බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගාල්ලේ චීන්නු පැල කළ චීනකොරටුව!

by editor
පෙබරවාරි 24, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

නමක් නැති ගමක් නැත. සෑම ගමකටම කුමන හෝ නමක් පටබැදි ඇත. ගමට නම්පට බැඳීම පිළිබඳව ගෙතී ඇත්තේ හරි අපුරු රසවත් කථාන්දරයන්ය. ගාල්ලේ චීන කොරටුවද එවැනි ගම්මානයකි.

වරක් හිටපු අගමැතිවරයකු වු ආචාර්ය විජයානන්ද දහනායක මැතිවරණ වේදිකාවලදී චීනකොරටුව සහ චින්නු ගැන හරි අපුරු කථාවක් කළේය. ඒ එක්දහස් නවසිය පනස් හැට පහ මහමැතිවරණයේ දිය. එවර රටේ ජනරැල්ල සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ නායකත්වයෙන් යුතු සමගිපෙරමුණ වෙත ගොඩනැගි තිබුණි. මැතිණිය හා චීන රජය අතර පැවතියේ දැඩි සමිප සම්බන්ධතාවයකි. දහනායක ගාල්ල ආසනය සදහා එජාපයෙන් මැතිවරණ සටනට පිවිස සිටියේය.

Wijeyananda_Dahanayake_portrait
විජයානන්ද දහනායක

මැතිවරණ දිනවපු දහනායකගේ  චීන විරෝධය

“බලන්න දැන ගාල්ලේ චීන්නු පැළපැදියම් වෙලා. චීන්නු ගාල්ලට ඇවිත් චීනකොරටුව කියලා ගමක්ද නම්කරගෙන තියෙනවා. මේ විදියට චීන්නු ගාල්ලේ පැලපැදියම් වෙන්න පටන්ගතහොත් වැඩි දවසක් යන්න කලින් චින්නු මුළු ගාල්ලට අල්ලාගන්නවා. සිරිමාවෝ මැතිණියට අවශ්‍ය ගාල්ලත් චීනාට දෙන්න. මේ දහනායක ඉන්නකම් ඒකට ඉඩදෙන්නේ නැහැ″.

දහනායක මහතා මැතිවරණ රැස්විම්වලදී එසේ කිවේය. ගාල්ල චින්නුන්ගෙන් බේරාගන්න දහනායකට ඡන්දය දෙන්න එදා දහනායක මහතා මැතිවරණ වේදිකාවලදි ඡන්දදායකයින්ට ලබා දුන් පොරොන්දු සිහිපත් කරමින් අදටත් ගාල්ලේ පැරැන්නෝ බඩ අල්ලාගෙන සිනහවෙති.

මැතිවරණ ප්‍රථිපල නිකුත් වන විට එවර පැවති මහමැතිවරණයේ දි එජාපය මුළු රටෙන්ම අන්ත පරජයක් ලබද්දි දහනායක මහතා ගාල්ල අසුන රැකගත්තේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

කෙසේවුවද එදා දහනායක මහතා චීන ජාතිකයින්ට විරුද්ධව මහමැතිවරණයේ දි කථා කළද ගාල්ලේ පැලපැදියම් වු චීන ජාතිකයින් කිහිපදෙනෙකුට පුවැසිභාවය ලබාදිම සඳහා දහනායක මහතා මැදිහත් විය.

Galle-port-in-19th.century.-Point-de-Galle-community-Facebook-647x375
ගාළු වරාය – 19 වැනි සියවස

ගාල්ලේ චීන්නු

චීනයේ පිනෑංහි සිට චීන ජාතිකයින් 47 දෙනෙකු ගාල්ලට රැගෙන එනු ලැබුවේ එවකට මෙරට ආණ්ඩුකාරවරයා සිටි පෙඩ්රික් නෝර්ත්ගේ නියෝගයකට අනුව බව පොතපතේ සදහන් වේ. ඔහු ක්‍රි.ව.1798 සිට 1805 දක්වා මෙරට ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය.

ලන්දේසින්ගේ පාලන කාලයේ දි ඇතැම් චීන ජාතිකයින් මෙරටට එවු බව හෝ පිටුවහල් කළ බව සඳහන් වේ. කෙසේවුවද යුරෝපිය ජාතින්ගේ ලංකා ගමනයත් සමග මෙරට වාසය කළ චීන ජාතිකයින්ගේ සංඛ්‍යාව වැඩි වී ඇත. කෙසේවුවද මෙකී කාලයේ දි චීන ජාතිකයින් විශාල පිරිසක් බතාවියා ප්‍රදේශයට පැමිණ තිබුණි. එම චීන ජාතිකයින්ගේ අති බහුතරයක් නීති විරෝධි ලෙස පැමිණ තිබුණි.
ඒ අනුව බතාවියේ නීති විරෝධීව පැමිණ සිටි චීන ජාතිකයින්ගෙන් බහුතරයක් මෙරටට පිටුවහල් කළයුතු බවට ලන්දේසි පාලකයින් විසින් තිරණය කරණු ලැබිය.

එයට හේතු වශයෙන් දක්වා තිබුණේ මෙරට සියඹලා අස්වැන්න නෙලීම සදහා චීන ජාතිකයින් යොදවා ගැනිමෙන් විශාල ආදායමක් ලබාගත හැකි බවය. කෙසේවුවද මෙසේ පිටුවහල් කරනු ලැබු චීන ජාතිකයින් ලංකාවට නො යවන බවත් ජාවා වෙරළෙන් නික්මුණු විගස ඔවුන් මහමුහුදට ඇද දමන බවත් චීන ජාතිකයින් අතර කටකථාවක් පැතිරිගොස් තිබුණි. ඒ අනුව මෙම කාලයේ දි බතාවියේ විසු චීන ජාතිකයින් සහ ලන්දේසි පාලකයින් අතර ගැටුමක් ඇතිවිය. බතාවියේ සිදුවු මනුෂ්‍ය සංහාරයත් සමග චීන ජාතකයින් ශ්‍රිලංකාවට පිටුවහල් කිරිමට හේතු වු බවද සඳහන් වේ.

චීන්නු හදපු චීනකොරටුව

ගාල්ලට පැමිණි චීන ජාතිකයින් කෘෂිකාර්මික කටයුතුවල නිරතවුහ. චින්නු චීන කොරටුව ප්‍රදේශයේ එළවළු භෝග වගා කිරිමට කටයුතු කරනු ලැබිය. එළවළු භෝගවලට වන සතුන්ගෙන් සිදුවන හානි වැලැක්වීම සදහා චීන ජාතිකයින් විසින් එළවළු භෝග වගාකළ බිම්කඩ කොටුකර වැටවල් ගැසිමට කටයුතු කරණු ලැබිය. ඉන්පසු මෙම ගම්මානයට චීනකොරටුව ලෙස නම්පටබැදුණු බව පැරැන්නෝ පවසති.

චීන ජාතිකයින් මෙම ඉඩම් බදු පදනම මත රජයෙන් ලබාගෙන එළවළු වගා කළහ. එකළ මෙහි වගාකරනු ලැබු තක්කාලි, මිරිස්, වම්බෝටු, කරවිල, පතෝලා, මෑකරල්, පිපිඤ්ඤා, ආදි එළවළු වර්ග චින්නුන්ගෙන් සිංහල පවුල්වල ඇත්තන් මිලදී ගත් බව ජි.වි.ජි විලියම් මහතා විසින් ලියනු ලැබු ගාලු ඉතිහාසය නැමති ග්‍රන්ථයේ ඳදහන් වේ. සිංහල පවුල්වල අය කුල්ලක, වට්ටියක, හෝ කිරිගොට්ටකට තුට්ටුවක්, පයිසාවක්, සතයක් දමා එළවළු කොරටුවේ පිටතින් සිට චීන ජාතිකයින්ට ලබාදුන් විට ඒවාට එළවළු පුරවා දෙන බව එම වාර්තාවල දැක්වේ

අද චීනකොරටුව

කෙසේවුවද ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල 1812 වන තුරුම චීනකොරටුව යන නමින් ගමක් තිබි නැත. එකල ගාලු වරායේ කුලීකරුවන් ලෙසද චීන ජාතිකයින් පිරිසක් සේවයේ යෙදි සිටියහ. ඔවුහු යළි සිය ගම්බිම් බලා යාම අත්හැර දමා චීන කොරටුවේ පදිංචි වුහ. ඔවුන් සිංහල කාන්තාවන් සමග විවාහ වුහ. අවට ගම්මුන් සමගද මොවුහු ඉතා සුහදව කටයුතු කරණු ලැබූහ. චීන කොරටුවේ පුද්ගලයාගේ පෙළපත චීන අම්මාගේ පෙළපත යන නමින් ප්‍රබල දරු පරම්පරාවක්ද ඇතිවිය.

චීන කොරටුවේ කැකිරිබොක්ක නමින් වත්තක් අදටත් දක්නට ඇත. මෙකී භුම්යේ එකළ චීන ජාතිකයින් විසින් කැකිරි වගා කළ නිසා කැකිරිබොක්ක ලෙස නම්පට බැඳී ඇති බව සඳහන් වේ. එකළ චීන වෙල නමින් සඳහන් බිම්කඩක් දුම්රිය මාර්ගයට හා කැපු ඇළට මායිම්ව පිහිටා තිබුණි. චීන කොරටුවේ කඹවාන නමින් නම්පට බැදි ඇති වත්තක්ද තිබේ.

චීන කොරටුවේ කඹවාන වත්ත

“ඒ කාලයේ චීනය ඇතුළු රටවලින් රුවල් නැව් විශාල සංඛ්‍යාවක් ගාලු වරායට ඇවිත් තියනවා. එම නෞකාවලට අවශ්‍ය කඹ අඹරලා තියෙන්නේ චීන කොරටුවේ. මෙම වත්තේ ඉදගෙනයි කඹ අඹරලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙම වත්තට කඹවාන කියලා නම්පට බැඳිලා තියෙන්නේ. අදටත් කඹවාන වත්ත චීන කොරටුවේ ප්‍රසිද්ධ වත්තක්. ඒකාලයේ චීන ජාතිකයින් මෙන්ම සිංහල අය මෙම වත්තේ හරි හරියට කඹ අඹරලා තියෙනවා. කිලෝමිටරයක් පමණ දිගට කඹ අඹරලා තියෙනවා. ඇත්තටම ඒ කාලයේ කඹ ඇඹරිමත් හොඳ ආදායම් මාර්ගයක් බවට පත්වෙලා තියෙනවා.” යැයි චීනකොරටුවේ පදිංචිකරුවෙකු කමල් සිරිවර්ධන (60) කීවේය.

මේ කාලයේ දී චීන නෞකා නිරන්තරයෙන් ගාලු වරායට පැමිණ තිබේ. හාල්, ඉඟුරු, හඳුන්කුරු, කපුරු, පුවක්, පොල් අරක්කු, ගම්මිරිස්, උක්ගස්, තෙල් බෙහෙත් ආදි භාණ්ඩ මෙම නෞකා මගින් චීනයට රැගෙන ගොස් ඇත.

අද කඹවානවත්ත

ඊටත් එපිටට යනවා නම් ප්‍රකට චීන ආගමනයන් වේ. 1409 දී යුංලෝ චීන රජුගේ අනුමැතියෙන් මෙරටට පැමිණි චිංහෝ ප්‍රධාන චීන හමුදාවක් ගාල්ලෙන් ගොඩබැස මෙහි කාලයක් ගතකොට තිබුණි.. මෙම පිරිස අතර සිටි චීන ජාතිකයකු බරවා රෝගය වැළදිමෙන් මියගිය බවද සඳහන් වේ. එමෙන්ම චිංහෝ ගාල්ලේ දි චීන භාණ්ඩ ප්‍රදර්ශනයක් සහ වෙන්දෙසියක් පවත්වා තිබේ. ඔහු විසින් වෙන්දෙසි කළ භාණ්ඩ අතර රත්‍රං, රිදි , පොසිලේන්, ලක්ෂා, සිල්ක් හා බෞද්ධ පෙත්පත්ද, තිබු බව සඳහන් වේ.

සැබවින්ම ගාලු නගරය හා චීනය අතර අතිතයේ පැවතියේ දැඩි සමිප සම්බන්දතාවයකි. ගාල්ලේ ත්‍රිභාෂා සෙල්ලිපිය, චිංහෝ විසින් පිහිටුවන ලද්දකි. මෙය චීන, පර්සියානු, සහ දෙමළ යන භාෂාවලින් ලියවි ඇති සෙල් ලිපියකි. මෙම සෙල් ලිපිය ගාල්ල පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළි කරන ප්‍රබල මුලාශ්‍රයකි.

චීන්නු හිඟ චීන කොරටුව

කෙසේවුවද කාලයාගේ ඇවැමෙන් චීන ජාතිකයින් ගාල්ලෙන් ඉවත්ව ගොස් ඇත. අද ඉතිරිව ඇත්තේ ඔවුන්ගේ නාම මාත්‍ර සහ අතිත මතකයන් පමණි. චීන කොරටුවේ පදිංචි ගාල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රි එම්.එස්.ඒ රත්නපාල (68) මෙසේ කිවේය.

කමල් සහ රත්නපාල

“ මා දැනට චීන කොරටුවේ අවන්හලක් පවත්වාගෙන යනවා. ඒ කාලයේ චින්නු ඇවිත් චීන කොරටුවේ නතරවෙලා රෙදි වෙළඳාම් කළා. චීන කොරටුවේ නැවතිලා රෙදි වෙළඳාම් කළ චීන ජාතිකයෙකු ද හිටියා. ඔහුට ගම්මුන් කිවේ රෙදි චීනා කියලා. ඔහු සිංහල කාන්තාවක් සමග විවාහ වෙලා හිටියේ. මේ වනවිට ඔහු මිය ගිහින් . ඔහු චීන කොරටුවේ ගම්මුන් සමග ඉතා සුහදව කටයුතු කළා. මරණයට මගුලට පවා ආපු අයෙක්. ඒ කාලයේ චීන ජාතිකයින් චීන කොරටුවේ සිටි බව අපේ පැරැන්නෝ කියනවා. කැපු ඇළ ඉදිරිපිට ඇති ගොඩනැගිලි ඒ කාලයේ ගුදම් වශයෙන් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඈත එපිට ගම්මානවල සිට රැගෙන එන කුරුදු, පුවක්, කරාබු නැටි වැනි ද්‍රව්‍ය මෙම ගුදම්වල තමයි තිබිලා තියෙන්නේ. .බෝට්ටු මගින් කැපු ඇළ හරහා ගාල්ල වරාය වෙත ප්‍රවාහනය කරලා තියෙනවා.” රත්නපාල මහතා කිවේය.

චීන කොරටුවේ එකම චීන ජාතිකයා වෝන් ධර්මසේන

කෙසේවුවද චීන කොරටුවේ දැනට සිටින එකම චීන ජාතිකයා වන්නේ වෝන් ධර්මසේනය. (76) ඔහු ගාල්ල නගරයේ චීන දත් බැදිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේය.

“ එක්දහස් නමසිය හතලිස් ගණන්වලදි චීනයේ තිබු අභ්‍යයන්තර යුද්ධයක් නිසා සරණාගතයින් වශයෙන් චීන ජාතිකයින් 500ක් විතර මෙරටට පැමිණ තියෙනවා. මගේ තාත්තාත් ඉන් එක් අයෙක්. තාත්තා චීනයේ සංතුස්වල තමයි ඉපදිලා තියෙන්නේ. ඊට පස්සේ ඔවුන් ගාල්ල, මාතර, කළුතර, නුවර, බදුල්ල, යාපනය, අනුරාධපුරය යන ප්‍රධාන නගරවලට විසිරිලා ගොස් තියෙනවා. ඔවුන් රැකියාව වශයෙන් චීන දත්බැදිමේ ව්‍යාපාර පවත්වාගෙන යාම, නුඩ්ලස් හදලා විකිණීම, රෙදි වෙළදාම තමයි කළේ.”

“අපේ තාත්තා . ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් නුඩ්ලස් වෙළදාම් කළා. තාත්තා වැඩිපුර හිටියේ ගල්කිස්සේ. තාත්තාගේ යාලුවෝ නුවර ප්‍රදේශයෙන් විවාහ වෙලා හිටියා. මිතුරන්ගේ මාර්ගයෙන් ඇතිවු දැන හැදිනුකම් මත තාත්තා නුවර කාන්තාවක් සමග විවාහ වෙලා තියෙනවා.අපි මරදානේ පදිංචිවෙලා හිටියේ. මම පවුලේ දෙවැනියා. මට සහෝදරයින් එක් අයෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු ඉන්නවා. දැනට ඉන් දෙදෙනෙකු මියගිහින්. නංගි විතරයි දැන් ජිවතුන් අතර ඉන්නේ.”

වොන් ධර්මරත්න

චීනෙක් උනත් චීන බෑ

“1964 දි තමයි තාත්තා එක්ක ගාල්ල නගරයට ආවේ. ගාල්ලට ඇවිත් චීන දත්බැදිමේ සාප්පුවක් ආරම්භ කළා.1969 දි මම අකුරැස්ස ප්‍රදේශයේ සිංහල කාන්තාවක් සමග විවාහ වුනා. මට දියණියන් හතර දෙනෙකු ඉන්නවා. මිණිපිරියන් හතර දෙනෙකුද ඉන්නවා. දැන් මම සියා කෙනෙක්. නමුත් මා චීන ජාතිකයෙකු වුවත් චීන භාෂාව කථාකරන්න බැහැ. තාත්තා මාත් සමග චීන භාෂාවෙන් කථා කළේ නැහැ. සිංහල භාෂාවෙන් තමයි කථා කළේ. ඒ නිසා චීන භාෂාව ඉගෙන ගත්තේ නැහැ. “

“දැන් නම් චීන භාෂාව අවශ්‍යයි. . මම පවුලේ දෙවැනියා. කටුගස්තොට රාහුල විද්‍යාලයෙන් සහ කොටුව මංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. අපේ පවුලත් සමග හිටපු අගමැති දහනායක මහත්තයා ගොඩක් හිතවත්. අපේ අම්මා එතුමාගෙන් ඉල්ලිමක් කළා මෙරට පුරවැසිභාවය ලබාදෙන්න කියලා. දහනායක මහත්තයා තමයි අපේ පවුලේ අයට මෙරට පුරවැසිභාවය අරගෙන දුන්නේ. “

“සැම මැතිවරණයකදිම පාහේ මම ඡන්දය පාවිච්කරලා තියෙනවා.මේ කාලය තුළ දේශපාලන පක්ෂ 05කට විතර ඡන්දය දිලා තියෙනවා. මා චීන ජාතිකයෙක් වුවත් චීනයට ගිහින් තියෙන්නේ එක් වතාවයි. ඒ ගියේ පවුලේ අයත් සමග සංචාරයක් සදහා. “

චීන ලංකා පාරම්පාරික දත් බදිනන්ගේ සංගමයක් තියෙනවා. මාත් ඒ සංගමයේ සාමාජිකයෙක්. ඒ සංගමයේ චීන සම්භවයක් ඇති පවුල් 120ක් විතර ඉන්නවා. මා චීන ජාතිකයෙක් වුවත් හොද බෞද්ධයෙක්. වසර 06ක් එකදිගට වෙසක් උත්සවය නිමිත්තෙන් මගේ වියදමින් චීන කොරටුවේ බත් දන්සැලක් දුන්නා. පස්සේ තවත් අය සම්බන්ධ කරගෙන එම දන්සැල දුන්නා. දුගි පවුල්වලට අයට අදටත් රෙදි පිළි ආහාර ද්‍රව්‍ය මා ලබාදෙනවා.” යැයි වොන් ධර්මසේන කිවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විපක්ෂය නම් කළ හර්ෂට මුදල් කාරක සභා සභාපති ධූරය දෙන්න  ඉල්ලා අස්විය නොහැකි බව විපක්ෂයේ මයන්ත දිසානායක විපක්ෂ කියයි!

Next Post

කොටහේනේ දී වෙඩි තබා පුද්ගල ඝාතනයකට උත්සාහ කළ බුම්මාගේ ගෝලයෙක් අත්අඩංගුවට…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.