රන්ජන් රාමනායකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහකාර බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේය.
අගුනකොලපැලැස්ස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඔහුව යොමු කිරීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
රන්ජන් පෙරේදා (04) අඟුනකොලපැලස්සේ සිට මීගමුවේ සිය නැන්දනියේ මළ ගෙදර පැමිණ තිබුණේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පිට රන්ජන් රාමනායක අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් විඳිමින් හිඳී.