බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වැලිකන්ද සූරියවැව වන විනාශය බලන්න ගිය පොහොට්ටු පාර්ලිමේන්තු සමග  වන සංහාරකයින්  උණුසුම් වචන හුවමාරුවක….

by editor
දෙසැම්බර් 23, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

  • පොළොන්නරු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දි රාජ්‍ය ඇමතිවරයෙක් මා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඒකමතිකව ගත් තීන්දුව ක්‍රියාත්මක නොකර වන විනාශය කරන්නෙ ඇයි?. – පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ජගත් සමරවික්‍රම

  • ලක්ෂ 1000ක් මේ ව්‍යාපෘතියට වෙන් කළා… ඔබ කියන ලෙස දැන් මෙය නවත්වන්න බෑ… ව්‍යාපෘතිය පටන් ගත්තේ පශු සම්පත් මණ්ඩලයත් එක්ක… – ව්‍යාපාරිකයා  

  • මේ විනාශය පස්සේ ආණ්ඩුවෙ මැති ඇමතිවරු ඉන්නවා… ජනාධිපතිවරයාට මේ අවනඩුව කියන්න – ජනතාව

පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට යාබදව සූරියවැව රක්ෂිතයේ දිගින්, දිගටම සිදුවන වන සංහාරය නතර නොකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පොළොන්නරු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ   පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ඊයේ (22)    විනාශය නිරීක්ෂණයට  ගිය අවස්ථාවේ එම වන විනාශය කරමින් සිටි ආයෝජකයෙක් සමග උණුසුම් වචන හුවමාරුවක පැටලී තිබේ.

මන්ත්‍රීවරයා සමග මේ ගමනට ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයින් කන්ඩායමක් සහ ගොවි නියෝජිතයෝ පිරිසක් එක්වී සිටියහ. එම පිරිස සිද්ධියට මැදිහත් වීමත් සමග තත්ත්වය උණුසුම් විය.

මෙහිදී  ඉකුත් 19 වැනිදා වැලිකන්ද ‍ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී සභාපතිවරයා ලෙස තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කමිටුව ගත් තීරණය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි ජගත් සමරවික්‍රම   ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආයෝජකයා සඳහන් කළේ තමන් මෙම ව්‍යාපෘතිය සඳහා ලක්ෂ දාහක මුදලක් ආයෝජනය කරන බවත්, එය නතර හැක්කේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ගන්නා තීරණය අනුව පමණක් බවත්ය.

රක්ෂිතයට ඩෝසර්, .ජේ.සී,බී යන්ත්‍ර. මහටැක්ටර් ඇතුළු   කර පළු, වීර, බුරුත, ඇතුළු දැවැන්ත ශාක වර්ග බිමහෙලා අඛණ්ඩව සිදුවන මෙම වන විනාශය හරහා අලි මිනිස් ගැටුම් වර්ධනය වන බවත්, මෙමගින් ගම්වදින වනඅලි ජීවිත හානියක් හෝ දේපළ හානියක් සිදු කළහොත් ඊට මෙම ආයෝජකයින් සම්පූර්ණ වගකිව යුතු බවත් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ව්‍යාපෘතිය නතර නොකළහොත් තමන් ඊට විරෝධය පළ කිරීම වශයෙන් ජනතාව වෙනුවෙන් තම ධූරය අතහැරීමට   සූදානම් බවද ජගත් සමරවික්‍රම මෙහිදී කීවේය.

මේ අවස්ථාවට ඇමතිවරයා සමග එක් වී සිටි පිරිස් ප්‍රකාශ කළේ  වන සංහාරය සිදුවන්නේ සෝමාවතිය ත්‍රිකෝණමඩුව ජාතික වනෝද්‍යානය අසල පිහිටි රක්ෂිතයක  බවය.  රාජ්‍ය ඇමති ඇමතිවරයකු සහ මහජන නියෝජිත මන්ත්‍රීවරු දෙදෙනෙකු  සහභාගී වූ  ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම වන සංහාරයහාරය නවත ලෙසට ලබාදුන් තීන්දුවද අභියෝගයට ලක් කරමින් තවදුරටත් එය සිදුවන්නේ ඒ  පිටිපස ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු ද සිටින නිසා බව එම පිරිස් මන්ත්‍රීවරයාට කීහ.

මෙතරම් වන සංහාරයක් සිදුවෙමින් පවතින මොහොතක රාජ්‍ය  දැව සංස්ථාව, වනජීවී හා , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම වගකිව යුතු ආයතන නිහඬව සිටීම විමතියට කරුණක් බවත්, ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස  තමන්  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා කීවේය.

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හයිරූන් නිශා  සිය   අත්සනින් යුතුව  ඉකුත් 19 වෙනිදා වැලිකන්ද ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ලබාගත් තීරණය  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයා වෙත ඉකුත් 21 වැනිදා ලිඛිතව දන්වා තිබේ.

භූමිය කාගෙද ?

ත්‍රිකෝණමඩුව සූරියවැව රක්ෂිතයේ බඩ ඉරිඟු වගාවක් සඳහා බව  පවසමින් අක්කර 1500 ක රක්ෂිතයක් ආයෝජකයින් විසිනව දෙනකුට වසර පහක කාලයක් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ලබාදී ඇති බවට ලද තොරතුරු මත ජගත් සමරවික්‍රම  ඒ පිළිබඳව ජාතික පශු සම්පත් මණ්ඩලයෙන් ඒ අවස්ථාවේ දී විමසීමක් කළේය.     එහිදී දුරකථනයට පිළිතුරු දුන්  නිලධාරියෙකු සඳහන් කළේ පශු සම්පත් මණ්ඩලයට  එම භූමිය අයත් නොවන බවත්, එය කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින බවත්ය.

එහෙත්  එහි සිටි ආයෝජකයෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් පොළොන්නරුවේ තමන්ට පමණක් අක්කර 125ක් ලබාදී ඇති බවත්, එම් ඉඩම් ලබාදී ඇත්තේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් සත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා බවත්ය.

මෙම ව්‍යාපෘතියේ කොටස් කරුවන් ලෙස යුද හමුදාවේ උසස් නිලධාරීන් තමන් සමග සම්බන්ධ වී සිටින බව ඔහු කීවේය.

මෙම වන සංහාරය සොයා බැලීම සඳහා පසුගිය 20 දා දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත්, පරිසර යුක්ති කේන්ද්‍ර‍යේ නිලධාරීන් පිරිසකුත් එහි වැඩම කර නිරීක්ෂණයක යෙදුනහ.

ඔවුන්ද සඳහන් කළේ මෙම අපරාධය  වැළැක්වීමට අදාල ආයතන වෙත එන්තරවාසි යොමුකර ඇති බවය. වන විනාශය නතර කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි පරිසර යුක්ති කේන්ද්‍රය කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිග් බෑෂ් 20/20 තරගාවලිය මැද ඇෆ්ගන් වේග පන්දු යවන ෆසාල්හක් ෆාරුකීගේ ගිවිසුම අවලංගු කර පන්නා දමයි!

Next Post

ආශුට යන්න උනේ මහබැංකු අධිපති ජනාධිපති කරන්න ගිය නිසා ද?

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.