පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමි නොහොත් පිටකොටුවේ පොඩි හාමුදුරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද ගොස් තිබේ.
ඒ මේ දිනවල ආන්දෝලනයට තුඩු දී ඇති 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික සේවා සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවි විසින් තමාගේ නම ඈඳමින් අපහාසාත්මක ලෙස පුවත් පළකිරීමට එරෙහිව විමර්ශනයක් කරන ලෙස රහස් පොලීසියට පැමිණිල්ලක් කිරීම සඳහා ය.
කිසිදු පදනමක් නොමැතිව තමාගේ නම සම්බන්ධ කරමින් මෙවැනි පුවත් වාර්තා වීම පිළිබද විමර්ශනය කරන ලෙස උන්වහන්සේ සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.