බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රුපියල් පන්දහසකට තෙරපී මැරුණු අසරණයන්ගේ කතාව

by editor
මැයි 21, 2020
in සමාජ
Share on FacebookShare on Twitter
මාලිගාවත්ත හාජියාර් වරයාගේ ව්‍යාපාරික ස්ථානය
පොලිස් පරීක්ෂණ පවත්වමින්
පොලිස් පරීක්ෂණ අතර

පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින හාජ්ජියාර්වරයෙක් රාමසාන් උපවාසය වෙනුවෙන් පිං තකා කළ සල්ලි බෙදිල්ලක් කෙළවර වන්නේ ජීවිත තුනක් අහිමි වෙමිනි. එසේ මිය යන්නේ ඔහුගේ අතින් පන්දහසේ නෝට්ටුවක් ගැනීමට පැමිණි වයෝවෘද්ධ කාන්තාවන් තිදෙනෙකි. තවත් කාන්තාවන් අට දෙනෙක් ඇතුළු නව දෙනෙකුට සිදුවන්නේ රෝහල් ගත වන්නටය. ඒ මුදල් ලබාගැනීමට පැමිණි පිරිස අතර ඇතිවුණු තෙරපීමක් හේතුවෙනි.

අසල්වැසි ඉන්දියාවේ නම් මෙවැනි සිදුවීම් සුලභවය. මුදල් පමණක් නොව, බඩු මලු ගන්නට ගොසින් සිදුවන තෙරපීම්වලින් එකවර දහ පහලොස් දෙනා මිය යන අවස්ථාද එරටට අමුත්තක් නොවේ.  එහෙත් මෙවැනි තෙරපීමකින් මරණයක් සිදුවූ බවට අපේ  ඉතිහාසයේ නම් අසන්නටත් නැති තරම්ය.

එහෙත් කොවිඩ් 19 ව්‍යාප්තිය අස්සේ මිනිසුන් ඉන්නේ අන්ත අසරණ වී ය.  සියල්ල අවසනායේ අපට ඇසෙන්නේ රුපියල් පන්දාහක් වැනි මුදලක් ගන්නට ගොස් තෙරපී  මැරෙන මිනිසුන් ගැනය.

මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ මාළිගාවත්තෙනි. මුදල් බෙදූ  මෙම හාජ්ජියාර් කාලයක් මාළිගාවත්තේ ජුම්මා මස්ජීට් පාරේ පදිංචිව සිටියෙකි. දැන් ඔහු පදිංචිව සිටින්නේ දෙහිවලය. ඔහුගේ පවුලේ සාමාජිකයන් 13 දෙනෙකි. ඒ සෑම අයෙක්ම යමක් කමක් ඇති අයය. ඒ අයවත් එකතුකරගනිමින් මෙම හාජ්ජියාර් කාලයක් තිස්සේම උපවාස කාලයට මුදල් බෙදන්නේ පිං තකාය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

මේ පිං තකා මුදල් බෙදන එකම හාජ්ජියාර් නොවේ. උපවාස කාලයට  මාළිගාවත්ත පැත්තේ කරක් ගැසුවොත් සල්ලි බෙදන හාජ්ජියාර්වරු කොතෙකුත් දැක ගන්නට පුළුවන. මාළිගාවත්ත රූබි සිනමා ශාලාවට යාබදව ඇති පල්ලිය ඉදිරිපිටද 20 වෙනිදා හාජ්ජියාර්වරයෙක් රුපියල් 2500 ක් සමග බඩු මල්ලක් බෙදා දුන්නේය. එම බඩු මල්ල බෙදා දුන්නේ කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස් වලට අනුව මීටරයේ දුර තබාගෙනය.

එහෙත් මෙම හාජ්ජියාර් මුදල් බෙදන්නට සූදානම් වන්නේ සුපුරුදු ලෙසිණි. ඒ ජුම්මාස්ජිට් පාරේ ජුම්මා පල්ලියට යාබදව ඇති ඔහුට අයත් ගබඩා භුමියකදීය. සාමාන්‍යෙයන් සැම අවුරුද්දකම මේ දිනය දා හාජ්ජියාර් මුදල් බෙදන්නේය.  හාජ්ජියාර් මුදල් බෙදන්නට එන බව ඒ නිසා මාලිගාවත්තේ මිනිසුන් දන්නේය.  ඔහුගේ ගෝලබාලයින් හරහා මුළු මාළිගාවත්තම අද (21) ඒ ගැන තහවුරු කරගෙන සිටියේය. ඒ නිසාම හාජ්ජියාර් එහි එන තුරු බොහෝ දෙනෙක් බලා සිටියේ නොවිසිල්ලෙනි. ඒ මෙවර බෙදෙන්නේ රුපියල් 5000 ක් බව දැන සිටි බැවිණි.

හාජ්ජියාර් ගබඩාවට පැමිණ වැඩේ පටන් ගන්න යනවාත් සමග එකවරම ගබඩාව පිහිටි ස්ථානය පිරී යන්නේ එකම හිස් ගොඩකිනි. ඒ වන විට ඔහු බෙදන්නට රැගෙන විත් තිබෙන්නේ රුපියල් ලක්ෂ හතරක් පමණ වූ මුදලක් පමණි. ඒ මුදල රුපියල් 5000 බැගින් ගෙවිය හැකි වන්නේ 80 දෙනෙකුට පමණි. එහෙත් ඒ වන විටත් 300 කට වැඩි පිරිසක් ඒ ස්ථානයේ රැස්ව සිටියේය. තවත් දෙතුන් සියයක් මහා පාරේද පොරකමින් සිටියේය.

බාල මහළු වැඩිහිටි භේදයකින් තොරව හාජ්ජියාර් අතින් රුපියල් 5000 ගැනීමට පෝලිම් ගැසී සිටියත් අවසානයේදී පෝලිමකට වූ දෙයක් සොයා ගන්නට නොහැකි වන්නේ හාජ්ජියාර් සමීපයට එන්නට එකිනෙකා දැරූ උත්සාහය හේතුවෙනි. අවසානයේදී එකා පිට එකා වැටෙමින් ජනතාව මුදල් ගන්නට පොරකන්නට වූයේ මුදල් බෙදන්නටත් මත්තෙනි. පිනට දෙන රුපියල් 5000 ක් ගන්න පැමිණි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙක් මිය යන්නේත් නව දෙනෙක් රෝහල් ගතව වන්නේත් එම තෙරපුම නිසාය.

මේ සියල්ලක්ම සිදුවන්නේ ඇදිරි නීතිය අස්සේය. එසේම නිරෝධායන සෞඛ්‍ය උපදෙස් නොතකමිනි. ඒ නිසාම හාජ්ජියාර් සහ ඔහුගේ සගයන් හය දෙනෙක්ට සිදුවන්නේ පොලිස් අත්අඩංගුවට පත්වන්නටය. පොලීසිය පවසන්නේ ඒ අයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවකි. මෙම මුදල් බෙදිල්ල ගැන පොලීසියට දැනුම් දී පොලීසියේද සහයක් ඇතිව සිදු කළේ නම් මෙවන් අවාසනාවන්ත සිදුවීමක් නොවන්නට තිබුණු බව පොලීසියේ මතයයි.

 

Tags: විශේෂ
Share79Tweet43
Previous Post

හෝමාගම ක්‍රිකට් පිටි‌ ව්‍යාපෘතිය අත්හිටුවයි.

Next Post

ලංකාවේ කොරෝනා රෝගීන්ගෙන් අඩක් නාවිකයන්  වුණේ ඇයි?

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.