අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

දැන් දේශපාලකයන්ට  වැඩ කරන්න වෙන්නේ ජනතාව කියන විදිහට!  එහෙම නොවුණොත් අපිටත් ගහයි !

හිටපු අගමැති රනිල් කියයි...

by editor
අප්‍රේල් 5, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter
  • වහාම පක්ෂ නායකයන්ගේ කමිටුවක් පත් කර සාකච්ඡා කරන්න…

  • ආර්ථික අර්බුදය දැන් දේශපාලන අර්බුදයක් වෙලා ඉවරයි…

  • අයි.එම්.එෆ් යන්න කලින් මිත්‍ර රටවලින් උදව් ගන්න…

රට තුළ නිර්මාණය වුණු ආර්ථික අර්බුදය මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා ව්‍යාප්ත වී ඇති බවත් මෙම අර්බුදයේ පාලනය ඇත්තේ ජනතාව අත බැවින් මේ මොහොතේ දේශපාලකයන්ට ජනතාවට අවශ්‍ය  න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීමට සිදුව ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

ඊයේ ස්වර්ණවාහිනිය්    වැඩ සටහනකට සහභාගී වෙමින් අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා එම කරුණ සිහි තබාගෙන රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ කමිටුවක් මඟින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් කළ යුතු දේ කඩිනමින්ම තීරණය කළ යුතු බව අවධාරණය කළේය.

ඉන්ධන, විදුලිය ආහාර ගෑස් ආදිය නොමැතිවීම සහ ආර්ථික ගැටලු මත ජනතාව තුළ ඇතිව තිබූ පීඩනය මත පසුගියදා මිරිහානේ පැඟිරිවත්ත ප්‍රදේශයෙන්  පටන් ගත් උද්ඝෝෂණ රැල්ල මේ වනවිට රට පුරා ව්‍යාප්ත වී අති බවත් එය දැන් අපට අපේක්ෂා කළ යුතු තත්ත්වයක් වන අර එතැනට එන්නට කලින් මුලින්ම කැබිනට් ඇමති වෙනස් කිරීමකින් පාලනය කරගත හැකිව තිබූ බවත් පෙන්වා දුන්නේය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළතුරු දෙමින්  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ   මෙසේද අදහස් දැක්වීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මේ උද්ඝෝෂණයේ න්‍යාය පත්‍රය හසුරුවන්නේ ජනතාව. එය වෙනස් කරන්න දේශපාලන පක්ෂවලට බෑ. එහෙම වුණොත් අපේ ගෙවල්වලටත් ඔවුන් ගසාවි. මේ මොහොත් ජනතාවට අවශ්‍ය පීඩනයට සහනයක්. මේ ජන නැගිටීම විශේෂයි.

සාමාන්‍යයෙන් වෙනදාට අපි දකින්නේ වැඩ කරන කම්කරු පන්තියේ ජනතාව වීදි බැස අරගල කරනවා. නමුත් මෙවර අපි විශේෂ ප්‍රවණතා දෙකක් මේ තුළ දකිනවා. එකක් මුල්ම වතාවට මධ්‍යම පන්තිය අද උද්ඝෝෂණය කරන්නට පැමිණ සිටිනවා. ඒ වගේම වයස අවුරුද 30ට අඩු තරුණ තරුණියන් තමන් අපේක්ෂා  කරන රටක් වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා. මේක අපි දේශපාලන පක්ෂ හැටියට බැහැල කරන මෙහෙයුම්වලට වඩා වෙනස්. මෙතන ඉන්න පිරිස් පසුගිය මැතිවරණයේදී ගොඨාභය ජයග්‍රහණය කරවන්න වෙහෙස වුණු අය.

ඔවුන් දැන් ඉල්ලන්නේ මැතිවරණයක් නෙවෙයි.

මේ අය ඉල්ලන විසඳුම් ලබාදිය යුතුයි. මුලින්ම මේ පීඩනය අඩු කිරීමට අපි මොනවද කරන්න ඕන කියන කරුණ සලකා බැලිය යුතුයි. අද රට පවතින්නේ දරුණු ආර්ථික අර්බුදයක. දැන් ඉන්දියාවෙන් චීනයෙන්  ලැබුනු ණය මුදල්වලින් ගියාට මේ මුදල් මැයි මාසේ මැද වනවිට වියදම් වී අහවර වෙනවා. එතැනින් එහාට රටට අවශ්‍ය විදුලිය, ගෑස් ගන්න මුදල් කොහෙන්ද?.“

“අපට ජාත්‍යන්කර මූල්‍ය අරමුදල  සමඟ සාකච්ඡා කළ යුතුයි. නමුත් මේ සඳහා මාස ගණනාවක් ගත වෙන්න පුළුවන්. එතෙක් කොහොමද අපි සල්ලි හොයා ගන්නේ?. කරන්න තියෙන්නේ අප චීනය, ඉන්දියාව, ජපානය දකුණු කොරියාව යුරෝපා සංගමය වැනි රටවල් සමග කතා කරල අපට අවශ්‍ය මුදල් ප්‍රමාණය හදා ගන්න එක. එහෙම නැතිව සංචාරකයන්  ආවම  මුදල් එයි. විදේශ ගත ශ්‍රමිකයන් මුදල් එවයි කියල බලාගෙන හිටියට හරියන්නේ නෑ “ යි ද පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ රටින් පිටවූ බව ඇඟවූ නිශ්ශංක සේනාධිපති අද උදේ ඩුබායි බලා පිටත්වෙයි…

Next Post

පොහොට්ටුවෙ මැති අමැති මන්ත්‍රීවරු 11ක් පොහොට්ටුව හැර යෑම ප්‍රකාශ කරති..

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.