බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

එකින් එක හෙළිවෙමින් ඇති තිරුක්කෝවිල් සිද්ධියේ මුල මැද අග…

by editor
දෙසැම්බර් 26, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

තිරුක්කෝවිල් සිද්ධියේ මුල මැද අග ගැලපෙමින් ඇත.  මේ වනවිට පොලිස්පති තුමාත් තිරුක්කෝවිල් පොලිසියට ගොස්ය.

නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පෙලිස්පති නීතිඥ කමල් සිල්වා යටතේ  අම්පාර   නියෝජ්‍ය පොලිස්පති සෙනවිරත්න,  අම්පාර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක,   අම්පාර 2 සහකාර පොලිස් අධිකාරී වාහීඩ්, උහන පොලිස් ස්ථානාධිපති  කරුණාරත්න ඇතුළු පිරිසක් වෙත විශේෂ විමර්ශනය භාර වී ඇත.

ඝාතකයා පොලිස් සැරයන්  40685   එම්.එම්.ඩී රවීන්ද්‍ර කුමාර  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 06 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතවය.

යළිත් සිද්ධිය සිහි කරනු වටී.  ඒ අපරාධකරු එල්ලුම් ගස් යවන්නට පමණක් නොවේ.  මේ පිටවී යන්නට ඇත්තේ පොලිසියේ පොලිස් පොඩ්ඩන්ගේ පීඩනය දැයි  අලුතින් විමසා බැලීමක් කිරීම සඳහාය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

24 දා නත්තලට පෙර දා ය. පාස්කු ප්‍රහාරයේ අත්දැකීම් සහිත ආරක්ෂක අංශ ඒ දින කීපය තුළ වැඩි අවධානය යොමු කරන්නේ පල්ලිවලට ආරක්ෂාව ලබා දීමටය.  අම්පාරේත් එසේය. සියෝන් පල්ලිය පුපුරා යෑමේ අත්දැකීම ඇත්තේ නැගෙනහිර මඩකලපුවේය. ඒ අත්දැකීමත් සමග පොලිසිය වැඩි ආරක්ෂාව යොදවා තිබුනේ පල්ලි වෙතය.

මේ අතර රාත්‍රී 11ට පමණ අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායකට දුරකථන ඇමතුමක් එන්නේය. ඒ තිරුක්කෝවිල් පොලිසියට ප්‍රහාරයක් එල්ල කරන බවයට.  අන්තවාදී ප්‍රහාර සම්බන්ධව  අවධානයක් සහිතව ආරක්ෂාව  සම්බන්ධව නිරීක්ෂණය කිරීමට යමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මුලින්ම තිගැස්සෙන්නේ මේ එවැනි ප්‍රහාරයක් දැයි සැකයෙනි.

නමුත් දකින දකින උන්ට වෙඩි තබමින් සිටින්නේ පොලිසියේම එකෙක් බව පසුව එන ඇමතුමෙනි.  ඒ සමගම  ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා විශේෂ කාර්ය බලකායට හා හමුදාවට දැනුම් දී විශේෂ කණ්ඩායම් සමග හැකි ඉක්මනින් තිරුක්කෝවිල් පොලිසිය වෙත යන්නේය.  එම පිරිස සමග අක්කරෙයිපත්තු පොලිසියේ  ස්ථානාධිපති ජ්‍යෙෂ්ට පොලිස් පරීක්ෂක විජේතුංග ඇතුළු පොලිස් පිරිසක් පැමිනෙන්නේය.

ඒ එනවිට පොලිසිය අඳුරේය. ජ්‍යෙෂ්ට පොලිස් පරීක්ෂක විජේතුංග ඇතුළු පිරිසක්  පොලිස් ස්ථානය පිටුපසින් අතුළු වූ අතර  ඉතිරි පිරිස ඉදිරිපස ගේට්ටුව වටා ස්ථානගතව සිටියහ.

එහෙත් ඒ වනවිට ඝාතකයා පලා ගොස් තිබිනි.  වෙඩි වැදුනු 07ක් තැන්තැන්වලය. ඉන් දෙදෙනෙක් මියගොස් ඇත. පිරිස වහාම අක්කරෙයිපත්තු සහ කල්මුණේ රෝහල් වෙත යොමු කෙරිනි. රෝහලට ගෙන යද්දී තව කෙනෙක් මිය ගියේය.  නත්තල් දා උදෑසන තවත් නිලධාරියෙක් අවසන් ගමන් ගියේය. සිද්ධියෙන් ඝාතනය වූ ගණන 04කි.

ඝාතනය වූයේ  පොලිස් කොස්තාපල් 78857 ප්‍රබුද්ධ,  පොලිස් කොස්තාපල් 8861 නවීන්,  පොලිස් කොස්තාපල් රියදුරු 17382 තුෂාර, පොලිස් සැරයන් 44132 කාදර් ය..

මේ වනවිට බරපතල තුවාල සහිතව ගේට්ටුවේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් කන්දසාමි 44386,  සැරයන්  14787 ගුණවර්ධන, පොලිස් කොස්තාපල්  රියදුරු 89730 කුමාර සහ පොලිස් ස්ථාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිගම කල්මුණේ අෂ්රොෆ් රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත.

සිදුවී ඇති දේ –

රාජකාරි නිවාඩු සම්බන්ධ ගැටලුවක් මේ හැසිරීමට හේතුව බව දැනුත් පොලිස් විමර්ශකයෝ කියති.    ඝාතකයා පොලිස් සැරයන්  40685   එම්.එම්.ඩී රවීන්ද්‍ර කුමාරය. ඔහු ආබාධිත නිලධාරියෙකි.  එහෙතම    තිරුක්කෝවිල්වලට ඇවිත් මාස 09ක් බව කියැවිනි.

ඔහු ගෙදර ගොස් පැමිණ තිබුනේ පසුගිය 17වැනිදාය. එහෙත් යළි නිවාඩු යෑම සඳහා ඔහු වාචික ඉල්ලීමක් කර තිබිණි. නමුත් නිවාඩු ඉල්ලුම්පතක් ඉදිරිපත් කර තිබුණේ නැත.

ඝාතක නිලධාරියා සේවය කර තිබුණේ තිරුක්කෝවිල් පොලිසියේ රථවාහන අංශයේය. එහි ස්ථානාධිපති සැරයන් වරයෙකි.  ඒ වනවිට රථවාහන අංශයේ තවත් නිලධාරියෙක් නිවාඩු ගොස් තිබිණි.

මේ වාචික නිවාඩු ඉල්ලීම රථවාහන අංශ ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබුණේ  දැන් නිවාඩු ගොස් සිටින නිලධාරියා සේවයට වාර්තා කළ පසු නිවාඩුව ලබා දිය හැකි බව ප්‍රකාශ කරමිනි.  මේ නිවාඩු සිද්ධිය පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් වී සිට නැත.

ඝාතකයා ක්‍රියාත්මක වීම

මේ වනවිට තිරුක්කෝවිල් පොලිසියට නිලධාරීන් 43ක් පමණ අනුයුක්ත කර සිටිති. එදින රාජකාරියේ සිටියේ   34 දෙනෙකි.  නත්තල් සමය හේතුවෙන් දියත් වී ඇති විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ නිසා පොලිසිය තුළ සිටියේ නිලධාරීන් 10කට අඩු පිරිසකි

සිද්ධිය වූ පෙරේදා  රාත්‍රී 10.30ට පමණ  ඝාතක පොලිස් නිලධාරියා  පොලිසියේ ප්‍රධාන දොරටුව වෙත යන්නේය.  එහි  ආයුද සහිත රාජකාරියේ නිරත වී සිටින්නේ පොලිස් කොස්තාල්  44386 කන්නසාමිය.  ඔහු සමග විනාඩි කිහිපයක් කතාකරමින් සිටි ඔහු එක්වරම කන්නසාමාගෙන්      ටී.56 ගිනි අවිය උදුරාගෙන ගන්නේය.  ඉන් අනතුරුව දෙදෙනා අතරඇති වී තිබුණේ පොරයකි. ආයුදය උදුරාගත් විට   කන්නසාමිට කළ හැකි දෙයක් නැත. ඔහු අඳුරේම දිවගියේය. ඝාතකයා සමග පොරබැදීමෙන් ඇති වූ තුවාලවලින් ලේ පෙරමින් අඳුරට දිවගිය  ඔහුට වෙඩි තිබ්බත්  ඒ වෙඩි පහර වැදී තිබුණේ නැත.

අනතුරුව ඝාතකයා යන්නේ උපසේවා භාරව සිටි පොලිස් සැරයන් කාදර් වෙතය.  ඔහු අසල කොස්තාපල්  නවීන් ඉන්නේය. ඔවුන් දෙදෙනාට ඝාතකයා වෙඩි තබන්නේය.

දැන්  ඝාතකයා ඉන්නේ  දකින දකින නිලධාරීන්ට වෙඩි තමන මට්ටමකය.  පොලිසියේ විදුලි බුබුලු නිවා දැමූ   අනෙක් නිලධාරීන් ජීවිතාරක්ෂාව පතා සැඟවුනේය.

ඒ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජිප් රථය   පොලිසිය තුළට පැමිණියේය.  නත්තල වෙනුවෙන් ආරක්ෂාව සැපයීම සඳහා යොදා ඇති විශේෂ විධිවිධාන තර කිරීමට ගිය පොලිස් නිලධාරීන් 06 දෙනෙක් ජිප් රියේ පැමිණියත් ඔවුන්  තිදෙනෙක්  මගින් රාජකාරි සඳහා බැස ගොස් තිබිණි.  ජිප් රියේ පැමිණි පොලිස් පරීක්ෂකවරයා ගේට්ටුව අසලින් බැස සිය යතුරු පැදිය ගන්නට ගියේය. රථයෙන් පොලිසියට පැමිණියේ  පොලිස් කොස්තාපල්   ප්‍රබුද්ධ සහ පොලිස් රියදුරු තුෂාරය. සැඟවී සිටි ඝාතකයා  මේ නිලධාරීන් දෙදෙනාට වෙඩි තැබුවේය. වෙඩි කෑ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇදවැටිනි.

පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ ඇත්තේ යතුරුපැදියකිනි. ඝාතකයා ස්ථානාධිපතිවරයා වෙත තැබූ වෙඩිල්ල වැඩී ඇත්තේ අතටය.

දකින දකින නිලධාරීන්ට වෙඩි තබමින් පැය භාගයක් පමණ පොලිසියේ රැඳී සිටි ඔහු අනතුරුව ආයුද සහිත පෙට්ටිය ඇර ඉන් ගිනි අවියක් සහ උණ්ඩ ගැබ් 19ක් තම ගමන් මල්ලට දා ගත්තේය. ඉන් පසු ආයුද පෙට්ටියට ඉබි යතුරු දමා යතුර අරගත්තේය.

මේ කිසිවක් නොදත් තවත් නිලධාරීන් දෙදෙනෙක්  ත්‍රීවිල් රථයකින් පොලිසියට එන්නේ මේ අතරය. ඔවුන් දකින්නේ අඳුරේ ලේ ගලමින් තැන තැන වැටී සිටිනා සිය සගයන්ය.  සිදුවන්නේ කුමක්දැයි නොදත් මේ දෙපළ අඳුරේම දිව යන්නේ උපසේවා රාජකාරි භාර නිලධාරියා අසල ඇති ආයුධ පෙට්ටිය වෙතය. උපසේවා නිලධාරියා පෙට්ටිය අසල වැටී සිටියේය.  ආයුධ පෙට්ටිය ඉබි යතුරු දමාය. එය කඩා පිස්තෝල දෙකක් අතට ගන්නා විටම ඝාතකයාගෙන් වෙඩි වරුසාවක් මෙම නිලධාරීන් දෙපළ වෙත එල්ල විය. පෙරළා වෙඩි ප්‍රහාර එල්ලවන විට පැහැරගත්  ආයුද සහ උන්ඩ 500කට වැඩි  පතොරොම් ගැබ් රැගත් ඝාතකයා  ඔහුගේ UP-  DAE 6675 දරන බොලෙරෝ ජිප් රථයෙන් පලා  ගියේය.

අනතුරුව ඔහු පොතුවිල, සියඹලාන්ඩුව හරහා ඇතිමලේ ඔහුගේ නිවසට ගොස් ඇත. මේ තැනැත්තා පදංචිව සිට ඇත්තේ නවදා හන්දිය ගැමුණුපුර ඇතිමලේ ලිපිනයේය.

“ ගෙදර ඇවිත් මට වැන්දා. මොණරාගල යන්න ඕන කිව්වා.  පොඩි පුතා කිව්වා දැන් උඹව හැම තැනම හොයනවා , ගමේ පොලිසියට භාර වෙයන් කියලා. මමත් කිව්වා ගිහින් දැන් බාරවෙයන්. කරන්න දෙයක් නෑ කියලා.“

ඝාතක සැරයන්වරයාගේ අම්මා කීවාය.  ඝාතකයා භාරවී ඇත්තේ ඔහුගේ නිවස පිහිටි පොලිස්බල ප්‍රදේශයට අයත් ඇතිමලේ පොලිසියටය.

අප මුලින් කී විදිහට දැන් පොලිස්පතිවරයාත් තිරුක්කෝවිල් ගොස් ඇත්තේය.  ඝාතක පොලිස් සැරයන්    40685   එම්.එම්.ඩී රවීන්ද්‍ර කුමාර ලබන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගතවය.

යළිත් අපට කියන්නට ඇත්තේ වංගු ගසන වැඩක් නොව, විධිමත් පරීක්ෂණයක් මේ සිද්ධියට අවශ්‍ය බවය.  ඝාතකයා එල්ලුම්ගස් යවනවාට වඩා  යථාර්ථයක් මේ සිද්ධි දාමය තුළ පවතින බව අප විශ්වාස කරන්නේය.  ඒ  පොලිස් පොඩ්ඩන්ගේ  සුබ සාධනය පිළිබඳව මතුවන  ඇත්තය. මේ එළියට ආවේ ඒ අහිමිරි කටුක ඇත්ත ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් අර්බුදය නිසා විදෙස් ගුවන් සේවාත් ලංකාවට පිටුපායි

Next Post

චම්පික ගමනක…. බංකොලොත් රටට වැඩපිළිවෙළක් අරන් මහ නා හිමිවරුන් බැහැ දකියි

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.