අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

නොරච්චෝලේ ගල් අඟුරු ලංසුව කොලේ වසා ගහන තුරුම්පුවක්ද?…

by editor
සැප්තැම්බර් 26, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

ණය පදනම මත ගල් අඟුරු මිලදී ගැනීම සඳහා පසුගිය මාසයේ ලබාදුන් ටෙන්ඩරය අවලංගු කිරීමත් සමඟ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ගල් අඟුරු තොග ලබා ගැනීම පිළිබඳව අවිනිශ්චිතභාවයක් මතුව තිබේ.

මේ අතර, 2021 දී දිගුකාලීන ප්‍රසම්පාදන සැලැස්මක් යටතේ ලැයිස්තුගත කරන අනෙක් ටෙන්ඩරය යටතේ මෙරටට ගෙන්වාගත හැකිව තිබෙන ගල් අඟුරු නැව් පහක් සඳහා ගෙවීම් කිරීමට රජයට අවම වශයෙන් ඩොලර් මිලියන 100 ක් ලබන ඔක්තෝම්බර් අග වන විට ලබාගත යුතුව තිබීම විසින්, මෙම අවිනිශ්චිතතාව බරපතල අර්බුදයක් දක්වා ගමන් කරවීමට හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ලක්විජය බලාගාරය…

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ගවලට අනුව ඒ අතරින් එක් ගල්අඟුරු නෞකාවකට මුලික ගෙවීමක් කිරීම වෙනුවෙන් නෞකාවේ සම්පුර්ණ වටිනාකමින් සියයට 30ක්, එනම් ඩොලර් මිලියන 06ක මුදලක් පමණක් ලංකා ගල්අඟුරු සමාගමට ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාව පළකර ඇත. එහෙත් කඩිනමින් ගෙන්වාගත යුතු නෞකා 05 වෙනුවෙන් අවශ්‍ය තවත් ඩොලර් මිලියන 94ක පමණ ප්‍රමාණය ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳව රජයට කිසිදු සැලසුමක් මෙතෙක් නැත.

මේ අතර ගල්අඟුරු වෙනුවෙන් ගෙවීමට ගල්අඟුරු සමාගමට ලංකා විදුලි බල මණ්ඩලයෙන් මුදල් හෙවත් ‘රුපියල්’ ලැබිය යුතුය. එහෙත් අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීම සඳහා ලංවිම ද තවමත් රුපියල්වලින් සිදුකළයුතු ගෙවීම් සම්පූර්ණ කර නැත. කෙසේ වෙතත් අද (26) සිට ලංවිම සිය ගෙවීම් ආරම්භ කරනු ඇතැයි ගල් අඟුරු සමාගම අපේක්ෂා කරයි.

මෙරටට ගල්අඟුරු ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 1.4 ක වටිනාකමකින් යුත් කොන්ත්‍රාත්තුව පසුගිය අගෝස්තු මාසයේ කැබිනට් අනුමැතිය ඇතිව රුසියාවේ Suek AG/Black Sand Commodity වෙත ප්‍රදානය කරන ලදී. ඒ ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 328.22ක් (භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඇතුළුව) වශයෙනි. මාස හයක ණය කාලසීමාවක් ද ඇතුළුව, වසර තුනක කාලයකට ලක්විජය බලාගාරය වෙත ගල් අඟුරු මිලියන 4.5 කට ආසන්න ප්‍රමාණයක් සැපයීම සඳහා අදාළ ටෙන්ඩරයට ලැබුණු අඩුම ලංසුව එය විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත්, පසුගිය සතියේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අමාත්‍යාංශයේ ඉල්ලීම මත, අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය මාසයේ ලබා දුන් ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කරන බව නිවේදනය කළේ, තෝරාගත් සැපයුම්කරු විසින් ටෙන්ඩරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව සඳහන් කරමිනි. එහිදී නීතිමය කරුණු කිහිපයක්ද උද්ගතව ඇති බව ප්‍රකාශ විය.

මේ අතර ලංකා ගල්අඟුරු සමාගම පවසන්නේ ගල් අඟුරු සැපයීම වෙනුවෙන් නව සැපයුම්කරුවකු තෝරාගැනීම සඳහා ඉදිරි දින කිහිපය ඇතුළත නව ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන බවයි.
කෙසේවෙතත් දැන් මෙම ගල් අඟුරු අර්බුදය සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇත්තේ, මෙම අර්බුදය හමුවේ දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවන බවට අනතුරු ඇඟවීම් සිදුකෙරෙමින් පැවතීම නිසාය.

අරාජික වීම පිළිබඳ පූර්ව නිවේදනය…

පැය 10 -12 අතර විදුලි බිඳවැටීමක් ගැන අනතුරු ඇඟවෙයි…

පසුගිය සැප්තැම්බර් 12වැනිදා ගල් අඟුරු ගැටලුව සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ, එම පත්‍රිකාව ඉදිරිපත් කළ දිනයේ සිට සති දෙකක කාලයක් ඇතුළත, එනම් සැප්තැම්බර් 26වැනිදා වනවිට මෙරටට ගල් අඟුරු ආනයනය වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් සකස්කර නොගතහොත් රට අනිවාර්යයෙන් ‘අරාජික තත්වයකට’ ගමන් කරනු ඇති බවයි. ඇමතිවරයාගේ එම ප්‍රකාශ අනුව රට හමුවේ පවතින අවදානම මනාව වටහාගත හැකිය.

මීට පෙර මෙරට විදුලිය සැපයුම පිළිබඳව අර්බුද මතුවුයේ රටට ඩීසල් තොග ගෙනඒමට ප්‍රමාණවත් ඩොලර් නොමැතිවීම හේතුවෙනි. එහෙත් මෙවර අර්බුදය නිර්මාණයවී ඇත්තේ ගල් අඟුරු නොමැතිවීම හේතුවෙනි. ඩීසල් අර්බුදයට වඩා මෙවර ගල් අඟුරු අර්බුදය වඩාත් විශාල වන්නේ, ගල් අඟුරු සැපයුම සිදුකළ යුත්තේ මෙරට ජාතික විදුලි පද්ධතියෙන් සියයට 40ක ප්‍රමාණයක් සැපයෙන, චීනය විසින් පාලනය කරන නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට වීම හේතුවෙනි.

දැන් වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව යැපෙන්නේ නොරොච්චෝලේ මතය. ඒද නිරන්තරයෙන්ම ජනන යන්ත්‍ර බිඳවැටෙන පසුබිමක් යටතේය. බාල යන්ත්‍රෝපකරණ යොදාගනිමින් ඉදිකරන ලදැයි විදුලිබල මණ්ඩලය වෙතින්ම චෝදනා එල්ල වන නොරොච්චෝලේ බලාගාරය, එහි විදුලි ජනන කටයුතු ආරම්භ කෙරුණු 2011 වසරේ සිය මේ දක්වා අවම තරමින් 20 වතාවකට වඩා ප්‍රධාන බිඳවැටීම් වලට ලක්ව ඇත. මේ වන විටත් එහි එක ජනන යන්ත්‍රයක් ඇත්තේ අලුත්වැඩියාවකට ලක්කරමිනි.

කෙසේවෙතත් දැන් බලාගාරයට ගල් අඟුරු සැපයුම අඛණ්ඩව සිදුකරගත නොහැකි වුවහොත් බිඳවැටීම් කෙසේවෙතත් සමස්ත බලාගාරයක ක්‍රියාත්මක කරගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වන අතර, එමගින් ජාතික විදුලි පද්ධතියට අහිමිවන විදුලිය ධාරිතාව මෙගාවොට් 810කි.

ගල් අඟුරු අර්බුදයට මුල ඩොලර් හිඟය ද?

ඇත්තෙන්ම මෙම ගල් අඟුරු අර්බුදය කුමක්ද? එය රටේ ඩොලර් හිඟය නිසාම උද්ගත වුවක්ද? එය මෙසේ හඳුනාගත හැකිය.

පසුගිය අගෝස්තු මාසයේදී රුසියාවේ Suek AG/Black Sand Commodity නම් සමාගමට මෙම ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීමේදී, එය එවකට පවතී අඩුම ලංසුව විය. එහෙත් එහි තවත් ලංසුකරුවකු විය. එනම්, නොරොච්චෝලේ බලාගාරය පවත්වාගෙන යන චීනයේ CMEC (China Machinery Engineering Corporation) සමාගමයි. චීන සමාගම මෙම ලංසුව ඉදිරිපත්කර තිබුනේ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් සිය දේශීය නියෝජිතයා ලෙස පත්කරමිනි.

නොරොච්චෝලය ලක්විජය බලාගාරය…

එහෙත් පළමුවර ලංසු ඉදිරිපත් කිරීමේදී චීන සමාගම් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණු මිල ඩොලර් 552ක තරම් ඉහල අගයකි. ඒ අනුව ඩොලර් 324ක අඩුම මිල ඉදිරිපත් රුසියානු සමාගමට ටෙන්ඩරය ප්‍රදානය නොකර සිටීමට හැකියාවක් නොමැති විය. කෙසේහෝ වේවා නාටකය ආරම්භවුයේ ඉන් අනතුරුවය. චීන සමාගම සිය දේශීය නියෝජිතයා හරහා කොළඹ කොටස් වෙළඳපොළට සහ ජනාධිපතිවරයාටද ලිපියක් යවමින්, සිය ස්ථාවරය සම්පුර්ණයෙන් වෙනස් කරමින්, ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 320කට, එනම් මිට පෙර ටෙන්ඩරයට ඉදිරිපත් කළ ඩොලර් 552ට වඩා ඩොලර් 232ක අඩු මිලකට නොරොච්චෝලේ වෙත ගල් අඟුරු සැපයිය හැකි බව ප්‍රකාශ කළේය. එය පැහැදිලිවම අස්වාභාවික සිදුවීමක් විය. ඒ අනුවම, චීන සමාගම සතු  වෙනත් අරමුණක් පවතින බව පැහැදිලිවම අනාවරණය විය. එසේම ඩොලර් වෙනුවට රුපියල්වලින් ගෙවීම් සිදුකිරීමට අවස්ථා ලබාදීම මෙන්ම, වඩාත් සහනදායි, දීර්ඝ ණය කාලසීමාවක් ලබාදීමටද චීන සමාගම කැමැත්ත පළකර ඇත. බැලුබැල්මට එය මෙරටට අතිශය වාසිදායක තත්වයකි.

මේ අතර, ඊළඟ නාටකය ක්‍රියාත්මක විය. එනම්, ටෙන්ඩරය ලබාදුන් රුසියානු සමාගමේ හැකියාව අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමයි. එම ප්‍රශ්න කිරීම හමුවේ රුසියානු සමගමට අඛණ්ඩව සිය සැපයුම සිදුකිරීමට බාධා එල්ලවිය. දැන් හදිසියේ ටෙන්ඩරය අවලංගු කෙරෙන්නේ එම ගැටලුව හේතුවෙනි. ඒ අනුව දැන් කඩිනමින් ගෙනඑන නව ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කිරීමට චීන සමාගමට හැකියාව ලැබී ඇති අතර, චීන සමගම විසින් මිට පෙර ටෙන්ඩරයේදී ඉදිරිපත්වූ මිල ගණන් පිලිබඳ මනා අවබෝධයෙන් පසුවන බැවින්, සෘජුවම ජනාධිපතිවරයාද අමතමින් සිය සහන පිළිබඳව දැනුම්දීමට කටයුතු කර ඇත. එය පැහැදිලිවම පෙර වතාවේ අධික මිලකට ගල් අඟුරු විකිණීමට ගොස් වැරදුනු විට, ගනුදෙනුව කඩාකප්පල් වනතුරු සිට, සුක්ෂම ලෙස ටෙන්ඩරය නැවත අත්පත් කරගැනීමක් මිස අන් යමක් ලෙස හැඳින්විය නොහැකිය.

මේ අතර, තවත් ප්‍රවෘත්තියක් මේ වන විට කරලියට පැමිණ ඇත. එනම්,අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුව සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට නම්, මෙරට පවතින චීන ණය මගින් ඉදිකෙරුණු ව්‍යාපෘති කිහිපයක් චීනයට පවරාදිය යුතුය යන කොන්දේසිය චීනය විසින් ඉදිරිපත් කර ඇති බවය.

එම ව්‍යාපෘති අතර නොරොච්චෝලේ බලාගාරය ඉදිරියෙන්ම තිබෙන බව කියැවේ. ඒ අනුව සැලසුම සිතාගැනීමට එතරම් අසීරු නැත. දැනටත් සියලුම නඩත්තු කටයුතු පවත්වාගෙන යන චීන සමාගම විසින් ඉදිරියේදී බලාගාරයට ගල් අඟුරු සැපයීමේ කොන්ත්රත්තුවද ලබාගතහොත් විදුලි බල මණ්ඩලයට එහි කිරීමට වෙන යමක් ඉතිරි වන්නේ නැත.

එනම් මේ ගල් අඟුරු ලංසුව පසුපස කොලේ වසා ගහන්නට යන තුරුම්පුවක්ද ඇති බව පෙනේ. ඒ අනුව ඉදිරියේදී බලාගාරය චිනයටම පවරාදීම සුදුසු යැයි තවත් මාස කිහිපයකින් මෙරට දේශපාලකයෙක් ප්‍රකාශ කළහොත් එහි පුදුම වන්නට දෙයක් නොමැති වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හයිටියේ මැටි රොටී, ලංකාවෙි කුරුම්බා ලොඳ, ඇෆ්ලටොක්සීන් සහ ආහාර අනාරක්ෂිතතාවය…

Next Post

විරෝධතාවකට පැය 06කට කලින් පොලිසියෙන් අවසර ගත යුතුයි !

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.