බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගාසා තීරය වද කඳවුරක්… මිනිස්සු 23 ලක්ෂයක් හාමතේ බෝවන රෝගවලට ලක් කර මරා දමන්න හදන හැටි…

by editor
ජනවාරි 20, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මේ මොහොතේත් ඊශ්‍රයාලය ගාසා   ප්‍රහාර එල්ල කරමිනි. පසුගිය ඔක්තොම්බර 07 වැනිදා හමාස් කැරළිකරුවන් විසින් ඊශ්‍රයාලයට එල්ල කළ ප්‍රහාරය අතිශයින්ම තුච්ඡ බව සැබෑය. එහෙත් මේ මොහොත වනවිට ඇමරිකාව ඇතුළු බටහිර ජාතීන්ගේ නිශ්ඡිත අවශ්‍යතාවන් මත ගාසා තීරයේ අසරණ පලස්තීන වැසියෝ වද විඳ මැරෙන්නට සලස්වා සිටිති.

මානව හිමිකම්හි අහවල් එක ගැන කතා කරමින් ලෝක දේශපාලන යාන්ත්‍රණයට බලපෑම් කරන අතරම තමන්ගේ දේශපාලන අවශ්‍යතා මත තවත් ජන කොට්ඨාසයක් විඳවා මරා දැමීමට හැකි තරම් තුච්ඡ මනෝභාවයන් සහිත වියරු මිනිසුන් අත ලෝක දේශපාලනය හැසිරෙන්නේය. අපට සහතික කර කිව හැක්කේ ශික්ෂිත මනුෂ්‍ය  ශිෂ්ඨාචාරය යනු පට්ට කෙබරයක් බවය. තවමත් ලෝකය පාලනය කරමින් හැසිරෙන්නේ මිනිසාගේ අභ්‍යන්තරික තිරිසනාය.

 අවතැන් වීම

ගාසා තීරයේ මිලිය 2.3ක් ජනතාවක් ජීවත් වූහ.  එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියට (UNRWA) අනුව ඉන්  මිලියන 1.7 කට වැඩි ජනතාවක් මේ වනවිට අවතැන්ව සිටිති. එය ගාසා තීරයේ ජනගහනයෙන් 75% කි. දිවි රැක ගැනීම  සඳහා ඔවුන්ට  නැවත නැවතත් තැනින් තැනට මාරු  වීම සඳහා බල කෙරමින් ඇත.   එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය පවසන්නේ නොනවතින සතුරුකම් සහ නිතා පතා සිදුවන ඉවත්කිරිමේ නියෝග නිසා වඩාත් නිවැරදි සංඛ්‍යාලේඛන ලබා ගැනීම දුෂ්කර බවය.

3 in 4 people in #Gaza are internally displaced. These are the conditions they live in. #CeasefireNOW pic.twitter.com/vKUiGYCJhP

— Tedros Adhanom Ghebreyesus (@DrTedros) January 19, 2024

 

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඊජිප්තුව මායිමේ ඇති දකුණු නගරයවන රාෆා දැනටමත් ජනාකීර්ණ ප්‍රදේශයක් වී ඇත. එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ ප්‍රධානී පිලිපේ ලසාරිනි (  Philippe Lazzarini) ට අනුව දැන් මේ නගරයේ ජනගහණය මිලියන 1.2කි. එනම් ගැටුම ආරම්භයට පෙර සිටි ජනගහණ ධාරිතාව මෙන් සිවු ගුණයකි.

නගරය බෝවන රෝග ව්‍යාප්ත වීමේ බිහිසුණු අවදානමකය. සොබා දහමේ මූලික බලපෑම් සිද්ධවන අවු, වැසි, සුළං, මෙන්ම සීත කාලගුණික තත්තව  සඳහා විකල්ප නොසපයන   තාවකාලික කූඩාරම්වල සහ ප්ලාස්ටීක් තහඩු යට දස දහස් ගණනක්  ජීවත් වෙමින් සිටිති. ඒ අවට පරිසර බෝවන රෝග සඳහා වූ සෑම අවදානමක්ම සහිතය.

සෞඛ්‍ය සහ රෝහල්

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ප්‍රදේශයේ   රෝහල් 36 න් බොහොමයක් ඇත්තේ අක්‍රීයව ය.    15 ක් පමණක් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වෙමින් ඇත. රෝහල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන හෝ වෛද්‍ය සැපයුම් නොවේ. නමුත් ඒවායේ ධාරිතාව මෙන් තුන් ගුණයක් රෝගීන් දැරීමට එම රෝහල්වලට සිදුවී තිබේ.

ගාසා තීරයේ ක්‍රියාකාරී රසායනාගාර නොමැත. මේ තත්ත්වය තුල රෝගීන් හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට ඇති හැකියාව දැඩි ලෙස සීමා වී තිබේ.

මේ සියලුම තත්ත්වයන් තුළ  බෝවන රෝග ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. ගාසා හි  ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත රිචාඩ් පීපර්කොන් (Richard Peeperkorn ) පවසන්නේ  වයස අවුරුදු පහට අඩු ළමුන් අතර පාචනය රෝගීන් සංඛ්‍යාව පෙර වසරේ සාමාන්‍යයට සාපේක්ෂව 2023 නොවැම්බර් මාසයේදී 20 ගුණයකින් වැඩිවුන බවය.

දූෂිත ආහාර සහ ජලය හරහා සම්ප්‍රේෂණවිය හැකි බෝවන අක්මා ආසාදනයක් වන හෙපටයිටිස් ඒ  මෙම කඳවුරු ආශ්‍රිතව හඳුනාගෙන   ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනොම් ගේබ්‍රියේසස්  (Tedros Adhanom Ghebreyesus)  බ්‍රහස්පතින්දා X හි  ලිව්වේ මේ මිනිසුන් ගතකරමින් ඇත්තේ  මනුෂ්‍යයන්ට නුසුදුසු ජීවිතයක් බවය.

අපිරිසිදු ජලය, අපිරිසිදු වැසිකිලි සහ වටපිටාව පිරිසිදුව තබා ගැනීමට ඇති නොහැකියාව හෙපටයිටිස් A තව දුරටත් පැතිරීමට ඉඩ සලසන බව ඔහු පෙන්වා දෙන්නේය.

“රෝග පැතිරීම සඳහා පරිසරය පුපුරන සුලු අනතුරුදායක තත්ත්වයක් මතු කිරීමේ අවදානමකය.” අධ්‍යක්ෂ ජනරාල්වරයා ලියා තබයි.

Cases of #HepatitisA, an inflammation of the liver, have been confirmed in #Gaza via test kits supplied by @WHO.

Hepatitis A is usually mild but can occasionally cause severe disease. 24 cases are confirmed and no deaths have been reported so far. There are several thousand…

— Tedros Adhanom Ghebreyesus (@DrTedros) January 18, 2024

ආහාර, ජලය, ආධාර

යුද්ධය ආරම්භයේදී ඊශ්‍රායලය ගාසා තීරය වෙත ආහාර, ඖෂධ, බලශක්තිය සහ ඉන්ධන ආනයනය කිරීම නතර කළේය.

නමුත් පසුව සමහර හරස් මාර්ග හරහා එම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට ඉඩ දුන්නේය. එහෙත් සහන නිලධාරීන් පවසන්නේ ආරක්‍ෂක පරීක්‍ෂණ, සටන් සහ යුද කලාපයක් හරහා ගමන් කිරීමේ දුෂ්කරතා මෙහෙයුම්වලට දැඩි බාධාවක් එල්ල කරන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයට ඇතුළු වන ආහාර ප්‍රමාණය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය ප්‍රමාණයෙන් සුළු කොටසක් පමණක් බවය. පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ   වාර්තාවක් පෙන්වා දෙන්නේ සමස්ත ජනගහනයම සාගින්නෙන් අර්බුදකාරී මට්ටම්වලට මුහුන දී සිටින බවය.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය (OCHA) පසුගිය සතියේ පැවසුවේ ඊශ්‍රායල බලධාරීන් උතුරු ගාසා තීරයට ප්‍රවේශ වීම ක්‍රමානුකූලව අවහිර කරමින් සිටින බවය.

ගාසා තීරයට යන භාණ්ඩ පරීක්ෂා කරන ඊශ්‍රායලය, හමාස් සංවිධානය විසින් හමුදා කටයුතු සඳහා භාවිත කළ හැකි යැයි සලකන සියලුම භාණ්ඩ රඳවා තබා ගන්නේය. ඒ සඳහා දක්වන විරෝධතා   ප්‍රතික්ෂේප කරන්නේය. ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත ප්‍රමාණවත් ආධාර නොලැබීම සම්බන්ධයෙන් පලස්තීන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෙදා හැරීමේ යාන්ත්‍රණයට දොස් පවරමින් ඇත.

ඊශ්‍රායලය දෙසැම්බරයේ දී  ආධාර ට්‍රක් රථ සඳහා දෙවන හරස් මාර්ගයක් විවෘත කළේය.   ඒ හරහා දිනකට ට්‍රක් රථ 200ක් දක්වා ගාසා වෙත ඇතුළු කර  ආහාර සහ ඖෂධ ප්‍රමාණය දෙගුණ කිරීමට අදහස් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ආරක්ෂක සහතික ලබා ගැනීමට අපොහොසත් වීමෙන් පසු මෑත සතිවල සැලසුම් කළ ආධාර බෙදා හැරීම් කිහිපයක් අවලංගු කිරීමට බල කෙරුණු බවය.

කුසගින්නේ තබා රෝගවලට ගොදුරු කිරීමට අමතරව ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මිනිස්සු විසි තුන් ලක්ෂයක් මරණය සඳහා කැප කර සිටිති. හිට්ලර් මීට වඩා මානුෂික බව කිව යුතුව ඇත.

අප ජීවත් වන්නේ මොනවගේ ලෝකයක ද?.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පහර දුන් සුළු සේවකයින් 04 අත් අඩංගුවට නොගන්නේ නම් තත්ත්වය බරපතල වේවි… කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු දන්වති!

Next Post

Enchanteur වෙතින් Romantic, Charming හා Alluring නමින් නව සබන් වර්ග තුනක්

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.