බෙලරුසයේ විපක්ෂ නායකවරයා හට එරට අධිකරණයක් විසින් වසර 18ක සිර දඬුවමක් ලබාදී තිබේ.
විපක්ෂ නායක සර්ගී ටිකහනොව්ස්කි විසින් බෙලරුස් නායක ඇලක්සැන්ඩර් ලුකාශෙනකෝ ගෙන යන පාලනය දැඩි විවේචනයට ලක්කිරිමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සිර දඬුවම නියමවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඒ අනුව සොවියට් පාලනයෙන් පසු බෙලරුසය තුල දේශපාලන පළිගැනීමක් ලෙස ලබාදුන් දීර්ඝතම සිර දඬුවම මෙය බවද වාර්තාවේ.
සර්ගි විසින් 2020 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණයේදී එරට වර්තමාන පාලක ඇලෙක්සැන්ඩර්ට එරෙහිව තරඟ වැදීමට නිමිතව සිටියද මැතිවරණයට පෙර ඔහුව බෙලරුස් රජය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ඉන්පසුව සර්ගිගේ බිරිද වූ ස්වෙට්ලානා මැතිවරණයට තරඟ කළ අතර එයින් තමන් ජයගත් බව ඇය පැවසුවද ඇගේ ආරක්ෂාව පිළිබඳ බියවීම හේතුවෙන් දරුවන් සමඟ පලා යෑමට ඇය තීරණය කළාය.
කෙසේ වෙතත් බෙලරුස් විපක්ෂ නායකයා හට ලබා දුන් අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් මේවන විට එරට තුල මෙන්ම යුරෝපය තුලද විශාල කතා බහකට ලක්ව ඇත.