බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

බලශක්තියට විතරක් නොවෙයි, ඊ.පී.එෆ් එකටත් බලපෑම්… හැංගූ ගිවිසුම ගැන හඳුන් කියයි!

මේක නිකම් ගෙරි හංකඩ එළාගන්න පරංගියා ආයෙත් ආව වගේ වැඩක්... මේ ඉන්නේ ඒ කාලෙ හිටපු පාලකයොම තමයි!

by editor
දෙසැම්බර් 14, 2021
in සමාජ
sunil-hadunneththi
Share on FacebookShare on Twitter
  • ඇමරිකානු කොම්පැනියේ සාක්‍ෂිකරුවා ශ්‍රී ලංකා රජයේත් සාක්‍ෂිකරුවා වෙලා…

  • ඊපීඑෆ් එකත් බලශක්තිය එක්කම ඇමරිකානු කොම්පැණියට හසුරුවන්න දීලා…

  • කැබිනට් එකත් අන්දලා, නීතිපතිටත් බොරු කරලා කැබිනට් ඇමතිවරුත් මේ අපරාදෙට පාවලා දෙනවා…

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩස්  විදුලිබල මණ්ඩලයේ  සභාපතිකම කරන අතරම මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක් ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සාක්ෂි කාරයෙක් ලෙසත්, නිව් ෆෝට්‍රස් එනජි සමාගම වෙනුවට ඇමරිකානු සමාගමක් ලෙස ශ්‍රී ලංකා රජය සමග ගිවිසුම්ගත වී ඇති බව පෙනෙන  එන්.එෆ්.ඩී. ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංස් සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයාගේ සාක්ෂිකාරයෙක් වශයෙනුත්  යුගදනවි ගිවිසුමට අත්සන් කර ඇති බව          ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අද හෙළිදරවු කළේය.

පුරා මාස තුනක් තිස්සේ කැබිනට් මණ්ඩලයටත්, රටටත් නීතීපතිවරයාටත් වසන් කරමින්, රටේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් පවා ඇමරිකානු සමාගමකට පරිහරණය කළ හැකි ආකාරයෙන් සැකසූ උක්ත ආන්දෝලනාත්මක ගිවිසුම ගැන දීර්ඝ විග්‍රහයක් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.

සුනිල් හඳුන්නෙත්ති මෙසේ ද ප්‍රකාශ කළේය.

  • කැබිනට් අනුමැතිය ලැබුණු ගිවිසුම     

නිව් ෆෝට්‍රස් ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් සංදේශ ගණනාවක්ම ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් සැප්තැම්බර් 06වැනිදා ඉදිරිපත් කළ කැබිනට් සංදේශය අදාළ වෙන්නේ වෙස්කෝස් සමාගමේ කොටස්වලින් මහා භාණ්ඩාගාර ලේකම් සතු 50% කොටස් සඳහා ගිවිසුම අදාළ වන බවයි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු දැන හෝ නොදැන අත උස්සලා තියෙන්නේ ඇමරිකාවේ නිව් පෝට්‍රස් සමාගමට ගිවිසුමක් අත්සන් කරන්න. නමුත් අත්සන් කරලා තිබෙන ගිවිසුම තියෙන්නේ එන්.එෆ්.ඩී. ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංස් කියන සමාගමත් එක්ක.

මෙතනම බරපතළ වංචාවක් තියෙනවා. ගිවිසුමේ අන්තර්ගතයෙන් කැබිනට් මණ්ඩලය අනුමත කළ කරුණු තියෙනවාද කියන ප්‍රශ්නය මූලිකයි.

  • විදුලිබල මණ්ඩල සභාපතිගේ අමුතු ගේම නිසා අමුවූ ගිවිසුම

ගිවිසුමේ 35වැනි පිටුවට අනුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් කරන්නේ සුජිත් රුචිර ආටිගල. ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඔහුගේ සාක්‍ෂිකරුවන් හැටියට අත්සන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙකු බව කියන කලින් විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් ෆර්ඩිනැන්ඩස්. ඔහු දැන් විදුලි බල අමාත්‍යාංශයේ සභාපති හැටියට මාධ්‍යවලට පැමිණියා. නමුත් ඔහු ගිවිසුම අත්සන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් හැටියට. මෙතන බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා.

ඒ වගේම ඩැනියෙල් ක්‍රිස්ටෝපර් කියන පුද්ගලයා එන්.එෆ්.බී.ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංස් කියන සමාගමේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කර තිබෙනවා. එයාගේ සාක්‍ෂිකරුවන් හැටියට අත්සන් කරන්නෙත්, ඒ කියන්නේ ඇමරිකානු කොම්පැනිය වෙනුවෙන් අත්සන් කරන්නේ ශ්‍රී ලංකා රජයේ සාක්‍ෂිකරුවාමයි. ගිවිසුමක මෙහෙම වෙන්න පුළුවන්ද?

දෙවැනි සාක්‍ෂිකාරිය නිමල්කා මොරහෙල. එයාගේ තනතුර ව්‍යාපෘති සම්බන්ධීකාරක. එයා කලින් වැඩ කරලා තියෙන්නේ සංචාරක මණ්ඩලයේ ව්‍යාපෘතිවල. හැබැයි බලශක්ති ව්‍යාපෘතිවල සිටි බව දන්නේ නැහැ. මම මේ බව හෙළි කළාට පස්සේ පත්වීම් ලිපියක් හදලා දෙයිද දන්නෙත් නැහැ. රෑ 12.06ට මේ ගිවිසුම අත්සන් කරන වෙලාවේ නිමල්කා මොරහෙල ක්‍රිස්ටෝපර් නයිට් ගුවන්තොටුපොළට එක්ක යන්න හිටියාද දන්නෙත් නැහැ. ඇය අත්සන් කරලා තියෙන්නෙත් ඇමරිකානු සමාගම වෙනුවෙන්. ශ්‍රී ලංකාවේ සාක්‍ෂිකරුවෝ දෙන්නෙක් අත්සන් කර තියෙන්නේ ඇමරිකානු සමාගම වෙනුවෙන්. කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට මේ ගිවිසුම හෙළි නොකළේ ඇයි කියලා අපිට හිතාගන්න පුළුවන්.

ක්‍රිස්ටෝපර් නයිට් කියන්නේ කවුද? ප්‍රධාන මූල්‍ය නිලධාරියාගේ හැටියට ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංස් සමාගමේ ඇමරිකානු ඇටර්නි බලපත්‍රලාභියා තමයි ක්‍රිස්ටෝපර් නයිට්. අඩුම තරමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියාවත් ලංකාවට එන්නේ නැහැ. ඒ තරම් පහළට දාලා මේ ගිවිසුම අත්සන් කරලා. හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ෆර්ඩිනැන්ඩස් දැන් විදුලිබල මණ්ඩලයේ සභාපතිලු. ඔහු මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක්ද?. මේ වැනි ගිවිසුම් අත්සන් කරන්න එයාට බලයක් දුන්නේ කවුද?.

  • මහින්ද අමරවීර සහ ඩලස් පාවා දුන් බැසිල්….

බැසිල් රාජපක්‍ෂ මහත්තයා 13වැනිදා කැබිනට් සංදේශයක් නැවත ඉදිරිපත් කර තිබෙනවා. ස්වභාවික වායු බලාගාර හඳුන්වා දුන්න මුල්ම යෝජනාව 2019 ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙනවා. ඒ අනුව කටයුතු කරන්න 2020 ජනවාරි මාසයේ ආයෝජන මණ්ඩලයට යොමුකළ බව සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය සිදුකළ කටයුතු මහජනතාව දැනගන්න ඕනෑ.

එවකට සිටි මහින්ද අමරවීර විදුලිබල ඇමතිවරයා නිව් පෝට්‍රස් එනර්ජි සමාගම ගැන නිර්දේශ ලබා දී තිබෙනවාලු. මේ සමාගම සුදුසු බව නිර්දේශ කර තිබෙනවාලු. නමුත් මහින්ද අමරවීර ඇමතිවරයා ඉදිරිපත් කළ සංදේශයට අනුව තියෙන්නේ වෙන කතාවක්. තරඟකාරීව ටෙන්ඩර් කැඳවන ලෙස මේ කැබිනට් සංදේශයෙන් යෝජනා කර තිබෙනවා. නමුත් බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා 13 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් සංදේශය ගැන මහින්ද අරමරවීර ඇමතිවරයා දැන් කියන්නේ මොකක්ද?.

2020 ඔක්තෝබර් 20වැනිදා ඩලස් අලහප්පෙරුම විදුලිබල ඇමතිවරයා ඊට පෙර සිටි මහින්ද අමරවීර ඇමතිවරයාගේ යෝජනාව ඉදිරිපත් කළ බව බැසිල් රාජපක්‍ෂ 13වැනිදා කැබිනට් මණ්ඩලයට කියා තිබෙනවා. ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා කියන්නෙත් තරඟකාරීව ලංසු කැඳවන්න කියලයි. මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ දැන් කියන කතාව ගැන ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කියන්නේ මොකක්ද?

  • වැඩේ කරගන්න ඇමතිවරු සභාපතිවරු ඉවත් කළ හැටි

මේ ඇමතිවරු දෙන්නම ඉවත්කර දැන් ගාමිණී ලොකුගේ ඇමතිවරයා පත්කර සිටිනවා. විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිතුමා ඉවත්කර මේ ගිවිසුමේ සාක්‍ෂිකරුවෙකු වන ෆර්ඩිනැන්ඩස් මහත්තයා පත්කර තිබෙනවා. මේ ක්‍රියාවලියෙන් පසුව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතුව තිබෙන යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් සම්බන්ධයෙන් ගිවිස ගත්තා  කියලයි. නමුත් ගිවිසුමට අනුව යුගදනවි සමාගමේ කොටස්වලින් 27%ක් සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් මහා භාණ්ඩාගාරය වග කියනවා. ලක්දනවි ලිමිටඩ්  සමාගමට 5%ක් වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට 50%ක කොටස් අයිති වෙනවා.

  • අර්ථසාධකයේ කොටස් ටිකත් ඇමරිකාවට විකුණලා

කැබිනට් මණ්ඩලයෙන් ගිවිසුම අනුමත කළා නම් නිව් පෝට්‍රස් සමාගමට පවරන්න හැකි වෙන්නේ මුදල් අමාත්‍යාශයේ ලේකම්වරයා යටතේ තිබෙන 50%ක කොටස් විතරයි. නමුත් මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 100%ක් වූ මුළු කොටස්වලින් 40%ක් නිව් පෝට්‍රස් සමාගමට විකුණන්න. ගිවිසුමේ සඳහන් ආකාරයට ලෙකෝ සමාගමේ කොටස් වගේම අර්ථසාධක අරමුදලේ කොටස් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ කොටස් කියන ආකාර තුනම විකුණලා තිබෙනවා. නමුත් හරියටම තේරුම් ගත යුත්තේ කැබිනට් මණ්ඩලය පවා අනුමත කර තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුව තිබෙන 50%ක කොටස්වලින් 40%ක් විකුණන්න විතරයි.

නමුත් ලෙකෝ, අර්ථසාධක අරමුදල, ලක්දනවි සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන පාර්ශ්වකරුවන් හතර දෙනාටම අයිති කොටස්වලින් 40%ක් විකුණලා තිබෙනවා. මේ නිසා ඊ.පී.එෆ්. එකට අයිති කොටස් විකුණන්න මහ බැංකුවේ මුදල් මණ්ඩලය අවසර දී තිබෙනවාද? ඇමුණුම්වල එවැනි අනුමැතියක් නැහැ. අර්ථසාධක අරමුදලේ කොටස් මේ හොර සමාගමට දෙන්න අවසර දුන්නේ කවුද කියලා මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ රටට හෙළි කළ යුතුයි.

  • ඇමරිකානු සමාගමට ඊපීඑෆ් එකටත් බලපෑම් කළ හැකියි…

ගිවිසුමේ 39වන පිටුවට අනුව ශ්‍රී ලංකා හෝල්ඩිංස් කියන අලුත් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට 07 දෙනෙක් පත්කරන්න ඕනෑ. ඒ හත් දෙනාගෙන් හතර දෙනෙක් පත්කිරීමේ බලය ඇමරිකානු සමාගමට ඉල්ලනවා. ඒ අවසරය දෙන්න ආටිගල මහත්තයා එකඟ වෙලා තිබෙනවා. එතකොට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බහුතරය පත් කරන්නේ ඇමරිකාව පැත්තෙන්. මේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට හැකියාව ලැබෙනවා සේවක අර්ථසාධක අරමුදලට පවා බලපෑම් කරන්න.

  • නීතිපතිත් අන්දලා!

අත්සන් කර තිබෙන ගිවිසුමේ ගෑස් සැපයීම සම්බන්ධයෙන් කතා කරන්න ඉස්සර පළමුවැනි අදියරේදීම මේ තරම් වංචාකාරී විදිහට ක්‍රියාකර තිබෙනවා. නීතිපතිවරයා අවශ්‍ය අනුමැතිය ගිවිසුමට ලබාදුන් බව 13වැනිදා ඉදිරිපත් කළ බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාගේ කැබිනට් සංදේශයෙන්  හෙළි  කර තිබෙනවා. එහි සඳහන් වෙන්නේ නිව් පෝට්‍රස් සමාගමට කොටස් විකිණීම සම්බන්ධයෙන්. නමුත් දැන් තියෙන්නේ ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංස් කියලා අටවා ගත් සමාගමක්. නීතිපතිගේ අනුමැතිය මේ සමාගමට ලැබුණේ කොහොමද?

ගිවිසුමේ 04වැනි පිටුවට අනුව අනුබද්ධ සමාගම් ගැන සඳහන් වෙනවා. මේ අනුබද්ධ සමාගම් කියන්නේ කවුද? මේ අයට 50%ක් ලබා දී ඇති බව සඳහන් වෙනවා. 40%ක කොටස් ලබාගන්න ගිවිසුම අත්සන් කළා නම් මෙතන 50%ක් ගැන සඳහන් වෙන්නේ කොහොමද? අපිට පැහැදිලි වෙන්නේ තවත් කොටස් ලබාගන්න අපේක්‍ෂාවෙන් තමයි මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ.

  • හැංගුවේ ඇයි?

 සේවක අර්ථසාධක අරමුදලේ කොටස් ලබාගන්න එක ඔවුන්ගේ මූලිකම ඉලක්කයක් බව පැහැදිලියි. මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට හංගලා අත්සන් කළේ ඇයි? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157වැනි වගන්තියේ සඳහන් වෙන්නේ අන්තර්ජාතික ගිවිසුම් හා සම්මුතීන් අත්සන් කිරීමට අදාළවයි. එයින් කියවෙන්නේ මොකක්ද?

“ශ්‍රී ලංකා රජයේ නීතිය යටතේ සංස්ථාගත කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ශ්‍රීලංකාව තුළ ආයෝජන වඩාලීම හා ආරක්‍ෂා කිරීම සඳහා ඇතිකරගත් ගිවිසුමක් හෝ සම්මුතියක් ජාතික ආර්ථික වර්ධනයට අත්‍යාවශ්‍ය වන්නක් බව මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගෙන් 2/3කට වැඩිය ඡන්දය දී සම්මත කරගත්” යනුවෙන් සඳහන් වෙනවා. මේ ගිවිසුම සම්බන්ධයෙන් එහෙම සම්මත කරගෙන නැහැ. 2/3 ඡන්දයෙන් අනුමත කරගන්න ඕන ගිවිසුමකට ඊට පිටින් ක්‍රියා කිරීමෙන් ලංකාවේ නීතිය අනුව ක්‍රියාත්මක කරන්න බැහැ.

නමුත් මේ ගිවිසුම ජාත්‍යන්තරව පිළිගත් නීති අනුගමනය කරන්න බැඳී සිටිනවා. ඒ සඳහා එංගලන්ත නීතිය, බේරුම්කරණයකට අවශ්‍ය තත්වයකදී සිංගප්පූරුව, එක්සත් ජාතීන්ගේ වෙළඳ කොමිසමේ කොන්දේසි වගේ දේවල් අදාළයි. නමුත් ශ්‍රී ලංකාවේ නීතිය අදාළ කරගෙන නැත්තේ හොර හිත නිසයි. ඒ කියන්නේ කොම්පැනිය ඒ ගොල්ලන්ගේ පැත්තෙන් වැඩේ හරියට කර ගත්තත් අපේ ආණ්ඩුවේ කට්ටිය ශ්‍රී ලංකාවේ නීතියෙන් මේ කොම්පැණිය නිදහස් කර තිබෙනවා.

තවත් පැත්තකින් ලංකාවේදී පෞද්ගලික හා වාණිජ නීතියට යටත් කරන ගිවිසුම මහා භාණ්ඩාගාරයේ ලේකම් අත්සන් කර තිබෙනවා. 16වැනි පිටුවේ ගිවිසුමේ දෙවැනි අදියරේ ගෑස් සැපයීමට පාවෙන ගබඩාව ඉදි කිරීම, නළ මාර්ග එළීම සහ ගබඩා කිරීම, යන සමස්ත ක්‍රියාවලිය ඇතුළත් බව කියනවා. ඒ අනුව එක ගිවිසුමකින් ශ්‍රී ලංකාවේ නීතියට පිටින් ආවරණය කරගෙන තිබෙනවා. ජනතාව සතු බලශක්ති අයිතිය මේ විදිහට විකුණා දමන්න අයිතිය දී තිබෙන්නේ කාටද?

අපේ රටට පරංගි ඇවිත් ඉල්ලුවේ ගෙරිහං කඩක් එළා ගන්න ඉඩකඩක්. ඔවුන්ගේ යටි අරමුණ අපේ රජවරුන්ට තේරුණේ නැහැ. අන්තිමටම රාජධානියම ආවරණය කර ගත්තා.   පරංගි එන කාලයේ හිටි අයගේ නූතන කට්ටිය තමයි අද ඉන්නේ. මේ ගිවිසුම් අනුමත කර තිබෙන්නේ ඇස් කණ් පියාගෙන. මේ බව රටේ ජනතාව තේරුම් ගන්න ඕනෑ.

  • ලියාපදිංචිය හොර තිප්පලක

මේ කොම්පැනිය ලියාපදිංචි කර තිබෙන්නේ ඇමරිකාවේ ඩෙලවර් නගරයේ. ශ්‍රී ලංකා  පවර් හෝල්ඩිං කියන කොම්පැණියේ වාර්ෂික බදු මුදල හැටියට සඳහන් කර තිබෙන්නේ ඩොලර් 300යි. එහෙනම් ඩොලර් 300ට සොච්චම් බද්දක් ගෙවන කොම්පැනියකට තමයි අපේ රටේ බලශක්තිය ගැන තීරණ ගැනීම් පවරා දෙන්න යන්නේ. ඩෙලවර් කියන්නේ හොරුන් ලියාපදිංචි කරන තිප්පොළක් වගේ නගරයක්. ලංකාවේ බදුවලින් මේ සමාගම නිදහස් කරන බව සඳහන් වෙනවා. මේ කොම්පැනිවල ඇමරිකානු අධ්‍යක්‍ෂ මණ්ඩලය කවුද කියලා මේ රටට හෙළි කරන්න ඕනෑ. පැනමා පත්‍රිකාවල හෙළිදරව් වුණු අයත් මෙතනම ලියාපදිංචි වෙලා තියෙනවා. පැන්ඩෝරාත් ඒ වගේ. ළමයෙක් ඉස්කෝලේ දා ගන්න පදිංචිය සහතික කරන තැන් තියෙනවා වගේ හොර බිස්නස්වලටත් වෙන් වෙච්ච තැන් ලෝකයේ තිබෙනවා. ඇමරිකානු එක්සත් ජනපදයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ මේ ගැන විශේෂයෙන් හොයනවා.

අපේ රටේ ආගමික නායකයින්ගෙන් අපි විශේෂ ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් සොයා බලා මැදිහත් වෙන්නේ කියලා. අනාගත පරම්පරාවේ බලශක්ති අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. දැනට නිහඬ කර තිබෙන කැබිනට් ඇමතිවරුන්ගේ හඬ අවදි කරන්න කියලා අපි ඉල්ලනවා. විශේෂයෙන්ම ඉදිරියේදී වැඩිපුර කරුණු මේ සම්බන්ධයෙන් හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා.

සම්පූර්ණ ගිවිසුම මෙතැනින් බලන්න…

https://docdro.id/4RrjwKO

Yugadanavi Agreement – Confidentialty clause

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ත්‍රී මධුර විතානගේ ගමට යයි…

Next Post

රජයට එරෙහිව හඬ නැගූ බෙලරුස් විපක්ෂ නායකයාට වසර 18ක සිරදඬුවමක්

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.