සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

මැතිවරණ රැල්ලේ නැටවුණ ක්‍රිකට් කෝලම

by editor
අගෝස්තු 8, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

ක්‍රීඩාව තුළ පැවතීම සඳහා හැකියාව හෝ සුදුසුකම්වලට වඩා දේශපාලනය පිළිබඳ විශ්වාසය තබන ක්‍රීඩක පිරිසක් පිළිබඳ ඛේදනීය සිතුවමක් මෙවර මහා මැතිවරණයේ දී රටට දැකගත හැකි විය. මේ පිරිස අතර ක්‍රීඩාව කළ උන් සිටියහ. ක්‍රීඩාව පරිපාලනය කළ උන් සිටියහ. දැන් ඔවුන්ගේ ක්‍රීඩාව සම්බන්ධ භූමිකාව අවසන්ය. ඔවුන් දේශපාලන ලෝකය තුළ කරන කියන දෑ ඒ තරම් දැනෙන්නෙ නැත.

එහෙත් ක්‍රීඩාව කරමින් සිටින උන්  ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ස්ථාවර කරගැනීමට දේශපාලන දුර්දාතකම් කිරීමට පෙළඹීම දකින විට ඇඟ ලෙමුඩැහැගන්වෙන්නේය. රටට තිබුණු පැහැසරම බලාපොරොත්තුව වූ ක්‍රිකට් ක්‍රීඩාව පත්වෙමින් ඇති මේ අශික්ෂිත ස්වරූපය මෙවර පැහැදිලිවම රටට හෙළිදරව් වුනේය.

ජාතික කණ්ඩායම නියෝජනය කළ, ජාතික සංචිතයේ සිටින, ජීවන් මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද්, ලහිරු තිරිමාන්න, දසුන් ශානක, චාමර කපුගෙරද, තිසර පෙරේරා පසුගිය කාලයේ ගතකළේ හම්බන්තොටය. ඒ නාමල් රාජපක්ෂ වෙනුවෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් ගසමිනි. මින් එක ක්‍රීඩකයෙක් ක්‍රීඩා සමාජ දක්ෂතා නොමැති අවස්ථාවක දී දේශපාලන හිතවත්කම් මත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් 20විස්ස ලෝක කුසලානයට තරග වැදුණු අයෙකි. ඔහු ඒ තරගාවලිය පුරාම මුලුමනින්ම අසාර්ථක විය. මේ වනවිට එම ක්‍රීඩකයා කැට දමා කියමින් යන්නේ තමන් ලබන ලෝක කුසලාන සංචිතයට ඇතුළුවන බවය.

මේ අතර උදිත ලොකු බණ්ඩාර වෙනුවෙන් දේශපාලනය කරමින් සිටි චාමර කපුගෙදර හා කළු ඉතිහාසයක් සහිත ක්‍රීඩක කලමණාකරුවෙක් වූ ඈෂ් අසංග එක් අතකින් අපේක්ෂා භංගත්වයට පත්ව සිටින්නේ ඔහු මෙවර මැතිවරණයෙන් විසි වී යෑම නිසාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීම ගැන සාක්ෂි ඇතැයි කියා පසුව එය මතක නෑ කියූ සනත් බණ්ඩාර ජයසුන්දර හා අජන්ත මෙන්ඩිස් සහාය දැක්වූයේ සුසිල් ප්‍රේමජයන්තටය. ඔහු යන්තමින් සිය මන්ත්‍රී ධුරය බේරා ගත්තේය.

මුරලි, සනත් හා අර්ජුන

මුත්තයියා මුරලිදරන් මෙවර දේශපාලන වේදිකාවට ආවේ සිය සහෝදරයා වෙනුවෙනි. ඔහු මුත්තයියා ප්‍රභාකරන්ය. මුත්තයියා ප්‍රභාකරන් ව්‍යාපාරිකයෙක් වුවත් ඔහු සම්බන්ධව ප්‍රසන්න ඉතිහාසයක් නැත. ඊට හේතුව මුත්තයා ප්‍රභාකරන් උඩරට එතනෝල් ව්‍යාපාරයේ ප්‍රධානියෙක් ලෙස හඳුනාගෙන සිටීමය. ඔහු මෙවර පොදුජන පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග වැදුනේය.

කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට මුත්තයියා මුරලිදරන් පාරට බැස්සේය. වරෙක ඔහු සමග සනත් ජයසූරියත් ක්‍රීඩක දිරිගන්වන්නෙක් ලෙස ප්‍රකට ගයාන් සේනානායක වරෙක මේ මැතිවරණ ව්‍යාපාරයට එක් වූයේය. මේ ලෝක පූජිත ක්‍රීඩකයන් දෙදෙනා අතිශයින්ම අප්‍රසන්න අත්දැකීමකට මේ මැතිවරණ ව්‍යාපාරයේ දී මුහුණ දුන්නේය. ඒ ජීවන් තොණ්ඩමන්ගේ ගෝලයන් පිරිසක් වටකර හූ කියා ඔවුන්ව පළවා හැරීමත් සමගය. මුත්තයියා මුරලිදරන් හිතූ තරම් පහසුවෙන් මුත්තයියා ප්‍රභාකරන්ව පාර්ලිමේන්තු යවන්නට හැකි වූයේ නැත. ඔහු මැතිවරණය පරාජයට පත් විය.

අර්ජුන රණතුංග මෙවර තරග වැදුනේ එක්සත් ජාතික පක්ෂයෙනි. ඔහු එක්සත් ජාතික පක්ෂය තරම්ම සෝචනීය ඉරණමකට මුහුණ දුන්නේය. නායකයාටවත් ආසනයක් අහිමි වූ එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදි ඔහු දැන් ගෙරදවැඩ කර නැවත දේශපාලනයට පැමිණීමේ පාඩම ඉගෙන ගනිමින් වසර පහක විරාමයක් ලබා ඇත.

තිලංග සුමතිපාල සහ මහින්දානන්ද

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දුර්භාග්‍යට වගකිව යුතු ප්‍රධාන චරිතය සේ රට හඳුනාගෙන සිටින තිලංග සුමතිපාල මෙවර මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබීම මෙවර රට පැත්තෙන් මෙන්ම ක්‍රීඩාව පැත්තෙන් ද වූ සාධනීයම වෙනසක් ලෙස සලකන පිරිසක් වෙති. තිලංග හිටපු නියෝජ්‍ය කතා නාකයකය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිය. ඔහු වෙමර මැතිවරණයට ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. ඒ මොරටුව ආසන සංවිධායක ලෙසය. ඔහුගේ මැතිවරණ වේදිකාවට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කිහිප වරක්ම ගොඩවුනේය. එහෙත් ඔහු පරාජයට පත්වන්නේ මොරටුවේ හිටපු නගරාධිපති සමන්ලාල්  ද සිල්වාටත් වඩා අඩු මනාප ගණනක් ලබමිනි. 2015 මහ මැතිවරණයේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොරැල්ල ආසන සංවිධානයක සිටි තිලංග පරාජයට පත් වුවත් එවකට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  ඔහුව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තේය. අවසානයේ ඔහු නියෝජ්‍ය කතා නායක විය. ක්‍රිකට් දූෂණ ඔහුට පාරාවළලක් වී තිබිණි. එහෙත් මහත් ආන්දෝලනයට ලක්වූ ක්‍රිකට් පාවාදීම සම්බන්ධව ප්‍රකාශ කළ මහින්දානන්ද අලුත්ගමගේ මෙවර කිසිම කරදරයකින් තොරව සිය පාර්ලිමේන්තු ගමනට අවශ්‍ය පසුබිම සකස් කරගෙන ඇත්තේය.

ජාතික ලයිසතුවට කොකා පෙන්නූ ඩිල්ෂාන්

තිලකරත්න ඩිල්ෂාන් පොදු ජන පෙරමුණත් සමග අලුත් ඉනිමකට සූදානම් වූ අපේක්ෂකයාය. ඔහු පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ අපේක්ෂා සහිතව දේශපාලනයට එක් විය. මුලින්ම ඔහු මැතිවරණයට ඉදිරිපත්වන්නට එන්නේ කලුතරිනි. ඉන් අනතුරුව ගාල්ලෙනි. මේ දිස්ත්‍රික්ක දෙකෙහිම සිටි පොදුජන පෙරමුණු ප්‍රභලයෝ ඩිල්ෂාන්ගේ පැමිණීමට විරුද්ධ වූහ. අනතුරුව ඔහුට ජාතික ලයිස්තුවට එක් වීමට සිදු විය. පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තුව අනුව මන්ත්‍රී ධූරයක් පිළිබඳ විශ්වාසය බිඳගත් ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාවට පිටත්ව ගියේය. ඒ සිය බිරිය හා දරු තිදෙනා ඒ වනවිටත් ඔස්ට්‍රෙලියාවේ පදිංචිව සිටි බැවිනි. ඔස්ට්‍රේලියාවට ගිය ඩිල්ෂාන් මැතිවරණ ව්‍යාපාරයේ කිසිම කටයුත්තක් වෙනුවෙන් සක්‍රීයව දායක වුනේ නැත.

එහෙත් කිසිවෙක් නොසිතූ ලෙසට පොදුජන පෙරමුණට ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී දූර 17ක් ලැබිනි. වැය කළ යුතු මුදල ගැන නොසිතා ක්‍රියාශීලීව මැතිවරණය තුළ සිටියානම් ඩිල්ෂාන් අද බොහෝ විට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකි. එහෙත් තිලකරත්න ඩිල්ෂාන් නිවුස්වයර් වෙබ් අඩවියට ප්‍රකාශයක් දෙමින් පවසා තිබුනේ පසුගිය මස ඔහු ජාතික ලයිස්තු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වූ බවය. ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, බැසිල් රාජපක්ෂටත් ලිඛිතව දැනුම් දුන්බව කී ඔහු තමන්ට වඩා සුදුසු කෙනෙක් පත් කරගැනීම සඳහා අවස්ථාව ලබා දීමටත්, තම පවුල සමග වැඩි කාලයක් ගතකිරීමත් තින්දු කළ හෙයින් ඉල්ලා අස් වූ බවය.

කෙසේ වෙතත් දැන් ඩිල්ෂාන් ගැන   ඔස්ට්‍රේලියාවෙන් ඇසෙන කතාව ඇත්තක් නම් එය ගැන වෙනම කතා කළ යුතුය.  තිලකරත්න ඩිල්ෂාන් මේ රටේ හිටපු ටෙස්ට් නායකයා ය. උපයාගත් දැවැන්ත වත්කම් ප්‍රමාණයක් ඔහුට තිබේ. ඔහු ඔස්ට්‍රේලියාව තුළ ප්‍රකට චරිතයකි. එබැවින් ඔහු වැන්නෙක් සංක්‍රමණය වන්නේ නම් රට ගැනත් කල්පනා කර තමන්ගේ අභිමානය ගැනත් තක්සේරුවක් ඇතිව තමන්ට සුදුසු රැකියා අවස්ථාවක් සපයා ගැනීම වැදගත්ය. එය නොකල හැකි දුෂ්කර ක්‍රියාවක් නොවේ.

එහෙත් ඩිල්ෂාන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැදී සිටින්නේ එම රටේ පින් පඩියට හිමිකම් කියන්නෙක් ලෙස බව ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයන් කියන්නේය. ඔවුන්ට අනුව ඕස්ට්‍රේලියාවේ රැකියාවක් නොකරන පවුල් සඳහා මාසිකව ලබාදෙන ඩොලර් 6000 ක දීමනාවට මේ වන විට ඩිල්ෂාන් ලබා ගනිමින් හිඳින්නේය. මෙය  ඔහුගේ පුද්ගලික ආකල්ප මත ගැනෙන තීන්දුවකි. එය ප්‍රශ්න කරගත යුත්තේ අප නොව ඔහුය. එහෙත් මේ කියැවෙන්නේ ඇත්තක් නම් ඩිල්ෂාන් දේශපාලනයට නාවේ ජාතියේ වාසනාවටය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තුව තවම සැකසෙයි

Next Post

නාසා එකෙන් ඇවිත් ගන්නා බව කියන අකුණු සන්නායකවල ඇත්ත කතාව

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.