා ඉටුකරලා තියෙනවද? අද මේ ජනතාව දුක් විඳින්න එක හේතුවක් ඒක නේද?

රාජපක්ෂ පවුලට අමතරව, ඒ මහා ජාතික මංකොල්ලයට අවශ්‍ය රැකවරණය ලබාදීපු අයට මූල්‍ය පනත යටතේ හෝ මූල්‍ය කළමනාකරණ පනත යටතේ හෝ දඬුවම් දෙන්නෙ නැතිව අරගල බිමේ ඉන්න තරුණ, තරුණියෝ හිරගෙට යවන්න. මොකක්ද ආණ්ඩුවකට තියෙන සදාචාරාත්මක අයිතිය?

මම බොහොම පැහැදිලිව කියනවා, ඉදිරියේ ඉතාම බියකරු තත්වයක් තියෙන්නේ. අපි මේ බංකොලොත්භාවයේ තාමත් පසුපසින් යාමයි සිදුවෙන්නේ. පහුගිය 25 වෙනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලුම ගිගා වොට් පැය 38 යි. ගිගාවොට් පැය 50ක ඉල්ලුමක් තිබුණ රටක් 38 ට වැටිලා තියෙනවා. මේ විදුලි කප්පාදුව හින්දා නෙමෙයි. 20% කින් විදුලි බල ඉල්ලුම අඩු වෙලා තියෙනවා කියන්නේ, ආර්ථිකයත්, ඒ වගේම ප්‍රමාණයකින් සංකෝචනය වෙලා තියෙනවා කියන එකයි. පළවෙනි මාස 3 ඇතුලේ 1.6 ක ආර්ථික සංකෝචනයක් තිබුනේ.

දැන් ඒක 20% සීමාවට ගමන් කරමින් තිබෙනවා. සැප්තැම්බර් මාසේ වෙනකොට මේ ඉන්දියානු ණය හෝ වෙනත් පැත්තකින් මේ ණය ලැබුනේ නැත්නම් මේ රට ඉතාමත්ම භයානක අඳුරු අගාධයකට යනවා විතරක් නෙවෙයි අපි දැකපු අප්‍රේල් 9, මැයි 9, ජුනි 9, ජුලි 9 සතියෙන් සතිය එන්න පුළුවන් ඉදිරි කාලයේදී. අපි ඒක මතක තබා ගත යුතුයි.

ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිටත කවුරුන් හෝ බලය ස්ථාපිත කරන්න උත්සාහ කරනවා නම්, ඒක නතර කිරීමේ වගකීම ආරක්ෂක අංශවලට තිබෙනවා. නමුත් ඒ අතරේ අපේ සානුකම්පිතභාවය තියෙන්න ඕනේ. නියම වගකිවයුත්තන් එළියේ සිටියදී මේ ගැන හඬ නගන, දුක් විඳින ජනතාව මර්දනය කිරීම සඳහා මේක යොදා ගැනීම සාහසික අපරාධයක් බවයි මගේ හැඟීම.

තරුණයෙක් හැටියට මීට අවුරුදු 30කට කළින් අපිත් විශ්ව විද්‍යාලයේ හිටියා. ඒ අවස්ථාවේදී අපි දැක්කා මර්දනය කොහොමද එල්ල වුණේ කියලා. අපි පිටකොටුවට ගියහම දර පොලු වලින් අපිට ගැහුවේ. පළවෙනි දවසේ, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන්.

අද මේ හුඟක් කතා කරන ගුණරත්නම් චරිතය, රංජිතම් ගුණරත්නම්, අපට කොළඹ විශ්ව විද්‍යාලයේ පිට්ටනියට එන්න කියලා කිව්වා. අපි නැවත අත්දෙක වන වනා උද්ඝෝෂණ වලට එන්නේ නැහැ කියලා. ශිෂ්‍යයෝ මහා ආවේගයෙන් අත්පුඩි ගහලා පිළිගත්තා. මොකක්ද ඉරණම? ජයවර්ධන ජනාධිපතිතුමා නම් සාමකාමීව මිය පරලොව ගියා. නමුත් 66,000 ක් මහ පාරවල්වල ආදාහනය වුණා. මහා ඛේදවාචකයකට රට ගියා.

ඒ නිසා මම මතක් කරන්න ඕනේ. වෙඩි තබලා මේ ප්‍රශ්නය යටපත් කරන්න හදනවා නම් උතුරේ අත්දැකීමත් ඒකයි. දකුණේ අත්දැකීමත් ඒකයි. නැවත මේ රට ලේ විලක් කරා ගෙනියන්න ඉඩ තියන්න එපා. රංජිතම් ගුණරත්නම්ලා තව දහස් ගාණක් බිහි කරන්න ඉඩ දෙන්න එපා. අපේ ජීවිත වලින් අපි ලබාගත්ත ඒ අත්දැකීම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහපොළොවේ මරා දාලා, දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රටෙන් පිටමන් කරලා, එක තරුණ පරපුරක්ම විනාශ කරපු ඒ ක්‍රියාවලිය නැවත ඇති වෙන්න දෙන්න එපා. මොකද අපිත් වගකිවයුත්තෝ. මේ රට මේ බංකොලොත්භාවයට ගේන්න.

ජනාධිපතිතුමා එන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට නම්, එතුමාගේ විවෘත භාවය, එඩිතරභාවය, අවංකභාවය පෙන්නන්න ඕනේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියන එක අපි පෙන්නලා දුන්නා. ඒක තමයි ප්‍රතිපත්ති තීරණ පිළිබඳව, අනාගත ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව අවම එකඟතාවයක් මේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ඇතිකර ගැනීම. ඒ වගේම 224 දෙනාම මේ අමාත්‍ය මණ්ඩලවලට සම්බන්ධ වෙන විධායක කාරක සභා ක්‍රමයක් ඇතිකර ගැනීම.

විශේෂයෙන්ම මේ රටේ දැවෙන ප්‍රධාන ආයතන, කඩා වැටෙන්න නියමිත බැංකු පද්ධතිය, කඩා වැටෙමින් තියෙන බලශක්ති පද්ධතිය, ඒ ආයතන වලට වෘත්තීය මට්ටමේ පිරිසක් පත් කරලා, විශ්වාසය දිනා ගන්න වැඩපිළිවෙළකට ගමන් කිරීම. එහෙම නැතුව සැලුන් දොර අරිනවා වගේ, අතනින් මෙතනින්, පක්ෂ වලින් කට්ටිය ගැනීමෙන්, එහෙම නැත්නම් ඒ අයගේ හිතවතුන් ගැනීමේ, නිලධාරීන් ගැනීමෙන් මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ.

අපි බලාපොරොත්තු වෙනවා එතුමාගේ ඊළඟ රාජාසන කතාවේදී මේ වැඩපිළිවෙළ, විවෘතභාවය, අවංකභාවය ඔහු ප්‍රකාශ කරයි කියලා. එහෙම නොවුණොත් මේ රටේ ජනතාව එතුමාවත් මේ ධූරයෙන් ඉවත් කිරීම සඳහා අරගල කරනවාට සැකයක් නෑ. අපි ඉන්නේ ඉතිහාසයේ, අතිශය තීරණාත්මක තැනක මතක තබා ගත යුතුයි.

ග්‍රීසිය බංකොලොත් වෙලා අවුරුදු 12 ක්, ආජන්ටිනාව බංකොලොත් වෙලා අවුරුදු 10 ක් විටින් විට නැවත නැවතත් බංකොලොත් වෙමින්, අතිශය අන්තවාදී ආණ්ඩු පිහිටවමින්, ප්‍රජාතන්ත්‍රවාදී සීමා වලින් ඔබ්බට ගමන් කරමින් තිබෙනවා. අපි වගකීමෙන් මේ මොහොතේ කටයුතු නොකලොත් අපි අවංක නොවුනොත්,

එඩිතර නොවුනොත්, දූරදර්ශීභාවයකින් තොරව, එකමුතුභාවයකින් තොරව කටයුතු කලොත් මේ රට නැවතත් ලේ ගංගාවකට ගමන් කරනවා. ඒ නිසා මම නම් විරුද්ධයි මේ හදිසි නීතියට එයට එරෙහිව මම ඡන්දය පාවිච්චි කරනවා. මොකද මගේ දරු පරපුර ලේ සාගරයක ගිල්ලවන්න කිසිම ආකාරයකින් මේ රටේ මූල්‍ය වංචා කරමින්, මේ රට කොල්ලකාපු පරපුරුවලට නොහැකි නිසා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හදිසි නීතිය සම්මතයි… වැඩි ඡන්ද 57යි…

Next Post

බලුකිස්ථාන අගරල කරුවන්ටද ගෝල්ෆේස් ඉරණම අත්වෙයි!

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.