සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ටියුෂන් ගුරුවරයා දැරිය පැහැරගත් අයුරු පිළිබඳ ඇසින් දුටු සාක්ෂිය…

by editor
ජූනි 26, 2021
in සමාජ
අප්සාර මදුෂාණි

අප්සාර මදුෂාණි

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“අනේ සුදු නෝනා ගෙනියන්න එපා කියලා මා කැගැසුවා. මාව කාර් රථයෙන් එළියට ඇදලා දැම්මා. විෂාන් ඇවිත් සුදු නෝනා ඇදගෙන ගියා.“ යැයි මනාලියන් සඳහා කරනු ලබන පුර්ව රූගත කිරීමකට (පෝටෝ ෂුට්) බව පවසා රූපලාවන්‍ය ශිල්පිණිය හරහා මනාලිය හා දෙවන මනාලියන් ලෙස තෝරාගෙන සිට යුවතියන් ගෙන්වා ගෙන ඉන් එක් යුවතියක් පැහැරගෙන ගිය සිද්ධිය පිළිබඳ විස්තර කරමින් මනාලිය ලෙස සැරසී සිටි සිසුවියගේ නැන්දාවන අප්සාර මදුෂාණි (26) ලංකාසරට කීවාය.

පැහැර ගෙන ගොස් තිබුණේ 16 හැවිරිදි පාසල් සිසුවියකි. එම පැහැරගත් පුද්ගලයා 24 හැවිරිදි විෂාන් නැමැත්තෙකි.

යක්කලමුල්ල සිතිදොළ ආරණ්‍ය අසල මාර්ගයේ දී මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණි. සිද්ධිය විස්තර කරමින් ඇය මෙසේද කිවාය.

“ අලුතෙන් ක්ෂේත්‍රයට එන ඡයාරුප ශිල්පියෙකුට ෆොටෝ ෂුට් එකක් කරන්න ඕන කියලා මට යක්කලමුල්ල නගරයේ පිහිටි රුපලාවන්‍ය කටයුතු කරන අක්කා කීවා. ඇය මා වසර 10ක් තිස්සේ හඳුනනවා. මගේ වෙඩින් එක මැයි මාසයේ 10 වැනිදා ගන්න හිටියේ. නමුත් කොරෝන වසංගතය නිසා ගන්න බැරිවුනා. සැලුන් එකේ අක්කා මට කථා කරලා කීවා නංගි ඔයා වෙඩින් එකට සුදානම් වු නිසා දෙවන මනමාලියන් සමග ෆොටෝ ෂුට් එකක් කරමු කියලා. මේ ගැන මම සුදු නෝනාගේ අම්මාටත් කීවා. “

“පොසොන් පෝය දින තමයි ෆොටෝ ෂුට් එක කරනවා කීවේ. සැලුන් එකට ඇවිත් ඇඳුම් බලලා යන්න කීවා. පස්සේ ඇඳුම් ටිකත් දුන්නා. පෝය දින ඩ්‍රෝන කැමරා උඩ යවන්න බැරිනිසා එදා වැඩේ කල්ගියා. පසුගිය 25 වැනිදා සැලුන් එකේ අක්කා කථාකරලා කීවා උදෑසන 8.00 ට විතර සැලුන් එකට එන්න කියලා. ඇඳුම් ඇඳගෙන අපි සැලුන් එකට ගියා. සැලුන් එකේදි මම ඒ අක්කාගෙන් ඇහුවා අක්කේ මගේ දුරකථනය අංකය දුන්නේ කවුද කියලා. නංගි බය වෙන්න එපා. ඔයා අඳුනන කෙනෙක් කියලා ඇය කිවා. “

“පෝටෝ ෂුට් කරණ තැනට අපිව එක්ක යන්න ඇල්ටෝ කාර් රථයක් ඇවිත් තිබුනා. මමයි මල්කුමාරිට ඉන්න දරුවන් 02න්නයි කාර් රථයට නැග්ගා. කොට්ටව රක්ෂිතයේ තමයි ෂුට් එක කරණ බව කීවේ. නමුත් කොට්ටව කැළේ ළග කාර් රථය නතර කළේ නැහැ. කොට්ටවහන්දියෙන් ඇතුළට දමන කොට මා ඇසුවා ඇයි මේ පැත්තට යන්නේ කියලා. සැලුන් එකේ අක්කාට කොල් කරලා කීවා කොට්ටවහන්දියෙන් ඇතුළට දැම්මා කියලා . ඇය මට කිවා භය නැතිව යන්න කියලා. “

“මට සැකයක්ද ඇතිවුනා. මල්ලිට කථා කරලා කීවා කොට්ටව ඇතුල් පාරේ යන්නේ කියලා . නැවුන්ගලත් පසුකරගෙන යනවිට මම මේ දුවගේ අම්මාටත් කොල් කළා. මගේ මහත්තයාටත් කිවා. සිතදොළ ආරණ්‍ය පාරෙන් ඇතුළට දැම්මා. සිතදොළ ආරණ්‍ය කියලා ගහලා තියෙන බෝඩ් හැම එකෙන්ම ඇතුල් වුනා. සිතදොළ ආරණ්‍යට හැරෙන තැනදි තුන් දෙනෙක් ඇවිත් කාර් රථය නතර කළා. මිටර් 200ක් විතර ඉදිරියෙන් ත්‍රිරෝද රථයක් නතර කරලා තිබුනා.“

“මම කාර් රථයේ දොරවල් ලොක් කළා. කාර් රථය පදවපු මල්ලිටත් තර්ජනය කළා කාර් එක ඉදිරියට ගන්න එපා කියලා. කාර් රථයේ විදුරු ඇරලා තිබුණු නිසා විෂාන් ඇවිත් කාර් රථයේ දොරවල් ඇරලා බහින්න කිවා. මම නැවත කාර් රථයේ දොරවල් ලොක් කළා. මා සුදු නෝනා අල්ලාගත්තා. පස්සේ ඔවුන් යළිත් දොරවල්වල ලොක් ඇරලා සුදුනෝනා එළියට ඇද්දා. මා සුදු නෝනා ඇදගෙන හිටියා. තව නංගි කෙනෙක් මැද හිටියා. පස්සේ තව කෙනෙක් ඇවිත් මගේ පැත්තේ කාර් රථයේ දොර ඇරලා මාව එළියට තල්ලු කළා. සුදු නෝනා ගෙනියන්න එපා කියලා මම විෂාන් සමග පොරකැවා. මාව පස්සට තල්ලුකරලා සුදු නෝනව ඇදගෙන ගියා.“

“ පස්සේ අනික් පිරිමි දෙන්නා ඇවිත් මට තර්ජනය කළා. උඹට ගහන්නේ නැහැ. ගැණියෙක් නිසා කියලා. ඔවුන් යන්න ගියා. පස්සේ කාර් රථයේ මල්ලිට කිවා අපි ත්‍රිරෝද රථය පස්සේ යමු කියලා. ත්‍රිරෝද රථයේ කට්ටිය කිවා. අපේ පස්සේ එන්න එපා. කාර් එක නතර කරන්න කියලා. සුදු නෝනා අරගෙන යනවා කියලා මා දන්නා අයට කොල් කළා.119 අංකයටත් දැනුම් දුන්නා. ත්‍රිරෝද රථය පස්සේ එළවාගෙන අකුලහේන හරියට ගියා.

එතැනදි ත්‍රිරෝද රථය මග හැරුණා. ත්‍රිරෝද රථයේ රෝදපාරවල් ඔස්සේ ඉදිරියට ගියා. කාර් රථයේ මල්ලිත් මේ සිද්ධිය තමන්ගේ මිතුරන්ට කොල් කරලා කිවා. අකුලහේන ප්‍රදේශයේ දි තමයි සුදු නෝනා බේරාගත්තේ“ යැයි ඇය කිවාය.

ත්‍රී විල් රථයෙන් තරුණිය පැහැරගෙන යන අයුරු….

මෙකී පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයකු හා ඒ සඳහා අනුබල දුන් රුපලාවණ්‍ය ශිල්පිනියක් සහ කාර් රථයේ රියදුරු යක්කලමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

උපකාරක පංති ගුරුවරයා මෙම සිසුවියගේ නිවසට ගොස් ටියුෂන් ලබාදි ඇත. පසුව මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිවි තිබේ. දෙමව්පියන් මෙයට විරෝධය දක්වා ඇති අතර පසුව පාසල් දැරිය ද ප්‍රේම සම්බන්ධය නතරකොට ඇත. උපකාරක පංති ගුරුවරයා විසින් ෆොටෝ ෂුට් එකක් කරණ මුවාවෙන් මෙම දැරිය පැහැරගැනිමට සැලසුම්කොට තිබුණි..

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ දිනයේ පමණක් කොවිඩ් මරණ 43යි..

Next Post

ලිට්රෝ වංචනික සිලින්ඩරය තවමත් වෙළෙඳපොළේ – නියම සිලින්ඩරය සපයන්නේ අඩුවෙන්

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.