බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගෙවත්ත පාරම්පරික බීජ සංරක්ෂණාගාරයක් කළ ග්‍රාමසේවක මහත්තයා

by editor
මාර්තු 19, 2021 - Updated on ඔක්තෝබර් 4, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ආත්මාර්ථය මිස පොදු පරමාර්ථ වෙනුවෙන් තම කාලය ශ්‍රමය වැය කරන මිනිසුන් වර්තමානයේ ඉතා දුලබ ය. එවැනි වටපිටාවක පොදු සමාජයේ යහපත වෙනුවෙන් වෙහෙසෙන සුන්දර මනුස්සයෙක් ලංකාසරට මුනගැසුනි. ඒ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹන්පොල ග්‍රාම නිලධාරී වසම භාරව කටයුතු කරන එස්.එම්.කේ.පී.සපුකුමාර ග්‍රාම නිලධාරී වරයාය.

වී වර්ග ආදර්ශ වගාව…

තම රැකියාව  කරන අතරම ඔහු තම ගෙවත්ත වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා වෙන් කර ඇත. වසර 20ට අධික කාලයක් ගොවිතැන් කටයුතුවල යෙදෙන සපුකුමාර ග්‍රාම නිලධාරී වරයා දේශීය වී වර්ග 90 ක් පමණ මෙවර මාස් කන්නයේ ද වගා කර තිබේ.

හීනටි වර්ග දොලහක් , හීන් කුරුලු තුඩ, කුරුලු තුඩ, රත්දැල්, කහවනු, මසුරන්, මඩතාවලු, පිහිටු වී, රත්තාවුලු ඇල්, කහරතමහ, කඳන් වී, හීරැස්ස වී , ගාලුසුලයි, පොක්කාලි, පුෂ්ප රාග, මුතු, ඉච්චිනගා, බටපොලැල්, රත්කඳ, තොටේයාය දිග්වී, මහගොඩවී, අසුදුවී ,කිරිනාරන්, ඇතුලු විවිධ වී වර්ග රැසක් ඒ වගාවෙහි තිබේ. ඒවා වගා කර ඇති ලියදි ඉදිරියේ ලේබල් ගසා ප්‍රදර්ශනය කර ඇත්තේ ඉතා පිළිවෙළකට ය.

ගොවි ගෙදර බීජ ප්‍රදර්ශනය කර ඇති අයුරු

වී වර්ගවලට අමතරව විවිධ ලබු වර්ග, බූ මෑ, පොළොන් මෑ, කොට මෑ ආදී මෑ වර්ගද, කොච්චි වරග දහයක් , බණ්ඩක්කා වර්ග අටක්, සිංහල වට්ටක්කා වර්ග තුනක්, වැටකොලු වර්ග තුනක්, තණ, කුරහන්, මෙනේරි, වෙදමුං, කහමුං, බෙහෙත් මුං හා කටු අනෝදා, දෙහි, දොඩම්, ආදී පලතුරු වර්ග ද ගෙවත්තෙහි වගා  කර තිබේ.“

RelatedPosts

දේශීය වගා පර්යේක්ෂකයෙක් වූ අඹන්පොල ග්‍රාමසේවක සපුකුමාර කපා කොටා ඝාතනය කරයි…

වී කුරුණියට අලි මරණ තිරිසනුන් මැද වගාවෙන් අඩක් වන අලින්ට වෙන් කළ බෝසත් මිනිසා..

වස විස නැති පාරම්පරික භෝග උයනක් හදන්න වැඩ අල්ලපු ග්‍රාමසේවක මහත්තයා..  

රසායනික පොහොර වර්ග කිසිවක් භාවිතා නොකර ඒ වෙනුවට දේශීය ගවයාගේ ගොම, ගව මුත්‍ර , කොලවර්ග, ඇටවර්ග, උපයෝගී කරගෙන සකස් කර ගත් පොහොර මිශ්‍ර කර මේ වගා සඳහා යොදා ගනු ලබයි .මෙසේ පොහොර යොදා අස්වද්දන කුඹුරු අක්කරයකින් වී බුසල් 60–120 දක්වා ලබා ගත හැකි බව සපු කුමාර   පවසයි. ගෙවත්තෙහිම සදා ගෙන ඇති වගා ළිඳේ ජලයෙන් වතුර සපයා ගන්නා ඔහු නියඟ කාලවලදී ද මේ අභියෝගය ජයගත හැකි  බව පවසයි………

ඔහු තම අදහස් ප්‍රකාශ කලේ මෙසේය……

“ගොඩක් අය වරද්දාගෙන ඉන්නවා ගොයම් ජලජ ශාකයක් කියල . නමුත් ගොයම් ගහක් පීදෙන්න මහ හුඟක් වතුර ඕන නෑ… යන්තම් පොලොව තෙමුනම ඇති.. ගොඩක් ගොවියො මේක දන්නෙ නෑ. දින 21 ක් ලියදිවල තෙතමනය රැඳිල තියෙනවා. දින 21න් 21ට වගාවට වතුර දුන්නම ඇති. උතුරන්න ජලය ඕන නෑ. නියම විදිහට වතුර ටික ගොයමට ලබා දෙන නිසා තමයි අඩි 4-5ක් උස දේශීය වී වර්ගවල ගොයම නොවැටී අස්වනු නෙලන තෙක් පවත්වාගෙන යන්නේ… මං මගෙ වී වගාව සඳහා පැරෂුට් ක්‍රමය තමයි භාවිතා කරන්නේ.“

“මං මේ කාර්‍යය කරන්නෙ ඉතාම කැමැතෙන්. මගෙ අරමුණ තමයි වස විසෙන් තොර ආහාර රටාවකට පුරුදු වෙන්න අපේ රටේ මිනිස්සුන්ට උදව් වෙන එක. මං දැන් අවුරුදු 20ක් තිස්සේ ගොවිතැන් කරනවා. අපේ පාරම්පරික වී වර්ග ව්‍යාප්ත කරන්න මං අපේ ගොවියන්ට නොමිලේ බිත්තර වී ලබා දෙන්න සූදානමින් ඉන්නවා . මේ වෙනකොට ගොවියෝ 300ට වඩා මං බීජ නොමිලේ ලබා දීල තියෙනවා. යාපනය ,මන්නාරම , මඩකලපුව අම්පාර , මොනරාගල , ගාල්ල , මාතර, හම්බන්තොට, වයඹ, පුත්තලම දිස්ත්‍රික්කවල ගොවියන්ට ත් බීජ ලබා දීල තියෙනවා. ග්‍රෑම් ප්‍රමාණයේ ඉඳල බුසල් ප්‍රමාණ දක්වා ඕන තරම් වී ලබා දෙන්න මට පුලුවන් …….”

වටමළු ගසා ගොයම ආරක්ෂා කර ඇති අයුරු…

“මං මගෙ වී අස්වැන්න සංරක්ෂණය කරනවා. ගොයම් කපල වටමලු ගහනවා. මේ වටමලු කන්න හත අටක් වුණත් පරණ වෙන තරමට පැළවීමේ ශක්තිය වැඩි වෙනවා. එහෙම පරණ වුන වටමලුවල බීජ අරගෙන මං ඒවා අටු භාවිතා කරල සංරක්ෂණය කරනවා. ඒ අවශ්‍ය බීජ මං බෝතල්වල දාලා ලේබල් කරල මගෙ ගොවි ගෙදරින් තියෙනවා. මං ගෙදර වගා කරල තියෙන්නෙ වී වගා ආදර්ශනයක් විතරයි….අක්කර ගණනාවක මං මේ පාරම්පරික වී වගා කරල තියෙනවා …“

ගොවි ගෙරද

සපු කුමාර ග්‍රාමසේවක මහත්තයා තම ගෙවත්තේ ගොම මැටි යොදා සකස් කරගත් ගොවි ගෙදර ක් නිර්මාණය කර ඇත. පිදුරු , පොල් අතු සෙවිලි කර ඇති, උස පිළකින්ද යුක්ත ගොවි ගෙදර ඉතා දැකුම්කලු ය. ගොවිගෙදර නැරඹීමට ඕනෑම අයෙකුට ඕනෑම මොහොතක පැමිණිය හැකි බව ඔහු කියන්නේය. එසේම ගොවි ගෙදර තුළ පැරණි ගොවි උපකරණ ද සංරක්ෂණය කර ඇත්තේය.

“මං කවදාවත් මගෙ වසමෙ මිනිස්සුන්ට රජයෙන් පැළ ලබාදෙනතුරු බලා ඉදල නෑ. මං මගෙන් ඉල්ලන ඕනම කෙනෙකුට  නොමිලේ බීජ , පැළ ලබාදෙනවා. පාසල් දරුවන්ට ගෙවත්තෙ වගා කරන්න පැළ ලබා දෙන්න මට පුලුවන්. එයාලට ඇවිත් අපේ ගොවි ගෙදර නරඹනෙත් පුලුවන්. මං ඒවට මුදල් අය කරන්නෙ නෑ .මොකද මගෙයි බිරිඳ ගෙයි රැකියා දරුවො එක්ක මට සතුටින් ජීවත් වෙන්න හොඳටම ඇති.“

“සංරක්ෂණය කර තිබෙන වී වර්ග ව්‍යාප්ත කරගෙන බීජ නිෂ්පාදනය කරන්න මට වැවක් ළඟ කුඹුරු අක්කර 25ක් 30ක් තියෙනවා නම් මට කරන්න බැරි දෙයක් නෑ . රටේ නම ගිය ඈයො දිගට හරහට ඉඩම් හොරා කනවා. ඇයි මං වගේ රටට යහපතක් කරන්න හදන මිනිහෙකුට උදව් කරන්න කාටවත් බැරි .?  ගොවියෙකුට මොනවද කරන්න බැරි. ගොවිකමේ වටිනාකම අපේ ගොවියො හඳුනන්නෙ නෑ. පාරම්පරික වී වගාව කරන කෙනෙකුගෙ කුඹුර ටම ඇවිත් වුනත් නොමිලේ උපදෙස් දෙන්න මං ලෑස්ති යි. ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි… ”

ඔහුගේ සරුසාර ගෙවත්ත පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ රොලව ප්‍රදේශයේ පිහිටා ඇත. යන එන ගමන් ඔබටත් ඒ ගෙවත්තට ගොඩවිය හැකිය

Tags: කඳුබොඩපාළුකඩවල වැවසපුකුමාර
Share69Tweet43
Previous Post

අද දවසට කොවිඩ් මරණ 01යි… කොවිඩ් ආසාදිතයන් 302යි…

Next Post

උත්සව සමයෙ දි රටින් කොහෙන් හරි ගෙනත් රුපියල් 97ට හාල් දෙනවා…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.