රටේ සිටින සමස්ත ගුරුවරු ප්‍රමාණය වන 242,000ක් සම්පූර්ණ ආවරණය කිරීමේ ඉලක්කය සහිතව එන්නත් වැඩසටහන අද ගුරුවරුන් වෙනුවෙන් කොළඹ කලාපයෙන් ආරම්භ වූ බවත් මෙහි නිත්‍ය අවසාන ඉලක්කය අගෝස්තුවේ කුමණ ආකාරයෙන් හෝ පාසල් ආරම්භ කිරීම බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පැවසීය.
ඇමතිවරයා කීවේ සෞඛ්‍ය අංශයන්හි කොන්දේසිවලට අනුකූලව පියවරෙන් පියවර හැකිතාක් ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බවය.
ගුරුවරුන්ට කිසිදු අසීරුතාවක් නොවන්නටත් ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂාවන පරිදිත් මෙම එන්නත්කරණ වැඩසටහන සංවිධානය කරන බව ඇමතිවරයා කීවේය.