ලලිත් චාමින්ද –
දුම්රිය හරස් මාර්ග සදහා ස්ථාපිත කරනු ලැබු සීනු හා විදුලි පද්ධති 50ක වගකිම් කාලය නිමවීමටත් පෙර ක්‍රියා විරහිතව ඇති අතර මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවි ඇති රුපියල් මිලියන 242.13ක පාඩුව සැපයුම්කරුගෙන් හා එයට සම්බන්ධ පාර්ශවයන්ගෙන් අයකරගැනිමට පියවර ගන්නාලෙස ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශකොට ඇත.
අදාල ටෙන්ඩර්කරු විසින් අවශ්‍ය සුදුසුකම් ලැබිමේ නිර්නායක සපුරා නොතිබියදි එම සමාගමට ප්‍රසම්පාදනය ලබාදිමට තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් නිර්දේශකොට ඇති බවත් මෙය ළබැදියාවන් මත සිදුවු ගනුදෙනුවක් ද යන්න පිළිබද පරික්ෂාවක් කොට සුදුසු පියවරගත යුතු බවත් ද විගණනය මගින් නිර්දේශකොට ඇත.
තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් මෙම ටෙන්ඩරය ඇගයිමේ දි විනිවිද භාවයකින් කටයුතුකර නොමැති බවට අනාවරණය වි තිබුණි. එමෙන්ම තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රමාණවත් හා සත්‍ය තොරතුරු ලබා නොදිම සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයිම් කමිටුවේ කාර්යභාර්ය නිසිපරිදි ඉටුකිරිම පිළිබද සලකා බැලිය යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
සැපයුම්කාර සමාගම විසින් ස්ථාපනය කරනු ලැබු සීනු හා විදුලි පද්ධති 200 අතුරින් 2023 වර්ෂයේ ජුනි මස 20 වනවිට පද්ධති 50ක් ක්‍රියා විරහිතවි තිබුණි.