බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පාතාලයට ගිය රටක්… මාස 09යි… පාතාල වෙඩි තැබීම් 95යි… ඝාතන 49යි… බරපතල තුවාල 46යි..

පාතාලයට එරෙහිව රාජකාරි කළ පොලිස් නිලධාරීන් ඝාතනය වෙද්දීත්  පොලිසිය කරන්නේ මොනවා ද?

by editor
ඔක්තෝබර් 11, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ගතවූ මාස 09ක කාලය තුළ සන්නද්ධ පාතාල කණ්ඩායම් විසින් කළ වෙඩි තැබීම් 95කින්  පුද්ගලයන් 49  ඝාතනය කර 46 දෙනෙකුට බරපතල තුවාල සිදුකර  ඇතැයි අපරාධ විමර්ශන අංශ පවසයි.

අද උදෑසනත් අහුංගල්ලේ දී කොස්ගම නූපේ පදිංචි 38 හැවිරිදි පුද්ලයෙක් ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණි. දිවි බේරාගත් එම පුද්ගලයා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගනිමිනි.

මාතරදී ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඒ වෙනුවෙන් නිවාඩු දමා පැමිණ සිටි හමුදා සෙබලෙක් සහ හමුදාවෙන් පලවා හැරි  පුද්ගලයෙක්  මාතර පොලිසිය විසින් පෙරේදා අත් අඩංගුවට ගත්තේය. මේ වනවිට එම වෙඩි තැබීම් රැල්ල දකුණු පළාත තුළ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක අතර ඊට නොදෙවෙනිව බස්නාහිර පළාත තුළ ද ක්‍රියාත්මකව ඇත.

මේ වන එළිපිට මරා ගන්නා කොස්ගොඩ සුජී ගේ සහ රත්ගම විදුරගේ පාතාල කල්ලිවල තුච්ඡ මිනී මරා ගැනිම හේතුවෙන්   ගාල්ල, මාතර, ඇල්පිටිය, රත්ගම, අහුංගල්ල   ප්‍රදේශවල ජනතාවගේ සාමාන්‍ය ජීවන රටාව ද වෙනස් වී ඇත්තේ බිය මුසු අනාරක්ෂිත හැඟීම් නිසාය.

මෙතෙක් කලක් පාතාල ඝාතන සහ මිනී මරාගැනීම්වල යම් කිසි සීමාවන් තිබිණි. ඉලක්ක ගත පුද්ගලයින් ඍජුවම පාතාල ක්‍රියාකාරීහු වූහ. නමුත් මේ වන විට පාතාල සහ මත්කුඩු ජාවාරම් කිසිවකට සම්බන්ධ නැති පුද්ගලයින් පාතාල කල්ලි මෙහෙයවන්නන්ගේ ඥාතීන් වීම මතම ඝාතනය කිරීමට පටන් අරන් තිබීමය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඩී.වී. චානකගේ මාමන්ඩිය වූ ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් ඝාතනය

මෙම පාතාලයින් දෙන්නාම ලංකාවේ නැත. කොස්ගොඩ සුජී ඉන්නේ ඩුබායිවලය. රත්ගම විදුර ඉතාලියේය. රටේවත් නොසිට පිට රටක සැඟවී ගෙන කුලීකරුවන් යොදා ගෙන නිරායුධ මිනිසුන් ඝාතනය කරමින් මුන් ලබන්නේ අහවල් ආතල් එකක් දැයි අපට වැටහෙන්නේ නැත.

ඒ අතර තවත් අපරාධ කල්ලි දෙක්ක වූ පොඩි ලැසීගේ කල්ලිය මෙන්ම කරන්දෙනිය සුද්දාගේ කල්ලිය දුර්මුඛ කරමින් සිය අපරාධ මර්ධන රාජකාරිය කළ අම්බලංගොඩ පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වූ පොලිස් පරීක්‍ෂක බාලේන්ද්‍රසිහ පෙරේදා ඝාතනය කරනු ලැබුවේය. ඔහු වැඩ තහනමට ලක්වී සිටින්නේ සැකකරුවන්ට කෲර ලෙස සැලකීම පිළිබඳ වූ වරදටය.

කෙසේ වුවත් පොඩි ලැසී ඇතුලට ගියේත් කරන්දෙණිය සුද්දා අත්අඩංගුවට පත් වී අනතුරුව ඇපමත නිදහස් වූ පසු රටේවත් ඉන්නට බැරිව රට පැන්නේත්  පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිහ නිසාය. පොලිස් පරික්ෂකවරයා වෙඩි තබා ඝාතනය කරන්නේ මේ කල්ලි දෙකෙන් එකකි. බොහෝ විට එය කරන්දෙනිය සුද්දා හෙවත්  ජයලත් සුද්දාගේ කල්ලිය අතින් වීම ඉඩකඩ වැඩි බව  ඇති බව

පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් ගතවූ මාස 9 තුළ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධීන් 95 ක් වාර්තා වී ඇත්තේය. එම සිද්ධීන්වලදී පුද්ගලයන් 49ක් ඝාතනය වී  46 දෙනකු බරපතළ තුවාල ලබා තිබිණි.

මෙම වෙඩි තැබීම්වලින් සිදුකළ ඝාතන 49න් 35ක්ම දකුණු හා බස්නාහිර පළාත්වලය.   දකුණු පළාත තුළ පුද්ගලයන් 17 දෙනකු ද, බස්නාහිර පළාත තුළ පුද්ගලයන් 18 දෙනකු ද  මේ වනවිට පාතාල කල්ලි විසින් මරා දමා තිබේ.

පාතාල මර්ධනයට කැප වුන පොලිස් පරික්ෂක බාලොන්ද්‍රසිහගේ මුහුණට වෙඩි තබා පාතාලයන් විසින් ඝාතනය කර තිබූ ආකාරය…

මේ කුමණ රටක් දැයි ප්‍රශ්න කරන මට්ටමට නීතිය අයාලේ ගොස්ය. කුඩු ජාවාරම්කාර මිනී මරු  පාතාලයන්ගේ      අවසන් මූලයන් නවතින්නේ දේශපාලකයන් ලඟය. නැතිනම්  පොලිස් ලොක්කන් ලඟය. මේ රටාව ඕනෑම එකෙකුට වටහා ගත හැකිය.

පාතාලයන් නිර්මාණය වන්නට හැර උන්ව හසුරුවා සියලු පාදඩකම් කරගන්නා මේ බලවත් ඉහළ පෙළ එම පාතාලයා තමන්ට ගැටලුවක් බවට පත්වන මොහොතේ අත් අඩංගුවට ගෙන පිටපතකට අනුව මරා දමන්නේය. අනතුරුව තවත් එකෙක් නිර්මාණය කරන්නේය. ඌවත් මරා දමන්නේය.

මුන් පාතාල මර්ධනය කරනකම් බලාගෙන හිඳිමින්  නමගිය පාතාලයෙක් හෝ උගේ ගෝලයෙක් වෙඩි තබා මරා දැමූ විට ත්‍රිල් එකක් ගොස් හුරේ දමන උන්ට කියන්නට ඇත්තේ අපි හැමෝම මේ මහා ව්‍යසනයේ ගොදුරක් වෙමින් ඇති බවය.

ඒ නිසා ඔබට කියන්නට ඇත්තේ හෙට  අනිද්දා හරක් කටා හෝ කුඩු සළිඳු වෙඩි වැදී මිය ගියත් හුරේ දමන්නට නොගොස් සිදුවෙමින් ඇති පාතාලයේ සැඟවුන ගැඹුර තේරුම් ගන්නා ලෙසය. මේ අපරාධකරුවන්  සිටින්නේ රහස් ගොඩක් ද සහිතවය. ඒ රහස්  ඔබ අප සිතනවාට වඩා ගැඹුරට කිඳා බැස ඇතිවා විය හැකිය.

විනාශ කළ යුත්තේ මේ අජූත ක්‍රමය ය. ක්‍රමය නඩත්තු කරගෙන ගොස්  පුද්ගලයින් විනාශ කර  පාතාල මර්ධනය කිරීමේ ප්‍රදර්ශනාත්මක රංගන දේශපාලකයින්ගේ පැවැත්මටත් උන්ගේ ගොට්ටන් වූ පොලිස් ලොක්කන්ගේ ලකුණු මට්ටම් වලටත් හොඳය. රටට නම් මෙලෝ වැඩක් නැත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දකුණ අදත් පත්තු වෙයි… අහුංගල්ලේ  වෙඩි තැබීමක්… වාහනයකින් පැමිණි කණ්ඩායමක් ත්‍රි රෝද රථ රියදුරෙකුට වෙඩි තබයි!

Next Post

ඇස් ඇති එවුන් බලත්වා!  පාදඩ පාතාලයන් සමග නිරුවත්වුන පොලිසියක පාතාලයෙන්  මරා දැමූ ගමන් සගයා අයි.පී.බාලේන්ද්‍ර ගැන නාකොටික් රංගජීව කියපු කතාව!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.