බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

“පාර්ලිමේන්තුවේ ඉන්න තමන්ටම කියා ගෙයක් නැති එකම කෙනා මමයි”

වනජීවී නිලධාරීන් සමඟ පැටළුණු රාජ්‍ය ඇමති විලමවීර දිසානායක ලංකාසරට කතා කරයි

by Lanka Sara Editor
දෙසැම්බර් 1, 2020
in පරිසරය
Share on FacebookShare on Twitter
  • ජඩ මාධ්‍යයයි එන්.ජී.ඕ කාරයොයි මට ගහනවා

  • ගස්වලට උදේ සවස වතුර දාන්න විතරක් මට රුපියල් 25000ක් විතර වියදම් වෙනවා

  • වනෝද්‍යාන මැදින් තියෙන එකම පාර මේක නෙවෙයි

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා ඇති මාර්ගය යළි විවෘත කිරීම හා වන උද්‍යානයකට අයත් ඉඩම් ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දීමට ක්‍රියා කළ බවට සහ වනජීවීන් වෙනුවෙන් හඬ නගන්නට ගිය වනජීවී නිලධාරීන්ට බැන වැදුණු බවට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධව වනජීවී රැකවරණ, අලිවැට සහ අගල් රාජ්‍ය ඇමති ඇමති විමලවීර දිසානායක මහතා සමඟ ලංකාසර සාකච්ඡාවකි.

විමලවීර දිසානායක කියන්නේ පරිසර හිතකාමියෙක් ද?

ඔව්. මම පරිසරයට ආදරය කරන, පරිසරය ආරක්ෂා කරන සැබෑ පරිසර හිතකාමීයෙක් බව නොබියව ප්‍රකාශ කළ හැකියි.

කොහොමද එහෙම කියන්නේ ඒ වෙනුවෙන් මොනවද ඔබ සිදුකර තිබෙන්නේ?

මම ගමේ උපන් ගමේ හැදී වැඩී ගැමි ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. මගේ ජීවිත කාලයේ කිසිදාක උදලු මිටකට, පොරෝ මිටකට රක්ෂිතයකින් හෝ වෙනත් කැලේකින් ගසක් කපල නැහැ. කැලයකට හානියක් කර නැහැ.
නැගෙනහිර පළාත් සභාවේ ඉඩම් ඇමතිවරයා ලෙස අවුරුදු අටක් මා කටයුතු කළා. ඒ කාලය තුළ වනාන්තර ආරක්ෂා කළා. අභය අභය භූමි ආරක්ෂා කළා. වන වගා ව්‍යාපෘති දියත් කළා. වනයේ තිබෙන දැව හොරට කපාගෙන විකුණාගෙන කනකොට කොට පටවන්නන්ට එරෙහිව ක්‍රියා කළා. නීතියේ රැහැනට හසු කර දීමට උපායශීලීව ආරක්ෂක අංශවලට තොරතුරු ලබා දුන්නා.

දිනපතා වනාන්තර විනාශ වෙමින් තිබෙනවා. ඇතැම් ප්‍රදේශ දැව ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්කරගෙන තිබෙනවා. වනජීවී රාජ්‍ය ඇමතිවරයා ලෙස මේවා නවතා දැමීමට ඔබ ක්‍රියාකළ යුතු වුවත් ජනමාධ්‍යයෙන් අපට අහන්න දකින්න ලැබුණේ ඔබ ඔය කියන දේට වඩා වෙනස් කතාවක්. පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා ඇති මාර්ගය යළි විවෘත කර දීමට හා රක්ෂිතවල ඉඩම් ජනතාව අතර බෙදා දීමට ඔබ කටයුතු කරන බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබෙනවා නේද?

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එය කිසිදු සත්‍යයක් නැති අමූලික බොරු චෝදනාවක්. මේ බොරු චෝදනාව නිර්මාණය කරමින් මහා විනාශ සිදු කිරීමට උත්සාහ ගන්නේ පිටරට ඩොලර් කුට්ටිවලින් මහා ධනවතුන් බවට පත්ව සිටින පරිසර සංවිධාන, අර සංවිධානය, මේ සංවිධාන කියාගන්නා NGO නඩ හා රටේ තිබෙන ජඩමාධ්‍ය කිහිපයක් . මම කිසි විටෙකත් රක්ෂිතයේ ඉඩම් බෙදන්න හෝ ඒවා වෙන අයට පවරා දෙන්න ක්‍රියා කළේ නැහැ. මොකද වනාන්තරයක තියෙන වටිනාකම මා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. දිනපතා උදේ සවස අවට ගස්වලට ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් මාසිකව මට රුපියල් 26,000 ක 28,000 ක විදුලි බිලක් එනවා.

පොළොන්නරුව ජලගැලුම් නිම්නය මැදින් පොලොන්නරුව මඩකලපුව මාර්ගය ඉදි කොට තිබෙනවා. මේ නිම්නයට හානියක් සිදුවෙනවා නම් එම මාර්ගය වසා දැමිය යුතුයි. ඒ වගේම අම්පාර කොළඹ මාර්ගය ගල්ඔය ජාතික වනෝද්‍යානය මැද්දෙන් ඉදිකොට තිබෙනවා. එම වනෝද්‍යානයට එය හානියක් නම් එයත් වසා දැමිය යුතුයි. එමෙන්ම පොලොන්නරුව සිට කොළඹ මාර්ගය මින්නේරිය ජාතික වනෝද්යානය මැදින් ඉදිකොට තිබෙනවා. හබරණ ත්‍රිකුණාමලය මාර්ගය ඉදිවී තිබෙන්නේ කුරුලු ජාතික වනෝද්‍යානයේ මැදින්. මෙලෙස මේ රටේ වනෝද්‍යාන හරහා විවිධ මාර්ගය ඉදිකර තිබෙනවා. මේ රටේ ජනමාධ්‍ය හා ඇතැම් පරිසර සංවිධාන කියන ආකාරයට මාර්ගයක ගමන් බිමන් සඳහා යොදා ගැනීමෙන් පරිසරයට හානියක් සිදුවනවා නම් ඒ සියලු මාර්ග වසා දැමිය යුතුයි.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා ඉදිකොට තිබෙන බව මෙම මාර්ගය ඈත අතීතයේ අඩි පාරක් බවට පත්ව තිබුණා. පසුව එය කරත්ත පාරක් බවට පත්වුණා. 1980 ගණන් වල සිට මෙම මාර්ගයේ බස් රථ ධාවනය ආරම්භ වුණා. මේ තත්ත්වය මත මාර්ගය අවට ජීවත් වන අහිංසක මිනිස්සු ප්‍රකාශ කරන්නේ එදා අපි මේ මාර්ගයේ බස් රථවලින් ගමන් කළා. පොලොන්නරුවට කිලෝමීටර් 13න් යා හැකි‍‍‍‍යි එහෙමනම් තවදුරටත් මාර්ගය වහගෙන සිටින්නේ ඇයිද? කියා ඔවුන් ප්‍රශ්න කරන්නේ.

නමුත් 1984න් පසු මෙම ජල ගැලුම් නිම්න ප්‍රදේශය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමත් සමඟ මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමුණා නේද?

ඔව් ජල ගැලුම් නිම්න වනෝද්‍යානය ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස්රථ ධාවනය හා වාහන ධාවනය තහනම් කළා. නමුත් මේ මාර්ගයේ කරත්ත ගමන් කළා. වර්තමානයේ පමණක් නොව ඈත අතීතයේ මේ මාර්ගයේ කරත්ත ගමන් කර තිබෙනවා. එක්දහස් නවසිය අසූ ගණන්වල අග භාගයේදී මාර්ගයේ අවට ගම්මානවල කොටි ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ල වීමත් සමඟ ආරක්ෂක අංශ මැදිහත් වී මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමුවා.
මේ මාර්ගය මෙලෙස වසා දැමීම නිසා යක්කුරේ වැනි ගම්මානවල සිට පොළොන්නරුවට පැමිණීමට කිලෝමීටර 53ක් තිබෙනවා. නමුත් වසා දමා තිබෙන මේ මාර්ගයේ ඒ ගම්වල ජනතාව පොළොන්නරුවට පැමිණෙනවා නම් කිලෝමීටර් 13 පැමිණිය හැකියි. යම් හදිසි රෝගී තත්ත්වයකදී පුද්ගලයෙක් රෝහලකට ගෙන ඒමේ දී මේ ජනතාව අනේකවිධ දුක් ගැටළුවලට මුහුණ දෙනවා. මෙලෙස කිලෝමීටර් දහතුනෙන් පැමිණීමට තිබෙන ගමනක් කිලෝමීටර් පනස් තුනක් පැමිණීමේදී ඇතැම් රෝගීන් මියගොස් තිබෙනවා.

මේ සැබෑ ප්‍රශ්නය අද බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ අපි හැමෝම කොළඹ සිට මේ ප්‍රශ්නය දෙස බැලීමයි.

මේ ගම්වල ජීවත් වන ජනතාවගේ දුක වේදනාව මා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. ඒ මන්ද යත් මමත් ඉලුක් සෙවිලි කළ පැළක ජීවත් වූ ඒ පන්තියේ පුද්ගලයෙක් නිසා නමුත් කොළඹ සිට මේ ප්‍රශ්න දෙස බලන අය හිතන්නේ යත්තුරේ කියන්නේ කොළඹ වගේ තැනක් කියලයි.

2009 යුද්ධය අවසන් කිරීමෙන් පසු අපි යාපනයට දුම්රිය මාර්ග, කාපට් මාර්ග ඉදි කළා. වසා දමා තිබූ සියලූ මාර්ග යළි විවෘත කළා. වනෝද්‍යයාන මධ්‍යයෙන් ඉදිකර යුද්ධය නිසා වසා දමා තිබූ සියලු මාර්ගය යළි විවෘත කළා. නමුත් වේලුපිල්ලේ ප්‍රභාකරන් වහපු මේ මාර්ගය අදටත් වසා දමා තිබෙනවා. ප්‍රභාකරන් වසා දැමූ ඒ මාර්ගය ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපති ධුරයෙත්, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ සිටියදී එය යළි ජනතාවට ගමන් බිමන් යෑමට විවෘත කර දීමට නොහැකි නම් එය මහා පාපකර්මයක්. ජනතාවට මේ මාර්ගය වසා දැමුවත් අද වැලි ජාවාරම්කාරයින් මේ මාර්ගය පාවිච්චි කරනවා.

නමුත් රටේ පරිසර සංවිධාන ප්‍රකාශ කරන්නේ වැලි ජාවාරම්කරුවන්ගෙන් වරදාන වරප්‍රසාදවලට යටවී මේ මාර්ගය යළි විවෘත කිරීමට උත්සාහ කරන බවයි.

වැලි ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ කූට ව්‍යාපාර කර කරගැනීමට මේ මොහොතේත් කිසිම බාධාවක් නැහැ. ඔවුන් අදටත් ඒ මාර්ගය භාවිත කරනවා. නමුත් ගමේ අහිංසක ජනතාවට අද ඒ මාර්ගය තහනම් කර තිබෙනවා.
මට ජාවාරම්කරුවන්ගෙන් හෝ වෙනත් අයගෙන් වරප්‍රසාද ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. එවැනි චෝදනාවක් කිරීම පිළිබඳව මා කණගාටු වෙනවා. මොකද මගේ ජීවිතේ ගමන් මග පිළිබඳව මේ ගම්වල සිටින අහිංසක ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. අදටත් මම ජීවත් වෙන්නේ සීනි සමාගමක අයත් නිල නිවසකයි. ජරාජීර්ණ වී තිබූ ඒ නිළනිවස අලුත්වැඩියා කර ගත්තා. මේ මොහොත වන විටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින අය අතරින් තමන්ටම කියා නිවසක් නැති එකම පුද්ගලයා විමලවීර දිසානායකයි.

මට මගේ කියලා නිවසක් නැති වීම ගැන මම දුක් වෙන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මා සිදු කළ කැපවීම පිළිබඳව හදවතින්ම මට සතුටු විය හැකියි. අද මේ රටේ ඇතැම් අය දේශපාලනයට පැමිණෙන්නේ මුදල් උපයා ගැනීමට වුවත් ඒ ජරාජීර්ණ දේශපාලනයේ නියැලීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. මම දැන් කල්පනා කරන්නේ ජරාජීර්ණ දේශපාලනයෙන් මිදී ලස්සන පරිසරයක ජීවත් වීමටයි.

ඔබ කියන්නේ මේ මාර්ගය විවෘත කළොත් පරිසරයට හානියක් සිදු නොවන බව ද?

ඔහු කිසිදු හානියක් නොවන ආකාරයට මෙය විවෘත කළ හැකියි.

ඒ කොහොමද?

මේ මාර්ගය විවෘත කරනවා නම් එයට පාර කොන්ක්‍රීට් හෝ කාපට් නොයෙදිය යුතුයි. වැලි පාර තිබෙන ආකාරයටම අවට ජනතාවට පාවිච්චි කිරීමට අවසර දිය යුතුයි. මේ අවට ගම්වල අයට පමණක් එහි ගමන් කිරීමේ අවසරය තිබිය යුතුයි. එසේ නොමැතිව වැලි ජාවාරම්කරුවන් විසින් සිදුකරන වැලි ප්‍රවාහනය හා අනෙකුත් කටයුතු තහනම් කළ යුතුයි. මේ මාර්ගයෙන් ප්‍රයෝජනය ලබා ගන්නා ජනතාව 4000කට අධික පිරිසක් සිටිනවා. මේ මාර්ගය ඔස්සේ ජනතාව ගමන් කළා කියා පරිසරයට කිසිදු හානියක් සිදුවන්නේ නෑ.

රක්ෂිත ඉඩම් ඡන්ද දායකයින් වෙත බෙදාදීමට ඔබ කටයුතු කරමින් සිටින බවට චෝදනාවක් තිබෙනවා. මේ සම්බන්ධව ඔබට කියන්න තියෙන්නේ කුමක්ද?

කිසිදාක මා එවැන්නක් කරලත් නෑ කරන්නෙත් නෑ.

නමුත් පසුගියදා ඔබ එවැනි සිද්ධියකට මැදිව සිටින බව ජනමාධ්‍ය ඔස්සේ අප දුටුවා.?

ඔය ප්‍රශ්නයේ යම් නිවැරදි කිරීමක් කළ යුතුයි. එය ජනමාධ්‍ය නොවෙයි ජඩමාධ්‍යයි. සැබෑ ජනමාධ්‍ය වගකීමෙන් යුතුව කටයුතු කළා මා දුටුවා. නමුත් ඇතැම් ජඩමාධ්‍ය ජඩ විදිහට කටයුතු කළා.

ඔබ ඡන්ද දායකයින්ට රක්ෂිත ඉඩම් ලබාදීමට උත්සාහ කළේ නැති බවට සහතික විය හැකිද?

මට පොළොන්නරු පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඡන්ද නැහැ. මෙම ප්‍රශ්නය ඇතිවුණේ ඇතිවුනේ සුංගාවිල වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ ද උනේ සුංගාවිල වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ දී මේ ප්‍රදේශවල ඡන්ද මට නැහැ නමුත් මහජන නියෝජිතයින් වශයෙන් ජනතාවගේ දුක් ගැනවිලි වලට කන් දීම අපගේ යුතුකමක් මේ ප්‍රදේශයේ ජනතාවට පරම්පරාගණනාවක් වගා කළ කුඹුරු යායක් තිබෙනවා ඒ කුඹුරුයාය වනරක්ෂිත අත්පත් කරගෙන තිබෙනවා මේ ගැන සාකච්ඡා කිරීම සඳහා මා පසුගියදා එම ප්‍රදේශයට ගියා ඒ අවස්ථාවේ එහි ජනතාව කියා සිටියේ මේ කුඹුරු යාය අවට ගම්මානයේ ඡන්ද මධ්‍යස්ථානයක් පැවති බවයි. ගොවිජන සේවා කොමසාරිස් ඒ කුඹුරු යායට පොහොර ලබා ලබාදුන් නාම ලේඛන පවා ඉදිරිපත් කළා ප්‍රාදේශීය ලේකම්තුමා කුඹුරුයාය තිබෙන බවට පිළිගෙන තිබෙනවා ග්‍රාමසේවක මහතාත් මෙහි ඡන්ද මධ්‍යස්ථානයක් තිබුණු බවට සහතික කළා.

මේ දේ මා ප්‍රකාශ කළේ මේ පූර්ණ සාධක තිබුණත් මේ ප්‍රශ්නයට දේශපාලනඥයෙකු වශයෙන් මට තනි විසඳුමක් ලබා දිය නොහැකි බවයි. ඒ සඳහා ප්‍රදේශයේ දිසාපතිතුමා හා අනෙකුත් දෙපාර්තමේන්තුව හා එක්ව තීරණයක් ගත යුතු යැයි මා යෝජනා කළා එලෙස ප්‍රකාශ කොට මා එතැනින් නික්ම යෑමට උත්සාහ කළ අවස්ථාවේ තවත් පිරිසක් පැමිණ සර් අපේ ගවයින් සෝමාවතී කැලේ සිටිනවා ඔවුන් කැලෙන් එලියට ගැනීමටවත් ඔවුන් බැලීමටවත් වනජීවී වනජීවී නිලධාරීන් අපට අවසර නොදෙන බව මා හමුවේ ප්‍රකාශ කළා මෙහිදී මා නිලධාරීන්ට කීවේ මේ ගවයින් බලන්න යාමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දෙන ලබාදෙන ලෙසයි එහෙමත් නැතිනම් ඒ ගවයින් එළියට දාන ලෙස ඉල්ලා සිටියා ඒ අවස්ථාවේ එහි නිලධාරියෙක් ප්‍රකාශ කළේ මේ අය තුවක්කු රැගෙන වනයට පැමිණෙන බවයි එලෙස තුවක්කු රැගෙන එන අය සාමාන්‍ය පවතින නීතියට අනුව අත්අඩංගුවට ගන්නා ලෙස මා ප්‍රකාශ කළා.

මේ බව ප්‍රකාශ කරනවාත් සමග පරිසර සංවිධාන කියාගෙන එන අයයි ඇතැම් ජඩමාධ්‍යවල කැමරාකරුවොයි මේවා ජාතික අපරාධ යයි කියමින් උඩ පැන්නා. මෙතන වනජීවි නිලධාරින්කි හිප දෙනෙක් ද සිටියා. ඒ අවස්ථාවේ මේ මතු වූ කරුණු ගැන කිසිදු අවසන් තීන්දුවක් නොගත් බව මා ප්‍රකාශ කළත් ඔවුන් තීන්දු ගත්තත් එකයි නැතත් එකයි කියා ප්‍රකාශ කරමින් කෑ ගැසුවා.
ඉන්පසුව කිව්වා ‘අයිසෙ තමුසෙල හිතුවද මම තොත්ත බබෙක් කියා අහිංසක මිනිසුන්ගෙ දුක වේදනාව මට දැනෙනවා ඔවුන්ගේ බඩගින්නෙ ප්‍රමාණය මට දැනෙනවා මේ ගැන තීන්දුවක් ගන්නා තෙක් එලෙස හැසිරෙන්න එපා’ යැයි මම ප්‍රකාශ කළා. මේ සිද්ධිය පමණයි සිදුවුනේ. නමුත් පරිසර සංවිධාන කියාගන්නා එන්ජීඕ නඩ, ජඩ මාධ්‍ය කිහිපයක් හා වනජීවී නිලධාරීන් කිහිප දෙනෙක් වැරදි මතයක් රටට ගෙන ගියා.

මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් වැඩවර්ජනයක පවා නිරත වුණා නේද?

ඔව්. ඊට එක්වුණේ ඉතා සුළු පිරිසක්. වනජීවී නිලධාරීන් ඊට එක් වුණේ නැහැ. වනජීවී නිලධාරීන් අතර ජඩ වැඩ කරන සුළු පිරිසක් සිටිනවා. වනජීවි නිලධාරින් සියයට අසූවක්ම තම රාජකාරිය අකුරට කරමින් ඔවුන්ගේ වගකීම් නිසිලෙස ඉටු කරමින් සිටින බව කිව යුතුයි. ඒ අයට අඩුපාඩුකම් රැසක් තිබෙනවා. ඒ සියල්ල සපුරා ලීමට මා මේ දිනවල උත්සාහ ගනිමින් සිටිනා බව කිව යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ධනාගාර කැරැල්ල සම්බන්ධව නිලධාරීන් පිරිසක් ගැන විමර්ශන ඇරඹේ…

Next Post

අවදානමෙන් සිටින්න… ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුවක්…

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.