ලලිත් චාමින්ද –
අද (11) උදේ අහුංගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීකින් පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ගාල්ල කොළඹ මාර්ගයේ අහුංගල්ල රීව් හෝටලය ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුවී තිබිණි. තුවාලකරු වයස අවුරදු 38ක් වූ නාපේ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි වැදුන පුද්ගලයා ත්‍රී රෝද රථයක් පදවාගෙන යද්දී මොටර් රථයකින් පැමිණි කණ්ඩායමක් ඔහුට වෙඩි තබා පලා ගොස් ඇත.
ඉලක්ක වූ පුද්ගලයාගේ අතට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරතල නොවන බවත් පොලිසිය පවසයි.
මේ වනවිට දකුණේ මිනී මරා ගන්නා කොස්ගොඩ සුජීගේ සහ රත්ගම විදුරගේ පාතාල කල්ලිවල ගැටුමේ ගොදුරක් ද යන්න පිළබඳව විමර්ශන අංශවල අවධානය යොමු වී තිබේ.
අහුංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.