බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ආදරය තියන තැන…

by editor
ජනවාරි 26, 2021
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන –
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

ජීවිතේ හරිම පුදුම දෙයක්.
මං හිතන්නේ ජීවිතේ කියන්නෙ පුදුමයක් නෙවෙයි. පුදුම ගොඩක එකතුවක්.

ඒ අතරින් ලොකුම පුදුමය තමයි ආදරය.

සමහර වෙලාවට ආදරය අපි හොයන තැන නෑ. නමුත් අපි හිතන්නෙ ආදරය තිබිය යුත්‍තේ අපි හොයන තැනමයි කියලා. පොඩ්ඩක් හොයන තැන වෙනස් කරන්න අපි සූදානමුත් නෑ.

මං ගොඩාක් ආදරවන්තයන්ට උපදේශනය කරලා තියනව. ආපහු එපා දික්කසාද වෙනවා කියලා වෙන් වුන අය එකතු කර තියනව. ගොඩාක් ආදරවන්තයනගේ ජීවිත රැකල තියනවා. මං විතරක් නොවෙයි හැම උපදේශකවරයෙක්ම එහෙමයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඒත් මං මේ ලියන්නෙ ජීවිතේ මට හමු වූ අතිශය සුන්දර ජීවියෙක්ගෙ ආදරේ තිබ්බ තැන නැතුව වෙන තැනක කළ සෙවීමක් ගැන කියන්න. ඒක හොයාගන්න පමාවීම නිසා අවුල් වී ගිය පවුලක වෙච්ච දේ ගැන කියන්න

එක්තරා විවාහක ජෝඩුවක් මා වෙත එන විටත් තීරණය කරගෙන තිබුණේ දික්කසාද වීමටයි. නමුත් සැමියාට වෙන් වෙන්න කලිං දුකක් නොවී සමුගත හැකි අයුරින් බිරිඳගේ සිත ශක්තිමත් කරන්න අවශ්‍ය විය.

ඉංජිනේරුවෙක් උනු සැමියා සහ ගණකාධිකාරී බිරිඳ. හරිම කඩවසම් පිරිමියෙක් සහ රූමත් ගැහැණියක්. ඇයට ටිකක් ඩයනා කුමරියත් වගේ. ඒ එක්කම අමුතු සරාගී ලුක් එකකුත් තිබුණු බවයි පෙනුනේ.

මොනව අඩු වෙලාද මේ දෙන්නට කියා මගෙ හිත මුරගෑවා

ඔවුන්ට අනුව. උසස් පෙළදි ආදරෙන් බැඳුනු ඔවුන් අධ්‍යාපනය හමාර කර විවාහ වී වසර දෙකකි. ඔහු ධනවත් පවුලක තරුණයෙක්. තරුණිය එකම දරුවා ඇගේ පවුලේ.
ඇයම කිව්වා ඇය තරමක් හිතුවක්කාර තද තීන්දු ගන්න කෙනෙක් කියලා.

දෙදෙනාට තවම දරුවන් නෑ. නමුත් විවාහ වී මාස කිහිපයකින් තරුණිය සැමියා ප්‍රතික්ෂේප කරන්න අරන්. සැමියා කොයි තරම් උත්සහ කළත් දෙදෙනාගේ ඈත්වීම දිනෙන් දින වැඩිවනවා මිස අඩුවීමක් නෑ .

එයට හේතුව සැමියාගේ දහඩිය ඌෂ්ණය ඇයට දරාගත නොහැකිවීම‍යි. සැමියා එය නැතිකර ගන්න උත්සහ නොගැනීමයි.

සැමියා සමග තනිව කතා කිරීමේදී ඔහු එය පිළිගත්තෙ නෑ. ඔහු කිව්වෙ “මට දැනෙනවනෙ එහෙනම්. නෑ ඒක බොරුවක්” කියලා. නමුත් කාරණාව ඇත්ත.

ඇය මේ සම්බන්ධයෙන් සැමියාට නිතර නිතර උපහාසයෙන් කතා කළා. ළඟට එනවිට ප්‍රතික්ෂේප කළා. මේ දහඩිය ප්‍රශ්නය නිසා අතුරු ගැටළුත් මතු උනේ බිරිඳ වෙනත් කාමරයක නිදාගැනීමට යෑමෙන්.

අවසානයේ විවාහයෙන් නවවන මාසයේ බිරිඳ ඔහුට කීවා වෙන්වීමට ඕනෑ බව.
මේ අතර මේ ගැන ඇය කන්තෝරුවේ කෙනෙකු හා කළ කතාව දුරදිග ගොස් ඔහු මැයට කියා තිබුණා දික්කසාද වී ආවොත් ඇයව විවාහ කරගන්නා බව.

ඉතිං බිරිඳ සැමියාගෙන් දික්කසාදය ඉල්ලා සිටියා. සැමියා කිසිම කතාවක් නැතුව එයට එකඟ වී තිබුණා. බිරිඳට නීතිඥයෙක් සොයා දී ඔහුගේ ගාස්තුවද සැමියා විසින් දරා තිබුණා. දික්කසාද නඩුව යද්දී තමා ඔවුන් මා හමුවූයේ.

ඇය මා ඉදිරියෙන් අසුන් ගන්නා ගමන්
” අපි එකතුවෙන්න අදහසින් නෙවේ ආවේ” යනුවෙන් කෙලින්ම කියා සිටියා.

බිරිඳට අවශ්‍ය වූයේ තමා ගත් පියවර නිවැරදි බව මාගෙන් අසන්නටය. සැමියාට අවශ්‍ය මා ලවා බිරිඳට ගිල්ටි ෆීලිං එකක් නැතුව පිටවෙන්නට උදව් කරන්නටය.

මෙවන් දෙයක් මා දුටුවේ පළමු වතාවටය. මේ ඉවසීම මේ කැපකිරීම මා අත්දකින්නේ පළමු වතාවටය. කෝපයක් වේදනවක් නැති ප්‍රභාමත් ඒ මුහුණේ පසුතැවිල්ලක ඉරක් හෝ සොයා ගන්නට මා වෙහෙසුනු තරම්.

මේ මොන සැමියෙක්ද? මොහොතකට මගේ සිත එසේ සිතූ බව දැනුනි

ඔවුන් නික්ම ගිය පසු එය වාර්තාගත කිරීමේදී අවසන් නිගමනය ලීවීම නවතා තැබුවෙමි.

මාස හතරකින් පමණ පසු බිරිඳ මට කතාකර දික්කසාදය ලැබුණු බවත් සැමියා උසාවි පැමිණීමෙන් වැළකුණු නිසා ඒකපාර්ශ්වික තීන්දුවක් ලද බවත් කීවාය. තව මාස තුනකින් පමණ ඇගේ නව පෙම්වතා සමග විවාහ වී විදෙස් ගතවන බවත් පැවසුවාය.

මම සැමියා ඇමතුවෙමි. ඔහු මෙසේ පැවසීය.
” මැඩම් දික්කසාදය ලැබුණා. එයා ආපහු විවාහ වෙන්න සූදානම් වෙනවා. මං මගෙ ගෙදර එයාට දුන්නා. මං තව සති තුනකින් පිටරට රස්සාවකට යනවා. මං ගිහිං මැඩම්ට කතා කරන්නම්. එයා ආවොත් පුළුවන් තරම් එයාට උදව් කරන්න. ගෙවීමක් අවශ්‍ය වෙන ඒවා උනොත් මං එවන්නම්”

මේ මොන මිනිහෙක්ද? දෙවන වරටත් සිතුනි

මම ඔහුට සුබ පැතුවෙමි.
මාස දෙකකට පසු දිනක මා නිවසේ සිටින විට සේවා ආයතනයෙන් ඇමතුමක් ලැබුණි. ඉතා හදිසියේ මාගේ සේවාලාභියකු පැමිණ කෙසේ හෝ හමුවීම අත්‍යාවශ්‍ය බව පවසන බවත් සේවාලාභියා විශාල අවුලකින් සිටින බවත් දැනුම් දුනි. සේවා ආයතනය මගේ නිවස ආසන්නයේ වූ බැවින් මම එහි ගියෙමි.

ඇය මා එන තෙක් බලා සිටියාය. ඒ සැමියාගේ දහඩිය ඌෂ්ණය නිසා ඔහුගෙන් වෙන්ව දෙවන විවාහයට සූදානම් වෙමින් සිටි ඇයය.

උපදේශන කාමරයට පිවිසෙන තෙක් ඉස්පාසු නැතිව ඇය හඬා වැටුණාය. ඇයව විවාහ කරගන්නා බවට ප්‍රතිඥා දුන් තරුණයා රහසේම වෙනත් තරුණියක් හා විවාහ වී ඇත. දෙදෙනාම විවාහ වී විදෙස් ගතවීමට සැලසුම් කර තිබූ බැවින් දික්කසාද තීන්දුව ලැබෙන විටත් ඇය රැකියාවෙන් ඉවත් වී සිටියාය. ඔහු රහසේ විවාහ වන තෙක්ම ඇය හා එක්ව විසූ බව ඇය පැවසුවාය.

ඇය මැදිව සිටියේ මහා ගැටලු රාශියකටය.
අත මුදල් නැත. මව්පිය නෑසියන් අමනාපෙනි.
සැමියා දුන් නිවස නොතිබෙන්නට යන්නට තැනක් නැත.

මේ සියල්ල පවසා ඇය මගෙන් ඇසුවේ කළිං සැමියාගේ දුරකථන අංකයක් තිබේද යන්නයි.
ඒ මොහොතේ එය තිබූ නමුත් අවසර නැතුව දිය නොහැකි බැවින් නිහඬව සිටියෙමි.
ඔහු විදෙස්ගත වූ බව ඇය දැනගත්තේ මගෙනි. එය අසා ඇය හඬා වැටුණාය.

ඇය පිටත් කර යවා.නිවසට ගිය මම ඇගේ කලින් සැමියා ඇමතුවෙමි. ඔහුට මේ තත්වය දැනුම් දුන්නෙමි. එසේ දැනුම් දෙන ලෙස ඔහු මගෙන් ඉල්ලා තිබුණි.

ඔහු පැවසුවේ ඔහුගේ දුරකථන අංකය ඇයට ලබාදෙන ලෙසය. මම ඉල්ලීම ඉටු කළෙමි.
සතියකට පමණ පසු ඔහු මට කෙටි පණිවුඩයක් එවා තිබුණි.

ඇය මා හමුවීමට කැමැති බවය.

ඇය පැමිණියාය.
ඇය මෙවර හිත හදාගන්නට මගෙන් උපදෙස් ඉල්ලුවාය. කුමකටද
දහඩිය ගඳ ඇති සැමියා සමග නැවත එකතු වීමටය.
ඇයට එය ඉවසා ජීවිතය ගෙන යන්නටය

” ඔබ වරක් ඔහු ප්‍රතික්ෂේප කළ හේතුව තවමත් ඔහු වෙත ඇත්නම් ඔබේ මේ වතාවේ වෑයමද අපතේ යාවි. ඔහු නැවත දුකට පැමිණේවි”

මම එක එල්ලේ ඇගේ දෙනෙත් දෙස බලා පැවසුවෙමි.

” නෑ මැඩම් දහඩිය නෙවෙයි මුළු ශරීරෙම කුණුගඳ ගැහුවත් එයාගෙ හිත හරිම සුවඳයි. ඒක දැනෙන්න මට ගොඩක් වැරදීම් වෙන්න උනා. මං ආදරේ හෙව්වෙ කිහිල්ලෙ. වැරදි තැන්වල වටින දේවල් නැති බව දැන් මං දන්නව. කිහිල්ල සුවඳ ගහපු මිනිහෙක් නිසා මං දරුවෙකුත් නැති කළා. කිහිල්ලෙ සුවඳ හිතේ තිබ්බෙ නෑ මිනිහගෙ”

වරද ඇත්තේ කිහිළි වල නොව තමන්ගේ දුර නොදකින ළාමක හිතේ බව නොකියා මම සරදම් සිනාවක් ඇයට පෑවෙමි.

” තේරුණා මැඩම් ඔච්චර රිද්දන්න එපා මට ” අවසානයේ ඇය කීවාය.

මසකින් විදෙස්ගතව හුන් තරුණයා පැමිණියේය. විශාල චොක්ලට් පාර්සලයක් මා වෙනුවෙන් ගෙනවිත් තිබුණි. උපදේශක වරුන්ට සේවාලාභීන්ගෙන් ගාස්තු හැර වෙන කිසිවක් ගැනීම වරදක් බැවින් එය බොහොම ආචාරශීලීව ප්‍රතික්ෂේප කළෙමි.

මම ඔහු වෙනුවෙන් තෑග්ගක් සූදානම් කර තිබුණි.
ඒ දහඩිය ගඳ නැතිවන බෙහෙත් ඖෂධ වට්ටොරුවකි.
අනුගමනය කළ යුතු පිළිවෙත් කිහිපයකි. කීකරු කුඩා සිසුවෙකු මෙන් ඔහු ඒවා දෝතින්ම මා වෙතින් ලබා ගත්තේය.

අත්‍යාවශ්‍යම අවවාදය ඔහුට දුනිමි
එනම්
දෙදෙනෙක් එක් යහනක් බෙදා ගනිද්දී අනෙකාට ප්‍රිය මනාප ලෙස සිරුර, මුව ආදිය තබාගැනීම කෙතරම් වැදගත්ද යන්න ගැන කියා දුනිමි. බුලත් විට, සිගරට්, මත්පැන්, ආදියෙහිත් අපිරිසිදුකම්වලත් අප්‍රසන්නතාවන් නිදියහන වැනි උතුම් තැනක නොතිබිය යුතු බව කියා දුනිමි. ඔහු බොහෝ බැරෑරුම් ලෙස හිස වනා අසා සිටියේය.

ඔහු සතුටින් මහත් බලාපොරොත්තු ඇතුව නික්ම යන අයුරු බලා සිටියෙමි.

නිහඬ විවාහයක් ගංගාරම විහාරයේදී සිදුවිය. ආරාධනා එවුවද වෘත්තීය ආචාර ධර්ම එයට සහභාගි වීම වළකාලීය.

නැවත කේක් සහ චොකලට් පාර්සලයක් ආයතනය නමට එවා තිබුණි. එවර චොකලට් නොකා නොසිටියෙමි.

” මැඩම් මට මේ ලැබුණු දෙවන උපත මැඩම්ගෙන් මට ලැබුණේ. මං එයාව මගෙ ඇස් වලටත් වඩා පරිස්සම් කරනව. ඒක පොරොන්දුවක්”

ඇය මට ලියා එව්වාය.

දැන් දෙදෙනාම ඔහු රැකියා කරන ඒ රටේය. ඉඳහිට මට සුබ පැතුම් එවති.

ඔබට කියන්නට දෙයක් ඇත.

ආදරය ඇත්තේ කිහිල්ලේ නොවේ.
එහෙත් ආදරය කරන විට කිහිල්ලද ඉතා වැදගත්ය. යුවතිපතීන් එය සැලකිල්ලට ගනිත්වා
[13:00, 12/01/2021] Esharma Akka: https://m.facebook.com/story.php?story_fbid=3798695406863840&id=100001702559005
[19:12, 14/01/2021] Janaka Liyanaarachchi: https://lankasara.com/පුවත්/හෙරොයින්-ග්‍රෑම්-3යි-මිලි/
[20:34, 14/01/2021] Esharma Akka: 🤣🤣🤣🤣
[20:39, 14/01/2021] Esharma Akka: DONT DRIVE WITHOUT MASK, EVEN ALONE

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීමේ බලහත්කාරය නවතා දමන්න” – ජගත් සංවිධානය

Next Post

පොහොට්ටු මන්ත්‍රී නිසා සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයම කොවිඩ් බියක…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.