අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

මුජිබර් රහ්මාන්…. කවුද මේ කොළඹ හාදයා?

by editor
පෙබරවාරි 9, 2023
in දේශපාලන
Share on FacebookShare on Twitter

තරීෂා අබේවික්‍රම –

මුජිබර් රහ්මාන් ගෙන්දගම් පොළොවේ උපන් මනුස්සයෙකි.  පුංචි බොරැල්ලේ හැදි වැඩී කොළඹ ජීවිතයේ යථාව අත්විඳමින් ගොඩනැගුණු ඔහු අද කොළඹ පුරපති පුටුව අභියස තරග බිමේය. මේ මුජිබර් රහ්මාන් සමග ලංකාසර කළ කෙටි පිළිසඳරකි.

ඔබගේ නම…..? මොහොමඩ් මුජිබර් රහ්මාන්

ඔබ කවුද…? මම ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මම 2015 දී පාර්ලිමේන්තුවට තේරී පත් වීමට පෙර බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස වසර හයක් සේවය කළා. කොළඹ නගරාධිපති ධුරය සඳහා තරඟ කිරීම සඳහා 2023 ජනවාරි 19 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.

උපන් ගම කොහේ ද..? මම උපන්නේ කොළඹ මරදානේ සොයිසා කාන්තා රෝහලේ යි. පුංචි බොරුල්ලේ හන්දියේ ම තමයි අපේ ගෙදර තියෙන්නේ. අවුරුදු 17ක් ම වෙනකන් මම හැදුනේ ඒ ගෙදරයි.

පාසල කුමක්ද..? ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ මහාබෝධි විද්‍යාලයෙන් සහ පසුව මරදාන සහිරා විද්‍යාලයට ගියා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උසස් පෙළට කළ  විෂයයන් මොනවාද..? වාණිජ්‍ය, ගිණුම්, ආර්ථික විද්‍යාව සහ තර්ක ශාස්ත්‍රය

පාසලේදී කළ විෂය බාහිර කටයුතු මොනවාද…? ක්‍රිකට් ගැහුවා. සහිරා විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් බී කණ්ඩායමේ මම නායකත්වය දැරුවා. ඊට අමතර ව පාසලේ සිංහල සාහිත්‍ය සංගම්වල හිටියා.

 

දෙමව්පියන් කවුද, මොනවාද කරන්නේ..? මගේ අම්මා ගෘහණියක්. මගේ පියා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ රජයේ ගුරුවරයෙක්.

එක කුස උපන් සහෝදර සහෝදරියන් ඉන්නවා ද….? ඔව්. එක මල්ලි කෙනෙක් වරලත් ගණකාධිකාරිවරයෙක්. දෙවැනි මල්ලි මෝටර් මැකෑනික් ඉංජිනේරුවරයෙක්. නංගි වැඩිදුර පාසල් අධ්‍යාපනය ලැබුවේ නැහැ.

පුංචි කාලේ ජීවිතය ගත වුණේ කෙසේද…? මම පුංචි කාලේ හරි ම දඟ ළමයෙක්. කොල්ලන්ට ගහනවා. පන්ති කාමරයේ රණ්ඩු ඇති කර ගන්නවා.

කොළඹ ජන ජීවිතය ඔබ අත්දකින්නේ කෙසේද…? මම හිටපු පුංචි බොරැල්ලේ පරිසරයේ අපේ ගෙදරයි, අල්ලපු ගෙදරයි විතරයි ඒ කාලේ මුස්ලිම් ගෙවල්වලට තිබුණේ. අනිත් ගෙවල් හැම එකක් ම සිංහල අය ජීවත් වුණා. ඒ අවට සිටි කොළඹ ආනන්දෙට, නාලන්දෙට ගිය ළමයි මගේ යාළුවෝ යි. ඒ යාළුවෝ එක්ක ගිහින් කැම්බල් පාර්ක් එකේ සෙල්ලම් කළා. ක්‍රිකට් ගැහුවා. සංඝමිත්තා පාසල තියෙන වත්තේ ඒ කාලේ සෙල්ලම් කළා. ඒ වත්තේ වෙසක් කාලෙට සිංහල කට්ටිය එකතු වෙලා දන්සැල් දෙනවා. අපි ඒවාට උදව් කරනවා. සහජීවනය කියන දේ හොඳට ම තිබුණා. 

ඔබගේ උසස් අධ්‍යාපනය කෙසේද..? මම උසස් පෙළ විභාගයෙන් පස්සේ නීති උපාධිය කිරීම සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට එකතු වුණා. ඒ එක්ක ම දේශපාලන කටයුතුවලට එකතු වුණු නිසා උපාධිය අවසන් කර ගන්න බැරි වුණා. 2022 දෙසැම්බර් මාසේ එංගලන්තයේ බැකිංහැම් විශ්වවිද්‍යාලයෙන් මම නීති උපාධිය සම්පූර්ණ කළා.

ආරම්භක රැකියාව කුමක්ද…? උසස් පෙළ අවසන් කරලා මම හේමාස් ආයතනයේ ගිණුම්කරණය සම්බන්ධ රැකියාවකට සම්බන්ධ වුණා. ගුවන් ටිකට්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් මම කටයුතු කළා. ඒත් එක්කම මම ගිණුම්කරණයට සම්බන්ධ විභාගයක් වන අයි.ඒ.බී. පාඨමාලාව සම්පූර්ණ කළා.

මුලින් ම දේශපාලනයට යොමු වන්නේ කෙසේ ද…? අ.පො.ස. උසස් පෙළට පාඩම් කරන කාලේ එකට පාඩම් කළ යාළුවෝ අතර කොළඹ රාජකීය, මහානාම විද්‍යාලවලට ගිය කිහිපදෙනෙක් වාමාංශික දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියා. එයාලා මාව එක එක සම්මන්ත්‍රණවලට, දේශපාලන වැඩවලට එක්කගෙන ගියා. එහෙම ගිහින් 1992, 1993 වෙනකොට මම වාමාංශික දේශපාලනයට එකතු වුණා.

පක්ෂ දේශපාලනයට ඔබගේ ඥාතිත්වයන් තිබේද…? මගේ අම්මා සහ ඒ පවුලේ අය එකසත් ජාතික පක්ෂට ඡන්දය දුන්නු අය යි. මගේ තාත්තා සම සමාජ පක්ෂය වගේ වාමාංශික පක්ෂවල මැයි දින රැලිවලට එහෙම ගියා. පසු කාලීන ව තාත්තා ඒ.සී.එල්. සමීඩ් මහතා විදේශ ඇමති වෙලා හිටි කාලේ එතුමා සමග දේශපාලනයේ  සමීප ව වැඩ කළා. ලක්ෂ්මන් කදිරගාමර් මහතා විදේශ ඇමති වුණු වෙලාවේදී එතුමා සමගත් වැඩ කළා. පස්සේ කාලෙක මම එක්සත් ජාතික පක්ෂයට එකතු වුණු වෙලාවේ තාත්තාත් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නා.

දේශපාලන ජයග්‍රහණ මොනවාද..? මම මන්ත්‍රීවරයෙක් හැටියට 2009 සිට බස්නාහිර පළාත් සභාවේ දෙවරක් ජයග්‍රහණය කළා. පාර්ලිමේන්තුවේත් දෙවරක් ජයග්‍රහණය කරලා තියෙනවා. 

දිනූ දේශපාලනයෙන් ඔබ ඉටු කළ සේවාවන් අතර වඩාත් සුවිශේෂ වූ ජනතා සේවාවන් මොනවාද…? දේශපාලන ජීවිතය තුළ රටේ සිදු වුණු තීරණාත්මක අවස්ථා සහ දේශපාලනමය අවස්ථාවලදී අසාධාරණයට එරෙහි ව හඬනගා තිබෙනවා. මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජීවත්වීමේ අයිතිය, ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් දිගට ම පෙනී ඉඳලා තියෙනවා. ජනතාවට විරුද්ධ ව රජය ගෙනා අනපනත්වලදී මම ඒවාට විරුද්ධ වී තියෙනවා.

මුස්ලිම් තරුණයින් දැඩි මතධාරීන් ද…? සෑම සමාජයක ම දැඩි මතධාරීන්, අන්තවාදීන් ඉන්න පුළුවන්. මුස්ලිම් ජනතාවගෙන් සියයට අනූ නවයයි දශම නවයයි නවයකගේ ම අදහස වන්නේ මේ රටේ අනෙකුත් ජාතින් එක්ක සහයෝගයෙන් එක ජීවත් වීමයි. කාලයක් තිස්සේ මුස්ලිම් ජනතාව ජීවත් වුණෙත්, කටයුතු කළෙත් ඒ විදිහට යි. නමුත්  මුස්ලිම් අය අතරත් අන්තවාදීන්, දැඩි මතධාරීන් ඉතා සුළු පිරිසක් ඉන්න පුළුවන්. 

ඔබ ආගම් මතධාරියෙක් ද..? මුස්ලිම් ජන කොටසකට යම් අසාධාරණයක් සිද්ධ වන අවස්ථාවකදී මම කතා කළා ම මේ රටේ සමහර උදවිය මම අන්තවාදියෙක් කියා කියූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. නමුත් මගේ දේශපාලනය තුළ කිසියම් ජන කොටසක් අසාධාරණයට, පීඩාවට ලක් කිරීමට හෝ කිසියම් ජන කොටසක් යටපත් කර ගැනීමට හෝ මම කටයුතු කරලා නැහැ. මේ රටේ ජීවත් වන සැමට එක විදිහට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න ඕනෑ කියන මතයේ මම හැමදාම හිටියා, ඉදිරියේදිත් ඒ මතයේ ම ඉන්නවා. මේ රටේ කවුරුහරි හිතනවා නම් කිසියම් ජන කොටසක් යටපත් කරගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා ඒ දේ නම් කවදාවත් ඉටු වෙන එකක් නැහැ. අන්තවාදි තීන්දු අරගෙන යන්න ගමනක් නැහැ. එහෙම තීන්දු අරගෙන මේ රටේ ගමනක් යන්නත් බෑ.

කොළඹ මහා නගර සභා තරග බිමට එන්නේ ඇයි…? අපේ රටේ මේ තියෙන තත්ත්වයත් එක්ක පළාත් පාලන මැතිවරණයේ බලය ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගයට ලොකු අභියෝගයක් තියෙනවා. ඒ ජයග්‍රහණය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයටත් බලපානවා. පළාත් පාලනය තුළ ජනතාවගේ අවශ්‍යතාවයන් බොහෝමයක් තවමත් ඉටු වෙලා නැහැ. කොළඹ මහා නගර සභාවට කොළඹ නගරයේ ජනතාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ හැකියි. ඒ වගකීම ඉටු කිරීම සඳහා මම පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා  තරග බිමට ආවා. මම කොළඹ නගරයේ ඉපදී, හැදී වැඩුණු කෙනෙක් නිසා නගරයේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මම හොඳින් හඳුනනවා. ඒ ප්‍රශ්න පිළිබඳ හොඳ සංවේදී බවකුත් මට තියෙනවා. ඒ ප්‍රශ්නවලට නගර සභාවෙන් බොහෝ විසඳුම් ලබා දිය හැකි බවත් මම දන්නවා. ඒ නිසා මම කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිධූරය වෙනුවෙන් තරග බිමට පිවිසුණා.

සිංහල ඡන්ද ඔබට ලැබෙයි ද..? ඔව් අනිවාර්යයෙන් ම සිංහල ඡන්ද මට ලැබෙනවා. සිංහල පමණක් නෙවෙයි කොළඹ නගරයේ සියලු ම වර්ගවල ජන කොට්ඨාශයන්ගේ සහාය මට අනිවාර්යයෙන් ම ලැබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලාඕසයේ වහල් කඳවුරුවල ගාල් කළ ලාංකික තරුණයින් ලවා පරිගණක අපරාධ කරවන තුප්පහි චීන්නු!

Next Post

“මන්දිරේ තිබූ කෝටි ගාණක සල්ලි  මගේ ! – ගෝඨාභය මුදල් ආපසු දෙන්නැයි ඉල්ලයි!  

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.