බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

විභාගයට සූදානම්වන දූ පුතුන්ට වැදගත් කරුණු 14ක් …

by editor
ජූලි 24, 2021
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ට මුහුණ දීමට සූදානම් වන දූපුතුන් මේ වනවිට අධ්‍යාපන කටයුතුවල අන්තර්ජාලය ඔස්සේ යෙදෙමින් සිටිනවා ඇත. උදෑසන පාසැල් ගොස් ප්‍රිය මිතුරු සමාගම් මැද අධ්‍යාපනය ලැබූ අවස්ථාවන් මගහැරී යෑමත්, දවසේ බොහෝ කාලයක් නිවසට වී අධ්‍යාපනය ලැබීමත්, යහළු යෙහෙළියන් මුහුණට මුහුණට හමුනොවීමත් ඔවුන් සමග කළ කෙළිකවටකම් සීමාවීමත්, එකදිගට අන්තර්ජාලය ඔස්සේ දිගු වේලාවක් අධ්‍යාපන කටයුතු වල යෙදීමත් නිසා කිසියම් ආතති තත්වයක් දරුවන්ට ඇතිවිය හැකිය. එසේම නිවසේ එකම කණ්ඩායම සමග ගතකිරිම නිසාත් යම් යම් නොරිස්සුම් සහගත අමිහිරි වාතාවරණද ඇතිවීමට ඉඩ තිබේ. ඒ බව උපදේශනයේදී මැසිවිලි නගන දරුවෝ නිතර මට හමුවෙති.

ආදරණිය දූපුතුනි, කුමන බාධා පැමිණියද අපට අධ්‍යාපනය මගහැර යා නොහැකිය. මන්ද යත් අපගේ අනාගතය සහ අනාගතයේදී අප සමාජයේ හිමිකරගන්නා ස්ථානය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ අධ්‍යාපනයයි. අපගේ අනාගතය සුවපහසු, සැපවත් එකක්වීම සඳහා අපගේ ජීවනෝපාය සකස් කරදෙන්නේ අධ්‍යාපනයයි. තමන්ගේ ශිෂ්‍ය ජීවිතය කිසියම් වූ හේතුවත් නිසා හෝ ඵලදායි ලෙස ගතකරන්නට බැරිවීම නිසා දුකට පීඩාවට පත්වූ අය අපට සමාජයේදී කොතෙකුත් හමුවෙයි. එමනිසා කුමන බාධා පැමිණියත් යහපත් අනාගතයක් උදෙසා අප අධ්‍යාපන කටයුතු කරගෙන යායුතුය.

අපොස සාමාන්‍ය පෙළ යනු තීරණාත්මක කඩඉම් විභාගයකි. මන්ද උසස් අධ්‍යාපනය සඳහා ඔබ තෝරා ගන්නා මාවත තීරණය කරන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිසාය. ඔබ කැමති මාවත තෝරා ගැනීමට හැකිවන පරිදි ඔබ ප්‍රතිඵල ඔබට ලැබිය නොහැකි වුවහොත් ලැබී ඇති ප්‍රඵිපල මත ඔබට මාවත තෝරා ගැනීමට සිදුවෙයි. එය සමහර විට ඔබේ අසතුටට හේතුවිය හැකිය. ඒ නිසා හැකි සෑම උත්සහයක්ම දරා ඔබ කැමති මාවත තෝරා ගැනීමට පහසුවෙන් හැකිවන පිණිස විභාගය සමත්වීමට වැර වෑයම් කළ යුතුවෙයි. විෂයන් නවයටම ‘ඒ’ සමාර්ථ නවයක් ලැබීමට වෙහෙසවිය යුතු යැයි මින් අදහස් නොකෙරේ. උපරිම උත්සාහය ගෙන විභාගයට පිළිතුරු ලියා ලෑබෙන ප්‍රථිපලය සතුටින් බාර ගැනීමට සූදානම් විම වඩාත්ම හොඳ ක්‍රියාවයි.‍ෙ

ආතතියකින් තොරව හොදින් විභාගයට මුහුණදීම සදහා උපකාර විය හැකි මගපෙන්වීම් කිහිපයක් දක්වමි.

1) ඔබ පාඩම් කරන්නට තෝරාගත යුත්තේ ඔබ කැමති තැනකි. එම තැන ඔබ නිදාගන්නා කාමරයේ නොවේ නම් වඩාත් සුදුසුය. නිතරම විභාගයට වාඩිවෙන සේ පුටුවක් මේසයක් පාඩම් කිරීමට යොදාගන්න. විභාගයට වාඩිවූ විට ඔබ කළ පාඩම් මතකයෙන් සිහිකැඳවීම පහසු වීමට එය හේතුවක් වෙයි.

2) කැමති වේලාවක් පාඩම් කිරීමට තෝරා ගන්න. සමහරු හිමිදිරියේද සමහරු දහවලේද සමහරු රාත්‍රියේද පාඩම් කිරීමට කැමතිය. එමනිසා ඔබ වැඩිපුර වේලාවක් පාඩම් කිරීමට යොදාගත යුත්තේ ඔබ කැමති වේලාවයි.

3) රාත්‍රි නින්ද අවම වශයෙන් ඔබ පැය හයක් නිදාගත යුතුයි. එසේම විභාගය පවත්වන වේලාව වන උදේ නවය සහ හවස හතර ඇතුළත කාලය ඔබ නිදාගැනීමෙන් වලකින්න. මන්ද පුරුද්දක් ලෙස ඒ කාල සීමාවේ ඔබ නිදාගැනීම කර තිබුණහොත් විභාගයට මුහුණදෙන මොහොතේ අලස බවක් නිදිමත ගතියකින් ඔබ පෙළීමට ඉඩ ඇත

4) උදෑසන ආහාරය අනිවාර්යායන් ලබාගන්න. පෝෂණය මේ කාල සීමාවේදී අනිවාර්යයි. මද උණුසුම් වතුර නිතර පානය කරන්න. කොරෝනා වලින් වැළකීමටත් උණුසුම් වතුර පානය හේතුවන බැවින් එය නිතර කිරීමට වගබලා ගන්න.

5) ඔබට කට පාඩම් කරන්නට ඇති කවි පංති නැවත මතක් කරන්නට ස්නානය කරනවිට වතුර මල යට සිටින වේලාව ගමන්බිමන් යනවිට රථයේ අසුන්ගෙන සිටිද්දී ආදී වේලාවන් යොදාගන්න. කාලය ඉතිරි කරගැනීමට එය උදව්වේවි.

6) එක දිගට පැය ගණනක් පාඩම් කරන විට සෑම විනාඩි හතලිස්පහක් හෝ පැයකට වරක් විනාඩි දහයක විවේකයක් ලබාගන්න. පාඩම් මේසය මත හිස තබාගෙන දෑස් පියාගෙන සිටීම හෝ නැගිට යා හැකිය. දෑසට මද විවේකයක් දෙන්න. මෙසේ කරන්නට හේතුව අප පාඩම් කරන දේවල් මතකය ලෙස මොළයේ තැන්පත් වීමටත් යම් වේලාවක් අවශ්‍ය කරන බැවිණි. එකදිගටම පාඩම් කළහොත් මතක තබාගැනීමට වේලාවක් නොවීම නිසා පාඩම් කළ දේ කෙටිකාලීන මතකයෙන්ම අමතකව ඉවත්ව යනු ඇත.

7) අවසාන මාස එකහමාර කාලයේදී දිනකට අවම ලෙස ගණිත ගැටළු 50ක්වත් විසදන්න වගබලා ගන්න. එසේම පාඩමක් අවසානයේ ඒ පාඩමට අදාළ ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු ලියන්න.

8) උදෑසන අවදි වූ වහාම සහ නින්දට යෑමට ඇදට ගියවිට විනාඩි පහක් දහයක් හුස්ම ගැනීම හුස්ම හෙළිම දෙස සිත විසිරෙන්නට නොදී අවධානයෙන් බලාගෙන සන්සුන්ව හිදින්න.

9) ඔබේ හිත මිතුරන් නොදන්නා දෙයක් ඔබෙන් විමසුවහොත් ඔබ එය දන්නේ නම් නොමසුරුව කියා දෙන්න. හැමවිටම ඔබ හා විභාගයට මුහුණ දෙන සියලු දෙනාටම සතුටුදායක ප්‍රතිඵල ලැබේවා!යි පතන්නට පුරුදු වෙන්න.

10) හැකිතරම් පරිස්සමෙන් කාලය ගතකරන්න. කොරෝනා රෝගයෙන් වැළකීම සදහා නිතර අත් සේදීම, මුව ආවරණ පැළදීම, සමාජයේදී අන් අය අතරදී අවම මිටර් එකහමාරක් පරතරය ඇතුව සිටිම අනිවාර්යයෙන් කරන්න. එසේම අතවශ්‍ය කරුණක් නොවේ නම් නිවසින් බැහැර නොයන්න. උණුසුම් ජලය පානය කරන්න. පිරිසිදුව සිටින්න.

11) අතීතයේ දුක් කරදරවලට හෝ අනාගතයේ ඇතිවිය හැකි බය යන සංකල්පයන්ට නිතර සිත ගමන් කිරීමට ඉඩ නොදී වර්තමානයේ රදවා ගන්න. ඉහත දුන් භාවනාමය අභ්‍යාසය ඒ සදහා ඉවහල් වේවි.

12) සතුටින් සැහැල්ලුවෙන් ඔබ කැමති විනෝදාංශයක යෙදෙන්නත් අමතක නොකරන්න. සතුට සැහැල්ලුව අධ්‍යාපන කටයුතු වලට මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තියටද ඉවහල් වන බව මතක තබා ගන්න.

13) සෑම දෙයක්ම සිදුවන්නේ හොදට බවත් එකම සිදුවීමකින් ලෝකය හෝ ජීවිතයේ ජයග්‍රහණ අවසන් නොවන බවත් තේරුම් ගෙන නොසැලී මුහුණ දෙන්න

14) ඉතා හොදින් අධ්‍යාපන කටයුතු පාඩම් කටයුතු සිදු කර විභාගයේදී ඉතා හොදින් ප්‍රශ්නය කියවා බලා තේරුම් ගෙන පැහැදිලි ලොකු අත් අකුරින් පිළිතුරු සපයන්න. ලැබෙන ප්‍රතිඵල සතුටින් බාරගෙන ඔබ පැතූ මාවත දිගේ ඉදිරියටම යන්න.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවසානයේ දී ජයග්‍රහණයේ බලාපොරොත්තුව සඵල වේ… ලංකාවට කඩුළු 03ක ජයක්…

Next Post

බදියුදීන් නිවසේ ගිනි තබාගෙන මිය ගිය මෙහෙකාර දැරියට දුන් වද හෙළි වේ….

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.