විරෝධතාවක් පැවැත්වීමට පැය 6කට පෙර ඒ බව පොලිසියට දන්වා අවසර ලබා ගත යුතුයැයි වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
එහෙත් සාමකාමි විරෝධතාවන්ට එවැනි වාරණ් නොමැති බව ද ඔහු සදහන් කළේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මහජනයාට හිරිහැරයක් වන අන්දමේ නීතිවිරෝධී උද්ඝෝෂණ පැවැත්වීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොමැති බවත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේ ය.
“කලින් සිදු වුණා වගේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට ඉඩ දෙන්න අපි කැමැති නෑ. ජනාධිපතිවරයා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා අධි ආරක්ෂක කලාප කිහිපයක් නම් කළා. කොහොම වුණත් සාමකාමී විරෝධතාකරුවන්ට කිසිදු තහනමක් බලපාන්නේ නෑ. ”
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .







