බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

බූරුවන්ට නාමයෝජනා දීලා අශ්වයන් බලා පොරොත්තුවන්න බැහැ

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

by Lanka Sara Editor
ජූනි 16, 2020
in දේශපාලන
රියර් අද්මිරාල් අචාර්ය සරත් වීරසේකර

රියර් අද්මිරාල් අචාර්ය සරත් වීරසේකර

Share on FacebookShare on Twitter

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර යනු මේ රටේ සිටි විශිෂ්ට සෙන්පතියෙකි. යුද සමයේ නාවික හමුදාව සිදුකළ ඓතිහාසික මෙහෙයුම් ගණනාවකට නායකත්වයදුන් විශිෂ්ටයෙකි.  නාවික හමුදා දිවියෙන් විශ්‍රාම ගිය පසු ග්‍රාම ආරක්ෂක සේවය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බවට ප්‍රතිව්‍යුහගත කර එහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා වී යුද සමයේ අතිශය තීරණාත්මක මෙහෙවරක් රටට කළ විශේෂී පුද්ගලයෙකි. ඒ අතරම ශාස්ත්‍ර ගවේෂී ප්‍රමාණික විද්වතෙක්, විචාරකයෙක්, කලාකරුවෙක්, චිත්‍රපට නිශ්පාදකවරයෙක්, මතුනොව සංවේදී රසිකයෙක් ලෙසත් ඔහු සමාජය තුළ ප්‍රකටය. දේශපාලන ප්‍රවේශයට පෙර සිටම සිංහල බෞද්ධ ජාතික මතවාදය වෙනුවෙන් කැපවුණු ඔහු මෙවර පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැද සිටී. මේ දැක්වෙන්නේ ලංකාසර රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සමග කළ සංවාද සටහනකි.

ප්‍රශ්නය – යුද සමයේ සෙන්පතියෙක්ව සිටි ඔබ අද මැතිවරණ සටනට පිවිස තිබෙනවා. ඔබේ යුද සටන ගැන අප හොඳින් දන්නවා. කොහොමද දැන් මැතිවරණ සටන?

පිළිතුර – කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩකටයුතු ඉතා හොඳින් කරගෙන යනවා. මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මම ඡන්දය ඉල්ලන නිසා මැතිවරණ කොට්ඨාශ 15ක කටයුතු කරන්න තිබෙනවා. ඉතින් ඒ කටයුතු ඉතා සාර්ථකව මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ප්‍රශ්නය – අම්පාරේ සිටි ඔබ එකවරම කොළඹ ඡන්දයට ආවේ ඇයි?

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

පිළිතුර – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය වී තිබුණා මාව කොළඹට කැඳවා ගෙන එතුමාගේ වැඩපිළිවෙළට සහයෝගය ලබාගන්න. ඒ අනුව තමයි මම කොළඹට පැමිණීමට තීරණය කළේ.

ප්‍රශ්නය- කොළඹ දේශපාලනයේ අලුත් අත්දැකීම් මොනවගේද?

පිළිතුර- අපි මේ රට වෙනුවෙන් අවංකව වැඩ කර තිබෙනවා. ඒ නිසා රටේ ඕනෑම තැනක වැඩ කළ හැකියි. දේශපාලනය කළ හැකියි. එය ජනාධිපතිතුමාත් හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. ගෙවුණ කෙටි කාලය තුළ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ආරක්ෂා කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවල නිරතවීමට මට හැකිවුණා. හැම තැනකම අලුත් අත්දැකීම් තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව ජීවත් වන ආකාරය දැක්කම පුදුම හිතෙනව. මේ ජනතාව නගා සිටුවීම මුල සිටම නිසි වැඩපිළිවෙලකට අනුව ආරම්භ කළ යුතුයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ කුඩු, ගංජා, කසිප්පු ජාවාරම්කාර ප්‍රදේශ බවට පත්ව තිබෙනවා. තරුණ තරුණියන් විශාල ලෙස මෙයට ඇබ්බැහි වෙලා. අම්පාර වැනි ප්‍රදේශවල මෙහෙම තත්ත්වයක් නැහැ. ඇතැම් මිශ්‍ර පාසල්වල ගැහැනු දරුවන් අයිස් මත්ද්‍රව්‍ය ගන්නා බව දැනගන්න ලැබුණා. මේවා ගැන ඇතැම් විදුහල්පතිවරු අප සමග සාකච්ඡා කළා. දෙමාපියන් සාකච්ඡා කළා. ඉතින් මේ හැම කෙනෙක්ම දරුවන්ට තරවටු කරන්න බයයි. මොකද මේවා අලෙවි කරන අය පිටුපස අද පාතාලය සිටිනවා. විදුහල්පතිවරයෙක් දරුවකුට තරවටුවක් අවවාදයක් කළොත් පසුව දා පාතාලයෙන් ඇවිත් විදුහල්පතිවරයාගේ ඔළුවට පිස්තෝලේ තියෙනවා. එහෙම නැතිනම් මග රැකලා ඉඳලා පහර පහරදෙනවා. තර්ජනය කරනවා. මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මේ තත්ත්වයෙන් වහාම රට මුදවාගත යුතුයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල තිබෙන නිවාස ප්‍රශ්නයත් දරුණුවට තිබෙනවා. එක් තැනක එක් නිවසක 24 දෙනෙක් ජීවත් වනවා. වහාම නිවාස ප්‍රශ්නයට විසඳුම් දිය යුතුයි.

ප්‍රශ්නය- මේ තත්ත්වයෙන් රට මුදවා ගත යුතු බව ඔබ කියනවා. නමුත් අද පාතාලයින්ගේ ආරක්ෂකයා බවට ඇතැම් දේශපාලනඥයින් පත්ව තිබෙනවා. එවැනි පසුබිමක ඔබ කොහොමද මෙය නැති කරනවා කියන්නේ?

පිළිතුර– පාතාලයේ නැති කළ හැකි එය කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි. රට වෙලා ගනිමින් තිබෙන මත්ද්‍රව්‍ය හා පාතාල උවදුරින් වහාම මේ රට මුදාගත යුතුයි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ශක්තිය හා හැකියාව තිබෙනවා. ඊට අවශ්‍ය විධිමත් හා ඉලක්ක සහගත වැඩපිළිවෙළක් දැන් සකස් කරමින් යනවා.

කුඩු ජාවාරම්කාරයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට, පාතාලයට කිසිම පාර්ශවයක් උදව් උපකාර කරනවා නම් ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි. මේ තාක් මේ රටේ එය සිදු නොවූ නිසා අද පාතාලය හිස ඔසවා තිබෙනවා. රට පුරා තිබෙන පොලිස් ස්ථාන කාර්යක්ශම කළ යුතුයි. පොලිසියට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ලබාදිය යුතුයි. ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වාගෙන යන පොලිස් ස්ථානාධිපතිලා අදටත් පොලිසිවල සිටිනවා. ඒ අයට නිසි දඬුවම් ලබා දී මේ උවදුරින් රට මුදා ගැනීමේ කර්තව්‍යයට අත ගැසිය යුතුයි.

ප්‍රශ්නය- අද වන විට දේශපාලනඥයා කියන වචනයත් ජනතාවට එපා වී තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ ඔබ වැනි හැකියාව දක්ෂතාව මෙන්ම රට ගැන හැඟීමක් තිබෙන අය මැතිසබයට එන්නේ කොහොමද?

පිළිතුර – ඔව් අද හැමතැනම අහන්න ලැබෙන්නේ දේශපාලනඥයින් වංචාකාරයින්, හොරු, තක්කඩි, මිනීමරුවො, දුෂිතයෝ වැනි වචන, ඇතැම් අය කියනවා මේ කාටවත් ඡන්දය දෙන්න නැහැ කියලා. තවත් සමහර අය කියනවා ඡන්දපොළ පැත්ත පළාතකටවත් යන්නේ නැහැ කියලා. එහෙම කරන්න එපා කියා මං මේ රටේ සියලූ ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද පාර්ලිමේන්තුවට එන්නේ කවුද කියන එක ඡන්ද දායකයින් තීරණය කළ යුතුයි. හොරු තක්කඩි එවනවද ඔවුන් ගෙදර යවනවාද කියන එක ඡන්දදායකයා සතු කාර්යයක්. මෙවර ඡන්ද පොළට ගොස් ඒ වැඩේ නිසි ලෙස ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරනවා. මොනයම් හේතුවක් නිසා හෝ ඡන්දදායකයා සතු ඡන්දය පාවිච්චි නොකරනවා නම් එය වැරදි ක්‍රියාවක්. එවැනි ක්‍රියාවක් තුළින් වැරදිකරුවන්ට පාර්ලිමේන්තුවට යන්න යෑමේ මාවත විවෘත වෙනවා. රටක් ඉදිරියට යෑමට නම් දේශපාලනය තිබිය යුතුයි. ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා වීමට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම නීති සම්පාදනයට, ප්‍රතිපත්ති සම්පාදනයට පාර්ලිමේන්තුව තිබිය යුතුයි. පාර්ලිමේන්තුවට හොඳ අය තෝරා ගැනීම ජනතාව කළ යුතුයි. යම් අයෙක් ඡන්දය පාවිච්චි කරන්නේ නැත්නම් වගකීම පැහැර හැරීමක් වෙනවා. ඔස්ට්‍රේලියාව වැනි රටවල එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර මාස 6 කට සිරදඬුවම් ලබාදෙනවා.

ප්‍රශ්නය- පරණ ඡන්ද ක්‍රමය අනුව ජනතාව කොපමණ උත්සාහ කලත්, මුදල් වියදම් කරන කුඩුකාරයින්ට, එතනෝල්කාරයින්ට පාර්ලිමේන්තුවට රිංගා ගැනීමේ පහසුවක් තිබෙනවා. මේක නාමයෝජනා දෙන විට අදාල දේශපාලන පක්ෂවලට නතර කරන්න පුළුවන් නේද?

පිළිතුර – ඔව් එතන ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ජනතාව එදාට වඩා අද බුද්ධිමත්. තම ප්‍රදේශයේ අනාගතය, තම දරුවාගේ අනාගතය භාර ගැනීමට හැක්කේ කාට ද කියා ඡන්දදායකයා කල්පනා කරන්න මෑත යුගයේ පටන් ගෙන තිබෙනවා. නමුත් ඔබ අහන දේ හරි. බූරුවන්ට නාමයෝජනා දීලා අශ්වයන් බලා පොරොත්තුවන්න බැහැ. මේ ගැන මීට වඩා සිතිය යුතු කාලය දැන් එළඹ තිබෙනවා.

ප්‍රශ්නය- මෙවැනි පරිසරයක ඔබ වැනි අයට පාර්ලිමේන්තුවේ 225 අතරට රිංගා ගැනීමෙන් අභියෝගයක් තිබෙනවා. කොහොමද ඔබ මේ අභියෝගය ජයගන්නේ?

පිළිතුර – මට කිසිම අභියෝගයක් නැහැ. මොකද ජනතාව දන්නවා මං කවුද? මාගේ මාගෙන් රටට උණ සේවය මොකක්ද? මට කළ හැකි දේ මොකක්ද කියන එක ගැන ජනතාව හොඳින් දන්නවා.

අද එදාමෙන් කෑම පාර්සලයට, මුදලට, අරක්කු බෝතලේට ඡන්දය දෙන අය අඩුයි. ඡන්දය දෙන විට ජනතාව දෙවරක් සිතා බලනවා. තමන් ඡන්දය දෙන පුද්ගලයා රටට හිතෛෂී අයෙක් ද? ඔහු රටට වැඩ කර තිබෙනවාද? ඔහු හමුදා නිලධාරියෙක් නම් ඔහුගෙන් සිදුවුණු සේවය, ඔහු රටට ලෝකයට ඉටුකළ මෙහෙවර, මේ කරුණු ගැන අද මේ රටේ ඉහළ මධ්‍යම පාන්තික හා පහළ මධ්‍යම පාන්තික ජනතාව තුළ අවබෝධයක් තිබෙනවා. නමුත් දරිද්‍රතාවයෙන් පෙළෙන ජනයාට ඒ අවබෝධය නැහැ. ඒ අය අප විසින් දැනුවත් කළ යුතුයි. ඒ කටයුත්ත මේ වන විටත් අප ආරම්භ කර තිබෙනවා.

ප්‍රශ්නය- මේ මැතිවරණයට වියත්මගේ සාමාජිකයන් විශාල වශයෙන් තරඟ කරනවා. ඔවුන්ට තමන් තරග කරන පක්ෂයේම ඇතැම් දේශපාලනඥයින් ගෙන් කැපිල්ලක් එල්ල වී තිබෙන බවට කසුකුසුවක් පැතිර යනවා. ඔබට මේ සම්බන්ධව මොකක්ද කියන්න තියෙන්නේ?

පිළිතුර- වියත් මග කියන්නේ රටට උචිත රට ගැන හිතලා සැලසුම් හදන, රට ගොඩනඟා ගත හැකි පිරිසක් සිටින සංවිධානයක්. වියත්මග ගොඩනගන්න මූලික වූ 8 දෙනා අතර සිටින එක්කෙනෙක් මම බව සතුටින් සිහිපත් කරන්න කැමතියි. එදා මේ රට මේ රට පත්ව තිබුණ විනාශයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය කරන සමාජ, ආර්ථික, සංස්කෘතික විදේශ ප්‍රතිපත්ති අප සකස් කළා. නමුත් එදා අපි සකස් කළ ආර්ථික ප්‍රතිපත්ති   අද අපේ රට හා ලෝකය මුහුණ පා ඇති තත්වයන් හමුවේ   වෙනස් කළ යුතුයි. ගෝඨාභය මැතිතුමාට මේ රට ගොඩනැගීමේ අවංක උවමනාවක් තිබෙනවා. ඒ ගමනට අප ශක්තියක් විය යුතුයි. එලෙස ශක්තියක් විය හැකි රටට ආදරයක් ඇති පිරිසක් මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එවන ලෙස සියලු සියලූ ඡන්ද දායකයින්ගෙන් අප ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය- වියත් මග ගැන ඔබතුමා ඔය ආකාරයට සඳහන් කළත් ආණ්ඩුවේම ඇතැම් දේශපාලනඥයින් වියත්මග විවේචනය කරනවා අප දුටුවා. නාමයෝජනා පවා නොදෙන ලෙස ඔවුන් බලපෑම් කළා නේද?

පිළිතුර – වියත්මගෙන් ඉල්ලුව හැම කෙනාටම නාමයෝජනා ලැබුණේ නැහැ. සීමිත පිරිසකට පමණයි නාමයෝජනා ලැබුණේ. ඕනම තැනක ඕනම දෙයක විවේචකයින් සිටිනවා. ඇතැම් විවේචකයින්ගේ තිබෙන්නේ විවේචන පමණයි.  වැඩ නැහැ. ඒ කිසිවක් හමුවේ අප සැලෙන්නේ නැහැ.

ප්‍රශ්නය- ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා ඔබ සමග සමීපව කටයුතු කළ අයෙක්. ඔහු ඔත්තු සේවයකට සම්බන්ධ ඔත්තුකරුවෙක් බව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන විමල් වීරවංශ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඇත්තටම ඔහු ඔත්තුකරුවෙක් ද?

පිළිතුර- ඒ ගැන මම දන්නේ නැහැ. විමල් වීරවංශ මහතා එහෙම ප්‍රකාශයක් සිදු කර තිබෙනවා නම් එම ප්‍රකාශය සම්බන්ධව අප සොයා බලනවා.

රටට ආදරය කරන රට ගැන කැක්කුමක් ඇති, දේශයට හිතැති සැබෑ දේශප්‍රේමීන් අද අවශ්‍යව තිබෙනවා. එවැනි අය පාර්ලිමේන්තුවට එවීමට ජනතාව වගබලා ගත යුතුයි. දේශප්‍රේමය මවා ගත්ත අය කවුද සැබෑ දේශප්‍රේමීන් කවුද කියන එක ඔවුන්ගේ ක්‍රියාකාරකම් දෙස විමසිල්ලෙන් බලන විට අවබෝධ කරගත හැකියි. උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට එවිය යුතු බව අද ඇතැම් අය කියනවා. එහෙම අය එවලා වැඩක් නැහැ ඔවුන් රටට ආදරය නැති නම්. එහෙම අය රට ගැන කැක්කුමක් තිබෙන අය පාර්ලිමේන්තුවට එවිය යුතුයි.

රාජිත සේනාරත්න රනිල් වික්‍රමසිංහ, ජයම්පති වික්‍රමරත්න, සුමන්දිරන් වැනි අය උගත් බුද්ධිමත් කණ්ඩායමට වැටෙනවා. නමුත් පසුගිය කාලයේ ඔවුන් මොනවද කළේ?. දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් රට විනාශ කළා. හම්බන්තොට වරාය විකුණලා මහ බැංකුව මංකොල්ල කෑවා. මේ නිසා දැන් උගත් බුද්ධිමත් අය ගැන කතා කරන විට ඔවුන් සැබෑ ජාති හිතෛෂීන්ද කියා බලන්නැයි සමස්ත ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

Tags: විශේෂ
Share111Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා පුජනී ලියනගේ රිය අනතුරකින් මිය යයි…

Next Post

ජනපතිගේ අනතුරු ඇඟවීමෙන් රාජ්‍ය බැංකු ලොක්කෝ කැලඹෙති

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.