සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නීතිඥ යුවල ඝාතනය කළ ඝාතකයින්ගේ කතාවේ මුල මැද අග…

by editor
පෙබරවාරි 23, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

තලංගම, අකුරේගොඩදී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු වන හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ ද්විත්ව ඝාතනය හා බැඳුණු වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (21) සිදු කළ මෙහෙයුමකින් පසු අම්බලන්ගොඩ පොලිස් වසමේ දෙල්දූවේදී සැකකරු අත්අඩංගුවට ගැනිණ. සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති බලතල අනුව දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට මේ වනවිට අධිකරණයෙන් අවසර ලැබී තිබේ.

ඝාතනය වු නීතිඥ යුවල…

වෙඩික්කරු කවුද?

අත්අඩංගුවට ගත් වෙඩික්කරු බද්දේගම පදිංචි 46 හැවිරිදි  සුනිල් රංජිත් නැමැත්තෙකි. ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙකි. අත්අඩංගුවට ගන්නා විට ඔහු රැඳී සිට ඇත්තේ මිතුරකුගේ නිවෙසකය. ඔහු එම නිවෙස ආසන්නයේ ඇති කුරුඳු ඉඩමක කම්කරුවෙකු ලෙස වැඩ කරමින් සිට තිබේ.

නීතිඥ බුද්ධික මල්ලවාරච්චි   ටී 56 ගිනි අවියෙන් වෙඩි තබා ඇති බවට අනාවරණයවන මේ වෙඩික්කරු යුද හමුදාවේ හිටපු සෙබළෙකි. 2009 වසරේ දුන් පොදු සමා කාලයේ ඔහු නීත්‍යනුකූලව යුද හමුදාවෙන් ඉවත් වූ අයෙක් බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

අනතුරව ගෙවුන කාලයේ දී මේ පුද්ගලයා මිනී මැරුම් නඩුවකදී වරදකරු වී  අවුරුදු 13ක් බන්ධනාගාරගතව සිට ඇත. බන්ධනාගාරයේ දී ඔහුට කරන්දෙණිය සුද්දාගෙන් මුදල් උපකාර සහ ඔහුගේ ගෝලයින්ගෙන් බන්ධනාගාරය තුළ පහසුකම් ලැබී තිබේ.  සැකකරු 2020 නිදහස් වී ඇත. විමර්ශන අංශ පවසන්නේ  මොහු කරන්දෙණිය සුද්දාගේ ගමේම අසල්වැසියක් බවත්, හමුදාවේ දෙදෙනා එකට සේවය කිරීමේ ලබැඳියාවකුත් තිබී ඇති බවය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මෙය බන්ධනාගාර සංස්කෘතිය තුළ මේ වනවිට ගොඩනැගී ඇති තත්ත්වයකි. අතිශය දුක්ඛිත බන්ධනාගාර ජීවිතයේ දී ඒ අවස්ථාවලට ගැලපෙන ලෙස පහසුකම් සලසන්නන් ලෙස කටයුතු කරන අපරාධකරුවන් හරහා ගොඩනගන බැඳීම ඕනෑම සිවිල් පුද්ගලයෙක් වුවද එළියට පැමිණි පසු ඔවුන් විසින් භාවිතා කරනා ඉත්තෙක් බවට පත් කළ හැකිය. මේ වාර්තා වන්නේ ඊට වඩා එහා ගිය අවස්ථාවකි.

මේ අතර මෙම සැකකාර වෙඩික්කරුගේ සහෝදරයාගේ දියණිය සම්බන්ධ කොටහළු මංගල්ලයට රුපියල් ලක්ෂ දෙකක ණය මුදලක් කරන්දෙණිය සුද්දා විසින් සැකකාර වෙඩික්කරුට ලබා දී තිබේ. මේ බැඳීමත් බන්ධනාගාරය තුළ දී සිදුකළ උපකාරත්, ඔහුට ඇප ගැනීමට කරන්දෙණිය සුද්දාගේ මැදිහත්වීමත් මත සුද්දාට මෙම පුද්ගලයා කුලී ඝාතකයෙක් ලෙස භාවිතා කිරීමේ පූර්ණ වටපිටාව නිර්මාණය කර ඇති ආකාරය විමර්ශනවලින් අනාවරණය කර ඇත. මෙම පුද්ගලයා ලවා සුද්දා තවත් මිනී මැරුම් සිදුකරවන්නට ඇති බව පොලිසිය සැක කරයි.

karandeniya-sudda
කරන්දෙණියේ සුද්දා…

 කොළඹ පැමිණීම

තමන් වෙනුවෙන් වැඩක් කර දිය යුතු බව කරන්දෙණිය සුද්දා විසින් සති ගණනක සිටි විටින් විට මෙම සැකකාර වෙඩික්කරුට පවසා ඇත. ඊට එකඟවීමෙන් පසු    පසුගිය 10 වැනිදා   කරන්දෙණිය සුද්දා විසින් මෙම පුද්ගලයාව කොළඹට ගෙන්වාගෙන තිබේ. අනතුරුව ඔහු පන්නිපිටිය ලැගුම්හලක රඳවා තබා ගන්නා සුද්දා වැඩේ කුමක්දැයි වෙඩික්කරුට කියන්නේ 13 දා උදේය.

ඝාතනය කරන්නට ඇත්තේ නීතිඥයෙක් බවත් වාහනය පදවාගෙන එන එම නීතිඥයා එතැනම මරා දැමීම කළ යුතු බවත් ඒ සම්බන්ධව යම් බියක් ඇතිදැයි තමන්ගෙන් සුද්දා විමසූ බවත් ඝාතන සැකකරු විමරශන අංශවලට පවසා ඇත. තමන්ට ඒ සම්බන්ධව බියක් නැති බව ඝාතන සැකකරු ප්‍රකාශ කර ඇතැයි දැනට වාර්තා වී තිබේ.

මේ ඝාතනයට වෙඩික්කරුවන් දෙදෙනෙක් පැමිණියේය. ඔවුන් දෙදෙනා වෙන වෙනම හෝටල් දෙකක නවත්වා තැබීමට සුද්දා කටයුතු කර ඇත. ඔවුන් එකිනෙකා මුලින්ම මුණගැසෙන්නේ වාහනය තුළ දී ස්වල්ප වේලාවකටය.

අකුරේගොඩ කීල්ස් රථ ගාලේදී සිදුවූ දේ කවුරුත් දන්නේය. නීතිඥයාට එක් වෙඩික්කරුවෙක් වෙඩි තිබ්බේය. ඒ ටී 56 ගිනි අවියකිනි. නීතිඥ බිරියට වෙඩි තිබ්බේ රිවෝල්වරයකිනි. වෙඩි තැබූ ඝාතකයින් දෙදෙනා වාහනයේ නැගී පලා ගියහ.

ටී. 56 ගිනි අවියෙන් වෙඩි තැබූ හිටපු හමුදා සෙබල සුනිල් රංජිත් නැමැති ප්‍රධාන සැකකරු  මෝටර් රථයෙන්  කිලෝමීටර් 2ක් පමණ   ගමන් කර මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයකට ගොඩවී කොට්ටාවට පැමිණ ඇත. ඉන්පසු මහරගම සිට දෙහිවලට බස් රථයකින් නැවත ගමන් කර   පසුව   දෙහිවලින් අම්බලන්ගොඩ බසයකට ඔහු අම්බලන්ගොඩට පැමිණ දෙල්දූව ඔහුගේ නවාතැනට පැමිණ තිබේ.

මේ සැකකරුගේ ජංගම දුරකතනය ද පොලීසිය සිය භාරයට ගෙන ඇත. දත්ත විශ්ලේෂණ මඟින් ද තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

දෙවැනි වෙඩික්කරු

මේ වෙඩි තැබීමට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු ද පොලීසිය විසින් හඳුනාගෙන ඇත. ඔහු ද මෝටර් රථ‍‍යෙන් අතරමඟින් බැස ඇතැයි ද අනාවරණයවී තිබේ. නීතිඥ බිරියට රිවෝල්වරයකින් වෙඩි තබන්නේ ඔහුය.

මේ වෙඩික්කරු පන්සල පාර, මීවල, රුක්ගහවෙල පදිංචිකරුවෙකි.  ඔහු නමින් රූබන් සුරේෂ් ලෙස හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල   පාර්ලිමේන්තුවේදී පසුගිය 20 වැනිදා අනාවරණයක් ද කළේය. ජින්තුපිටියේදී පසුගිය 14 වැනිදා රාත්‍රී කාලයේ බාබර් සාප්පුවක සිදු වූ වෙඩි තැබීමේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේ ද මොහු බව ඇමැතිවරයා මෙහිදී පැවසීය.

මේ වන විට පලාගොස් සැඟව සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතමින් පොලිස් මූලස්ථානය ඔහුගේ ඡායාරූප රැසක් මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබීය. ඒ ඔහුගේ සැබෑ ඡායාරූපයක් සහ එම ඡායාරූපය මඟින් පෙනුම වෙනස් කර ඔහු සිටිය හැකි ආකාර දැක්වෙන AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඡායාරූප ද සහිතවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍යයට නිකුත් කළ එම ඡායාරූප සමඟ ඉදිරිපත් කර ඇති තොරතුරුවලට අනුව සැකකරු උස අඩි 05යි අඟල් 05ක් පමණ වන 44 හැවිරිදි වියේ පසුවන්නෙකි. මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් බස්නාහිර පළාත් දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති 071- 8598008 දුරකතන අංකය ඔස්සේ ද, නැතිනම් නු‍ගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට 071 -8591641 දුරකතන අංක‍ය ඔස්සේ ද, බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට 071-8592279 අංකය ඔස්සේ ද තොරතුරු දිය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ඝාතනයට යොදාගත් වාහනය බද්දේගම දී පුච්චා දමා තිබුණු අයුරු…

කරන්දෙනිය  සුද්දාගේ ගේම  

මේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ කරන්දෙණිය සුද්දාගේ අවශ්‍යතා මත ටුටූ නමැත්තා විසින් එය මෙහෙයවා ඇති බව යැයි පොලීසිය සඳහන් කරයි.

කරන්දෙණිය සුද්දා මේ දිනවල අසනීප තත්ත්වයක් මත සිටින බවට තොරතුරු ඇති බවත්, ඔහුත් ටුටූ නමැත්තාත් විදේශගතව සිටින බවත් පොලීසිය සඳහන් කරයි.

අකුරේගොඩදී නීතිඥවරයාට සහ ඔහුගේ බිරියට වෙඩි තබන අවස්ථාවේදී වෙඩික්කරුවන් පැමිණි වාහනයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා මේ වන විට රටින් පලාගොස් ඇතැයි ද අනාවරණයවී තිබේ. ඔහු තායිලන්තය බලා පලාගොස් ඇති බව තහවුරුවී ඇත. ඔහුට පලායෑමට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් ද, ගුවන්තොටුපොළ වෙත ගමන් කිරීමට කුලී රථයට මුදල් ගෙවූ පුද්ගලයා ද සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

ඔහුගේ පවුලේ කිහිපදෙනෙක් සැකපිට පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු ගුවන්තොටුපොළ වෙත රැගෙන ගිය වාහනයත් ඒ සඳහා ආධාර හා අනුබල දුන් කිහිප දෙනාත් පොලිස් භාරයට ගෙන තිබේ. වෙඩික්කරුවන්ට පලායෑමට පහසුකම් සැපයූ බවට හඳුනාගත් රටින් පලාගිය සැකකරු ඒ සඳහා යොදා ගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 16 වැනිදා සහ 17 වැනිදා කළ වැටලීම්වලින් ද ප්‍රධාන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ මේ අපරාධයට ආධාර හා අනුබලදීම් සම්බන්ධයෙනි. ඒ අය අතර ගිනි අවි ප්‍රවාහනය කළ සැකකාර අයියා ම‍ලෝ දෙදෙනා ද සිටිති. ඔවුන් දෙදෙනා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝගයක් ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.

වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 09 දෙනෙක් ඊයේ වන විට මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ( දිනමිණ පුවත්පත ඇසුරිනි)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මනම්පිටියේ දුෂ්කර ගමක මාර්ගයක් සදා නිමකර දී නික්ම යන්නට සැරසුන ජපනයේ සරසවි සිසු පිරිසක් වැළඳගෙන ගම් වැසියෝ හඬා වැටෙති…

Next Post

ලෝකයේ බිහිසුණුම අපරාධ කල්ලි නායකයා “එල් මෙන්චෝ” ඝාතනය කළ මෙහෙයුමේ සම්පූර්ණ කතාව…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.