බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

පන්තියේ අන්තිමයා සටහන ලියාගන්න කලින් ගොඩක් ගුරුවරු කළු ලෑල්ල මැකුවා!

by editor
ජනවාරි 19, 2024
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

ඊයේ අම්මා කෙනෙක් මගෙන් විමසුවා මෙහෙම

” මගෙ පුතාගෙ පංතියෙ දරුවො හරීම දඟයි. හරියට ගහගන්නවා. ගුරුතුමීට මෙල්ල කරගන්න බෑ. ඒ පංතියෙ ගුරුවරු එක වාරයක් ඉවරවෙනකොට අස්වෙලා අලුත් කෙනෙක් එනවා. පංතියෙ ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බොන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න හරිම වසයි. ටීචර් හැමවෙලේම කළකිරිලා ඉන්නෙ. ළමයින්ට ගැහුවත් බැන්නත් ළමයි සන්සුන් වෙන්නෙ නෑ. ටීචර්ට උදව් කරන්න අපිට විදියක් තියනවද? මේ දෙකේ පංතිය. මේක ජාත්‍යන්තර පාසලක් ( ප්‍රසිද්ධ පාසලක නම කියයි)”

ටීචර්ලට උදව් කරන්න විදිහක් තියනව ද?. ඒ අම්ම මගෙන් අහනවා.  ඇත්තටම මේ අම්මට දෙන්න පුලුවන් උත්තරය කුමක් ද?.

අවුරුදු හයක් වයස දරුවෝ දඟයි තමයි. එයාලා විවිධ පරිසර වලින් එන්නෙ. ගුරුතුමී එන්නෙත් තවත් පරිසරයකින්. එතකොට ගැටළු ඇතිවෙනවා.

හැබැයි ගුරු වෘත්තිය කියන්නෙ අනික් වෘත්තීන් වගෙ එකක් නෙවෙයි. රටේ වටිනාම සම්පත අනාගතය බාරදිය හැකි විදියට දැනුම දෙන ගමන් ආකල්ප, චර්‍යාව, චින්තනය හැඩ ගැස්වීම ගුරුවරුන්ගේ කාර්‍යභාරය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒකට ගුරුවරයා ඇසූපිරූ තැන් ඇති කෙනෙක් වෙන්න ඕන

ඉවසීම, කරුණාව, මෘදු වචන භාවිතය, නිර්මාණශීලීත්වය, මාතෘගුණය තියෙන්න ඕන.

ගුරුවරුන් වෙන රැකියා නැති නිසා ගුරුවෘත්තිය තෝරා ගත්තම , ඔවුන්ටත් සිසුන්ටත් ප්‍රශ්න ඇතිවෙනවා.

ඒ වගේම හැම ගුරුවරුන්ම මනෝ විද්‍යාව ,ළමා සංවර්ධනය දන්නෙ නෑ. ඒ නිසා පාසලෙන් ගුරුවරුන්ට ඒ දැනුම ලබා දෙන්න ඕන.

විශාදය හැදිලා ඖෂධ ගන්න දරුවන් කියන්නෙ නරකම ළමයි කියලා කියන්න බෑ. ඔවුන් ඖෂධ ගන්නව කියලා ඔවුන්ව කොන් කරන්නත් බෑ.

ගුරුවරයා දක්ෂ නම් මේ පංතිය මෙල්ල කරන්න කළ හැකි දේ බොහෝමයි.

නරකම දරුවන් දෙදෙනාට ගුරු මේසය දෙපැත්තෙන් මේස දමා හිඳුවන්න පුලුවන්.

ඉතාම ආසා හිතෙන කණ්ඩායම් ක්‍රීඩා, අත්වැඩ ඔවුන්ට නොදී තනිවම ඒ දේ කරන්න දෙන්න පුලුවන්.

බණින්න බෑ. ඔවුන් දෙදෙනාට කියන්න ඕන මෙහෙම

” ඔය දෙන්නා අනිත් අයට කරදර කරන්නෙ නැත්තම්, ගහන්නෙ නැත්තම් විතරයි එතනට යවන්න පුලුවන්. නැත්තම් මෙතන ඉන්නයි වෙන්නෙ”

මෙහෙම කියන ගමන් අනිත් ළමයින් සමග මේ දෙන්නට එකතුවෙන්නම හිතෙන විදියට පංතිය මෙහෙයවන්න ඕන. අනිත් අයටත් රංඩු  උනොත් වෙන දේ කියලා දෙන්න ඕන. බෙදාගන්න, උදව් කරන්න, සමාව ගන්න, සමාව දෙන්න, ස්තුතියි කියන්න වගේ දේවල් හැම මොහොතේම සක්‍රියව පවතින්න ඕන.

දරුවන්ට සවන් දෙන්න ඕන.

ඔයාලා  මේ පංතියට ආසද

ඔයාගෙ පංතියෙ යාලුවන්ට ආසද

ඔව් කිව්වොත් ඇයි ඔව් කියන්නෙ

නෑ කිව්වොත් ඇයි නෑ කියන්නෙ කියලා හේතු අහන්න ඕන

අලුතෙන් ඇතිකර ගන්න හොඳ පුරුද්දක්, අතහරින නරක පුරුද්දක් හෝම් වර්ක් විදියට දෙන්න ඕන.

මව්පියන්ට විශේෂයෙන් අර ළමයා හොඳ නෑ, මේ ළමයා හොඳ නෑ, මගේ ළමයා එක්ක අර ළමයා තියන්න එපා වගෙ ගුරුවරුන්ගේ රාජකාරියට ඇඟිලි ගහන්න නොදිය යුතුයි.

විශේෂයෙන් රෝගී ළමුන් සිටිනවා නම් අනිත් ළමුන්ගේ උදව් ඔවුන්ට අවශ්‍ය බව දරුවන්ට කියා දිය යුතුයි.

ප්‍රශ්නකාරීව හැසිරෙන දරුවන් සමගත් ඔවුන්ගේ දෙමව්පියන් සමගත් කතා කළ යුතුයි. ගුරුවරයාගේ මට්ටමින් විසඳන්න බැරි දේවල් තිබේ නම් පවුල් උපදේශනයට යොමුවීමට උපදෙස් දිය යුතුයි.

කිසි විටෙක දරුවන්ට අවමන්, අවතක්සේරු වන අයුරින් කතා කිරීමෙන් වැළකිය යුතුයි

පංතියේ හැමෝම එකම බුද්ධි මට්ටම් ඇති අය නොවන බව තේරුම් ගෙන ඒ ඒ මට්ටමට අනුව පාඩම් කියාදෙන ක්‍රමය ගුරු අත්පත් කියවා ඉගෙන ගත යුතුයි

ඉතිං ගුරු උතුමනි උතුමියනි

කළු ලෑල්ල මකන්න පෙර තව එක අවස්ථාවක් පංතියේ අන්තිමයා දෙස ආදරෙන් බලන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙංගු  වැළඳී නේවාසිකව ප්‍රතිකාර ගෙන නිවසට පැමිණි තරුණයෙක් අසල බැංකුවට ඇවිද යද්දී   මහ මග ඇද වැටි එතැනම මරුට…

Next Post

මිනිස් ජීවිත සම්බන්ධ තීන්දු කරන දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා පද්ධති 50ක් අක්‍රීය වෙලා… ටෙන්ඩරය දීලා තියෙන්නේ නුසුදුසු සමාගමකට… දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි 24ක් පාඩුයි…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.