සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටියේ දුෂ්කර ගමක මාර්ගයක් සදා නිමකර දී නික්ම යන්නට සැරසුන ජපනයේ සරසවි සිසු පිරිසක් වැළඳගෙන ගම් වැසියෝ හඬා වැටෙති…

by editor
පෙබරවාරි 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  ‍

ජපානයේ සරසවි සිසුන් පිරිසක්   ළොන්නරුව වැලිකන්ද සුසිරිගම ගම්මානයේ දුෂ්කර මාර්ගයක් සිය ශ්‍රමය හා මූල්‍ය දායකත්වය යොදාගෙන  දින හතක කාලයකින් කොන්ක්‍රීට් කිරීමෙන් පසු එම මාර්ගයේ ජනතා අයිතියට පත් කිරීමේ ආදර්ශමත් සිදුවීමක් ඊයේ (22) සිදුවූයේය.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර, සුසිරිගම ශ්‍රී සාමවර්ධනාරාමාධිපති පූජ්‍ය සුසිරිගම සංඝරක්ඛිතාලංකාර, අලුත්වැව ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජ්‍ය වලස්වැවේ චන්ද්‍රරතන නාහිමිවරුන්ගේ ආශිර්වාද මැද මෙම මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත වූයේය.

ජපන් සරසවි සිසුන් පිරිස පසුගිය 15 වෙනිදා මෙම මාර්ගය කොන්ක්‍රීට් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර මීටර් පනහක් කොන්ක්‍රීට් කිරීම සඳහා සිමෙන්ති මැටල් සහ වැලි සඳහා වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් බවත්, රජය මගින් මෙය සිදුකළා නම් රුපියල් ලක්ෂ දහයක මුදලක්වත් ඇස්තමේන්තු කරන බව මෙහිදී අදහස් දැක් වු වැලිකන්ද සුසිරිකම ශ්‍රී සාමවර්ධනාරාමාධිපති      පූජ්‍ය සුසිරිගම සංඝරක්ඛිතාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

ජපන් රටේ ගුඩ් ආයතනය මගින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමට මැදිහත් වී තිබුණේ  සත්ජන පවුර සමාජ සත්කාරක පදනම නිර්මාතෘ වලස්වැවේ චන්ද්‍රරතන නා හිමියන්ය.

දින 14 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි ජපානයේ සරසවි සිසුන් පහලොස් දෙනෙකු ගම්මානයේ නිවාස පහළොවක රැඳී සිටි අතර එම දින කිහිපය පුරා ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ සියලු පහසුකම් එම නිවැසියන් විසින් සලසා දී තිබිණි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඔවුන් මෙරටින් පිටව යෑම සම්බන්ධයෙන් විශේෂ උත්සවයක් සුසිරිගම ශ්‍රී සුදර්ශනරාමයේදී පැවැති අතර එහිදී ඔවුන් සහ සුසිරිගම ගම්මානයේ දූ දරුවන් විසින් නැටුම්, ගීත,ගායනා කරමින් සතුටු වූහ.

මෙහිදී ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කරන අවස්ථාවේදී ජපන් විශ්ව විද්‍යාල සිසුන් මහත් සංවේදීතාවයට පත් වූ අතර, ඔවුන් සමු ගන්නා මොහොතේ, සුසිරිගම ගම්වාසීන් මව්වරුන් පියවරුන් දූ දරුවන් වැළඳගනිමින් හඬා වැලපී අතිශයින්ම සංවේදී වීම විශේෂත්වයක් විය.


මෙහිදී අනුශාසනාවක් සිදු කරමින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ, ජපන් විශ්ව විද්‍යාල සිසුන් දින කිහිපය පුරා සිටිමින් දුෂ්කර මාර්ගයක් ඉදිකිරීම මෙරටේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ ආනගතයේ මේ ජාතිය භාර ගැනීමට සිටිනා දරුවන්ට මහත් ආදර්ශයක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 16 හැවිරිදි තරුණයෙකු අතින් 75 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය වෙයි!

Next Post

නීතිඥ යුවල ඝාතනය කළ ඝාතකයින්ගේ කතාවේ මුල මැද අග…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.