ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරිමට හැකියාව තිබේදැයි හෙට (15) දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය ලිට්‍රෝ ගෑස් සමාගමට අද නියෝග කර තිබේ.
ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු චන නාගානන්ද කොඩිකුවක්කු මහතා විසින් රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එය අද (14) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කර ඇත.
ගෑස් සිලින්ඩරයක අන්තර්ගත ගෑස් සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරිම්ට ඇති හැකියාව මෙන්‌ම දැනට වෙළෙඳුපොළට මුදාහැර ඇැති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට හැකියාවක් තිබේ දැසි එහිදි එම් විනිසුරු මඩුල්ල විමසා සිටියේ ය.
ඒ පිළිබඳව තම් සේවාදායකයන් ගෙන් විමසා කරුණු ඉදිරිපත් කිරිමට හෙට දින තෙක් කල් ලබා දෙන ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම් වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසුරිය මහතා එම් අවස්ථාවේදී අධිකරණයට දන්වා සිටියේ ය. ඒ අනුව අදාළ පෙත්සම් හෙට දින යළි කැඳවීම්ට නියම කෙරුණි.
අභියාචනාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන් ඉදිරියේ අද එම පෙත්සම් කැඳවනු ලැබ තිබුණි.