බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

අද්භූත කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ආ හැටි හෙළිවෙයි! විමල් බැසිල්ගේ රෙදි ගලවයි!

by editor
ඔක්තෝබර් 29, 2021
in දේශපාලන
Wimal weerawansa
Share on FacebookShare on Twitter

තමන්ගේ මිනිය වළ දැමීමට ඇත්තේ මේ පොළොවේ මිස පිට රටක නොවන බවත්, රටේ මුලුමහත් අනාගතයම පාවා දෙන මෙවැනි ගිවිසුම් අනීතිකව සිදුවන විට හෘදය සාක්ෂිය ගලක ගැටගසා වතුරේ ඔබාගෙන දෙන දේ කා වෙන දේ බලාගෙන මේ ඇමතිකටු තුළ සිරවෙන්නට තමන් සූදානම් නැති බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ කීවේය. 

ඒ අද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 එක්වී ඇමරිකානු නිව් ෆොට්‍රස් සමාගම සම්බන්ධව රජය එළඹි පාරදෘශ්‍යභාවයක් නැති විනාශකාරී ගිවිසුමට එරෙහිව අද (29) සවස බත්තරමුල්ල සෝලියස් ශාලාවේ දී සංවිධානය කළ ජනහිතකාමී හෙටක් උදෙසා – මහජන මන්ත්‍රණ සභාව අමතමිනි.

කැබිනට් මණ්ඩලය තුළ මේ ගිවිසුමට අදාල කැබිනට් පත්‍රිකාව අනුමත වූ ආකාරයේ සිට රජයේ අමාත්‍යවරයෙක් ලෙස තමන් මුහුණ දුන් අත්දැකීම් විස්තර කරමින්   කර්මාන්ත ඇමති විමල් වීිරවංශ අද කළ සම්පූර්ණ කතාව මෙසේය.

Wimal Weerawansaකැබිනට් පත්‍රිකා එන හැටි

පහුගිය කාලෙ තමුන්නාසෙලා දන්නවා ගොඩක් වෙලාවට අමාත්‍ය මණ්ඩලයට රැස්වුනේ ඔන්ලයින් ඔස්සේ. සජීවීව රැස්වෙනව වගේ නෙමෙයි. සජීවීව යනකොට ඒ සාකච්ඡාව යන අතරෙ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දෙන අවස්ථා තියනවා. එහෙම දුන්නාම ඒ පත්‍රිකාව බලලා බලන්න ඕන නම් තව කාලයක් ඉල්ලනවා. අද මේක ගන්න එපා කියනවා.  සමහරවිට අපි කියන එක ඇහුවොත් ඒක ඊලඟ සතියට ගන්නවා. ඇහුවෙ නැතිනම්  ඒක එදාම සාකච්ඡාවට ගන්නවා. සමහර විට සමහර ඒවා තියනවා අදම අනුමත වූවා සේ සලකා කටයුතු කරනවා කියලා. ඒ කියන්නෙ ඊලඟ දවසෙ මිනිට්ස් වලදි සාකච්ඡා කරන්නෙත් නෑ.

කැබිනට් මණ්ඩලයෙ සාමාන්‍ය ක්‍රමය තමයි ප්‍රමාණවත් කාලයක් ඇතුළත ඇමති මණ්ඩල සාමාජිකයන්ට කැබිනට් පත්‍රිකාව  ලැබෙන්න ඕන. ඔවුන් ඒවා අධ්‍යයනය කරලා ඇමති මණ්ඩලයට සහභාගී වෙන්න ඕන. තම තමන්ගෙ ඒ පිළබඳ මතය මතය ඉදිරිපත් කරන්න ඕන.  ඒ මත අහලා අවසන් තීරණයක් ගන්නවා.   ඒක අමාත්‍ය මණ්ඩල තීරණයක්.  එතකොට ඒ තීරණයට අප හැමෝම වගකියනවා.

මේ අපි විවාදයට භාවිත වන මේ නිව්පොට්‍රස් සමාගමට සදාකාලිකවම ගෑස් සැපයීමේ ඒකාධිකාරිය, බොරුවට අවුරුදු පහක් කියන්න එපා, අනාගතයේ නොපෙනන ඉමක් දක්වා මේ රටේ ගෑස්  සැපයීම භාර දෙන්නෙ ඔය නිව් පෝට්‍රස් කියන ඇමරිකානු සමාගමට.

අද්භූද කැබිනට් පත්‍රිකාව

ඒ ඇමරිකානු සමාගමට සදාකාලිකවම ගෑස් සැපයීම දෙන මේ කැබිනට් පත්‍රිකාව ආවෙ කොහොමද දන්නව ද?

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

දැන් අපි ඉන්නවා ඔන්ලයින් එකේ. අපි දන්න සියලුම කැබිනට් පත්‍රිකා අනුපිළිවෙළින් කතා කරලා ඉවර වෙනවා. වෙනත් කරුණු කියලා එකක් එනවා.

එකෙදි ගරු මුදල් ඇමතිතුමා අහනවා කැබිනට් ලේකම්ගෙන් “ ලේකම් තුමා. මමත් ඔය අද එකක් ගෙනාවා. ඒක නැද්ද කියලා අහනවා.“ කැබිනට් ලේකම් තුමා කියනවා. “ඒක ගරු ඇමතිතුමා ආවෙ මම මෙතන ආවට පස්සෙ. මට ඒක කියවගන්නවත් බැරිවුනා, ඔබතුමා කියවන්න කියලා. “

සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් කියවන්නේ කැබිනට් ලේකම් තුමා. කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරන්නෙ. කැබිනට් ලේකම් තුමා කියනවා මම මේක දන්නෙ නෑ. මෙතන ඉඳගත්තට පස්සෙ ආවෙ. ඔබතුමාම පැහැදිලි කරන්න“ කියලා.

මම ඇමති මණ්ඩලයෙ මෙහෙම අවස්ථාවකට මුහුණ දීලා නෑ. ඒක ඒ විදිහට ඉවර වුනා. ඊලගට ඔන්ලයින් ඉන්න හින්දා අවදානය නැති වෙනවා. ඒක ඔය විදිහට ඉවර වුනා.

ඊට පස්සෙ දවසක මම උදය ගම්මන්පිල මැතිතුමා හම්බවෙලා මොකක්ද එදා ගෙනාවෙ කියලා හිත හිත ඉන්නකොට කැබිනට් තීරණයක් තියනවා මිනිස්ට්ස් අවිත් අහවල්  කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර අමාත්‍යවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර අතර දීර්ඝ සාකච්ඡාවකින් පසු මේ මේ තීරණවලට එකඟ වුනා කියලා.

මං බැලුවා ඔලුවට අයිස් කැටයකින් ගහගෙන මේක හීනයක් ද කියලා. මෙහෙමයි මේක අනුමත වුනේ. මම උසාවියට ඇවිත් කියනවා.  කිසිම සාකච්ඡාවක් වුනේ නෑ. බොරු ලියන්න එපා. හොරට ගෙනාවෙ. තත්කඩිකමින් ගෙනාවෙ. කිසිම සාකච්චාවක් වුනේ නෑ.

ඒ වගේ දේවල් පිළිඅරගෙන ඉවසගෙන  ඇමති කට්ට වෙනුවෙන් ඕව ඔක්කොම පිළිඅරගෙන  හෘද සාක්ෂය තඩි  ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න බෑ. අපි ඒ සංස්කෘතියට අයිති මිනිස්සු නෙමෙයි.

මේ රටේ මිනිස්සු  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනවරම දුන්නෙ විශ්වාස කළේ ඒ බලය වෙන අයට කොල්ල කන්න නෙමෙයි. ඒ ජනවරම තියන සුජාත භාවය නැති කරන්න නෙමෙයි. ගෞරවනීය බව කෙලෙසන්න නෙමෙයි.

එල්.එන්.ජී  ක්ලීන් එනජි. ඒක හරි.  විවාදයක් නෑ, ජනාධිපති තුමා බලාපරොත්තුවන්නේ පුනර්ජනනී බලශක්තියට ගේන්න සියයට හැත්තෑවක්.  එල්එන්ජී කියන්නෙ පුනර්ජනනීය බලශක්තිය නෙමෙයි.  දැන් මිල අඩුවෙන්න පුලුවන්. ඒක වේගයෙන් මිල වැඩි වීගෙන යනවා.

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ටෙන්ඩරය –

තව අවුරුදු කීපයකින් ඉන්ධනවලට වඩා මිල මේ මිල වැඩිවෙන්න පුලුවන්.මේක එහෙම දෙයක්.  අප කරන්න ඕන මොකක් ද. හරි. විදුලිබල මණ්ඩලයෙන් ආපු ටෙන්ඩර් එක මොකක් ද?.  ඩලස් ඇමතිතුමාට විදුලිබල ඇමතිකමත් නැති වුනා. මේක ද දන්නෙ නෑ හේතුව මේක ද කියලා. එහෙමත් හිතනෙවා.

විදුලිබල මණ්ඩලයෙ ටෙන්ඩරය බලන්න. ඒකෙ ඒ අය දෙනවා ගබඩා නැව. ඒක ටෙන්ඩරයක්. නල පද්ධතිය එළීම තව ටෙන්ඩරයක්. ගෑස් සැපයීම තියෙන්නෙ විදුලිබල මණ්ඩලය යටතේ. විදුලිබල මණ්ඩලය කලින් කලට විධිමත් ක්‍රියාමාරග්යක් යටතේ ගෑස් මිලදී ගන්නවා. දැන් ගාන තීරණය කරලා ඉවරයි. අපි පාවිච්චි කළත් නොකළත් නියමිත එල්එන්ජී ප්‍රමාණය අපි මිලදී ගන්න ඕන. මෙතන කියවුනා.

අනාගත අනතුර 

ශ්‍රී ලංකාව කියන්න උපායමාර්ගිකව ඉතාම වැදගත් තැනක පිහිටපු රටක්. අද ඇමරිකන් ඉන්දුපැසිපික් කලාපයේ වෙනම මෙහෙයුම් තියන වෙලාවක්. ඇමරිකාව සෝෆා ගහගෙන තව තව තියන ගිවිසුම් රට ඇතුළට ගිලාගන්න හදන රටක්. මේ සමාගමට ගෑස් සැපයීමේ සම්පූර්ණ අයිතිය ගියාම ඔවුන් ලංකාවේ දේශපාලනයේ  අභ්‍යන්තරය තීරණය කරන්න ගන්නවා. ඒ දේශපාලනය කේවල් කිරීමේ බලය මේ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය කරගන්නවා.

මේක අනාගතය පාවා දීමක්. මේක අනාගතය බිල්ලට දීමක්. අපිට මේ ඇමතිකම් තිබුණත් නැතත් මේ රටේ ජීවත් වෙලා මේ රටේ  මැරිලා යන්න ඉන්න මිනිස්සු. අපේ බොඩි  එක කොහෙවත් වෙන රටක ගෙනියන්නෙ නෑ.  අපේ මල සිරුර පස් වෙන්නේ මේ රටේ. ඒ නිසා අවුරුදු 05ක බලයක් අරන් මුළු මහත් රටේ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය  අනාගතය බිල්ලට අරන් මේ රටට හතුරු රටකට  හොර පාරෙන් දෙන්න අපි කිසිසේත්ම එකඟ වෙන්නෙ නෑ.

තව ගිවිසුම් 02ක් අත්සන් කරන්න තියනවා. ඒ ගිවිසුම් දෙක තමසයි නල මාර්ගය හදලා වායු ගබඩාව හදන එක ඒ සැපයුම් දෙන එක ගැන ඔක්කොම තියන ගිවිසුම් දෙකක් එනවා.

අපි හැමොම සූදානම් වෙන්නන ඕන ඇමතිමණ්ඩලය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් වුනේ නැති නිසා අපට අයිතිය තියනවා. ප්‍රමාණවත් නොවෙයි.  අද්භූද සාකච්චාවක් වෙලා තියෙන්නෙ . ඒක ඊලඟ සතියෙ සාකච්චාවට ගන්නත් බෑ. ඇයි?. එදාම අනුමත වූවා සේ සලකා තින්දු අරන්. එහෙම දේවල් ඊලඟ සතියක කතා කරන්න බෑ.   මේ මිනිට්ස් වැරදියි නේද කියලා අහන්න බෑ.

අපි කළේ කුමක් ද?

ඒ හින්දා ගම්මන්පිල ඇමතිතුමයි මමයි වාසුදේව ඇමතිතුමයි මෙහෙම දෙයක් වුනේ නෑ නේද, මේක වැරදි පූර්වාදර්ශයක් කියලා කියලා අපි ලිව්වා.

අපට ඕන නෑ මේ ආණ්ඩුව කඩලා දාන්න.  අපට ඕන ජනවරමට අනුකූල පාරේ මේ ආණ්ඩුව රැගෙන යන්න. ජනවරමට පස්ස හරවන එකාගෙ පස්ස පැත්තට රිදෙන්න පහර දෙන්න. ඒ වගකීම අපි අත් හරින්නෙ නෑ.

කවුරුහරි කියනවා නම් අපි මේකෙ  දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්නෙ චරිත කියලා නෑ මහත්වරුනි. ඒක එහෙම නෙමෙයි. හරි දේ වෙනුවෙන් රටට යහපත් දේ වෙනුවෙන් අපි අපේ හඬ නැගීම ඉවර නොකර ඉදිරියට ගෙනියනවා. ඒ වෙනුවෙන් එන්න තියන ඕනෑම තර්ජනයකට, ඒ වෙනුවෙන් කරන්න තියන ඕනෑම කැපකිරීමකට ලෑස්තිපිට තමයි අපි මේ මහජන මන්ත්‍රණ සභාව අපි ලෑස්ති කළේ.

එක ගිවිසුමයි අත්සන් කරලා ඉවර. තව ගිවිසුම් 02ක් තියනවා. ඒ ගිවිසුම් දෙක අත්සන් කරන්න නොදිය යුතුයි. ඇමරිකානු සමගාමකට  ගැස් සැපයීමේ ඒකාධිකාරිය සදාකල්  ලබා දීමට එකඟ නොවිය යුතුයි. එය නතර කලයුතුයි. ඒ සදහා අපි ආණ්ඩුවෙ ඇතුළෙ ඉඳන් හෝ එළියට වැටුනොත් එළියෙ ඉඳන් අපට පුලුවන් උපරිමයෙන් අපි අපේ යුතුකම ඉටු කරනවා. සියලු රටවැසියන්ගෙන් ඉල්ලනවා ඔබේ යුතුකම ඉටු කරන්න.

අපි විරුද්ධ පක්ෂයේ හිටියා නම්

අපි මේ වෙලාවෙ විරුද්ධ පක්ෂය හිටියානම්  වෙන ආණ්ඩුවක් නම් මේක කරන්නේ දැන් ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න අයත් කෑ ගහනවානෙ මේකට විරුද්ධව.

අපි අපේ ආන්ඩුවක් වැරැද්දක් කරනකොට අපි ඉන්න ඕන සද්ද නැතිව ද? වෙනත් කවුරුහරි ආණ්ඩුවක් කරනකොට විතරද අපි කෑගහන්න ඕන. වැරැද්ද කවුරු කළත් වැරැද්ද.  එයාල කරනවට වඩා බරපතලයි අපි කරන එක ඒ වැරැද්ද. ඇයි. අපි ගැන මේ රටේ අහිංසක මිනිස්සු තිබ්බ විශ්වාසය නිර්මලයි.

ඔහොම දේවල් වේයි කියලා හීනෙන්වත් හිතුවෙ නෑ.  මේ රටේ වෘත්තිකයො, බුද්ධිමතුන් ගමේ අහිංසක ජනයා මේ  හැම මිනිස්සුම ඡන්දපොලට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට චන්දය දුනනේ අද්භූ කැබිනට් පත්‍රිකා අනුමත කරලා මේ වගේ තීරණාත්මක දේවල් සිද්ධ වෙන්න දෙන්න නෙමෙයි.

ඒ නිසා එතුමට ඉතා ගෞරවයෙන් කියනවා මේ අපරාධය කරන්න දෙන්න එපා. මේ රටට හතුරු ව්‍යාපෘතිය නතර කරන්න. විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ටෙන්ඩර් එක අනුව. ඒ නීත්‍යානුකූළ බලය අනුව ක්‍රියා කරන්න. ගෑස් සැපයීමේ බලය විදුලිබල මණ්ඩලය සතුව තියාගෙන කරන්න ක්‍රියාවලියට ඉඩ දෙන්න.  සියයට දාහක් එකඟයි පුනර්ජනනීය බලශක්තියට. ඒක ව්‍යාප්ත කරන්න අපි සියලු දෙනාම කැප වෙන්න ලෑස්තියි.

මේ මහා පාවාදීම වැලැක්වීමට අපි සියලු දෙනාම එක්වෙමු.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ‍පූජ්‍ය අතුරලියේ රතන හිමි අමාත්‍ය වාසුදේව නානායක්කාර අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය උදය ගම්මන්පිල, මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එල්.එම්. අතවුල්ලා  පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග  මේ අවස්ථාවේ දී මූලාසනා මණ්ඩලය හෙබවූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සදාකාලික ඒකාධිකාරයක් ඇමෙරිකාවට දීමට එරෙහිව ඇමති ධුර පූජා කිරීමටත් සූදානම්! – ගම්මන්පිල කියයි  

Next Post

කතෝලික අගරදගුරු සම්මේලනය රැස්කළ මන්ත්‍රී හමුවේ දී ඤාණසාර හිමිගේ නව පත්කිරීමට විරෝධය!

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.