බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

එක්නැලිගොඩ ඝාතනය – චූදිත මේජර් , බ්‍රිගේඩියර් දක්වා උසස්වීමේ කතාවේ ඇතුළාන්තය…

by editor
ජනවාරි 17, 2026
in සමාජ
prageeth-eknaligoda
Share on FacebookShare on Twitter

ලොකුකුමා විසිනි –

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට චෝදනා ලද යුද හමුදාවේ බුද්ධි බළකායේ නිළධාරීන්ට එරෙහිව මේ  වන විට ත්‍රිපුද්ගල මහාධිකරණ⁣ය ඉදිරිපිට නඩුවක් විභාග වෙමින් පවතී.

එහි ප්‍රධාන විත්තිකරුවකු වූ විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න විසින් සාක්ෂිකරුවන්ට තර්ජනය කරන ලදැයි චෝදනාවකට පසුගියදා ඔහු යළි බන්ධනාගාර ගත කෙරිණි.

මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලනිකව දිගින් දිගටම චෝදනා කෙරුණේ රාජපක්ෂලාටය.  ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය තුළද ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂලාට එරෙහිව බොහෝ ප්‍රශ්න කිරීම් හා චෝදනා කිරීම් සිදු කෙරින.  එහිදී තමන් බලයට පත් වූ පසුව ප්‍රගීත්ට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වූ අවස්ථා නැත්තේද නොවේ. ඒ නිසාම මෙරට වර්තමානයේ පාලන බලය හිමි කර ගෙන සිටින ජාතික ජන බලවේගයට ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය මග හැර සිටිය නොහැකිය.

ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව

වර්තමානයේදී ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සම්බන්දයෙන් වූ නඩුව විභාග වන ආකාරය ගැන ප්‍රගීත් ගේ බිරිය වන සන්ධ්‍යා එක්නැළිගොඩ තෘප්තිමත් නැති බවට හැඟවෙන ප්‍රකාශයන් ඇය විසින් සමාජ මාධ්‍ය තුළ ලියා සඳහන් කර තිබේ.

ඇය ඒ සම්බන්ධයෙන් චෝදනා කරන්නේ මේ නඩුව ගැන ජාතික ජන බලවේග ආණ්ඩුවට උනන්දුවක් නැති බවටය. ආණ්ඩුව කෙසේ වෙතත් ප්‍රගීත් අතුරුදන් කිරිමේ සිද්ධියට චෝදනා කර ඇති හමුදා බුද්ධි සේවා නිළධාරීන් සම්බන්ධයෙන් නීතිපති එතරම් උනන්දුවක් නැති බවට නම් පෙනෙන්නට ඇත.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කෙසේ වෙතත් ප්‍රගීත් ගේ නඩුව පිළිබඳව නැවත අලුත් ප්‍රශ්නයක් මතුවී තිබේ. ඒ ප්‍රශ්නය මතු කර ඇත්තේ ප්‍රගීත් ගේ  බිරිය සන්ධ්‍යා එක්නැලි⁣ගොඩ විසිනි.

සැබවින්ම සිය ස්වාමිපුරුෂයා රාජ්‍යයේ මිල්ටෙරි සාහසිකයන් විසින් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ගැන සන්ධ්‍යා එක්නැලිගොඩට පවතින වේදනාව හා කම්පනය සාධාරණය. ඇය අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රගීත්ට සාධාරණය ඉටු කර දෙන ඉල්ලා සිටින්නීය. එහිදී සන්ධ්‍යා එක්නැලිගොඩ වෙත ඇතමුන් සිදු කරන වාචික හිංසනයන් ඇය තඹ දොයිතුවකට මායිම් නොකරන්නීය. ඇය හුදකලාවම සිය සැමියාට සාධාරණය ඉල්ලා කරන සටන හිතා ගන්නට බැරි තරමේය.

රණවිරු මාන්දමින් පෙළෙන සමාජයක සන්ධ්‍යා එක්නැළිගොඩ ගේ පෙනී සිටීම ස්ථාන ගත වන්නේ  ජාතිද්‍රෝහී මැදිහත් වීමක් විදියටය. බලයට ඒමට පෙර ප්‍රගීත් එක්නැළිගොඩට සාධාරණය ඉටු කර දෙන බවට පොරොන්දු වූ ජාතික ජන බලවේග ආණ්ඩුව දැන් ඒ ගැන ඈලි මෑලි ස්වභාවයක් දක්වන්නේ ආණ්ඩුවටත් රණ විරු ගාය වැළඳී ඇති නිසා දැයි ඇතමුන් ප්‍රශ්නකරමින් සිටී.

අලුත්ම ප්‍රශ්නය – ආණ්ඩුවට රණවිරු ගාය ද?

දැන් මතුවී ඇති අලුත්ම ප්‍රශ්නය  ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ විත්තිකරුවකු වූ කර්නල් වර⁣යකු බ්‍රිගේඩියර් වරයකු ලෙස උසස් කිරීම පිළිබඳවය.

සැබැවින්ම මේ හමුදා නිළධාරියා ප්‍රගීත් එක්නැළිගෛාඩ පැහැර ගැනීමට සම්බන්ධ වන්නේ  මේජර් වරයකු ලෙස සේවය කරමින් සිටියදීය. ඔහු ඒ අපරාධ වරද හා පැවරුණ නඩුවේ විත්තිකරුවකු කෙරෙන්නේද මේජර් වරයකු සිටියදීය. පසුගියදා ඔහු බ්‍රිගේඩියර් ධුරයට පත් කිරීමට පෙර ලුතිනන් කර්නල් හා කර්නල් ධුරයන් උසස් කර ඇත්තේද ප්‍රගීත් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ විත්තිකරුවකුව සිටියදී බව පැහැදිලිය. එසේ නැතිනම් මේජර්වරයකුව සිටියදී අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුට වර්තමානයේදී බ්‍රිගේඩියර් වරයකු ලෙස පත් වීමට ඉඩ කඩ නැත.

මෙම හමුදා නිළධාරියා බ්‍රිගේඩියර් ධුරයට පත් කිරීම ගැන සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් ජනපතිවරයාට ලිඛිතව විරෝධය දක්වා තිබේ. එහිදී ඇය ජනපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ එම උසස්වීම අවලංගු කරන ලෙසය.

ඇය සිදු කරන ලද ඉල්ලීම සාධාරණය. එහෙත් ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියෙකුට ලබා දී උසස්වීමක් ජනපතිවරයා විසින් අවලංගු කිරීම නැති ප්‍රශ්න ගණනාවක් ඇති කරවන්නක් විය හැකිය. එය ඉතා බරපතලය. සැබැවින්ම මේ උසස් කිරීම හමුදාව තුළ පවතින පත් කිරීම් හා උසස් කිරීම් සම්බන්ධයෙන් සළකා බලන විට අනීතික මැදිහත් වීමක්ද නොවේ. එය හමුදාපතිවරයා ගේ පෞද්ගලික ඕනෑ එපා කම් මත සිදු කරන ලද නිර්දේශයක්ද නොවන බව පැහැදිලිය. ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන්ගේ උසස්වීම් නිර්දේශ කරන්නේ ඒ සඳහා හමුදාව තුළ පත් කරන ලද කමිටුවකිනි. ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සැකකරුවකු ⁣වූ හමුදා නිළධාරියා වැඩ තහනමකට ලක් වූ අයෙක්ද නොවේ. ඔහු තවමත් හමුදා සක්‍රීය සේවයේ නිරතව සිටී.මේ ගැටළුව පැටලුන නූල් බෝලයක් වන්නේ මේ නිසාය.

හමුදා සේවයේ රාජකාරියට අදාල සිද්ධියක් හා සම්බන්ධ අපරාධ නඩුවක විත්තිකරුවන් වන  හමුදා නිළධාරීන් වැඩ තහනම් නොකර තව දුරටත් සක්‍රීය සේවයේ රඳවා ගැනීම ගැන වග කිව යුතු වන්නේ නීතිපතිවරයාය.

නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් හමුදාපතිවරයාට උපදෙස් දිය යුතුව තිබුණි. එහෙත් ⁣එය එසේ  සිදුව නැති බව පැහැදිලිය. තව දුරටත් එය මේ ප්‍රශ්නය මතුවී ඇති බ්‍රිගේඩියර් වරයාට පමණක් අදාල වූ ප්‍රශ්නයක් නොවන බව වටහා ගත යුතුය. දීර්ඝ කාලයක සිට හමුදා සේවයට අදාලව අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිළධාරීන් වැඩ තහනම් කිරීමකින් තොරව සක්‍රීය සේවයේ යොදවා ගෙන තිබේ. එම නිළධාරීන්ට හිමි විය යුතු උසස්වීම්ද කිසිදු බාධාවකින් තොරව ලබා දී ඇති බවටද ⁣තොරතුරු අනාවරණය වේ.

මෙවැනි පූර්වාදර්ශයන් තුළ පිහිටා ප්‍රගීත් අතුරුදන් කිරීමේ නඩුවේ විත්තිකරුවකු වූ හමුදා නිළධාරියා බ්‍රිගේඩියර් ධුරයට උසස් කර තිබේ. සැබැවින්ම ඔහුට එම ධුරය අහිමි කිරීමේ අභිමතයක් ජනපතිවරයාටත් නැත. ඒ සියල්ල සිදුවී ඇත්තේ නිත්‍යනුකූල පදනමක පිහිටා නිසාය. මේ ධුරය එම ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියාට අහිමි කරවීමට හමුදාපතිවරයා හෝ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කෙරුවේ නම් ඔහු⁣ට සිය මානව හිමිකම් කඩ කරන ලදැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමේ ඉඩ හැකියාව පැවතුණි.

නැති ප්‍රශ්නයක් ඇතිවෙයි ද?

මේ වන විට බ්‍රිගේඩියර් ධුරයට පත්ව සිටින එම හමුදා නිළධාරියාගේ තනතුර ජනපතිවරයා විසින්ම නැවත අහිමි කිරීම බරපතල ආරවුල් සහගත තත්වයක් නිර්මාණය කිරීමකි. එය රණවිරු උන්මාදය කේන්ද්‍රීය කර ගනිමින් බරපතල දේශපාලනික ආරවුලක් බවට පත් වීමේ අවදානමක්ද පවතී. ජනපතිවරයා මේ සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු අතෘප්තිකර පාර්ශවය සමග වහා  සාකච්ඡා කළ යුතු බවට වූ යෝජනාවක් ඉදිරිපත් වී ඇත. එසේ නැති වුව හොත් එය නැති ප්‍රශ්න ගණනාවක් ඇති කරවන ගින්නක් විය හැකිය.

ඊළඟට ආරක්ෂක ප්‍රධානීන් ගේ වගකීම වන්නේ  හමුදා සේවයේ රාජකාරියට අදාල අපරාධ නඩුවක විත්තිකරුවන් වන හමුදා නිළධාරීන් ගැන නීතිපති උපදෙස් ගැනීමය. මෙතෙක් ඒ ගැන නොසළකා හැරීම නිසා ආණ්ඩුව ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තත්වයට පත් වී තිබෙන බව සඳහන් කළ යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වදින පළමු තරගය අද…

Next Post

පසුගිය වසර 11 තුළ ලැබුණ ළමා අපචාර නඩුවලින් සියයට 43ක විමර්ශන අවසන් නෑ… විගණනය කියයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.