බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

අපයොජනයෙන් ඔබේ දරුවා බේරාගන්නේ කෙසේ ද?

by editor
අගෝස්තු 14, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

මේ වනවිට දරුවන්ගේ ජීවිත ඇස් මායිමෙන් මොහොතකදු ඉවත් කර තැබිය නොහැකි තරම් බරපතළ ලෙස අනාරක්ෂිතය . එහෙත් ඒවා අවබෝධ කරගන්නට තරම් දරුවන් මුහුකුරා නැත. එමනිසා දරුවන්ට ආදරය කරන මව්පිය ගුරුවරු වැඩිහිටියන් ඔහුට කායික මානසික වශයෙන් හානිවිය හැකි ස්ථාන, පුද්ගලයන්, සහ අරමුණු  පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය.

මව්පියන් කරන ලොකුම වරද නම් දරුවාට ලෝකය ගැන කියා නොදී මව්පියන් විසින් රැකවල් දා පමණක් දරුවන් රකින්නට යෑමයි. දරුවකු නිදහස ප්‍රිය කරන අතර හේතුවක් නැතිව සිරකරුවකු වන්නට කැමති නැත. එමනිසා දරුවාගේ සහය නොමැතිව ඔහු ආරක්ෂා කිරීම ලෙහෙසි නැත. එමනිසා මව්පියන් දරුවාට මේ පියවර ගැනීමට හේතුවී ඇති කාරණා ඔහුගේ වයසට, බුද්ධියට සරිලන ආකාරයෙන් කියාදිය යුතුය.

හොඳම දෙය නම් දරුවාට ඉතා කුඩා අවදියේ සිටම ඔහුගේ වයසට අනුව ආරක්ෂක උපක්‍රම කියාදීමයි. නාඳුනන අය සමග අම්මා තාත්තා නොමැතිව කතා නොකිරීම, නාඳුනන අය ගෙනැත් දෙන දේ ආහාරයට නොගැනීම. නිවසේ දොරට තට්ටු කරනු ඇසුනහොත් මව්පියන් නැතිව තනිව ගොස් දොර නොහැරීම, නාඳුනන අය සමග තමාගේත් නිවසේත් තොරතුරු කතා නොකිරීම ආදිය කියාදීම වැදගත්ය.

මේවා ඉතා ආදරයෙන් තරවටු, බැණවැදීම් සහ බියවැද්දීම් වලින් තොරව කියාදිය යුතුය. ආදරයෙන් කියාදෙන දේ දරුවා ගන්නේ අභිමානයකිනි. “ මං දැන් ලොකු ළමයෙක් නිසා අම්ම හැමදේම කියා දෙන්නේ. මං හොඳින් පරස්සම් වෙන්න ඕන“ යන හැඟීම දරුවකුට ඇති වූ පසු ඔහු රැකීම පහසුය. හොඳින් හඳුනන අසල්වැසියන් මිතුරන් සහ ඥාතීන්ගේ නිවෙස් වලදී පවා දරුවා පිළිබඳව අවධානයෙන් පසුවීම මව්පියන්ගේ වගකීමකි. මන්ද දරුවකු  බොහෝවිට අපයෝජනයට ලක්වෙන්නේ දන්නා හඳුනනා අය අතින් බැවිණි..

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

වර්තමානයේ රට තුළ අපරාධ, අපයෝජන, අපචාර වර්ධනයක්, ප්‍රවණතාවක් දැකිය හැකිය. ඒ අතර දරුවන්ට සිදුවන අපයෝජනද සැලකිය යුතු තරම් වැඩිවීමක් ඇත. බොහෝ පවුල්වල ගෙදර දොර අසමගිය, දරුවන්ට නිසි ආදරයක් ගෞරවයක් නැතිකම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මව විදෙස්ගතවීම, අඟහිඟ ආදිය නිසා දරුවෝ විශාල පීඩාවකින් සහ අනාරක්ෂිතව කල් ගෙවති. ඔවුන්ගේ පීඩා ගැන පැවසිය හැකි විශ්වාසවන්ත වැඩිහිටයෙක් නැතිකමින්ද දරුවන්ට සිදුවන බොහෝ අපරාධ සැඟවී පවතී. එමනිසා මව්පියන් හට පළමුවෙන් මෙම ගැටලු විසඳා ගන්නා ආකාරයත් එම ප්‍රශ්න මැද වුවද දරුවන් සමග ගණුදෙනු කළයුතු ආකාරයත් වටහා දිය යුතුය. එමගින් දරුවාට රැඳී සිටීමට ප්‍රිය උපදවන ආකාරයෙන් නිවසක් සකස් කර ගත හැකිය. නිවස තරම් දරුවාට ආරක්ෂාව සපයන වෙනත් ස්ථානයක් නැති වුවද නිවස ප්‍රශ්න වලින් පිරී පවතින විට දරුවෝ නිවසින් ලැබිය යුතු ආදරය පිළිගැනීම රැකවරනය වෙනත් තැනකින් හෝ අපේක්ෂා කරති. ඒඅවස්ථාවේ වැරදි පුද්ගලයකුගේ ග්‍රහණයට දරුවා හසුවුව හොත් සිදුවිය හැකි විනාශය විශාලය..

වරක් උපදේශනයට පැමිණි නිවුන් අක්ක නගෝ දෙදෙනෙකු පැවසුවේ මව්පියන්ගේ අඩදබර නිසා පාසැල එවුන්ගේ ප්‍රියතම ස්ථානය වූ බවයි. පාසැල් යෑම අසනීපයක් නිසාවත් ඔවුන් නතර නොකළ අතර පාසැල ඇරී පසු නිවසට ඒම අප්‍රසන්නවූ බවයි. ඔවුන්ගෙන් වැඩිමහල් තරුණිය පැවසුවේ නිවස කෙතරම් පීඩාකාරී  වූයේ ද යත් නැගණිය ක්‍රීඩා පුහුණුව සඳහා සවස් කාලයේ පාසැලේ නතර වූ දිනවල ඇය නිවසට නොගොස් කොළඹ සිට යක්කල දක්වා යන බසයක නැගී ගොස් ආපසු කොළඔ කරා පැමිණ නිවසට යන බවයි. එම ගමනේදී ඇය අමිහිරි අත්දැකීම් වලටද මුහුණ දී ඇති බවයි. සාමාන්‍ය පෙළ පංතියේදී හමුවූ නව ගුරුතුමිය දරුවන්ට ඉතාම කාරුණික වූ බැවින් දරුවන් ඇය සමග ඔවුන්ගේ විවිධ ප්‍රශ්න කතා කර ඇත. දරුවන්ගේ අරමුණු නව මානයකට යොමු කළ එම ගුරුතුමිය සියලු පීඩාවන් අධ්‍යාපන ජයග්‍රහණයන්ගෙන් යටපත් කරගත හැකි බවට සිසුවියන්ට අවබෝධ කරදී  තිබේ. අද මේ තරුණියන් දෙදෙනා උසස් රැකියාවන්හි නියුතු වෙති. අයාලේ ගොස් විනාශවීමට බොහෝ ඉඩකඩ තිබූ තම ජීවිත සාර්ථක කරගන්නට මං පෙත් විවර කළ එම ගුරුතුමියට මවටත් වඩා  ආදරය කරති.

දරුවන්ට ලෝකය නරක බව කියා දී බියට පත්කරනවාට වඩා තැනට සුදුසු නුවණින් කටයුතු කරන ආකාරය කියාදීම වැදගත්ය. හදිසි ඇමතුම් අංක විශේෂයෙන් 1929 දරුවන් සඳහා වෙන්වූ හදිසි ඇමතුම් අංකය, ළමාරක්ෂක අධිකාරිය, පොලිස් හදිසි ඇමතුම් අංක දරුවාට කියාදීම වැදගත්ය.

දරුවා නිවසින් පිටත ගතකරන කාලයේදී දරුවාගේ ආරක්ෂාව සඳහා මව්පියන්ට විවිධ පියවර ගත හැකිය. පාසැල ඇරී රැගෙන යෑමට එනතුරු කිසිවිට පාසැල් ගේට්ටුවෙන් පිටත නොසිටින ලෙස දරුවාට පවසන්න. දරුවාට මුර පදයක් ( Pass Word ) කියා දෙන්න. එය ඔහුගේ ආරක්ෂාව පිණිස තිබෙන්නක් බැවින් ඔහුත් මව්පියනුත් හැර වෙනත් කිසිම කෙනෙකු දැන නොගත යුත්තේ ඇයිදැයි දරුවාට කියා දෙන්න. කිසියම් අවස්ථාවක මව්පියන්ට ඔහු රැගෙන යෑමට පැමිණීමට නොහැකි වුවහොත් ඔහු රැගෙන යෑමට පැමිණෙන්නාගෙන් මුරපදය විමසන ආකාරය දරුවාට කියාදෙන්න. පැමිණී තැනැත්තා සැබැවින්ම මව්පියන් එවූ තැනැත්තාද දැනගන්නට  මුරපදය උපකාරී වන බව පවසන්න. දෙමව්පියන් කැඳවාගෙන ඒමට කියූ බව කියා වෙනත් අය දරුවන් පාසැල්වලින් රැගෙන ගොස්  ඇති බව ඔහුට කියා දෙන්න..

වරක් භාවිතා කළ පසු මුරපදය වෙනස් කිරීමටද වග බලාගන්න. එසේම මගදී හමුවන තමන්ට වාහනවලින් නිවසට ගෙන යන්නට කතාකළ විට එය කාරුණිකව ප්‍රතික්ෂේප කරන අන්දම කියාදිය යුතුය.  ඔබේ දරුවා සමග ගණුදෙනු කරන මිතුරන්, ඔවුන්ගේ පවුල්, පිටස්තර පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටී නම් ඒ අය හඳුනාගන්න. සමූහ වශයෙන් මිසක තනි තනිව හුදකලා ගමන්බිමන් යෑමෙන් හැකි තරම් වළකින ලෙස දරුවන්ට කියා දෙන්න.

විවිධ පුද්ගලයන්  (සමහර විට ඔවුන් පවුලේ ඥාති මිත්‍රාදීන් විය හැකියි) පෙන්වන අනිසි සැලකිලි ආදර සංග්‍රහ පිළිබඳව දරුවාට අවබෝධයෙන් බලන ආකාරය කියා දෙන්න. ඔවුන්ගෙන් අනිසි බලපෑම් යෝජනා ලැබුණහොත් ඒවා මගහරින අන්දම කියා දෙන්න. එසේම දරුවාගේ සිරුර ස්පර්ශ කිරීමට මව්පියන් සහ මව්පියන් නම්කරන අය හැර කිසිවකුට කළ නොහැකි බවත් දරුවාට කියාදීම වැදගත්ය. අනිසි ලෙස ස්පර්ශ කරන්නට උත්සහ කරන්නන් ගැන සෑම තොරතුරක්ම මවට පැවසිය හැකි වන තරමට මව්පියන් දරුවාට සමීපවීම වැදගත්ය.

විවිධාකාරයේ විළාසිතා, කතාබහ, සංදර්ශන වෙනුවෙන් මව්පියන් එකතු වන අවස්ථා ඇතිවා සේම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මව්පියවරුන් සංවිධානය විමද මෙකල අත්‍යාවශ්‍යය. එසේ සංවිධානය වූ විට දරුවන්ගේ භාරකාරිත්වය වෙනුවෙන් අවශ්‍ය මොහොතක කාලය බෙදාගෙන කටයුතු කළ හැකිය.

කිසියම් දරුවකුට සිදුවන අවසනාවන්ත සිදුවීමකදී දරුවා කොන් නොකර ඔහුට සමීප විය යුතුය. ඒ මොහොත ඔහුගේ සිතින් ලෝකය කෙරෙහි වූ විශ්වාසය දරුණු ලෙස බිඳ වැටුණූ අවස්ථාවකි. එමනිසා ඔහුට සමීපවීම වෙනදාටත් වඩා ආදරයෙන් පිළීගැනීම ළඟින් හිඳීම කළ යුතුය. එසේම වරදකරුට එරෙහි විය යුතුය.

දරුවකුට අපරාධයක් සිදුවුවහොත් එයට එරෙහිවීමට ඒ දරුවා ඔබේවීම අවශ්‍යම නැත. අවශ්‍ය වන්නේ මේ සමාජයේ වෙසෙන දරුවන්ගේ ආරක්ෂාව , සැපත, දියුණුව පිළීබඳ සිතක් ඔබ සතුවීම පමණි. එය සිදුවූයේ අපේ දරුවාට නොවේය, එයට එරෙහි වීම අපගේ කාර්යයක් නොවේ යැයිද  කියා මග නොහැරීම වැදගත් වන්නේ ඊළඟ ගොදුර ඔබගේ දරුවා විය හැකි බැවිණි.  මේ අපරාධ මේ තරමට අතු ඉති ලා වැඩෙන්නේ මව්පියන් වශයෙන්  ඊට එරෙහිවීමට සංවිධානය වී නොමැති හෙයිනි. මව්පියන් සංවිධානය වන තරමට මේ අපරාධකරුවන් දුර්මුඛ වන්නේය. අද අන් දරුවන් වෙනුවෙන් කතා නොකරන අපට හෙට දිනයේ සිදුවන කරදරයකදී අන්‍යයන් අප හා අපේ දරුවන් අතහරින බව වටහා ගැනීම වැදගත්ය.

ලැජ්ජා සහ භය දරුවන්ට උගන්වන්න. එමගින් දරුවෝ බොහෝ සංවර වෙති. එසේම කුඩා කළ සිට දරුවාගේ ඇඳුම් පැළඳුම් පිළීබඳ සැළකිලිමත් වෙන්න. අප කැමති විළාසිතාවකින් සැරසීම අපේ අයිතියක් බව සැබෑය. එහෙත් ඉතා පිරිහුණු විකෘති ආශාවන් පිරි මිනිසුන් හමුවන සමාජයක ඇඳුමද දරුවාට ආරක්ෂාවක් ගෙන දෙයි. දරුවාට ආත්ම ආරක්ෂක සටන් ක්‍රමයක් උගන්වන්න.

දරුවන් සම්බන්ධව ඇති නීතිරීති ගැනද ඔහු දැනුවත් කරන්න. මේ සෑම දෙයක්ම පාසැල් ජීවිතය ආරම්භ කරනවිටම සෙමින් සෙමින් සරල කුඩා කරුණු ලෙසින් කියා දෙමින් වයසත් සමග ගැඹුරුට කියාදිය යුතුය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුර්කි ජාතික සැකකරුවෙකුගේ පරීක්ෂණ ටී.අයි.ඩී. ලොක්කෙක් බලපෑම් කර නවත්වලා…

Next Post

අංගොඩ ලොක්කාගේ පෙම්වතිය

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.