බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

සක්වල පුබුදන සාධු නද නිහඬ කර හෙට වීදි සරණ හුදකලා පෙරහර මංගල්‍යය

by editor
ජූලි 24, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ලංකාවේ කොතෙක් නම් පෙරහර උත්සව පැවැත්වුවද මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෙරහර මංගල්‍යයන්ගෙන් ප්‍රමුඛය. හෙල කලා මංගල්‍ය හෙවත් පෙරහර පූජෝත්සවය ලෙස ගෞරව නාම පටබැදී ඇති බුදුන්වහන්සේ පුදන්නට මහා ජන සහභාගිත්වයෙන් හා උත්කර්ෂයෙන් පවත්වනු ලබන වාර්ෂික මහා පෙරහර  ශ්‍රි දළදා ඇසළ පෙරහර පමණි.

මෙවර එය අමුතුම වූ හැඩයක් ගන්නා බවට ඉඟි මේවන විට පලවි තිබේ. කොවිඩ් 19 වසංගත උවදුර පෙරමුණ ලා පැවැත්වීමට නියමිත පෙරහර මංගල්‍යය ජන සහභාගිත්වයක් නොමැතිව පැවැත්වීමට තීන්දු වී ඇත. පෙරහරක ලාලිත්‍යය , ශිල්පීන්ගේ ජවය ඇතිහැටියට ඇත්තේ ජනසමුහයා පෙරමුණ ගත් පෙරහර මංගල්‍යයක පමණි. සක්වලට නද පතුරුවා ජනයාගේ සාදු නදින් දෙව්ලොව දෙවිවරුන්ගෙන් ආනුභාවය පතන්නට හැකි වන්නේ මහා ජනසමූහයක් සමගම පමණකි. ඒ වග පැහැදිලි වනනේ අතීතයේ පටන් සබැඳිපෙරහරක පසු විපරමෙන්ම පමණි. 

වත්මන් ඇසළ පෙරහර බුදුන් බෝධිසත්වයන් දෙවිවරුන් සඳහා කැප වු අතිශය ප්‍රදර්ශනාත්මක වූත් ජාතික හා සංස්කෘතික සංදර්ශනීය ලක්ෂණ විදහා පාන මෙම පූජනීය  උත්සවය අතීතයේ පටන් ඒකායන පරමාර්ථයක් පෙරදැරිව පවත්වනු ලබයි.එනම් වර්ෂාව ලබා ගැනීමත් ශස්‍ය හෙවත් අස්වනු වර්ධනය වීමත් ඉන් ජනතාවගේ දුක් කම් කටොලු නිරාකරණය වී අටුකොටු පිරී කුසගිනි නොදැනෙන ජිවිකාවක් ගෙවිමේ ඉඩ කඩ ලැබීමත් ය. ලෙඩදුක් දුරු වීමත්ය. සෞභාග්‍ය උදා කරගැනිමත්ය. 

මේ සියල්ල වර්ෂාව ලද විට ඉෂ්ඨ වන්නේ යැයි එකල සිට මෙකල දක්වාම සියලු ජනී ජනයා විශ්වාස කරනු ලබන්නකි. එම කාර්යය කෙරේ එකී පාර්ශව කිනම් අයුරකින් ක්‍රියාත්මක වේ දැයි යන්න අපට පියවි ඇසින් දැක ගත හැකි ක්‍රියාවලියක් නොවුනද එය මේ තාක් යම් උත්තරීතර අවිද්‍යාමාන බලවේගයක් ඔස්සේ ක්‍රියාත්මක වන බවට සාධක හා සාක්ෂි එමට ඇත. 

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඇසළ පෙරහර පවත්වනු ලබන ආකාරය අනුව එහි බුද්ධ බෝධිසත්ව දේව හා රාජ යන සිව් වැදෑරුම් අනුහස් බලයක් ක්‍රියාත්මක වෙයි. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගෙන් බුදුන්වහන්සේගේ අනුහස් බලයත් නාථ දෙවියන් විසින් බෝධි සත්ව  හා දේව බලයත් විෂ්ණු කතරගම හා පත්තිනි දෙවි දේවතාවුන්ගේ බලයත් දියවඩන නිළමේවරයාගෙන් රාජ බලයත් ප්‍රදර්ශනය කෙරේ.

නොපෙනෙන බලවේග ක්‍රියාත්මක කර ගැනීම උදෙසා මානුෂිය මැදිහත් විම අත්‍යාවශ්‍ය වෙයි. මෙය පෙරහරක ව්‍යංගාර්තයේ තබා තව්තිසා දෙව්ලොවට ඇසෙන සේ සාදු කාර හඬින් හා අනේක විද නදින්ද උත්තරීතර වස්තූන් නගරය වටා ගෙන යාමෙන්ද සිදුකළ හැකි වෙයියැයි පැරැන්නෝ දැඩිව විශ්වාස තබා ඇත. . 

පුද චාරිත්‍ර, සිරිත් විරිත්, විශ්වාසය, අපේක්ෂා සහ පෞරාණික සම්ප්‍රදායන් අතර ඇත්තේ   අවියෝජනීය සබැඳිචයාවකි. 

පෙරහර චාරිත්‍ර සම්ප්‍රදාය

කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව මාළිගා ප්‍රවේශයෙන් දොරට වඩින ඇත් රජු

පෙරහර සඳහා සහාභාගිවන ශිල්පීන් අලි ඇතුන් සියල්ලෝම බුද්ධවන්දනාවක් වෙනුවෙන් සැදී පැහැදෙන්නා සේ ස්නානය කොට පිරිසිදුව පිරුවටින් සැරසී මාලිගා පරිශ්‍ර යේ සිටී. පෙරහර වෙනුවෙන් සුදානම් වීම පිණිස පළමු වෙඩිල්ල තබනු ලබන්නේ  කාරිය කෝරාල  විසිනි . ඉන් අඩ හෝරාවකට අනතුරුව දෙවන වෙඩිමුරට ශිල්පීන් අලි ඇතුන් පෙළ ගැසිය යුතුය. ඒ වනවිට පෙරහර කරඬුව වැඩම වීම සදහා සූදානම් බව කාරිය කෝරාළ චාරිත්‍රානුකූලව සැලකර සිටීමෙන් පසු දියවඩන නිළමේ පෙරහර කරඬුව තේවාභාර නායක ස්වාමින් වහන්සේලාගෙන් ගෞරව භක්තියෙන් ලබා ගෙන පාවඩ මත රන්සිවිගෙය වෙත වැඩමවයි. ඇතු මත ඇති රන්සිවි ගෙයි පෙරහර කරඬුව තැන්පත් කිරීමෙන් පසුව ඇතු පාවාඩ මත වැඩම කොට වාහල්කඩින් පිටතට දකුණු පාදය තබන මොහොතේ තෙවන වෙඩිමුරය හැඩවේ. එසැනින් සක්හඬ පිඹ පංචතූර්ය නාදය වාදනය කිරීම ඇරඹේ. 

හස්ති රාජයා මත තැන්පත් කළ දළඳා කරඬුව

දෙව්ලොවින් සක්වලින් විදුලි කොටමින් හෙණ හඬ නගන්නා සේ කස පුපුරමින් සේසත් කොඩි ලෙල දෙමින් පෙරහර ඉදිරියට ඇදෙන්නේ මහා වැස්සක් ඇද හැලෙන්නා සේය. කලු වලාවන් ඇදි වැසි අදුරු වැහිවලාකුළු ගලා එන්නා සේ , ඇතුන් අලියන් පෙරහරේ ගමන් ගනිති. අඳුර මුසු වැහිවලා ගුලි පාවි ඒන අන්දම විදහා පාමින් ඇත් රාජයින් පෙරහර හි ගාම්භිර අයුරින් පා තබා යති. ගිනි පන්දම් එලි විදුලි කොටන්නා සේය. තැනින් තැන ගමන් කරන අයුරින් ඈතින් දිස්වන්නේ අඳුරු වලා අතර විදුලි එළිය.. 

පෙරහර ප්‍රාර්ථනාව

ගාථා කවි පන්ති කියමින් ලී කෙළි හැඩවෙමින් අලංකෘත වු පෙරහර ගමන්කරන්නේ විචිත්‍රවත් බවින් මිනිස් සිත් සතන් සතුටින් සනහාලන පරිද්දෙනි. ඒ සතුට ඔස්සේ ප්‍රාර්ථනය කරන්නේ සෞභාග්‍යය. අටුකොටු පුරවන්නට පෙර අස්වනු මුල්කොටහ බුදුන් වහන්සේට පූජා කරමින් ඉන් අනතුරුව පැවැත්වෙන පෙරහර මංගල්‍යය ඔස්සේ ජනයා සිත් පහන් කොට ගන්නේ ඊලඟ කන්නයට සිත පිරිසිදු කරගන්නා අටියෙනි.

කරඬුව වඩම්මන විට නැගෙන සාදු නාදයත් සතර මහා දේවාලයන්හි දේව යාතිකා නාදයත් සක්වලටම ඇසෙන්නේ යාතිකාවක අයුරිනැයි විශ්වාස කෙරේ. 

කුඹල් පෙරහර හෙවත් ස්වේත වර්ණ පෙරහර පහක් සහ දේවාභරණ වඩම්මන වර්ණවත් පෙරහර පහකින් සමන්විත ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වන්නේ අලුයම දිය කැපීමෙන් පසුව ගමන් ගන්නා දහවල් පෙරහරට පසුවය. ඉන් අනතුරුව සවස් යාමයේ වර්ෂාව ඇද හැලෙන්නේ සියළු හාස්කම් පිළිබඳව මනුසත් සිත් සතන්හි විශ්වාසය පුබුදුවාලමිනි.

මේ චාරිත්‍රය උදෙසා ජන සහභාගිත්වයක් අත්‍යාවශ්‍යය. සැබෑ පෙරහරක අනුහස් ලැබෙන්නේ එවිටය. වීථි හිස් වූ පෙරහරක ආනුභාවයක් ඇත්තේ කොහිද..? සැබෑව එයය.

ලොවපුරා පැතිර ගිය වසංගතය මත ගත් තීරණ වුවද මෙවන් ඵෙතිහාසික පූජා විධික්‍රමයන්හි සත්‍ය ඵලයක් මෙවන් පසුබිමක අපේක්ෂා කළ හැකිදැයි ගැටළුවකි. 

ඒ දකිමින් කිව හැක්කේ අනේ කාලේ වනේ වාසේ කියා පමණකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මණ්ඩපෙ බිඳලා…. ඩෝසර් කරලා….. බුවනෙකබා… ආ…බුවනෙක..බා…

Next Post

කිලෝ එක 3000ටත් විකුණලා… වැඩිමිලට කහ වික්ක මාතර වෙළෙන්දෝ දඩ කති

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.