බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන මැතිවරණය

මාතලේ රෝහිණී කොමිසමෙන් ඇසූ ප්‍රශ්නය…

by Lanka Sara Editor
ජූනි 25, 2020 - Updated on ජූනි 28, 2020
in මැතිවරණය
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේගයේ මහමැතිවරණ අපේක්ෂිකා රෝහිණී කවිරත්න මහත්මියගේ නිවසේ ඇති ඡන්ද කටවුට් එකක් ඉවත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණය කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

අපේක්ෂකයකුගේ නිවසේ ප්‍රදර්ශනය කළ කටවුට් එකක් ඉවත් කළ බව ඇසූ පළමු මැතිවරණය මෙය බව ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඇය විසින් මැතිවරණ කොමිසමට යොමු කරන ලද ලිපිය පහත දැක්වේ.
————————
අංශ ප්‍රධානී,
මැතිවරණ පැමිණිලි අංශය.
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

මහත්මාණෙනි,

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

පදිංචි නිවසේ නීත්‍යානුකුල කටවුට් එක ඉවත් කිරීම සම්බන්ධයෙනි

මාතලේ මැතිවරණ කාර්යාලය, රත්තොට මගේ ගෙදර, තාප්පයෙන් ඇතුළත පාරට පෙනෙන සේ සවිකර තිබූ, කටවුට් එක ඊයේ (23) දහවල් ඉවත්කර ඇත. එහි ඇත්තේ මගේ ඡායාරූපයක්, (සමගි ජනබලවේගය) පක්ෂ නම, (දුරකතනය) ලකුණ හා (4) අංකය පමණී.
මෙම පුවරුව ඉවත් කිරීමට හේතුව කුමක්ද? මෙහි නීත්‍යනුකුල නොවන්නේ කුමක්ද?

මම 1977 සිට ඡන්ද දැක ඇත්තෙමි. ඡන්ද ව්‍යාපාපර සිදුකර ඇත්තෙමි. අපේක්ෂකයාගේ ගෙදර ගහලා තියෙන කොඩිය, කටවුට් එක ගලවන ඡන්දයක් මෙයට පෙර දැක නැත. කිසිදු දවසක එවැන්නක් සිදු කර ද නැත.

ප්‍රතිපත්තියක් ලෙසම මා මැතිවරණ නීති උල්ලංඝනය කරන මැතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ ද නැත. මන්ද, රත්තොට, ලග්ගල ප්‍රමුඛ මාතලේ ඡන්දදායකයින්ට මා අමුත්තෙක් නොවන නිසාය.

1965 සිට මගේ අත්තා, අප්පච්චි, කවිරත්න මාමා, සංජීව සහ මම මැතිවරණ කර ඇත්තෙමි. රත්තොට කවිරත්න ගෙදර, කොඩියක්, කටවුට් එකක් නැතිව ඡන්ද කරන්නේ පළමු වතාවටය. දැන් මේ බැනරයේ ඇත්තේ නීති විරෝධී කුමක් ද? යන්න පැහැදිලි කිරීම ඔබගේ වගකීමකි. එසේම, ඒ බව ලිඛිතව අපේකෂකයින් දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාවට නොහැක්කේ ඇයිද? යන්න මම ප්‍රශ්න කරමි.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන, මාතලේ අපේක්ෂකයින්ට එක් නීතියකුත්, විපක්ෂයට තව නීතියකුත් පැවතීම ස්වාධීන ලේබලය සහිත කොමිසකට තරම් නොවේ. දඹුල්ල, ගලේවෙල එකම අපේක්ෂකයෙකු ගේ හෝ නිවෙස්වල තබා මහ පාරේ හෝ කටවුට් ඉවත් කර නොමැති බව මාතලේ මිනිසුන් ට පෙනෙන බැවින්, මේ නැතිව යන්නේ මැතිවරණ කොමිසමේ විශ්වසනීයත්වයයි.

විවාහ වූ දා සිට, ඡන්දය ලියාපදිංචි කොට ඇති නිවසේ 1977 සිට අද දක්වා පැවති සෑම ඡන්දයකටම දැමූ බැනරය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබා නොදීම තුළින් මැතිවරණ කොමිසම බලාපොරෝත්තු වන්නේ කුමක්ද? රකින්නට හදන මැතිවරණ නීතිය කුමක්ද යන්න නීතිගරුක මැතිවරණ ව්‍යාපාරයක් සිදු කරන අපේක්ෂකයෙකු ලෙස දැනගැනීමට කැමැත්තෙමි.

මැතිවරණ කොමිසම හොදින්ම දන්නා පරිදි, මම ප්‍රතිපත්තියක් ලෙස මාතලේ සමහර අපේක්ෂකයින් මෙන් එළිපිට තබා, හොර රහසේ වත් අරක්කු බෙදන්නේ නැත. ඒ සදහා තැබෑරුම් ද නැත. හාල් මෝල් නොමැති බැවින්, කි.ග්. 50 හාල් මිටි බෙදන්නේ ද නැත. ටකරන්, වතුර බේසම්, ආහාර මළු බෙදන්නේ ද නැත. මා හට පැය 24 ක ගුවන් කාලයක් සහිත ගුවන්විදුලි නාලිකාවක් ද නැත. අද දින දඹුල්ල, මාතලේ හා නාවුල සිදු කළ අයුරින් වාහන 8, 10 සහ 6 බැගින් ස්ටිකර් කළ වාහන පෙළපාලි පවත්වන්නේ ද නැත. මාගේ වාහනයේ අද දක්වාම ස්ටිකරයක් හෝ ප්‍රදර්ශනය කළේ ද නැත. මාගේ මනාප ලකුණ සහිත මාතලේ දිස්ත්‍රික්කයේ එකම කටවුට් එක ඉවත් කිරීමට විමර්ශන නිලධාරීන් දක්වන කාර්යක්ෂමතාව, ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ නිල බලය හේතුවෙන් මතු වූ, පක්ෂග්‍රාහීත්වය පිළිබද පණිවුඩයක් බව මාතලේ පුරවැසියන් දකිනා බව පමණක් ප්‍රකාශ කරමි.

මැතිවරණ කොමිසම, අපේක්ෂකයින්ට සම තරඟ බිමක් නිර්මාණ කළ යුත්තේ රූපවාහිනී, ගුවන්විදුලි නාලිකාවල සම්මුඛ සාකච්ඡාවල නොව මාතලේ මහපොළොවේ ය.

අපේක්ෂක නම (රෝහිණී), පක්ෂ සලකුණ (දුරකතනය), මනාප අංකය (4) , අපේක්ෂක රූපය (මේ සමග අමුණා ඇත) බැනරයක් මා පදිංචි නිවසේ ප්‍රදර්ශනය කළ නොහැකි නම්, මැතිවරණ ප්‍රචාරය සිදු කළ හැකි නීත්‍යානුකුල ක්‍රමය මා වෙත දැනුම් දෙන්නේ නම් අතිශයින් ම කෘතඥ වෙමි. එම නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබද නිල නිවේදනය කුමක්දැයි දකිණු රිසි වෙමි.

වචනයෙන් නොව ක්‍රියාවෙන් මාතලේ අපේක්ෂකයින්ට තම තරඟබිමක් නිර්මාණය කිරීමට මැතිවරණ කොමිසමට ශක්තිය ද, ධෛර්යය ද ලැබේවා යැයි පතමි.

ස්තුතියි,

රෝහිණී කවිරත්න
(සමගි ජනබලවේගය)
මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි

————————

Tags: නවතම
Share70Tweet43
Previous Post

කුමාර් සංගක්කාරගෙන් පසු එම්.සී.සී. ලොකු පුටුව කාන්තාවකට

Next Post

කිඹුලාඇලේ ගුණා ඡන්දෙත් සමග වැඩ කොළඹ අල්ලයි

Related Posts

දේශපාලන

ඡන්ද ප්‍රතිඵලයෙන් පොදු ජන පෙරමුණට සුබවාදී ආරම්භයක්

අගෝස්තු 6, 2020
මැතිවරණය

“කොරෝනා නිර්මාණය කළ ඡන්ද රටාවට අලුත් පරපුර කැමතියි”

අගෝස්තු 1, 2020
මැතිවරණය

ගෙදර නිරෝධායනය වෙන අයට ඡන්ද පොළ ලෑස්තියි

ජූලි 27, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.