සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ඕනෑ තැනට තාමත් නැති චීනයේ සහනය

by Lanka Sara Editor
නොවැම්බර් 30, 2022 - Updated on දෙසැම්බර් 1, 2022
in දේශපාලන, සමාජ
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන බව කියන ඩොලර් බිලිය 2.9ක විදේශ සංචිතය මේ වනවිට රටේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ පිරිමසා ගන්නට හැකිද යන්න බොහෝ දෙනකුගේ පවතින ප්‍රශ්නයකි. එහෙත් ඇත්ත එය නොවේ. මේ වෙලාවේ පවතින මූල්‍ය අර්බුදය විසඳන්නට මාස 48ක් පුරා එනම් අවුරුදු 4ක් තුළ ලැබෙන්නට නියමිත මේ ඩොලර් ප්‍රමාණය පසුගියදා ලෝ ප්‍රමුඛ පෙළේ ධනවතකු ලෙස සැලකෙන එලොන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගන්නට වියදම් කළ මුදලින් 20න් පංගුවක් තරම්ය. එහෙත් මෙය වැදගත් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මේ ණය ලැබීමට සුදුසුකම් ලැබීම තුළ ලෝකයට ශ්‍රි ලංකාව තුළ  යම් මූල්‍ය විනයක් නිර්මාණය වේය යනුවෙන් ඇතිවන විශ්වාසය මත දැනට බංකොලොත්ව ඇති ශ්‍රි ලංකාවට ණය ලබා දීමට යම් සුදුසුකමක් සපුරාලීමය’ වෙනත් ලෙසකින් කීවොත් ණයක් ලබා දුනහොත් ආපසු ගෙවීමේ විශ්වාසයක් නිර්මාණය වීමය.

මූල්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්ණනය අනුමත වුවහොත් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ප්‍රධාන පෙළේ  මූල්‍ය ආයතන ශ්‍රි ලංකාවට විවිධ  ව්‍යාපෘති හරහා ණය ලබා දීම කෙරෙහි උනන්දුවකින් පසුවීමය.

එහෙත් මේ සියල්ල සිදුවන්නේ දැනට ණය ගෙවීම පැහැර හරිමින් සිටින ශ්‍රි ලංකාවට මෙම ණය කප්පාදුවකට ලක් කිරීම හෝ ආපසු ගෙවීම කල් දැමීමට අදාළ ණය ප්‍රතිව්‍යූහගතකරණයන්ට ණය දෙන්නන් කැමැති වීමය. මේ වනවිට ඒ සඳහා රජය මුදල් ගෙවා සේවය ලබා ගන්නා ලසාට් ආයතනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සම්බන්ධ කටයුතු සිදුවෙමින් පවතින අතර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිශ්චිත යමක් මෙම සමාගමින් හෝ  රජය වෙතින් ඉදිරිපත් වූයේ නැත.

මේ සියල්ල පසෙක තබා අද ලෝකයේ මූල්‍ය විශ්ලේශකයන් වැඩිපුරම බර දමමමින් අවධානයට ලක් කරන්නේ චීනය මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව පිළිබඳවය. චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් හැමදාම කියන්නේ ශ්‍රි ලංකාව සමඟ ඔවුන් එකට හිට ගන්නා බවටය. ඊයේ පෙරේදා සහල් තොගයක් සේම ඉන්ධන තොගයක්ද එවමින් ඔවුහු ශ්‍රි ලංකාවට සහයෝගය  පළ කළේය. ඖෂධ වෛද්‍ය  උපකරණ ද නොමිලේ එව්වේය. එහෙත් මේ වෙලාවේ රටක් ලෙස  ගොඩ යන්නට අත්‍යවශ්‍යම කාරණය වන ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ඔවුන් කෙළින්ම කතා කරන්නේ නැත.ඒ වෙනුවට ඔවුන් කියන්නේ ශ්‍රි ලංකාවට  ලබා දුන් සෙසු ආයතන සහය දෙන අයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවය. පසුගියදා ජනාධිපතිවරයා හමුවූ චීන තානාපතිවරයාද මේ බව පවසා තිබුණි. එසේම සති පතා පවත්වන චීන විදේශ අමාත්‍යංහ මාධ්‍ය හමුවේදීද චීන විදේශ අමාත්‍ය ප්‍රකාශකයා සඳහන් කළේ ශ්‍රි ලංකාවට මූල්‍ය ආධාර සහ වෙනත් ආධාර ලබා දීමේදී කිසිදු අපේක්ෂාවකින් තොරව කිසිදු දෙශපාලන අරමුණකින් තොරව හුදෙක් සහයොගීතාව සහ මිත්‍රශීලිත්වය මත පමණක් ක්‍රියා කර ඇති සහ ඉදිරියෙදී ශ්‍රි ලංකාව මුහුණ දී සිටින අර්බුදය හමුවේ ක්‍රියා කරන බවයි. එහෙත් ඔහු ශ්‍රි ලංකාව මේ මොහොතේ ඉල්ලා  සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමට අදාළව චීන සහයෝගය සම්බන්ධයෙන් වචනයක්වත් කීවේ නැත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පසුගියදා චීන අප්‍රිකා පර්යේෂණ ව්‍යාපෘතිය විසින් China Africa Research Initiative (CARI) එළිදක්වන ලද පර්යේෂණ වාර්තාවකින් අනාවරණය කර තිබුණේ ඇතැමුන් සියයට 10 15ක් ලෙස හුවා දක්වා තිබෙන ශ්‍රි ලංකාව චීනයට ඇති ණය ප්‍රමාණය මේ වනවිට සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 22ක් පමණ වන බවය. ඔවුන්ට අනුව ශ්‍රි ලංකාව දරන සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 40.6ක් පමණ වන අතර එයින් එයින් ඩොලර් බිලියන 7.6ක් දරන්නේ චීනයටය.

කෙසේ වුවද මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරන්නේ චීනය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම පිළිබඳව කතා බහහේදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ ලබා දුන් ණය ආපසු ගෙවීම සඳහා යම් සහනයක් ලබා දුන්නද මෙම ණය කපා හැරීම හෝ කප්පාදුවකට යාම කෙරෙහි එකඟතාවක් මූලික වශයෙන් දක්වා නැති බවය.

මේ විසල් ණය කන්ද පසුපස ඇත්තේ චීනය විසින් ක්‍රියාත්මක කරන ලද එක් මාවතක් එක් තීරයක් වැඩසටහන යටතේ ලෝකය පුරා ව්‍යාප්ත කරන චීන ආර්ථික සහ දේශපාලනික ව්‍යාප්තියේ එක් තීරණාත්මක ප්‍රවේශයක් ලෙසය. මෙම ව්‍යාපෘති මේ වනවිට ලෝකයේම අවධානයට හසුව ඇති අතර ශ්‍රි ලංකාවට ලබා දෙන ලද සීමා රහිත ණය කන්ද මේ වනවිට ණය උගුලක් බවට පත්ව ඇති ආකාරය පිළිබඳව ලෝකය පුරා පසුගිය වසර ගණනාව තිස්සේ කතා බහට ලක්විය. මේ වනවිට එය චීනය ණය උගුලක් දක්වා පමණක් විදේශ සංචිත අර්බුදය හේතුවෙන් දැවැන්ත ආර්ථික අසරණ භාවයක සිටින ශ්‍රි ලංකාවට ඒ අසරණ බවින් මිදීම සඳහා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරුව ඈතට තල්ලු කරන මරාලයක් බවට පත්වේද යන ගැටලුවද නිර්මාණය වී ඇත.

විදේශ අමාත්‍ය අලි සබ්රි චීනය උගුලකට ශ්‍රි ලංකාව පත්ව නැති බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළත් මේ ගැටලුවලට මඟ පෑදුවේ ඉවක් බවක් නැතිව  කිසිදු කල්පනාකාරීත්වයකින් තොරව චීනයෙන් ලබා ගත් ණය කන්දයි. මේ පසුපස යුදධය ජයගහණය කර ඉදිරි පරම්පරා ගණනාවම රාජපක්ෂ කිරුළට රාජ්‍ය පාලනය සින්න කර දීමේ දැක්මක කටයුතු කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රයද බෙහෙවින් බලපෑවේය.  චීන ණය මඟින් චීන කොන්ත්‍රාකරුවන් අතින් චීන අමුද්‍රව්‍ය යොදා චීන කම්කරුවන් විසින් ඉදිරිකරන ලද ව්‍යාපෘති රැසකි. මෙම ව්‍යාපෘති සියල්ලම ශ්‍රි ලංකාවට නොගැලපෙන හෝ අනවශ්‍ය ව්‍යාපෘති ලෙස සැලකිය නොහැකිය.  මේ වනවිට මෙවැනි චීන ව්‍යාපෘති ගණනාවක් රට තුළ ක්‍රියාත්මක වී ඇත.

මෙම මහා පරිමාණ ව්‍යාපෘති විවිධ පරාසයන් තුළ පැතිර ඇත. ඩොලර් බිලියන බිලියන 1545ක් වැය කළ දක්ෂිණ අධිවේගය, ඩොලර් මිලියන 494ක් වැය කළ කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය, ඩොලර් මිලියන 248ක් ණයට ගෙන කළ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඩොලර් මිලියන 104ක නෙළුම් කෙළුණ හම්බන්තොට වරාය, කොළඹ වරාය නගර වැනි මහා පරිමාණ ව්‍යාපෘති මෙන්ම ජල සම්පාදන සහ වෙනත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සහ මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වැනි කාලීනව අවශ්‍ය නොවන රටට බරක් වූ ව්‍යාපෘති ගණනාවක්ද මීට ඇතුළත්ය. චීනයේ එක්සිම් බැංකුව ප්‍රධාන මූල්‍ය ආයතන හරහා ලබා ගත් මෙම ණය බිලියන 5ක් ඉක්මවා ඇත. මෙම දැවැන්ත ණය කන්ද පිළිබඳව සැලකීමේදී  ඒවායේ වැඩි ප්‍රතිලාභයක් ලැබුවේ චීනයද එසේ නැතිනම් එම ණය පොලියත් සමඟ ගෙවන ශ්‍රි ලංකාවේ ජනතාවද යන්න ගැටලුවක් බවට පත්ව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා ගන්නට බලාගෙන සිටින ඩොලර් බිලින 2.9ක ණය සහනයට මූලික සුදුසුකම වන ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී ශ්‍රිලංකාව දරන සමස්ත ණය ප්‍රමාණයෙන් පහෙන් එකකට වඩා වගකියන රටක ක්‍රියාකාරිත්වය අතිශයින්ම වැදගත්ය.මේ වනවිට රෝද සියල්ල සිරවී සිටින ශ්‍රි ලංකා ආර්ථිකය ඉදිරියට තල්ලු කිරීමට අවශ්‍ය ලිහිසි තෙල් ස්වල්පයක් වන්නේ ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ මෙම සහනයයි. එහෙත් එය ලබා ගන්නට චීනය දෙන වචනය අතිශයින්ම වැදගත්ය. මෙවැනි පසුබිමකදී චීනය මේ කරන්නේ ඇත්තටම යාලුකම රැකීමද නැතිනම් හිනාවෙවි යාලුවා වළට තල්ලු කිරීමද යන්න අප අවබෝධ කර ගත යුතු කාලය එලඹ ඇත.

 

Share69Tweet43
Previous Post

චීනය කසකස්ථානයට තුලටත් රිංගයි

Next Post

විශිෂ්ට හඹා යෑමක්… ශ්‍රී ලංකාව ලකුණු 313 හඹා ගොස්  ජයග්‍රහණය සනිටුහන් කරති….

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.