පොලිසිය කොළඹ ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් පෞද්ගලික තොරතුරු රැස්කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
මන්ත්‍රීවරයාට පවසන්නේ තමන් කළ විමසා බැලීමක දී පොලිස් නිලධාරියෙකු දන්වා ඇත්තේ මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ ‘අරගලය’ට පසුව බවය.
අද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම ක්‍රියාවලියට එකඟ විය නොහැකි බවත් එවැනි තොරතුරු ලබා නොදෙන ලෙස තම ජනතාවට දැනුම් දෙන බවත්ය.
එවැනි සංවේදී තොරතුරු විටින් විට වැරදි පුද්ගලයින් අතට පත් විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
“පොලිස් ආඥා පනතට ඒ සඳහා ඉඩක් තිබුණත් සාමාන්‍ය තත්ත්වය තුළ එවැනි භාවිතයන් අත්හිටුවිය යුතුයි. මේ සාම කාලයයි. එබැවින් එවැනි අසාමාන්‍ය ක්‍රියාකාරකම් තිබිය නොහැකියි, ” ඔහු පැවසීය.
“මේ පොලිස් රාජ්‍යයක්ද?“ මා පොලිස් ඇමැති ටිරාන් අලස්ගෙන් විමසීමක් කළා. ඔහු වහා කීවේ ඔහු එවැනි ක්‍රියාකාරකමක් නොදන්නා බවයි.“ මනෝ ගනේෂන් සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත
2/2: Though police ordinance has room, there should be a moratorium of use during normalcy. This is peacetime. There can’t be unusual activity as such. “Is it a Police-State?” I inquired from police minister #Tiran_Alles. He promptly said he doesn’t know any such activity.
— Mano Ganesan (@ManoGanesan) October 8, 2022