බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මිනුවන්ගොඩ පොලිසිය අධිකරණ නියෝග දෙකක් පැහැර හරී… වහ දමා කෙස් සිඳින මිනුවන්ගොඩ සැලොන් එකෙන් මිනුවන්ගොඩ පොලිසියටත් අමුතු සත්කාරයක් කරල ද?

by editor
සැප්තැම්බර් 19, 2024
in සමාජ
පොලිසිය නැති නිසා හිස් අතින් යන්නට සිද්ධ වුන පාරාභෝගික නිලධාරීන්...

පොලිසිය නැති නිසා හිස් අතින් යන්නට සිද්ධ වුන පාරාභෝගික නිලධාරීන්...

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

හිස කෙස් සැකසීමට ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් කාන්තාවකගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධියට සම්බන්ධ රූපලාවණ්‍යාගාරය විවෘත කර ඒ තුළ ඇති ආලේපන ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට අද (19) පෙරවරුවේ ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පැමිණියහ.

එහෙත් පොලිසිය ආවේ නැත. පොලිසියේ  රාජකාරිය  ඇහිරුන  විට තමන්ගේ රාජකාරිය කර ගැනීමට නොහැකි වූ  පාරිභෝගික සේවා නිලධාරීන් ආපසු හැරී ගියේය. පෙනෙන ලෙස පොලිසිය මේ මගහැරීම කරන්නේ  අධිකරණයටත් උඩින් හිඳිමිනි. අධිකරණ නියෝග දෙකක් තිබිය දී පොලිසිය අදත් පාරිභෝගික සේවා අධිකාරියට සහා නොදි  මගහැරියේය. පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් මින් පෙර අවස්ථා කීපයක දී පොලිසියෙන් ඉල්ලා තිබුණේ  අධිකරණය ලබා දුන් නියෝගය අනුව මේ සැලොන් එක විවෘත කර පරීක්ෂා කිරීමට අවශ්‍ය තත්ත්වය සකස් කර දෙන ලෙසය. එහෙත් ඔවුන් එය සිදු නොකළ බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු අපට කීවේය.

වහ දමා කෙස් සිඳි පසු අසරණ කාන්තාව…

දැන් අප හමුවේ ඇත්තේ අධිකරණයටත් වලංගු නැති මේ පොලිස් කේස් එක කුමක් ද යන්නය.

සිද්ධිය මතක් කරගන්න 

හිස කෙස් සකසා ගැනිමට මිනුවන්ගොඩ සැලෝන් එකකට ගිය කාන්තවගේ හිසකෙස් මුලුමනින්ම ගැලවී ගියේය.   වින්දිත කාන්තාව මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ පසුගිය 30 වැනිදා ය. ඇය එදිනම පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරන්නීය. එදිනම පොලිසිය මෙම සැලෝන් එකට යනවිට සැලොන් එකට ඉබි යතුරු දමා සැලෝන් එකේ ගෑනු  නිවෙස්වලින්ද පලා ගොස් තිබිණි.

සිද්ධියෙන් වින්දිත කාන්තාව එදිනම මිනුවන්ගොඩ රෝහලට ඇතුළු වීමෙන් පසු ගම්පහ රෝහලට මාරු කර යවා තිබිණි. 31 වැනිදා රෝහලෙන් පිටව එන ඇයගේ වැඩිදුර ප්‍රකාශ සටහන් කරගන්නේ පසුගිය 01 වැනිදා ය. පසුගිය 02 දා පොලිසිය උසාවියට මේ සම්බන්ධව කරුණු වාර්තා කරන අතර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වූ ටී තේනබදු සිද්ධියට අදාල කාන්තාවන් තිදෙන් අත් අඩංගුවට ගැනිමට සෝදිසි වරෙන්තුවක් නිකුත් කරන්නීය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මීට අමතරව පාරිභෝගික සේවා අධිකාරියට රූපලාවණ්‍ය ද්‍රව පරීක්ෂා කර බලා වහාම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්නීය. එහෙත් අධිකරණ නියෝග ඉටු වන්නේ නැත.

ඉබි යතුරු දමා වසා බෝඩ් එකත් ගලවාගෙන ගිය සැලෝන් කඩේ….

පොලිසියේ හැසිරීම

සිද්ධියට  අදාල සැලොන් කඩේ හිමිකාර කාන්තාව   මිනුවන්ගොඩ පොලිසිය සමග කුමක් හෝ ගනුදෙනුවක් ඇති බවට මේ සිද්ධිය ආරම්භයේ සිටම  චෝදනා එල්ල විය. එම චෝදනාවේ සැකය සාධාරණය.  සැලොන් කඩේ හිිමි ගැහැණිය සහ ඒ ගැහැණියගේ දියණිය යැයි හඳුනාගත් තැනැත්තිය අත් අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ   පොලිසියට තවමත් හැකියාවක් ලැබී නැත.

රූපලාවණ්‍යාගාරය තුළ ඇති ආලේපන ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ට සැලෝන් එක විවෘත කර දෙන ලෙස  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය පොලිසියට  අධිකරණය නියෝගයක් තිබිණි. එහෙත්  ඊයේ ( 18) එම සිද්ධියට අදාළ නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණය හමුවේ කීවේ  මෙම රූපලාවණ්‍යාගාරය විවෘත කිරීම සඳහා එහි හිමිකාරිය තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවය.  තවමත් ඇය සහ සේවිකාවක් සැඟවී සිටින බව පොලිසිය අධිකරණයට    දැන්වීය .

එහිදී රූපලාවණ්‍යාගාරය විවෘත කිරීමට නියෝගය ලබා දී ඇත්තේ අධිකරණය බැවින් එහි ඉබි යතුරු කඩා විවෘත කර පරීක්ෂා කිරීමට එහි හිමිකාරිය අවශ්‍ය නොවන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තෙනබදු අවධාරණය කළාය.   දැන් පොලිසියට සැලොන් කඩේ විවෘත කිරිම සඳහා අධිකරණ නියෝග දෙකක් ලැබී ඇත.    පොලිසිය සැලෝන් එක  විවෘත කර දුන් පසු  පාරිභෝගික සේවා අධිකාරිය   එහි ඇති ආලේපන ද්‍රව්‍ය පරීක්ෂා කර අධිකරණයට වාර්තා කරන ලෙස  ලබා දිය යුතු බවට ද අධිකරණ නියෝගයක් නිකුත් විනි. .

අද සිද්ධිය

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අද (19)දින පෙරවරුවේ රූපලාවණ්‍යාගාරය පරීක්ෂා කිරීමට පැමිණියහ. එහෙත් ඔවුන්ට රූපලාවන්‍යාගාරයේ ඉබි යතුරු කඩා විවෘත කිරීමට පොලිසියේ සහාය ලබා ගැනීමට හැකියාවක් ලැබුනේ නැත. ඔවුහු හිස් අතින් ආපසු ගියහ.

අප මේ පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියෙන් කළ විමසීමේදී එහි උසස් නිලධාරියකු පැවසුවේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පොලිස් ස්ථානයට පැමිණි බවත් ඒ වන විට පොලිසියේ නිලධාරීන් සහ නිලධාරිනියන් මැතිවරණ රාජකාරී සඳහා පිටව ගොස් සිටි බැවින් ප්‍රමාණවත් නිලධාරීන් ඒ වන විට පොලිසිය තුළ නොසිටි බැවින් රූපලාවන්‍යාගාරයේ විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ලබාදීමට නොහැකිව අපහසුතාවයකට පත්වු බවය .

කෙසේ වෙතත් මැතිවරණ දින කිහිපයෙන් පසුව එම විමර්ශන කටයුතු සිදු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය .

පොලිසියේ සම්බන්ධය

ඊයේ අධිකරණයේ දී තවත් සිද්ධියක් මතු වූවේය. මෙම සිද්ධියට අදාලව සැලෝන් එක හිමිකාරිය අත්අඩංගුවට ගැනීම ඇතුළු විමර්ශන කටයුතු සිදු කරන මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන්ට පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස හදුන්වන අයෙකු දුරකතන ඇමතුම් ලබාදෙමින් දැඩි බලපෑම් සිදුකරන බව  ඊයේ (18) මිනුවන්ගොඩ පොලිසිය අධීකරණයට දැනුම් දුන්නේය.

තමන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස හඳුන්වන මෙම පුද්ගලයා විසින් දුරකථන ඇමතුම් කීපයක්ම ලබාදෙමින් මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන්ට ප්‍රශ්නගත සැලොන් කඩේ සිදුවීම හා එහි හිමිකාර කාන්තාව පිළිබඳව සිදුකරන පොලිස් විමර්ශන නතර කරන ලෙසට දැනුම් දෙන බව වැඩිදුරටත් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

මෙම අවස්ථාවේදී පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය මෙම දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළාය.

අපට පෙනෙන්නේ අධීකරණ නියෝග ක්‍රියාත්මක කරවීම වැලැක්වෙන තරමටම පොලිසියට ඇති කර ඇති පෙළඹවීම වැඩිය. ඒ කෑල්ල ගැන නම් අප කවුරුත් උනන්දුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැතිවරණ උණුසුම මැද රට පුරා පාතාල ඝාතන රැල්ලක්… පැය 24ක් තුළ වෙඩි තැබීම් 3යි… ඝාතන 04යි… තුවාල 02යි…

Next Post

කෙහෙළියගේ පුත් රමිත නමින් තිබූ කොළඹ 07 සුපිරි නිවාස ඒකක 02ක් අයථා වත්කම් රැස්කිරීමේ වරද යටතේ කොළඹ මහාධිකරණයෙන් තහනම් කරයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.