අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සදාකාලික ඒකාධිකාරයක් ඇමෙරිකාවට දීමට එරෙහිව ඇමති ධුර පූජා කිරීමටත් සූදානම්! – ගම්මන්පිල කියයි  

by Lanka Sara Editor
ඔක්තෝබර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යුගදනවි බලාගාරයේ ස්වාභාවික වායු බලාගාර සම්බන්ධයෙන් ඇමෙරිකානු සමාගමකට ලබා දුන් ව්‍යාපෘති මෙතෙක් ශ්‍රි ලංකා ඉතිහාසයේ පළමුවරට ටෙන්ඩර් කැඳවීමක් තිබියදී එය මඟහැර  සමාගමකට ලබා දුන් පළමු මහා පරිමාණ ව්‍යාපෘතිය බවත් සදාකාලික ගෑස් ඒකාධිකාරය දුන් මේ ගිවිසුම වෙනුවෙන් ඇමතිධුර පූජා කිරීමට පමණක් නොව ඊට වඩා දේ සිදු කිරීමටද තමන් සූදානම් බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

 මේ වනවිට කැබිනට් ඇමතිවරු තිදෙනෙක් කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට එරෙහිව එකට එක්වී ඇති බවත් බලශක්ති අමාත්‍යවරයාම බලශක්ති ව්‍යාපෘතියකට එරෙහිව නැගී සිටින තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් උදය ගම්මන්පිල අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

 රජයේ හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයන් ඇතුළු සමූහයක් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු සමාගමක් සමඟ එලඹුණු ගිවිසුමට විරෝධය පෑම සඳහා අද පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී සංවිධානය කළ මහජන මන්ත්‍රණ සභාව නමැති සම්න්ත්‍රණයක් සංවිධනාය කර තිබූ අතර එහිදී බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“සමහරු හිතනවා ඇති කැබිනට් අමාත්‍යවරුන් හැටියට අපි මේ වෙලාවේ අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද සාමූහික තීරණයකට එරෙහිව සාමූහික වගකීමට අනුගත නොවී කටයුතු කරනවා කියල. නමුත් මට වසර 30ක කලින් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජය කාලයේ මේ වගේ ස්ථාවරයක කටයුතු කළ ඇමතිවරුන් තිදෙනෙක් හිටියා. ඒ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක ජීඑම් ප්‍රේමචන්ද්‍ර ඇමතිවරුන්. ඔවුන් ඇමතිධුරවලින් ඉවත් කළාම ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් තමයි රටට හිතකර  තීන්දු වෙනුවෙන් එසේ කැබිනට් මණ්ඩලයේ සාමූහික තීන්දුවට එරෙහි වීමේ ශුද්ධ වූ අයිතියක් පවතිනවා කියන කරුණ. ඒ අනුව අපට ශුද්ධ වු අයිතියක් තිබෙනවා.

මෙය ඉතා ගැටලු සහගත ගනුදෙනුවක්. මේ විදිහට ටෙන්ඩර කැඳවීමකින් තොරව මේ වගේ  ව්‍යාපෘතියක් මීට පෙර පැවැති කිසිම ආණ්ඩුවකින් දීල නැහැ. ඒ ගැන තමයි අපට කියන කණගාටුව. මේ ව්‍යාපෘතිය නිසා මේ රටේ ද්‍රව ස්වභාවික වායු  එනම් එල්.එන්.ජී සැපයුමේ ඒකාධිකාරය සදාකාලිකවම නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දී තිබෙනවා. බොහෝ  අය සිතන්නේ මෙය ලබා දී තිබෙන්නේ  වසර 5ක් පමණයි කියල . නමුත් එහෙම නෙවෙයි මෙ ගිවිසුමේ 4.2 වගන්තිය අනුව මෙම ගෑස් සැපයුමේ ඒකාධිකාරය සදාකාලිකවම ලබා දී තිබෙනවා.

මේ විදිහට ඒකාධිකාරයක් ඇමෙරිකාවට දුන්නොත් විශාල ආයෝජනයක් කරල අපේ මන්නාරම් ද්‍රෝනියේ පවතින ගෑස් සහ තෙල් සම්පත් ලබා ගන්න ආයෝජකයන් ගේන්න බෑ. ඒක ලොකු ප්‍රශ්නයක්. මේ වනවිට තහවුරු වෙලා තිබෙනවා අපේ මන්නාරම් ද්‍රොණියේ ඇමෙරිකානු ඩොලර් බිලියන 300ක් වටිනා ගෑස් සහ තෙල් තිබෙනවා. මේවා අපට තනිවම කර ගන්න බෑ. මේ සඳහා ආයෝජකයන් එන්න නම් අඩුම තරමින් ඔවුන්ට මේ රටේ එම ගෑස් විකිනීමට හැකියාවක් තිබිය යුතුයි.

මේ අපේ බලශක්ති සුරක්ෂිතතාවට පමණක් නෙවෙයි මෙයින් රාජ්‍ය තාන්ත්‍රිකවත් අර්බුදයක් එන්න පුළුවන්. යුද්ධය වෙලාවේ අපට හිටියේ ඇමෙරිකාවද? ටෙන්ඩරයෙන් සුදුසකම් ලබල තිබෙන්නේ චීන පකිස්ථාන හවුල් ව්‍යාපාරයක්. මේ රටවල් දෙකම යුද්ධය වෙලාවේ කොන්දේසි විරහිතව අප සමඟ සිටි රටවල් දෙකක්. ඔවුන්ටත් අප එරෙහිවීම රාජ්‍ය තාන්ත්‍රිකව කරන වරදක්. මේ වැරදිවලට එරෙහිව අපි නැගී සිටිය යුතුයි. මේ සඳහා ඇමති ධුර පූජා කිරීමට පමණක් නොව ඊට වඩා කැප කිරීම් කරන්නට සූදානම්. “ ඔහු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැවේ පොහොර ප්‍රතික්ෂේපිතයි… වෙනත් පොහොර එන හැටි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි!.

Next Post

අද්භූත කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ආ හැටි හෙළිවෙයි! විමල් බැසිල්ගේ රෙදි ගලවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.