අද සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වූ ආනයනය තහනම මැද හම්බන්තොට වරායට ගෙනා සුපිරි ජිප් රථය ගෙන්වා ඇත්තේ ඇමරකානු තානාපති කාර්යාලයට බව හම්බන්තොට වරාය ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
මෙරට ආනයන අත්හිටුවීම තානාපති සේවාවන්ට බලනොපාන බව ද ඔහු සඳහන් පැවසීය.
අද කථිකාවට ලක් වූ මෙම වාහනයේ මෙරට වෙළෙඳපල වටිනාකම රුපියල් කෝටි හය ඉක්මවනු ලැබු එකකි. එය ජපානයේ නිශ්පාදිත ටොයොටා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජිප් රථයකි.
එහි තීරුබදු රහිතව මෙම වාහනය වෙළඳපොලේ මිල රුපියල් කෝටි එකහමාරක් පමණ වෙයි.