බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

by editor
සැප්තැම්බර් 23, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                      

බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඊයේ  එක්කරා පුද්ගලයෙකු පැමිණියේය. සුදුපාට කමිසයකින් සහ කළු පැහැති දිග කලිසමකින් සැරසී සිටි ඔහු පැළද සිටි හිස්වැසුම අතට ගෙන හිස පහත් කොට යටහත් පහත්ව බිඳුණු පණ අදින කටහඬ අවදි කළේය.

“ඉස්පිරිතාලේ කොම්පියුටරයක් කැඩිලා කියලා ටී.වි එකේ ප්‍රවෘත්තිවලට කිව්වා. මම ඒ කැඩිච්ච කොම්පියුටරේ හදලා දෙන්න සල්ලි ටිකක් දිලා යන්නයි ආවේ“

ඔහුගේ කට හඬ වියැකී ගියත් එය හදිසි ප්‍රතිකාර ඒකකය පුරා සියුම් හඬින් ප්‍රතිරාව දුන්නේය. රෝගියෙකුට ප්‍රතිකාර කරමින් සිටි හදිසි අනතුරු අංශයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ ගේ හිස ක්ෂණයකින් එසවිනි.

“ මහත්මයා කොහේ ඉදලාද ආවේ.” 

“තුන්නෑව, වරාලන්ද ,ගෝඩුන්නේ ඉදලා.“

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

වරාලන්ද ගෝඩුන්න බදුල්ලේ සිට  කිලෝමීටර් 40ක් දුරින් පිහිටි ගමකි. ගොවිතැන් බතක් කර ගනිමින් ජීවිකා ගෙවු මොහු නමින් ඩි.එම්.අප්පුහාමිය. රෝහලට අවශ්‍ය එන්ජියෝ ග්රැම් යන්ත්‍රයක අවශ්‍යතාව වසර ගණනාවක සිට පැවතිනි.  එය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ ඉල්ලීම මෙතෙක් ඉටු නොවීය. මේ හේතුවෙන් හදවත් රෝගීන්ට සිදුකළ යුතු එන්ජියෝග්රෑම් පරික්ෂණයන් සඳහා බදුල්ල රෝහලට පැමිණෙන රෝගීන් නුවර, කොළඹ , අනුරාධපුරය වැනි රෝහල්වෙත මාරුකර හැරීමට රෝහල් බලධාරීන්ට සිදුවන්නේය.

එන්ජියෝග්රෑම් පරික්ෂණ යන්ත්‍රයක් ජයිකා ආධාර යටතේ ලැබුණද එය ස්ථාපිත කිරීමට අවශ්‍ය ගොඩනැගිල්ල සාදා නොතිබුණ බැවින් එයද රෝහලට අහිමි විය.

වෛද්‍ය පාලිත ගොවි මහතා දෙස බැලා සිටියේ වචනයෙන් කිව නොහැකි හැඟීමකිනි.

“ ඔබ තුමාට බොහොම ස්තුතියි. අපි මේ යන්ත්‍රය මිලදී ගන්න ගිනුමක් විවෘත කරලා තියනවා. ඔබතුමාට පුලුවන් පරිත්‍යාගය ඒ ගිනුමට බැර කරන්න…”

ගොවි මහතාගේ මොහොතක් නිහඬව බලා උන්නේය. 

“අනේ මහත්තයො. ඔය බැංකු වැඩ ගැන මට ඒ තරම් දැනුමක් නැ… ඒ නිසා තමයි ඔබතුමා හම්බවෙලා මේ සල්ලි ටික දීලා යන්න ආවේ…”

වෛද්‍ය පාලිතගේ දෙනෙත් බොඳ වී ගියේය. මේ රත්තරන් හදවතක් ඇති ගොවි මහතා රුපියල් විසි පන් දහසක් රැගෙන කිලෝ මීටර 40ක දුරක් ගෙවා බදුල්ල රෝහලට  පැමිණ තිබේ. මේ උත්තුංග මනුෂ්‍යයා ඉදිරියේ තමන් මොනතරම් පොඩි දැයි  වෛද්‍ය පාලිත කල්පනා කළේය.

“  මහත්තයා මේක ගන්න…  මමත් හදවත් රෝගියෙක්.” අප්පුහාමි මහත්තයා වෛද්‍ය පාලිතට කීවේය.  කරගැට පිරුණ දෑතින් දුන් රුපියල් විසි පන්දහසක මුදල  වෛද්‍ය පාලිත  ගත්තේ  සැලෙන දෑතිනි.  පිටවෙන්න කලින් ඒ උතුම් මිනිසා වැළඳගෙන වෛද්‍යවරයා  ඡායාරූපයකට පෙනී සිටියේය. අප්පුහාමි මහත්මයාගේ තොරතුරු සියල්ල සටහන් කරගත්තේය.  අප්පුහාමි මහත්මයා පිටව යනතුරු මුලු වෛද්‍ය කාර්ය මණ්ඩලයම බලාගේන උන්නේ තිගැස්මෙනි. 

“ මේ රුපියල් විසි පන්දහස රුපියල් කෝටියක් වටිනවා… මේ දුප්පත් මනුස්සයගේ හැඟීමට මිලක් නෑ… අපේ වෛද්‍ය කණ්ඩායමටම මේ සිද්ධියත් එක්ක මිනිස්සුන්ගේ මනුස්සකමේ ගැඹුර ගැන විශාල ආලෝකයක් ලැබුණා. කවද හරි දවසක බදුල්ලට එන්ජියෝ ග්‍රෑම් යන්ත්‍රයක් ලැබුණට පස්සේ ඒ යන්ත්‍රය රෝහලට බාර දෙන්නෙ අප්පුහාමි මහත්තයා අතින්… එහි මුල්ම පරීක්ෂණය කරන්නෙත් එතුමගෙ…”  වෛද්‍ය පාලිත රාජපක්ෂ අප සමග කීවේය.

අසරණ රෝගීන්ගේ බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණි සෞඛ්‍යය ලොක්කන් සිටින රටක අතේ කරගට එන රනතුරු පොළව කොටා අස්වද්දා උපයා ගත් සොච්චමින් මහා කොටසක් රෝහලටම ගෙනත් දුන්  අප්පුහාමි වැනි රත්තරන් මිනිස්සුන් තැබිය යුතු තැන සම්බන්ධව තවමත් කල්පනා කරමි. 

මේ ගර්හිත රට සම්බන්ධව තවමත් අපට බලාපොරොත්තු සපයන්නේ මේ වගේ උත්තුංග මනුෂ්‍යයන්ගේ ආකල්පවල බර බව යළිත් ලියා තබමි. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බෙහෙත් නැති රටේ 2022 පමණක් කෝටි  35ක තත්ත්වයෙන් බාල  ඖෂධ ඉවත් කරලා… 

Next Post

රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වෙඩි තබා ඝාතනය කරයි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.