ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය දැන් මෙරට සංචාරක ක්ෂේත්රයේ පුනර්ජීවනයට තර්ජනයක් වෙමින් තිබේ.
ප්‍රධාන අලෙවි නියෝජිතයින් (GSAs) සහ දේශීය ගුවන් සේවා කාර්යාල මාස ගනනාවක් තිස්සේ ඔවුන්ගේ විදේශ ඒජන්තවරුන්ට ඩොලර් වලින් ගෙවිය යුතු මුදල් ප්‍රමාදය නිසා විදේශීය ගුවන් සමාගම් ගුවන් ගමන් වැඩි කර නොමැත. පවතින ගමන් වාර පවා කපා හැරිය හැකි බවට ආරංචි මාර්ග අනතුරු අඟවයි.
“මාස හතරක් පහක්” තිස්සේ මෙම ගැටලුව පැනනැඟී ඇති අතර, මෙම ආරංචි මාර්ග පැවසුවේ බලධාරීන් සමඟ රැස්වීම් කිහිපයක් පැවැත් වූ නමුත් ඵලක් නොවූ බවයි. මීට පෙර මෙම ගෙවීම් කර
තිබුණේ ප්‍රවේශපත්‍ර අලෙවියේ ප්‍රතිශතයක් බහලුම් අංශයෙන් ලැබෙන ආදායම, ක්ෂණිකව විදේශ මුදලින් අදාල නියෝජිතයින් වෙත ගෙවීම් කිරීම මගිනි.
සංචාරක කර්මාන්තයේ මතු වී තිබෙන මෙම වත්මන් අනතුරු ඇඟවීම මතුවන්නේ ලොජිස්ටික් සමාගමක් වන Maersk වෙතිනි. ඒ “දැනට මතුවී ඇති අමරිකානු ඩොලර් නොමැතිකම හේතුවෙන්, අපගේ නියෝජිතයාට නියමිත වේලාවට භාණ්ඩ ප්‍රවාහනය, එකතු කිරීමේ ප්‍රේෂණ සිදුකිරීමේදී අපි අභියෝගවලට මුහුණ දී සිටිමු.” යනුවෙන් වන ඔවුන් විසින් කළ ප්‍රකාශයත් සමඟය.
“මෙය නිසැකවම දේශීය අපනයනකරුවන්ට අනාගතයට දැඩි අහිතකර බලපෑමක් ඇති කරනු ඇත.” යනුවෙන් එහි සඳහන් වේ.
“එබැවින්, ප්‍රවේශමෙන් සලකා බැලීමෙන් පසුව සහ නීතියට අනුකූලව, භාණ්ඩ එකතු කිරීමේ ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අමරිකානු ඩොලර්වලට වෙත වෙනස් කිරීමට අපට සිදු වේවි .” මෙයින් අදහස් කරන්නේ ගෝලීය ගුවන් බහලුම් ප්‍රවාහන සේවාවන් වෙත දැන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා එක්සත් ජනපද ඩොලර් වලින් ගෙවිය යුතු බවයි. සියලුම ගුවන් සේවා සපයන්නන් අතර මෙරට ඩොලර් තත්ත්වය කනස්සල්ලට පත් කරන බව සංචාරක අංශයේ මූලාශ්‍ර තහවුරු කළේය. “අපි භාණ්ඩ සඳහා ගෙවීම් ඩොලර් වලින් ප්‍රේෂණය කළ යුතුයි,” එක් අයෙක් පෙන්වා දුන්නේය. “අපි ටිකට් විකුණන විට, අපේ කොමිස් මුදල හැර, ඉතිරිය ඩොලර් වලින් ප්‍රේෂණය කළ යුතුයි. හැබැයි forex පෝලිමේ ඉන්න වෙනවා. මෙම අවිනිශ්චිතතාවයත් සමඟ ගුවන් සමාගම් ගුවන් ගමන් වැඩි කරන්නේ නැත. සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා රජය විශාල වශයෙන් ආයෝජනය කර තිබියදීත් මෙය සංචාරක කර්මාන්තයට බරපතළ අභියෝග එල්ල කරයි. සතියකට ගුවන් ගමන් 12 ක් තිබූ සමහර ගුවන් සමාගම් දැන් තුනක් දක්වා අඩු වී ඇත. “ මේ විදියට ගියොත් සමහර ගුවන් සමාගම් ඉවත් වෙයි කියලා මට බයයි,” GSA මූලාශ්‍රයක් පවසා තිබේ.. “අපට නියමිත වේලාවට ගෙවීමට නොහැකි අතර අපට ගෙවීම් ප්‍රමාද කළ නොහැක. අපි ආදායම් ගෙනෙන නිසාත්, සංචාරකයන් ගෙන්වා ගන්නා නිසාත්, ප්‍රචාරණය කරන නිසාත්, ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව විකුණන නිසාත් රජය අපට ප්‍රමුඛත්වය දිය යුතුයි.”