බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිට්රෝ වංචනික සිලින්ඩරය තවමත් වෙළෙඳපොළේ – නියම සිලින්ඩරය සපයන්නේ අඩුවෙන්

by Lanka Sara Editor
ජූනි 26, 2021
in පුවත්
gas
Share on FacebookShare on Twitter

ලිට්රෝ ගෑස් සමාගම විසින් වෙළෙඳපොළට හඳුන්වා දෙන ලද අඩු බර ප්‍රිමියම් සිලින්ඩරය වංචනික බව වෙළෙඳ අමාත්‍යවරයාද පිළිගෙන තිබුණද තවමත් ලිට්රෝ සමාගම කොළඹින් පිට පළාත්වලට එම සිලින්ඩරයම බහුල වශයෙන් සපයන තත්ත්වයක් පවතින බව ලංකාසර කළ නිරීක්ෂණයකදී පැහැදිළි විය.

මහනුවර ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිත ආයතන සහ උප අලෙවි නියෝජිතයන් වෙත සමාගම තම තොග බෙදාහරින්න් හරහා මෙසේ සපයා තිබුණේ ප්‍රිමියම් ගෑස් සිලින්ඩර වන අතර එම සිලින්ඩර 7කට නියම බර සහිත කිලෝ ග්‍රැම් 12.5 සිලින්ඩර 3ක් පමණ සපයා ඇති බව ස්ථාන කිහිපයකදීම නිරීක්ෂණය විය.

මේ තත්ත්වය නිසා ගෑස් ලබා ගැනීමට පැමිණි ඇතැම් පාරිභෝගිකයන් එම ගෑස් මිලදී නොගෙන වෙනත් නියෝජිතයකු වෙතට යන්නට පිටව ගිය අතර වික්ලපයක් ගැන සෙවීමට අපහසු බහුතරයක් අකැමැත්තෙන් වුවද මෙම අඩු බර වංචනික සිලින්ඩරය මිලදී ගෙන ගියහ.

මෙම වංචනික ගෑස් සිලින්ඩරයේ එල්.පී ගෑස් ලීටර 18ක් ඇති බව සඳහන් වන අතර එහි පවතින ගෑස් බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 9.7කි. සිලින්ඩරය මිල රුපියල් 100කින් සාමාන්‍ය කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයකට වඩා අඩු වුවද එහි පවතින ගෑස් ප්‍රමාණයට සාපෙක්ෂව ගෑස් කිලෝවකට වැඩි මුදලක් ගෙවිමට පාරිභෝගිකයාට සිදුවේ. පාරිභෝගික අධිකාරියේ නිසි අවසරය නොගෙන ඉදිරිපත් කළ මෙම සිලින්ඩරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි විශාල කතා බහක් ඇති විය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එහිදි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම ගෑස් අලෙවිය වංචනික එකක් බවත් එය රජයට අයත් ලිට්රෝ සමාගම විසින් සිදුකරන ලද්දක් බව පිළිගත් අතර කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයේ වෙළෙඳපොලේ පැවතීම අනිවාර්ය බව ඔහු අවධාරණය කළේය.

එසේ වුවද මෙම සිලින්ඩර අඩුවෙන් වෙළෙඳපළට සැපයීම සම්බන්ධයෙන් චෝදනාව ලිට්රෝ සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා ප්‍රතික්ෂේප කළේය. ඔහු ප්‍රකාශ කළේ මේ වනවිට ලාෆ් සමාගම දැනට පවතින මිල අර්බුද හේතුවෙන් ප්‍රමාණවත් තරම් ගෑස් වෙළෙඳපොළට මුදා නොහරින බැවින් මේ වනවිට වෙළෙඳපොලේ ලිට්රෝ සඳහා ඉල්ලුම වැඩි වි ඇති බවය.

දැනටමත් වෙළෙඳපොළේ සියයට 60ත් 65ත් අතර වෙළෙඳපොළ කොටසක් පවතින ලිට්රෝ සමාගමට ලාෆ් හිගය නිසා තවත් වර්ධනය වි ඇති බවත් වෙළෙඳපොළට ඉදිරිපත් කරන කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරය ඉක්මනින් අවසන් වන තත්ත්වයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද මෙම වංචනික බව කියන සිලින්ඩරය ඉදිරියේදීද වෙළෙඳපොලට ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කළේය. දැනට මූලික ව ලිට්රෝ සමාගම අපේක්ෂා කරන්නේ ගෑස් හිගයකින් තොරව සැපයීම බවත් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරය වෙළෙඳපොළේ නැතිනම් ලිට්රෝ සමාගමේ 1977 දුරකථනය අංකයට අදාල ස්ථානය සහ වෙලාව ද සමඟ දන්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටියුෂන් ගුරුවරයා දැරිය පැහැරගත් අයුරු පිළිබඳ ඇසින් දුටු සාක්ෂිය…

Next Post

පිටිය මැද ක්‍රිකට් මල ගෙයක් හදා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 20යි විස්ස තරගාවලිය නිම කරති…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.