බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ගෝටාභය ජනාධිපති කළ මිනිස්සු බලාපොරොත්තු වුනේ මේක ද?… තමන්ගේ එළිපත්තට එන්න පෙර මර්ධනයට එරෙහි වෙන්න..

පියුමිට ඇඳුම් ඇද්ද පොලිස් ඇමති ගුරුවරියන්ට ඇඳුම් තබා නීතිඥයෙකුටවත් එන්න දුන්නෙ නෑ... ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

by editor
අගෝස්තු 6, 2021
in දේශපාලන
Tilvin
Share on FacebookShare on Twitter
  • නීතිවිරෝධී නොවන උද්ඝෝෂණවලට සහභාගි වූ අයව මඟ රැක සිට අත්අඩංගුවට ගැනීම මොන නීතියක් ද?

  • මේ මර්දන බිය වැද්දීම්වලින් සටන් නවත්වන්න බෑ,.. එයින් සිදුවන්නේ මහා අරගලයක් බිහි වීමයි. මේ පාරට බැහැල ඉන්න ගුරුවරුන්ගෙන් සියයට 70ක් ගෝඨාභයට ඡන්දෙ දුන්නු අය…

නීතිවිරෝධී නොවන උද්ඝෝෂණවලට සහභාගී වෙමින් සිටින විට නීතිවිරෝධී යමක් සිදුවූයේ නම් අත්අඩංගුවට ගත යුත්තේ ඒ ස්ථානයේ දී බවත්, නීතිය තමන් අතට ගනිමින් මග සිට කෙරන පැහැර ගැනීම්,   බිය වැද්දීම්, මර්ධනයන් හරහා මේ ගොඩ නැගෙන සංස්කෘතිය තමන්ගේ එළිපත්තට පැමිණ තමන්ව බිලි ගන්නට පෙර එරෙහි වන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේ පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවක් අමතමිනි.

එම සාකච්ඡාවේ දී ලේකම්වරයා මෙසේ ද පැවසුවේය.

ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන මර්දනකාරී ක්‍රියාවලිය පිළිබඳව අපගේ විරෝධය පළකිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පවත්වනවා. සාධාරණ හේතු මත පසුගිය දවස්වල උද්ඝෝෂණ ගණනාවක් පැන නැගුණා. කොතලාවල පනත මගින් අධ්‍යාපනය පෞද්ගලීකරණය හා මිලිටරීකරණය කිරීමට එරෙහිව, ඒ වගේම මේ දක්වා නොවිසඳී තිබෙන විදුහල්පතිවරු සහ ගුරුවර ගුරුවරියන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කරගන්න වගේම පොහොර ප්‍රශ්නය මුල් කරගෙන ඉතාම සාධාරණ උද්ඝෝෂණ පැනනැගුණා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඒ උද්ඝෝෂණවලට ඇහුම්කන් දී සාධාරණ උත්තර ලබාදෙනවා වෙනුවට එක පැත්තකින් උද්ඝෝෂණවලට එරෙහිව ජනතා මතයක් හදන්නත් අනෙක් පැත්තෙන් උද්ඝෝෂණවලට සහභාගි වන ක්‍රියාකාරීන් හුදකලා කර දඩයම් කරන්නත් ආණ්ඩුව පෙළඹී සිටිනවා. මේක ඉතා බරපතළ කාරණයක්.

පැහැරගැනීම්

මේ සාමකාමී උද්ඝෝෂණ පවත්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී තිබෙන අයිතිය පාවිච්චි කරමිනුයි. ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ඒ අයිතිය ගුරුවරු, ආචාර්යවරු, ශිෂ්‍යයෝ පාවිච්චි කරමින් යනවා. ඒ උද්ඝෝෂකයන්ගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දී විසඳනවා වෙනුවට මර්දනය කිරීමට ගත් පියවර කිහිපයක් පසුගිය දවස්වල අපි දැක්කා.

ඊයේ (05) රාත්‍රියේ රූපවාහිනී සංවාදයකට සම්බන්ධ වී පිටතට පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය ආයතනය අසල රැකලා ඉඳලා අත්අඩංගුවට ගත්තා. අවම වශයෙන් අත්අඩංගුවට ගැනීමේ චෝදනාව ඉදිරිපත් කරන්න, අධිකරණ වරෙන්තුවක් ඉදිරිපත් නොකර පොලීසියෙන් ඔහුව අත්අඩංගුවට ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත් මේක පැහැර ගැනීමක්. මෙම තත්වය පරාජයට පත්කළ යුතුයි.

ඒ වගේම ඊයේ දහවල් පැවති අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය පැවත්වූ උද්ඝෝෂණයට සම්බන්ධ වූ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එය වෘත්තීය සමිති, බහුජන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එකතුවී ඉතාමත්ම සාමකාමීව කොරෝනා තත්වය සලකා බලා සිදු කළ උද්ඝෝෂණයක්. මේ උද්ඝෝෂණයට පැමිණෙමින් සිටි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අත්අඩංගුවට ගත්තා. උද්ඝෝෂණය අවසානයේ කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ආපසු යමින් සිටි බස් රථයක් මඟදී නවත්වලා සිවිල් ඇඳුමින් සැරසී සිටි කණ්ඩායමක් චිකාගෝවල කප්පම් ගන්න පැහැර ගන්නවා වගේ ක්‍රියාමාර්ග ගෙන තිබුණා.

උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගන්න පොලිසියට බලයක් නෑ…

උද්ඝෝෂණය කිරීම නීතිවිරෝධී නැහැ. ඒ නිසා උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගන්න කිසිම නීතිමය බලයක් පොලීසියට නැහැ. අනෙක් පැත්තෙන් උද්ඝෝෂණය කරන තැන නීති කැඩෙනවා නම් එතැනදී අත්අඩංගුවට ගත යුතුයි. එහෙම නොකර වාහන පසුපස ගිහින්, මුහුණු බලාගෙන ඉඳලා සැලසුම් කරලා දඩයමක් කරනවා. මෙහෙම මිනිස්සු පැහැර ගන්න, දඩයම් කරන්න කිසිම අයිතියක් නැහැ. ආණ්ඩුව දැන් කරමින් ඉන්නේ සැලසුම් කරලා උද්ඝෝෂකයන් දඩයම් කිරීමක්. මෙය ඉතාමත්ම බරපතළ තත්වයක්.

එතැනින් නතර නොවී සටන්වල ඉන්න නායකයින්ගේ ගෙවල්වලට ගිහින් බිය වද්දන ක්‍රියාවලියකුත් සිදු කරමින් ඉන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ ගෙදරට ගිහින් තියෙනවා. ඊට කලින් ලංකා ගුරුසේවා සංගමයේ නායක මහින්ද ජයසිංහ සහෝදරයාගේ ගෙදරට ගිහින් තිබුණා. මේ විධිහට බියවැද්දීම් කර එයින් නතර නොකර පහුගිය 04වැනිදා කොළඹ තිබුණු ගුරු විදුහල්පති උද්ඝෝෂණය අවසන් කර යමින් සිටි ගුරුවරුන්ව ස්ථාන කිහිපයකදීම අත්අඩංගුවට ගත්තා. දෙමටගොඩ, පෑලියගොඩ, වැල්ලවත්ත පොලීසිවලින් මේ විදිහට අත්අඩංගුවට ගත්ත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ගත්ත චෝදනාව කියන්නවත් පොලීසිය සමත් වෙලා නැහැ.

අත්අඩංගුවට ගත් අය වරාය පොලීසියේ රඳවනවා. ඔවුන් ඉන්න ඕනෑ  අත්අඩංගුවට ගත්ත පොලීසියේමයි. වරාය පොලීසිය තුළ රඳවා ගැනීම වැරදි රඳවා ගැනීමක්. නීතිඥවරුන්ටවත් අඩුම ගානේ පොලීසියට යන්න දෙන්නේ නැහැ. නීතිඥ සහාය ලබාගැනීමේ මූලික අයිතිවාසිකමත් උල්ලංඝනය කළා. ත්‍රස්තවාදීන් අල්ලා ගත්තා නෙවෙයිනේ, ඔවුන්ගේ ඥාතීන්ට ඔවුන්ව පෙන්වන්න ඕනෑ. සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගත් අය නීතිඥවරුන්ට බලන්න දෙන්නේවත් නැතිව රඳවාගෙන ඉන්නවා. ආණ්ඩුව පෙන්වන්න හදන්නේ භීතියක් මැවීමයි. ඒ තුළින් සටන් මර්දනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාගේ ආණ්ඩුවයි සරත් වීරසේකර මහත්තයාගේ පොලීසියයි කරන්නේ සාධාරණ අයිතීන් වෙනුවෙන් සටන් කරන අයව හුදකලා කර දඩයම් කිරීමයි.

පියුමිට ඇඳුම් ඇද්ද පොලිස් ඇමති

ඔය පොලීසිය බාර ඇමතිතුමාම පියුමි හංසමාලි නිරෝධායනයට අරන් යනකොට බස් හරවාගෙන ඇවිත් ඇඳුම් ටික අරන් දුන්නා. ඒ ඇමතිවරයා ගුරුවර ගුරුවරියෝ අත්අඩංගුවට අරගෙන බලන්නවත් දුන්නේ නැහැ. ගුරුවරියන්ට විශේෂ අවශ්‍යතා තියෙනවා. ඒගොල්ලන්ට ඇඳුමක් දෙන්නවත් ඉඩක් නොදී නීතිය වල් වැදිලා. තමන්ට කැමති අයට එක නීතියක්. අකමැති අයට තව නීතියක්. දැන් වෙලා තියෙන්නේ අපරාධකාරයින් නිදහස් කර තනතුරු ලබාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සියලු දෙනාට මර්දනය ගේන එක.

අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජයග්‍රහණය කරලා මේකද බලාපොරොත්තු වුණේ කියලා. මේකට එරෙහි වෙන්න කියලා අපි සමාජයෙන් ඉල්ලා හිටිනවා. මේ තත්වය පටන් ගන්නේ ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන්, ශිෂ්‍ය නායකයින්ගෙන් වෙන්න පුළුවන්. හැබැයි අවසන් වෙන්නේ හැමෝගෙම ගෙවල්වලට ගිහිල්ලා. ඒ නිසා මේක පරද්දන්න ඕනෑ.

අධිකරණය නුදුන් නියෝග

උද්ඝෝෂණවලට කලින් ඒවා වැළැක්වීමේ නියෝග ගන්න අධිකරණයට ගියා. හැබැයි අධිකරණය ඒ නියෝග දුන්නේ නැහැ. උද්ඝෝෂණ වළක්වන්න අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ. පොලීසියෙන් අත්අඩංගුවට ගත්ත අයට විරුද්ධව ඉදිරිපත් කළ චෝදනා එකක්වත් අධිකරණය ගණන් ගත්තේ නැහැ. ඒ නිසා ශරීර  ඇප දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුවෙන්ම ආව කෙනෙක් මේ අයව රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ වගේම නිරෝධායනයට දාන්න කියලත් ඉල්ලා සිටියා. අධිකරණය මේ දෙකම ප්‍රතික්‍ෂේප කළා. ශරීර ඇප මත මේ අය නිදහස් කළා. නීති විරෝධී නොවන උද්ඝෝෂණවලට සහභාගි වූ අයව මඟ රැක සිට අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි.

පොලීසිය යොදවා නීති විරෝධී වැඩ කරමින් ඉන්නේ ආණ්ඩුවයි. ඒගොල්ලෝ මේ ගමන් කරමින් ඉන්නේ තමන්ව නිර්මාණය කළ ජනතාව තමන්ට අහිමි කර ගැනීමකයි. උද්ඝෝෂණවලට සහභාගි වුණ ගුරුවරුන් 70%ක් විතර ගෝටාභය රාජපක්‍ෂ මහත්තයාට ඡන්දය දීපු අය. ඒ අයගේ උද්ඝෝෂණ මර්දනය කරන්න ක්‍රියා කිරීම ඔවුන්ගේ පදනම් අහිමි කරගැනීමක්.

ලුණු හැදෙන්නෙත් වතුරෙන්, ලුණු දියවෙන්නෙත් වතුරෙන් කියල ගමේ කියමනක් තියෙනවා. ආණ්ඩුව මේ ගමන් කරමින් තිබෙන්නේ තමන්ව සිංහාසනයේ තැබූ ජනතාවට එරෙහිව පොල්ල උස්සලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයලාව සිංහාසනයේ තිබ්බ මේ ජනතාවම නුදුරු අනාගතයේදී ඔවුන්ව සිංහාසනයෙන් බස්සවයි කියලා අපි විශ්වාස කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විරෝධතා තාවකාලිකව නවතන්න – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් හදිසි ඉල්ලීමක්

Next Post

රන්ජන්ට කොවිඩ්… අඟුණකොලපැලැස්ස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට…

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.