බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඩොලර් හිඟාකන රටක ඩොලර් කෝටි 162ක් පාරකට එලන්න යන බැසිල් මුදල් ඇමති ගැන හර්ෂ කියන කතාව

මේ බැසිල් මුදල් ඇමතිගේ පළවෙනි වැඩේ... රාජපක්ෂලා හිතනවා නම් මේක තමන්ගේ රාජධානිය කියලා..... සමාවෙන්න... එය වැරදි අවබොධයක්

by editor
ජූලි 12, 2021
in සමාජ
HARSHA-DE-SIVA
Share on FacebookShare on Twitter
  • කැළණි පාලමේ සිට අතුරුගිරියට යන පාර වාණිජ වශයෙන් අසාර්ථක ව්‍යාපෘතියක් කියලා ලෝකයම කිව්වා…ඒ නිසා පිටරට සමාගමකට ඉදිකිරීම් කරලා පවරාගෙන අවුරුදු 15කට පසු යළි ලබා ගැනීමේ සැලසුම නැතිවුණා.

  • කැබිනට් ප්‍රකාශක ගම්මන්පිල ශතයක් අපි වියදම් කරන්නෙ නෑ කිව්වට ඩොලර් කෝටි 162ක් ණයට අරන් පාරට වියදම් කරනවා…

  • සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කළා… රැම්සා තෙත් බිම් ගැසට්ටුවත් වෙනස් කරලා සංවේදී පරිසර කලාපත් විනාශ කරන්න සූදානම්…


රට ණය කන්දක සිර වී සිටින නිසා ඉදිරියේදී විදේශයන්ට ණය නොවී මහා පරිමාණ ව්‍යාපෘති ඉදි කිරීම් සිදුවන්නේ ඉදිකිරීමෙන් පසු මව් දේශීය සමාගම්වලට පවත්වාගෙන යන්නට ඉඩදී පසුව පවරා ගැනීමේ පදනම (BOT- Build Own and Transfer ) යටතේ බවට ජනාධිපතිවරයා වරින් වර ප්‍රකාශ කළත් අද නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කිලෝ මීටර 17ක කොටසට ශ්‍රි ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 1620ක් එය ඉදිකරන චීන සමාගමට ගෙවීමට සූදානම් වන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.

ඒ අනුව රජය වසරකට ඩොලර් මිලියන 106 බැගින් වසර 15ක් තිස්සේ එම සමාගමට අදාළ මුදල ඩොලර්වලින් ගෙවීමට සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවද ආචාර්ය හර්ෂ ද සිලවා ලංකාසර සමඟ සංවාදයකට එක්වෙමින් සඳහන් කළේය.

එහිදී ඔහු දැක්වූ අදහස් අපි මෙසේ කැටිකොට දක්වමු.

ප්‍රශ්නය – දැනට ඉදි කිරීමට සැලසුම් කර ඇති කැලණි පාලමේ සිට මාලබේ දක්වා දිවෙන මාර්ගය සම්බන්ධයෙන් ඔබ පසුගියදා අදහස් දක්වා තිබුණා. ඒ ගැන මූලික පැහැදිලි කිරීමකින් අපි මෙම සාකච්ඡාව පටන් ගනිමු.

පිළිතුර – අපි කාටත් මතකයි උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කිව්වා අතුරුගිරිය සිට වරාය නගරය දක්වා නව කැලණි පාලම හරහා දිවෙන මෙම කිලෝ මීටර් 17ක මාර්ගයට ආණ්ඩුවෙන් සල්ලි සතයක්වත් වෙන් කරන්නේ නෑ, එම මාර්ගය සෑදීම ඉදිකොට පාලනය කර පසුව රජයට පවරා ගැනීමේ පදනම මත චයිනා හාබර් ඉංජිනියරිං සමාගමට ලබා දෙනවා කියල.

එම සමාගම වසර තුනක් ඇතුළත හදලා වසර 15ක් මුදල් උපයාගෙන ලාභය හදාගෙන වසර 15කින් එම මාර්ගය පවරා දෙන බවයි ඔහු කිව්වෙ. ඒ වෙලාවේ ගම්මන්පිල ඇමතිවරයාම අපි ඉන්නේ ණය කන්දක හිර වෙලා… ඒ නිසා ණය ගන්නේ නෑ කිව්වා. ජනාධිපතිතුමත් කිව්වා අපි ආයේ මහා පරිමාණ ව්‍යාපෘති ඉදිකිරීම් කරන්නේ රජයේ මුදල් වැය නොකොට ඉදිකොට පවත්වාගෙන ගොස් පවරා දෙන ආයෝජන ක්‍රමය මත කියල. නමුත් දැන් එය වෙනස් වෙලා. දැන් මුදල් අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකා දානවා ඩොලර්වලින් මේ මුදල් අවුරුදු 15ක් තිස්සේ ඉදිකරන සමාගමට ගෙවන්න.

රටේ විශාල ඩොලර් අර්බුදයක් පවතිද්දී මේ වගේ ව්‍යාපෘතිවලට අතගැසීම කොච්චර වැරදි දෙයක්දැයි ඔබට වැටහෙනවා ඇති. අනෙක මෙම යෝජිත මාර්ගය ඵලදායී නොවන ව්‍යාපෘතියක් ලෙස ශක්‍යතා වාර්තාවලින් තහවුරු වී තිබෙනවා.

ප්‍රශ්නය – ඇයි මෙහෙම වුණේ?

පිළිතුර – මෙහෙම වෙන්නට මූලිකම හේතුව තමයි මේ යෝජනාවට ආයෝජකයන් අකැමැතිවීම. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මුලින්ම ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමාටත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිටත් ලිපියකින් නිර්දේශ වගයක් දීල කිව්වා අකුරටම පිලිපදින්න කියලා. ඒ අනුව ඉදිකිරීම් ආයෝජන සමාගමට කතා කරන්න කියල. මේ නිර්දේශවලට අනුව මේ පාර හදනවට කිසිම මුදලක් රජයෙන් ලබා දෙන්නේ නැහැ. තමන් මෙය හදල කළමනාකරණය කරල ලාභයක් අරන් වසර 15කින් මාර්ගය අපට දිය යුතුයි කියන කොන්දේසිය මත තමයි ආයෝජකයන්ට ව්‍යාපෘතිය ලබා දෙන්නේ.

එහිදී මාර්ගයේ රථවාහන ධාවනය සහ එයින් ලැබෙන ආදායම පිළිබඳව කිසිම සහතිකයක් රජයෙන් දෙන්නෙත් නෑ. මෙයට කියන්නේ ටැෆික් ගැරන්ටිය කියල. සාමාන්‍යයන් මේ වගේ මාර්ගයක් හදනකොට එහි ගමන් කරන වාහන සංඛ්‍යාව ගැන තක්සේරුවක් කරල ඒ ප්‍රමාණයට ආදායම ලැබෙනව කියල සහතිකයක් දෙනවා. ඊට වඩ අඩුනම් ඇස්තමේන්තුවේ හිඟය රජය ගෙවිය යුතුයි. එහෙම සහතිකයක් දුන්නෙත් නෑ. මාර්ගය වෙනුවෙන් ආණ්ඩුව ආයෝජකයාට ගාස්තුවක් හෝ වාර්ෂිකව මුදලක් ගෙවන්නෙත් නෑ. ටෙන්ඩරයේ කොන්දේසි එහෙමයි. මේක බැලුවම කවුරුවත් මේකට කැමති වෙන්නේ නෑ. ඊට හේතුව මේ මාර්ගය ව්‍යාපාරික වශයෙන් ලාබදායී එකක් නොවීමයි.

ප්‍රශ්නය – මාර්ගයක් හදන්නේ එය ආර්ථික වශයෙන් ලාබයක් බලලද?. නැතිනම් රටේ ප්‍රවාහන ප්‍රශ්නය දෙස දීර්ඝ කාලීනව බලලද?

පිළිතුර – මෙහෙමයි. ඔය කාරනා දෙකම වැදගත්. ඒ කාරණා දෙකම බැලුවම මෙය ප්‍රායෝගික නෑ. මේකෙ පසුබිම ගැන අවබෝධයක් ලබා ගත්තොත් ඔය කියන ප්‍රශ්නයට පිළිතුර නිකම්ම ලැබෙනවා. පසුගිය ආණ්ඩුවත් ඔය පාර පිළිබඳව සලකා බැලුවා. එයට ටෙන්ඩර හරහා ලංසු කැඳවීමක් කළා. ඊට ලංසු 16ක් 17ක් විතර ආවා. නමුත් එය පැත්තකට කළා. ලංසු කැඳවීමකින් තොරව ව්‍යාපෘති කැඳවීමට (Unsolicited Bid) එකකට එය ලබා දීමට කැමති වුණා. එයත් අවසානයේ ප්‍රතික්ෂේප වුණා. ඊට පසුව තමයි ආයෝජකයන්ට රජය කොන්දේසි ලබා දුන්නේ. ඒ අනුව තමයි ටෙන්ඩර් කැඳවීම කර තිබෙන්නේ. නමුත් දාපු කොන්දේසි නිසා හැමෝම එයින් හැලිලා ගියා. ඊට හේතුව මෙම ආර්ථික වශයෙන් ලාබදායී නැහැ කියන කරුණ. ඒ කරුණු විමසීමේදි පැහැදිලිවෙනවා මෙම මාර්ගයේ අවශ්‍යතාව.

ප්‍රශ්නය – මෙම මාර්ගය ලාබදයී හෝ සාර්ථක ව්‍යාපෘතියක් නොවන්නේ ඇයි?

පිළිතුර – මෙම මාර්ගය ආයෝජයකුට පමණක් කරන්න පුළුවන් එකක් නොවෙයි. එහි ගැටලු කිහිපයක් කිබෙනවා. ආර්ථිකමය වශයෙන් බැලුවම මෙම මාර්ගයත් දැනට නිමවෙමින් පවතින පිටත වටරවුම් අධිවේගී මාර්ගයත් අතර තරගකාරීත්වයක් හැදෙනවා. වාහන මෙම මාර්ග දෙකම භාවිත කළාම අපේක්ෂිත වාහන ප්‍රමාණයක් යන්නේ නැහැ. මෙම මාර්ග දෙකේම ආදායම් අඩුවෙනවා.

දෙවැනි කාරණාව පසුගිය රජය මඟින් යෝජනා කළ සැහැල්ලු දුම්රිය මාර්ගය. මාලබේ අතුරුගිරිය බත්තරමුල්ල ප්‍රදේශයේ පවතින දැඩි වාහන තදබදය හමුවේ පවතින හොඳම සහ ප්‍රායෝගිකම විසඳුම් තමයි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය. විනාඩි හතරකට සැරයක් ඉහළට පහළට මෙම මාර්ග පද්ධතියේ සැහැල්ලු දුම්රියක් ධාවනය වනවා. එයින් විශාල ප්‍රශ්නයක් මඟ හැරෙනවා. මෙම මාර්ගයත් ක්‍රියාත්මක වනවා නම් ඔය කියන යෝජිත මාර්ගයේ අවශ්‍යතාව අවම වෙනවා.

ඇත්තටම පසුගිය ආණ්ඩුවෙ හිටපු අමාත්‍ය චම්පික රණවක විශාල මහනසියක් වෙලා මාබේ සිට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් නිර්මාණය කළා. එයට වැයවන මුදල් ඩොලර් මිලියන 1320යි. ආධාර දෙන්නේ ජපාන රජයෙන්. පොලිය සියයට 0.1යි. ආපසු ගෙවීමේ කාලය අවුරුදු 40යි. මේ ව්‍යාපෘතියට විශාල ජනප්‍රසාදයක් තිබුණා. මොකද එයින් තමයි පොදු ජනතාවගේ මාර්ග සහ ප්‍රවාහන ප්‍රශ්නයට සහනයක් ලැබෙන්නේ. මේක වියදම වැඩියි කියල නතර කළා. ජපානේ කණෙන් අල්ලලා එළියට දැම්මා.

තෙවැනි කාරණාව මෙයින් ඇතිවන පාරිසරික සහ සමාජයීය බලපෑම. මෙය පසුගිය ආණ්ඩුව එම්.සී.සී ඇමෙරිකානු අරමුදල් ව්‍යාපෘතිය සමඟ කරන්න උත්සාහ කළා. නමුත් ඔවුන් මෙම මාර්ගය සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් කළා. එම ශක්‍යතා අධ්‍යයනයකින් හෙළි වුණා, අපේකෂිත ප්‍රතිඵලවලින් සියයට 10ක්වත් ලබා ගන්න බෑ කියල. මේ නිසා ඔවුන්ද එය මඟ හැරියා. විශේෂයෙන් සමාජයීය සහ පාරිසරික බලපෑම බරපතලයි. මෙම මාර්ගය කුළුණු මතින් ගියත් බත්තරමුල්ල ප්‍රදේශයේ වානිජ වටිනාකමකින් යුතු නිවාස ගණනාවක් එයින් කැඩෙනවා. අනෙක් රැම්සා ප්‍රඥප්තිය අනුව සුරක්ෂිත බවට පත් තලංගම ප්‍රදේශයේ වගුරු බිමක් මතින් මෙම මාර්ගය යනවා. එයින් මෙම අති සංවේදී පරිසර පද්ධතියට අහිතකර බලපෑම් එල්ල වනවා.

ප්‍රශ්නය – දැන් ආණ්ඩුව මේ මාර්ගය හදන්න සැලසුමරන්නේ කොහාමද?

පිළිතුර – මෙම ව්‍යාපෘතියට මෙම තත්ත්වය අනුව පෞද්ගලික ආයෝජකයෝ එන්නේ නෑ. ඒකයි ප්‍රශ්නය. දැන් ආණ්ඩුව කරන්න යන්නේ රටේ විදේශ විනිමය සම්බන්ධයෙන් දැවැන්ත අර්බුදයක් පවතිද්දී වැඩි පොලියට ණයක් ගැනීම. එසේ ණය අරන් ඩොලර් මිලියන 1620ක් වියදම් කරල මෙම ව්‍යාපෘතිය චීන සමාගමකට ලබා දීම. මේ වෙනුවෙන් අපේ රජය සෑම මාස 06කට වරක් ඩොලර් මිලියන 53 ගානේ අවුරුදු 15ක් යන තුරු ඩොලර් මිලියන 1620ක් ගෙවිය යුතුයි. අද බලන්න ඩොලර්වල වටිනාකම. මහ බැංකුව ඇතුළේ 200යි. ඒත් පිටත රුපියල් 230යි.

ප්‍රශ්නය – මේ මොහොතේ පවතින ඩොලර් අර්බුදය මැද කොහොමද මේ ණය ගෙවන්නේ?

පිළිතුර – අපට ආරංචියි මේ වනවිටත් මෙම ඩොලර් බිලියන 1.6ට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කරල කියල. මෙච්චර විනිමය අර්බුදයක් තියෙන කාලේ කොහොමද ණය ගෙවන්නේ. කොහොමද ණය ගන්නේ. අර ඛනිජ තෙල් සංස්ථාවට නැවක තෙල් ටික බාගන්න බැරිව ඉන්නවා ඩොලර් නැතිව. භාණ්ඩ ගෙන්වන අයට බැංකුවල ණයවර ලිපි විවෘත කරගන්න බැරිව ඉන්නවා.

කොම්පැනියට ඩොලර් මිලියන 108 ගානෙ අවුරුද්දකට ගෙවන්න කොහෙන්ද සල්ලි. බැසිල් මහත්තයා ඇමෙරිකාවෙන් ගේනවද?. මේක විශාල ප්‍රශ්නයක්. මූල්‍ය ගැටලුවක්. තවදුරටත් ණය උගුල අස්සට ඔබන්න හදනවා.

ප්‍රශ්නය – ඔබ මෙහි පාරිසරික සංවේදි බව පිළිබඳවත් කතා කළා?

පිළිතුර – ඔව්. මෙම මාර්ගය යන්නේ ජාත්‍යන්තර තෙත් බිම් සුරකීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ සංරක්ෂණය වන තෙත්බිමක් මැදින්. මෙම රැම්සා තෙත්බිම් හරහා තමයි මාර්ගයේ දෙවන කොටස යන්නේ. කිලෝ මීටර 3.6ක් විතර එය හසුවනවා. පරිසරවේදියෝ සටන් කළා. ජනාධිපති කිව්වා නවත්වන්න. අපි ඒක විසඳමු කියල කිව්වා. ඒ අතරවාරයේ පරිසරවේදියෝ රිට් ආඥාවක් හරහා අභියාචනාධිකරණයේ නඩුවක් දැම්මා. මේ නඩුව අද (12) විභාග වනවා. අපිට ආරංචියි ආණ්ඩුවෙන් කරන්නෙ යන්නේ රැම්සා හැටියට ගැසට් කළ තෙත්බිම් කලාපය ගැසට් එක වෙනස් කරන්න. ඒ හරහා තෙත්බිම ගන්න යනවා කියල . එසේ කරලා රැම්සා තෙත්බිම හරහා මේ මාර්ගය ඉදිකරන්න සූදානම් බව දැනගන්න ලැබෙනවා.

එසේ කළොත් ජනාධිපතිතුමාට අපි කියනවා අපි පරිසරය රැකගන්න ඉදිරිපත් වෙනවා. අපේ පක්ෂය හරිත පක්ෂයක්. එහි නායක සජිත් ප්‍රේමදාස මහත්තයා හොඳ පරිසරවේදියෙක්. අපි මෙයට මැදිහත් වෙනවා . තරුණ පිරිස බලය ලබා දුන්නේ මෙවැනි දේවල් කරන්න නෙමෙයි. ඔබලා ඡන්දේ ඉල්ලද්දී මිනිස්සුට කිව්වා පරිසර හානිය නතර කරනවා කියලා. නමුත් මේ පාරිසරික සංස්කෘතිමය සංවේදීභාවය ඉදිකිරීම් සමාගමට අදාල නැහැ. මේ සිදු කරන්නේ ඌරගේ මස් ඌරගේ පිටේ තියාගෙන කපනව වගේ වැඩක්.

මෙහි ප්‍රශ්න රාශියක් තියෙනවා. එක පැත්තකින් මූල්‍ය ගැටලුවක් තිබෙනවා. අනිත් පැත්තෙන් රැම්සා තෙත්බිම විනාශ වෙනවා බැසිල් රාජපක්ෂ මහත්තයාට මේවා කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. බත්තරමුල්ල නිවාස ඉවත් කරලා නඩුවට උත්තර නොදී ගැසට්ටුව වෙනස් කරන්න හදනවා. රාජපක්ෂලා හිතනවා නම් මේක තමන්ගේ රාජධානිය කියලා සමාවෙන්න එය වැරදි අවබොධයක්. මේක තාම ප්‍රජාතන්ත්‍රවාදී රටක්. කොච්චර මිනිස්සු අල්ලන්න ගිහින් මුලතිව් කෑම්ප් එකේ දැම්මත් මිනිස්සු උද්ඝෝෂණය කරනවා. එය මිනිස්සුන්ට තිබෙන අයිතියක් . මේක තමයි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පළමු වැඩේ. ඒ ගැන නැවත කල්පනා කළ යුතුයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පිටකොටුවේ පොඩි හාමුදුරුවෝ සීඅයිඩීයට

Next Post

අගෝස්තුවට පෙර ගුරුවරු දෙලක්ෂ හතලිස් දහසම එන්නත්කරණය ඉලක්කයයි… අධ්‍යාපන ඇමති

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.