බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පේරාදෙණි සරසවියේ  සිදුවූයේ කුමක් ද?…

by editor
ඔක්තෝබර් 8, 2022
in සමාජ
Peradeniya
Share on FacebookShare on Twitter

මේ දිනවල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය මුළුමනින්ම වසා දමා තිබේ. එහි පීඨාධිපතිවරයා වන ආචාර්යය ප්‍රභාත් අත්තනායක   තමන්ට සිසුන්‌ගෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි මාධ්‍ය හමුවේ රටට කියා ඇත.

මරණ තර්ජන ඇති බව කී නමුත් , මෙය ලියන  මොහොත වනතුරුත්  පීඨාධිපතිවරයා   කිසිදු පොලිස් ස්ථානයක ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර නැත.

ශාස්ත්‍ර පීඨය වසා දමා තිබුණද , මේ රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පීඨයේ සියළු ආචාර්යය මණ්ඩලයට  සියළු දීමනා සහිත මාසික වැටුප ලබයි. දරුවන් වෙනුවෙන්වන ශාස්ත්‍ර පීඨයේ නඩත්තු කටයුතු ද ජනතා මුදලින් සිදු  වෙයි. ඒ සියල්ල එසේ වෙද්දී ආචාර්යයවරුන් ගේ සහ  ශිෂ්‍ය සංගම්වල කඹ ඇදිල්ල හේතුවෙන් ඒ කඹයෙන් උපාධි අපේක්ෂිත සාමාන්‍ය සිසුන් ගේ ගෙල ට තොන්ඩුව වැටී ඇත.

කඹයේ තවත් කෙළවරක ගැට ගැසී ඇති ලජ්ජා සහගත දේශපාලන බලපුළුවන්කාරකම්වල සෙවනැල්ල ඇතැම් ආචාර්යයවරුන්ගේ සහ ශිෂ්‍ය සංගම්වල හිස මතට පතිත වී තිබේ.  අවසානයේ විශ්ව විද්‍යාල වෙත වැයවන ජනතා බදු මුදල් වල බර නැවත ජනතාව මත පැට වී තිබෙන්නේ ය.

සැප්තැම්බර් 14 වන දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  නීති අධ්‍යයන අංශයේ ශිෂ්‍ය පිරිසකට ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය පිරිසක් විසින් ශාස්ත්‍ර පීඨයට අයත් ගෙම්බා ආපන ශාලාවේ දී පහර දෙනු ලැබීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ගැටුමට හේතුව

ගැටුමට හේතුව බව කීවේ නවක වදයට විරුද්ධ   නීති සිසුන් ගෙම්බා කැන්ටිමට පැමිණීමය. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතියට අනුව නවක වදයට විරුද්ධ විශ්වවිද්‍යාල සිසුන්ට පොදු ආපනශාලා ක්‍රීඩාගාර පිහිනුම් තටාක  වැනි පොදු ස්ථාන පරිහරණය හනම්ය.  යම් හෙයකින් එවැනි පරිහරණයක් සිදුවනු දුටුවිට නවකවදයට පක්ෂ සිසුන් ඊට මැදිහත්ව විරෝධය පෑම සිදුවෙයි.

ගෙම්බා ආපන ශාලාව යනු නවක වදයට පක්ෂ එය අනුමත කරන සිසුන් භාවිත කරන ආපන ශාලාවය. නවක වදයට විරුද්ධ නීති සිසුන් ඊට ඇතුළු වීමට විරුද්ධව ඔවුන්ට පහර දෙන්නේ නවක වදයට පක්ෂ සිසුන්ය .

පහරදීම හේතුවෙන්   නීති සිසුන් එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට පරිපාලනයට ද මැදිහත් වීමට සිදුවිය. මෙම ගැටුම සිදුවන්නේ 14 වෙනි දින පස්වරුවේ ය. එදින පහර කෑ කිසිදු සිසුවෙක් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළු වන්නේ නැත.

නමුත් සැප්තැම්බර් 15වන දින පෙරවරුවේ පහරකෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක පේරාදෙණිය පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්නේ ය. සිද්ධියට අදාළව දෙපිරිසේම ප්‍රකාශ ලබා ගැනීම සඳහා සියලු දෙනා පේරාදෙණිය පොලිසිය වෙත කැඳවන්නේය. එම අවස්ථාවේදී නවක වදයට පක්ෂ පහර දීමට මුල් වූ සිසුන් පොලිසියට යන්නේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත පිරිස සමග ය. මේ අතර 15 වැනි දා  වනවිට පහර කෑ නීති සිසුන් ගෙන් තිදෙනෙක් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගන්නේය.

අදාළ ගැටුම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ නවක වද පනත ට යටත්ව බවට පීඨාධිපතිවරයා ප්‍රමුඛ  ආචාර්යවරුන් පිරිසක් කරුණු දක්වා  තිබිණි. නවකවද පනත යටතේ ඇතුළට දැම්මොත් ඇපත් නැත. එහෙත් මෙම ගැටුමට අදාළව නවකවද සිද්ධියක් පදනම්ව නැති බවට පොලිසිය නිරීක්ෂණය කළේය.  නීතිය ක්‍රියාත්මක වන්නේ ඊට පරිබාහිරව ය.

අවසානයේ ශාස්ත්‍ර පීඨ සිසුන් එකොලොස් දෙනෙකුගේ පන්ති තහනම් කෙරිනි.

අධ්‍යයන කටයුතු නතරවීම

මේ වන විට සිසුන් එකොළොස් දෙනා ගේ පන්ති තහනම් ය .ශාස්ත්‍ර පීඨයේ සමස්ථ අධ්‍යාපන කටයුතු ද නතර කර දමා තිබේ.

ශාස්ත්‍ර පිඨයේ අධ්‍යාපනය  කටයුතු නතර වීම පසුපස ඇත්තේ ඇතැම් ආචාර්යවරුන් ගේ සහ ශිෂ්‍ය සංගම් සිසුන් අතර ඇති මතවාදී ගැටුම ය.

මේ අතර ඉකුත් සතියේ ස්ත්‍ර පීඨ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහජනතාවට කියා සිටින්නේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් ඔහුට මරණ තර්ජනය කළ බව ය. මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාද ගමගේ මාධ්‍ය හමුවක් තබා ඊට පිළිතුරු දෙමින් කියා සිටින්නේ තමන් කිසිම අවස්ථාවක පීඨාධිපතිට මරණ තර්ජන එල්ලකර නැති බවය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්  සහ ආචාර්ය මණ්ඩලයේ  මෙම ගැටුම මේ වන විට රටේ   පාර්ලිමේන්තුව තුළ ද කථිකාවට ලක් වෙමින් ඇත.

ශිෂ්‍ය සංගම් සියල්ලේ බලය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය නියෝජනය කරනු ලබන උදවියට ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ නවයක් තිබේ. පීඨ නවයෙන් හතක ශිෂ්‍ය සංගම් සභාපති ධුරය හොබවනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සාමාජිකයන්ය. සෙසු ශිෂ්‍ය සංගම් 2හි සභාපති ධුරය හොබවනු ලබන්නේ පෙරටුගාමී පක්ෂය නියෝජනය කරන සිසුන්ය.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය වූ ගැටුම් කරා පොළඹවන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමීන් බව   ඔවුහු කියා සිටිති.   පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ගැටුම මේ වන විට ප්‍රධාන දේශපාලන ගැටුමක් වී ඇත. අරගලයට පණ පෙවූ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ජවසම්පන්න මැදිහත්වීමට එරෙහි ප්‍රතිප්‍රහාර ශිෂ්‍යන් දෙපිරිසක් අතර ආරවුලකින් ඇවිලී ඇත.

ආචාර්යවරුන්ගේ  දේශපාලන බැලකම

ආණ්ඩුවේ  දේශපාලන බැලකම හිසින් වඩම්මන ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මෙන්ම  වාමාංශික නැඹුරුවක් සහිතව හැමදාම ක්‍රියාත්මක වූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් අතර ගැටුම   ආණ්ඩු හිතවාදී දේශපාල කණ්ඩායම් මේ වනවිට කදිම දේශපාලන අවස්ථාවක් කරගෙන ඇත.  මේ වනවිට ජනතා ප්‍රසාදය සහිතව ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාරයක් අප්‍රසාදයට ලක් කිරීම මෙම ගැටුම භාවිතා කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇත.

සිද්ධිය  සම්බන්ධයෙන් ඇතැම් ආචාර්යවරුන් පොලිසියට විවිධ අවස්ථාවල විවිධාකාරයේ දැනුම්දීම් සිදු කර තිබුණද පොලිසිය මැදහත්ව සිසු ගැටුම සමථ මණ්ඩලය හරහා නිරාකරණය කිරීමට කටයුතු කර තිබිණි.

ගැටුමට සම්බන්ධ පාර්ශවයත් ශිෂ්‍ය සංගම් සහ ශාස්ත්‍රපීඨ ආචාර්යවරු විනය පාලක ඇතුළු පිරිස ඉන් පසු අවස්ථාවක සාකච්ඡාවක් පැවැත්වූහ. එම සාකච්ඡාවේදී එකඟතාවයකට ආවේ ඉදිරියේ දී මෙවැනි පහරදීම් සිදු නොවන බවට ය.  තවද නවක වදයට විරුද්ධ පිරිසට විශ්ව විද්‍යාලයේ ආපනශාලා ක්‍රීඩාගාර පිහිනුම් තටාක පරිහරණය කළ හැකි බවටද එකඟතාවයක් ඇති විය.

ශිෂ්‍ය සංගම් සමග ඇති කරගත් එම එකඟතාවය ලිඛිත පොරොන්දුවක් ලෙස ලබා දෙන්නැයි පීඨාධිපතිවරයා දිගින් දිගටම කියා තිබිණි. එම ලිඛිත පොරොන්දුව මෙතෙක් නොලැබුණු බැවින් මෙම ගැටුම වෙනස් ස්රූපයකින් ඉදිරියට ඇදී යන බවක් පෙනෙන්නේ ය.

මේ තත්ත්වය   සංවාදයකින් නිමා කළ යුතුව තිබේ. එසේ නොවන අවස්ථාවේ මේ බොර දියේ මාළු බාන්නේ දේශපාලන සිඟාලයින් බව ලියා තැබිය යුතුය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස තුනක් සභාවාරවලට පැමිණ නෑ… මහනුවර පොහොට්ටු නගරසභා මන්ත්‍රීගේ ධූරය අහෝසියි…

Next Post

පොලිසිය නිවෙස්වලට ගිහින් පුද්ගලික තොරතුරු රැස් කරන්න අරන් – මනෝ ගනේෂන්…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.