බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නිල වෙදකමෙන් බොහෝ නිධන්ගත රෝග සුව කළ හැකියි! වෛද්‍ය ලියෝන් අමරනාත්

by editor
දෙසැම්බර් 10, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

සාකච්ඡාව – ශ්‍රියානි විජේසිංහ –

ඖෂධ ප්‍රතිකාරයක් හෝ සැත්කමකින් තොරව නිල සම්බාහනයෙන් රෝගීන් සඳහා ප්‍රතිකාර කරන   පාරම්පරික  විශේෂ වෛද්‍ය කර්මයක් ප්‍රගුණ කළ වෙදැදුරෙක්  පිළිබඳව වත්තල , මාබෝල, බංගලාවත්ත ප්‍රදේශයෙන් ඇසිනි. ඔහු පාරම්පරික් වෛද්‍ය  ඩබ්. ඒ. ලියෝන් අමරනාත් ය. ඔහුගේ ප්‍රතිකාර ක්‍රමය කුහුල දනවනසුළුය. ඉන් ප්‍රතිකාර ලැබ ප්‍රතිඵල ලැබූවෝ  වෙති. ඔහුගේ විකල්ප වෛද්‍ය ක්‍රමය පිළිබඳව කෙරෙන කෙටි සංවාදයකට මේ ඉඩ හසර වෙන් වේ. ඉන් වැළලී යන යම් දැනුමක් මතුකරගත හැකි වෙතැයි අප විශ්වාස කරන බැවිනි.

 

වෛද්‍ය  ඩබ්. ඒ. ලියෝන් අමරනාත්

ප්‍රශ්නය –  ඇත්තටම  මේ වෛද්‍ය කර්මය කුමක්ද?

පිළිතුර –  මේ වෛද්‍ය කර්මය අපගේ පරම්පරාවෙන් පැවත එන්නක්. රෝගියාගේ ශරීරයේ පවතින විශේෂිත වූ නිල ස්ථානයන් මගින් ශරීරයේ පවතින් රුධිර නාල පද්ධතිය හා ස්නායු පද්ධතිය උත්තේජනය කිරිම මගින් ශරීරය පුරා හොඳින් රුධිරය ගමන් කිරීමට සලස් වනවා.

ඒ වගේම ස්නායු පද්ධතිය හොඳින් ප්‍රාණවත්ව ක්‍රියාත්ම කරවනවා. මේ ක්‍රමය මගින්  ශරීරයේ පවතින ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කිරීමට හැකියා ලැබෙනවා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අපට බොහෝ රෝග හැදෙන්නේ අපේ ශරීරයේ රුධිර ගමනා ගමනය හොඳින් සිදු නොවන නිසා. මම කරන්නේ රුධිරය ගමන් කරන පාර හොඳින් පිරිසිදුකරලා දෙන එකයි. එහෙම පාර පිරිසිදු කරලා දුන්නාම රුධිරය නිදහසේ හොඳින් ගමන් කරනවා. එහෙම වුණාම සිරුරේ සෑම අවයවයකටම හොඳින් රුධිරය සැපයෙනවා. එතකොට අවයවයන් කිසිදු බාධාවකින් තොරව හොඳින් ක්‍රියාත්මක වෙනවා. යන්ත්‍රයක් උනත් තෙල් නොදා වැඩ ගත්තොත් ඒකේ යම් යම් ගැටලු මතුවෙනවා. අපේ ශරීරයත් ඒ වගේම තමයි.

විශේෂයෙන්ම මට කියන්න අවශ්‍ය වෙනවා දියවැඩියා වැළඳිලා කකුල් කපන්න සූදානම් කරලා තියෙන රෝගීන් විශාල සංඛ්‍යාවක් මා සුවකලා. ඒ අය අදටත් කකුල් නොකපා ජීවත් වෙනවා.

මොකද දියවැඩියාව පවතින පුද්ගලයෙකුට තුවාලයක් හැදුනාම එක සුව වෙන්න කාලයක් ගතවෙනවා. එහෙම වෙන්නේ තුවාලය තියෙන ස්ථානයේ සෛලයන් කරා නිසි පරිදි රුධිර ගමනා ගමනය සිදුනොවන නිසයි.  මා කරන්නේ ඒ රුධිර ගමනා ගමනය යථාවත් කරන එක. එහෙම වුණාම තුවාලය ඉක්මනින් සුව වෙනවා.

ප්‍රශ්නය – මේ වෛද්‍ය කර්මය ඇත්තෙන්ම ඔබට පමණක් ආවේනික වූවක්ද?. එහෙම නැතිනම් මෙම වෛද්‍ය කර්මය භාවිත කර රෝගීන් සුවපත්කරන අය තවත් සිටිනවාද?

පිළිතුර – ඇත්තෙන්ම මා දන්නා පරිදි මේ වෛද්‍ය ක්‍රමය මට ම ආවේනික වූවක්. මට මේ ප්‍රතිකාර ක්‍රමය ලැබුණේ අපේ පරම්පරාවෙන්. ඒ කියන්නේ මගේ සීයත් මේ වෙදකම කරලා තියෙනවා. ඒ මීට වසර 46ට පමණ පෙර. ඔහුගේ ප්‍රතිකාරය පොත්පත්වල සටහන් කරලා තිබුණා. මා කලේ ඒවා අධ්‍යනය කරලා වැඩිදුරටත් නව විද්‍යාත්මක දැනුම එක්ක රැගෙන පැමිණීම විතරයි.

ලෝකයේ කිසිම තැනක මම දන්නා පරිදි මේ ප්‍රතිකාර ක්‍රමය භාවිත කරන්නේ නැහැ. මොකද   මේ වන විට ආසියාවේ යුරෝපයේ ඇතුළු රටවල් විශාල ප්‍රමාණයකට ගිහින් රෝගීන් සියදහස් ගණනක් සුව කර තිබෙනවා.

එම රටවල්වල  වෛද්‍යවරුන් විටෙක මවිත වුණා.   මොකද සැත්කමකින් සුව කරන්න බැරිව තිබූ සමහර රෝගයන් මට නිට්ටාවට සුව කරන්න පුලුවන් වුණා. රුධිර නාල ඇතුලේ දිවෙන සියුම් රුධිරනාලයන් පවා මගේ වෛද්‍ය කර්මය මගින් උතේජනය කරන්න පුලුවන්.

ඒ නිසා එවැනි සියුම් රුධිර නාල හා ස්නායුවල පවතින ඕනෑම රෝගයන් සුවවෙනවා. සුව වෙන්නෙත් නිට්ටාවටමයි. මොකද  රුධිර නාලයක් උත්තේජනයන කිරීමෙන් රුධිරය මනා ලෙස පහසුවෙන් ශරීරයෙන් සියලුම සෛලයන් කරා ගමන් කරනවා. සෛලයන්ගේ පෝෂණය මනා රුධිර සැපයුමක් තිබෙනවා නම් එම සෛල රෝගී වෙන්නේ නැහැ. අනික රුධිර නාල උත්තේජනයන් මගින් රුධිර ගමන කිසිම බාධාවක් ඇතිවෙන්නේ නැහැ.

ප්‍රශ්නය – හෘද රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම බෙහෙවින්ම වගකීම් සහිත සංකීර්ණ කටයුත්තක්. ඔබ ඒ අවදානම් සහිත වගකීම ගන්නව ද?.

පිළිතුර –  බයිපාස්  සැත්කම් සඳහා   සුදානම් කර  සිටි දෙස් විදෙස්  රෝගින්ට ප්‍රතිකාර කළ අත්දැකීම් මට තියනවා.  ප්‍රතිකාරයෙන්  පසුව කළ ස්කෑන් පරීක්ෂණවලින් ඔවුන් සුව වී ඇති බව තහවුරු වී තිබෙනවා.

හෘදයාබාධයක් කියන්නේ හෘදයට රුධිරය ගෙන යන නාලයක් තුළ රුධිර කැටියක් සිරවීම නිසා හෘදයට නිසි පරිදි රුධිරය ගමන් නොකරන තත්ත්වයක් නිර්මාණය වීමයි. එහෙම ලේ කැටි සිරවෙන්නේ ඒ රුධිර නාලය කිසියම් ස්ථානයක් සිහින් වීම නිසා. වෛද්‍යවරුන් කරන්නේ මේ ලේකැටිය දියවීමට ඖෂධය ලබා දි ඒ සිහින් වූ ස්ථානයට ශරීරයේ වෙනත් ස්ථානයකින් ලබා ගත් නාලයක් හෝ කෘතීම නාලයක් බද්ධ කර ඒ ගමන් මාර්ගය යථාවත් කරන එකයි. මා කරන්නේ ශරීරයේ කිසිම ස්ථානයක් විවෘත නොකර අදාල රුධිර නාලයන්ට බාහිරින්   විද්‍යුත් උද්දීපනයක් ලබා දී  රුධිර නාල පළල් කිරීමක් කරන එකයි. එහෙම වුණාම හෘදයට කිසිම බාධාවක් නොමැතිව රුධිරය ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. මේ මූලධර්මයට අනුව පිළිකා රෝගීන්ට පවා ප්‍රතිකාර කළ හැකියි.

ප්‍රශ්නය – ඔබ ලඟට පැමිනෙන රෝගියෙක් ප්‍රතිකාර සඳහා කොතෙක් කාලයක් ගත කළ යුතු ද?. රෝගය එක් වරම සුව කළ හැකි ද?.  

පිළිතුර – රෝග තත්ත්වය අනුව රුධිර නාල හා ස්නායු උද්දීපනයට ලබා දෙන කාලය වෙනස් වෙනවා. උපරිම කාලය විනාඩි 20ක් විතරයි. රෝගයේ ස්වභාවය අනුව ප්‍රතිකාර සඳහා පැමිණිය යුතු වාර ගණන වෙනස් වෙනවා. අයෙක් එක් වරම සුව කළ හැකියි.

ප්‍රශ්නය – ඔබගේ ප්‍රතිකාර  සඳහා ඖෂධ භාවිතයක් තියනව ද?.

පිළිතුර – මගේ ප්‍රතිකර්මය තුළ ඖෂධ භාවිතයක් නෑ. තමන්ට අපත්‍ය ආහාර පරිහරණයෙන් තමන් වැළකිය යුතුයි. අවේලාවේ ස්නානයෙන් සෙම් ගතියක් මතුවෙනවා නම් ඒ පුරුද්ද අත්හල යුතුයි. එය පුද්ගල වගකීමක්. තමන්ගේ සෞඛ්‍යය පිළිබඳ තමන්ගේ වගකීම දරාගන්නා අයට ප්‍රතිකාර කිරීම පහසුයි.

ප්‍රශ්නය – ඔබ රෝගියෙකු පරික්ෂා කරන අන්දම පැහැදිලි කළ හැකි ද?.

පිළිතුර – මම රෝගියා හිටගෙන ඉදිද්දිම තමයි පරික්ෂා කරන්නේ . රෝගියාව පරික්ෂා කරන ක්‍රම කීපයක් තියෙනවා.

රෝගියාගේ අතේ  මැණික් කටුව අල්ලා නාඩි පරික්ෂා කරන ක්‍රමයක් හැමටම තියෙනවා.  වම හෝ දකුණු පාද අන්තයේ ස්ථානයකට ඇගිලි තුඩු තබා නාඩි බලන ක්‍රමයක් තියෙනවා. ඒක හැමෝම දන්න දෙයක්.

මා ක්‍රියාත්මක කරන වෛද්‍ය කර්මය තුළ තියෙන්නේ   හිස් මුදුණ සහ පිට ප්‍රදේශයේ නාඩි අල්ලා බලන පරික්ෂණ ක්‍රමයක්. මේ ක්‍රමයෙන්  හොයා ගන්න පුලුවන් පුද්ගලයාට තිබෙන රෝගී තත්වය කුමක් ද කියලා. ඉන් රෝග නිධානය සහ ඉතිහාසය පිළිබඳව සංක්ෂිප්තයක් ද ලබා ගත හැකියි.

මගේ  දෑතේ  ඇඟිලි තුඩුවලින් එම රෝගියාගේ නිලස්ථාන ස්ඵර්ශයන් මගින් රුධිර සංසරණය කරන    රුධිර නාල හා ස්නායු උත්‌තේජනය කිරීමයි සිදු කරන්නේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

හම්බන්තොටට ගෙනා සුපිරි වාහනයේ හිමිකරු හෙළි වේ!

Next Post

මත්කුඩු කිලෝ 250ක් සමග විදේශිකයන් 06ක් ගැඹුරු මුහුදේ දී නාවික හමුදා අත්අඩංගුවට!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.