ජාතික සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුව මෙතෙක් සකසා අවසන් නොමැති අතර මේ වනවිට වෙබ් අඩවිවල පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මෙම මහමැතිවරණයෙන් එම පක්ෂයට ජාතික ලයිස්තු මන්ත්‍රීධුර හතක් හිමි ව ඇති අතර ඊට පත්වන මන්ත්‍රීවරුන් පිළිබඳව අවසන් තීරණය මේ වනවිට සාකච්ඡා වෙමින් පවතින බවත් අද සවස් වනවිට නිල වශයෙන් එය ප්‍රකාශ කළ හැකිවනු ඇති බවත් මෙම ප්‍රකාශකයා සඳහන් කළේය.
කෙසේ වුවද මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර්, ඉරාන් වික්‍රමරත්න හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු සත් දෙනකුගේ නම් පිළිබඳව මේ වනවිට යේජනා වී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.